ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තාවට ඇතුළත් වේ

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තාවට ඇතුළත් වේ


ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තාවට ඇතුළත් වේ

(13.06.2023 – 23:20 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම සහ බරම වකුගඩු ගල් (කලනය) ප්‍රධාන ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම ජුනි 01 දා කොළඹ යුද හමුදා රෝහලේ දී ගිනස් ලෝක වාර්තා අතරට එක් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොළඹ යුද හමුදා රෝහලේ ලිංගේන්ද්‍ර මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුදර්ෂන්, කපිතාන් ඩබ්ලිව්.පී.එස්.සී. පතිරත්න සහ වෛද්‍ය තාමෂා ප්‍රේමතිලක සමඟ එක්ව ශල්‍යකර්මයේ මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා.

ශල්‍යකර්මයේදී නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යූ.ඒ.එල්.ඩී. පෙරේරා සහ කර්නල් සී.එස්. අබේසිංහ ද දායක වූ බව සඳහන්.

යුද හමුදා වෛද්‍යවරුන් විසින් ජුනි 01 දා කොළඹ යුද හමුදා රෝහලේ දී ඉවත් කරන ලද ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වේ.

දැනට පවතින ගිනස් වාර්තාවට අනුව ලොව විශාලතම වකුගඩු ගලට 2004 වර්ෂයේදී ඉන්දියාව හිමිකම් කියන අතර එය සෙන්ටිමීටර 13 ක් වනවා.

එමෙන් ම බරින් වැඩිම වකුගඩු ගල 2008 දී පකිස්ථානයෙන් වන අතර බරින් ග්‍රෑම් 620 ක් බවයි සඳහන් වන්නේ ෴


පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම සඳහා සියලු දෙනා එක්විය යුතුයි

(13.06.2023 – 23:32 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම සඳහා සියලු දෙනා එක්විය යුතු බව ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය අවධාරණය කරනවා.

ඒ සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කිරීමට එහි නියෝජිතයින් අද (13) පියවර ගත්තා.

මුලතිව් ප්‍රදේශයේ ඉඩම් නිදහස් නොකිරීමේ ගැටලුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට ඊයේ (12) සිය අප්‍රසාදය පළ කළා.

ඒ, දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී.

මේ අතර, පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම සඳහා සියලු දෙනා එක්වීමේ අවශ්‍යතාව පිළිබඳව මහනාහිමිවරුන් දැනුවත් කිරීමට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සහ ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානයේ නියෝජිතයින් අද පියවර ගත්තා.

+


වෛද්‍ය පීඨවල සිසුන්ගේ පුහුණු වීම් සඳහා ලබාදෙන මෘත ශරීර මහරගම ප්‍රදේශයේ සුසාන භූමියට අක්‍රමවත්ව බැහැර කෙරේ

(13.06.2023 – 23:45 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය පීඨවල සිසුන්ගේ පුහුණු වීම් සඳහා ලබාදෙන මෘත ශරීර මහරගම ප්‍රදේශයේ සුසාන භූමියකට ඉතා අක්‍රමවත් අයුරින් බැහැර කරන බවට හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වනවා.

වෛද්‍ය පීඨවල සිසුන්ගේ පුහුණුව සඳහා ඇතැම් පිරිස් සිය ඥාතීන්ගේ සිරුරු ලබාදෙන්නේ මහත් සද්භාවයෙන් වුවද එම සිරුරු මෙලෙස බැහැර කිරීම අනුමත කළ හැකිද යන්න ගැටලුවක්.

මහරගම බැරෝඩාවත්තේ පිහිටි ජොරානිස් පීරිස් කනත්ත වෙත මෙම මළසිරුරු ලොරියකින් රැගෙනවිත් ඉතා අනාරක්ෂිත අයුරින් අතහැර දමා යන බවයි වාර්තා වන්නේ.

සත්වයින්ගේ මළකුණු ලෙස මෙලෙස අනාරක්ෂිතව රැගෙන එන මෙම සිරුරු නිසි පරිදි මිහිදන් කිරීමක් හෝ සිදුවන්නේ නොමැති බව සඳහන්.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන මෙම කටයුත්ත හේතුවෙන් ප්‍රදේශයේ පවතින්නේ දැඩි දුර්ගන්ධයක් වන අතර එමෙන්ම සුනඛයින් ඇතුළු සතුන් විසින් මෙම මළසිරුරු කොටස් අවුස්සා ඇති අයුරුද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය පීඨවල සිසුන්ගේ පුහුණුව සඳහා ඇතැම් පිරිස් සිය ඥාතීන්ගේ සිරුරු ලබාදෙන්නේ මහත් සද්භාවයෙන් ලබා දෙන මෙම සිරුරු තවත් ගැටලු රැසකට මුලපුරන අයුරින් මෙලෙස අක්‍රමවත් ලෙස බැහැර කිරීම අනුමත කළ හැකිද?

+


‘උකුස්සා’ කොටුකරගත් කොරියා රැකියා ජාවාරම

(13.06.2023 – 20:46 +0530 – sinhala.adaderana.lk)

පේරාදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන යන විදේශ රැකියා ආයතනයක් මගින් දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී අයුරින් මුදල් වංචා කරන බවට තොරතුරක් අනාවරණ වුණි.

ඒ අනුව ‘අද දෙරණ උකුස්සා’ සමග එක්ව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය ඒ පිළිබඳව සොයාබැලීමක් කළේය.

තොරතුර තහවුරුකර ගැනීම සඳහා ‘උකුස්සා’ පළමුව අදාළ විදේශ රැකියා ආයතනයට ගිය අපට දැකගත හැකිවූයේ ඒ වන විටත් කොරියානු රැකියා සිහිනය සැබෑකරගැනීමේ අරමුණෙන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි ආකාරයයි.

ඒ අනුව මෙම කූට ව්‍යාපාරය පිළිබඳව තහවුරු කරගැනීමෙන් පසුව අප ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය දැනුවත් කළේය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානය වටලනු ලැබීය.

එහිදී එහි හිමිකරු පැවසුවේ තමන් කිසිදු අවස්ථාවකදී කොරියානු රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබානොගත් බවය.

කෙසේවෙතත් අයදුම් පත්‍ර භාරගැනීමේදී එක් අයෙකුගෙන් රුපියල් 20,000 කට ආසන්න මුදලක් එහි හිමිකරු ලබාගත් බව එම ස්ථානයේ සිටි පිරිස් ප්‍රකාශ කළේය

එහිදී කොරියානු රැකියා ලබාදෙන බවට පවසා ලබාගත් විදෙස් ගමන් බලපත්‍ර 275 ක් සහා අයදුම්පත්‍ර අඩංගු ලිපි ගොනු 615 ක් විමර්ශන නිලධාරීන් සිය භාරයට ගත්තේය.

අනතුරුව සැකකරු සියභාරයට ගත් නිලධාරීන්, ඔහු අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.

ඉදිරියේදීත් මෙවැනී නීති විරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.

+


14-06-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *