මදුරු මර්දන සහකයන් ලෙස වෙස්වලාගෙන පැමිණ රන් භාණ්ඩ කොල්ල කයි

මදුරු මර්දන සහකයන් ලෙස වෙස්වලාගෙන පැමිණ රන් භාණ්ඩ කොල්ල කයි


මදුරු මර්දන සහකයන් ලෙස වෙස්වලාගෙන පැමිණ රන් භාණ්ඩ කොල්ල කයි

(04.06.2023 – 21:26 +0530 – hirunews.lk/sinhala)

මදුරු මර්දන සහයකයන් ලෙස නිවසකට වෙස්වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙකු (3) එහි සිටි 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලායෑමේ පුවතක් කැස්බෑව – බටුවන්දර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා රන්භාණ්ඩ සහ ජංගම දුරකථනයක් මෙලෙස කොල්ල කා පලාගොස් ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව පැමිණ තිබූ මෙම කොල්ල කරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි තවත් නිවාස කිහිපයකට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ ෴


අඩු වූ ගෑස් මිලේ සහනය දෙන්න ආපනශාලාවලටත් පාලන මිලක් ඉල්ලයි

(04.06.2023 – 21:19 +0530 – hirunews.lk/sinhala)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩුකිරීමත් සමඟ ආපනශාලාවල ආහාර මිල ගණන් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ ප්ලේන් ටී එකක මිල රුපියල් 30 ක් කරමින් ගැසට් නිවේදයක් නිකුත් කළ යුතු බවයි.

කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 452 කින් අඩු කරන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ ඒ අනුව එහි නව මිල රුපියල් 3,186 ක් බවයි.

එමෙන්ම නව මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 1,281 ක්.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 83 කින් අඩු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 598 ක් වන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියා.

මීට පෙරද අවස්ථා ගණනාවකදී ගෑස් මිල සංශෝධනය වුණා.

එහෙත් ඊට සාපේකෂ්ව ආපනශාලාවල බත් පැකැට්ටුව, ප්ලේන්ටිය සහ කෙටි ආහාරවල මිල ගණන් පහත හෙළීමට ආපනශාලා හිමියන් කටයුතු කර තිබුණේ නැහැ.

මෙවරද ගෑස් මිල රුපියල් 452 කින් අඩුකර ඇති බැවින් ආපනශාලා හිමියන් සිය නිෂ්පාදන අඩුකළ යුතු බවටයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.

එසේ නොමැතිවුවහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊට මැදිහත්වී එම ආහාර සදහා මිල පැනවීමක් සිදුකළ යුතු බවටයි ඔහු කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ෴


පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කණගාටු වෙයි

(04.06.2023 – 21:31 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට කටුනායක ගුවන්තොටුපළේදී මුහුණ පෑමට වූ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක පූජිත බ්‍රිතාන්‍ය ජාතික හිමිනමක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක ගුවන් තොටුපල වෙත පසුගිය 31 වනදා අලුයම තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපල වෙත වැඩම කර තිබුණා.

එලෙස වැඩම කළ උන්වහන්සේ ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තයේ කුටියක් වෙත රැගෙන ගොස් තිබුණේ ප්‍රභූ පහසුකම් ජනාධිපතිවරයා විසින් පිරිනමා තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, එලෙස රඳවා සිටි උන්වහන්සේ නිසි වේලාවට අදාළ ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබුණේ නැහැ. පැය 12 කට පමණ පසුවයි උන්වහන්සේ මලයාසියාව බලා පිටත්ව යන ගුවන් යානයක් වෙත රැගෙන ගොස් තිබුණේ.

සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම අවස්ථාවේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බව වාර්තා වුණා.

මේ අතර බ්‍රහ්මවංසෝ හිමියන් පැය 12 ක් ගුවන් තොටුපලේ රඳවාගෙන සිටි කටුනායක ගුවන්තොටුපළේ එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි මෙහෙයුම් නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට විනය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම්වරයා විසින් නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට කළ දැනුම්දීමකට අනුවයි. කෙසේ වෙතත් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති වැඩසටහනකදී තමන්ට ශ්‍රී ලංකාවේදී මුහුණ පෑමට සිදුවූ සිද්ධිය පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් කළා.

+


පොහොර වැඩිමිලට වික්කොත් වැඩ වරදී

(04.06.2023 – 21:35 +0530 – hirunews.lk/sinhala)

යූරියා පොහොර මිටියක් උපරිම සිල්ලර මිලට වඩා වැඩිමිලට අලෙවිකරන වෙළදුන් සහ බෙදාහරින්නන් සොයා වෙළඳපළේ විශේෂ වැටලීමක් ආරම්භ කර තිබෙනවා.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ උපදෙස් මතයි මෙම වැටලීම් ආරම්භ කර ඇත්තේ.

යළ කන්නයේ යූරියා පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් අසූදහසක් (80,000) වන අතර ඉන් විසිදහසක (20,000) ප්‍රමාණයක් මේ වන විට ගොවීන් වෙත බෙදාහැර අවසන් කර තිබෙනවා ෴


මිහින්තලා විහාරාධිපති හිමි සවේදී වෙයි

(04.06.2023 – 23:11 +0530 – hirunews.lk/sinhala)

රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකිවූ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසයි.

මිහින්තලා ආලෝක පූජාව අවසන් කරමින් පැවති අද (04) සාකච්ඡාවකදී උන්වහන්සේ සවේදී ව ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.

+++++++++

+


නවම් මාවතේ පිහිටි ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිසක් අත්අඩංගුවට

(04.06.2023 – 23:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නවම් මාවතේ පිහිටි මහල් නවයකින් (9) යුත් ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිසක් එහි මහල් කිහිපයක තිබූ දේපොළවලට හානි සිදුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ 50 කට අධික පිරිසක් එම ගොඩනැගිල්ලට ඇතුළු වී මෙම හානි සිදුකර ඇති බවයි.

සිද්ධියට අදාළව සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ නවම් මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ලට ඊයේ (03) රාත්‍රි 10:30 ට පමණ පුද්ගයින් 50 දෙනෙකු පමණ බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණා.

ගොඩනැගිල්ලේ හිමිකරුවන් පැවසුවේ එම ගොඩනැගිල්ලේ දෙක, හය සහ හත (2, 6, 7) යන මහල්වල තිබූ දේපොළවලට එම පිරිස හානි සිදුකර තිබු බවයි.

ගොඩනැගිල්ලේ දෙවන (2) මහලේ පිහිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් ස්ථානයකටද පැමිණි පිරිස හානි සිදුකර තිබුණා.

ආයතන ප්‍රධානීන් පැවසුවේ කඩාවැදුණු පිරිස එහි පැය හයක (6) පමණ කාලයක් එහි රැඳී සිටි බවයි.

යතුරු පැදිවලින් පැමිණි මෙම පිරිස සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් මෙන්ම ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ද පොලීසිය දැනුවත් කර තිබුණා.

නවම් මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල ආයතන කිහිපයකටම සේවාවන් පවත්වාගෙන යෑම සඳහා ලබාදී තිබෙනවා.

ඒ අතරට සයිප්‍රස් කොන්සියුලර් කාර්යාලයද අයත් බව එම ආයතන ප්‍රධානීන් සඳහන් කළා.

ප්‍රහාරයට අදාළව නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පවතින මුල්‍ය ගැටලුවකට අදාළව පෞද්ගලික මුල්‍ය ආයතනයක් සමඟ නඩුවක් ද පවතින බව අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණා.

මෙම ගොඩනැගිල්ලට කඩා වැදී එහි දේපොළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 23 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවයි.

+


ලංකාවේ හදන සුපිරිම ත්‍රීවීලර් එක, තනිකරම ජපන් කාර් එකක් වගේ | Made in Sri Lanka Three Wheeler (01.06.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *