වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර 14 ක පිරිස් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරයි

වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර 14 ක පිරිස් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරයි


වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර 14 ක පිරිස් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරයි

(01.06.2023 – 10:20 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි, බැංකු, වස්තු විද්‍යාඥ ඇතුළු ක්ෂේත්‍ර 14 ක වෘත්තීකයන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව මෙම වෘත්තීන්ට අදාළව මේ වසරේ දෙසැම්බර් 31 වැනි දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වනු ඇති.

2024 ජනවාරි පළමුවැනිදා (01) දින හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියපදිංචි වීම අනිවාර්ය වෙනවා.

අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස පහතින් :

  1. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
  2. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
  3. ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
  4. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
  5. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
  6. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
  7. ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
  8. ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
  9. ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
  10. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
  11. ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
  12. මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000 ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
  13. දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
  14. ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු

ටෙලිකොම්, නෙළුම් කුළුණ, ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන 11 ක් ජනපති යටතට

(01.06.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යාංශ කිහිපයක් යටතේ පැවති ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ නෙළුම් කුලුන, සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මෙලෙස පෙරේදා (30) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා යටතට පවරා ගනු ලැබුවා.

එමෙන්ම ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගම, මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය, පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ් ආයතනය, සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම, සීමාසහිත බී.සී.සී. සමාගම සහ නෝර්ත් සී ලිමිටඩ් යන ආයතනද මුදල් අමාත්‍යාංශයට යටතට පවරා ගෙන තිබෙනවා.

මීට පෙර මෙම ආයතන තාක්ෂණ, අයෝජන ප්‍රවර්ධන, ධීවර, සෞඛ්‍ය, වැවිලි කර්මාන්ත, කර්මාන්ත, නාගරික සංවර්ධන හා නිවාස, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික, වෙළඳ වානිජ සහ ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශ යටතේයි පැවතුණේ ෴


ටෙලිකොම් කාඩ් සොරකම් කළ ටෙලිකොම් සේවකයා අත්අඩංගුවේ

(01.06.2023 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් ‘මාර්ගස්ථ සන්නිවේදන කුටි තුළ තිබූ පාරිතෝෂික කාඩ් පත්’ (?) සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවකු ඊයේ (31) කොරතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිර්‍ර්මේදී පොලිසිය අනාවරණය කර ගෙන ඇහ්තේ ගණේමුල්ල, බොරැල්ල, කොට්ටාව, මාලඹේ, නවගමුව හා හෝමාගම පොලිස් වසම්වල මෙවැනි සොරකම් 9 ක් සිදු කර ඇති බවයි.

මෙම සොරකම්වල වටිනාකම ලක්ෂ 155 කට අධික බව පොලිසිය පවසනවා.

සැකකරු සන්තකයේ තිබී ‘පාරිතෝෂික කාඩ්පත්’ රාශියක් සොයා ගෙන කොට්ටාව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයෙක්.

වැඩිදුර විමර්ශන කොට්ටාව පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


ගාලු කොටුවේ නාඳුනන මළ සිරුරක්

(01.06.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala)

ගල්ල කොටුව මුහුදු තීරයේදී ඊයේ (31) කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා.

මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත් ඇය අවුරුදු 35 ත් 40 ත් අතර වයසැති උස අඩි 05 ක් පමණ වන තලෙළු සිහින් සිරුරක් ඇති කොණ්ඩය කොටට කපා, උඩු කයට තැඹිලි පැහැති හැට්ටයක් ඇඳ ඇති බව පොලිසිය පවසනවා.

ඇයගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබනවා ෴


සිවු (4) වියැති දැරියක් අපයොජනය කළ 74 හැවිරිදි පුද්ගලයා රිමාන්ඩ්

(01.06.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala)

හතර (4) හැවිරිදි දැරියක් අපයෝජනය කළ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවකගේ සැමියා දින දාහතරකට (14) රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (31) නියෝග කර තිබෙනවා.

මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ 74 හැවිරිදි තුල්හිරිය, නාන්ගල්ල, වැව පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

අපයෝජනයට ලක් වූ දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා ඇයගේ මව පෞද්ගලික ආයතනයක රැකියාව සඳහා පිටත්ව ගිය අතරවාරයේ මෙම අපයෝජනය සිදු වී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

අපයෝජනයට ලක් වූ දැරිය මේ වන විට කෑගල්ල මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි සඳහන් ෴


‘බඩෝවිට නලීන්’ගේ සහ ‘පානදුර කමල්’ගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(01.06.2023 – 09:54 +0530 – hirunews.lk/sinhala)

මහ පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘බඩෝවිට නලීන්’ගේ සහ දැනට බන්ධනාගාර ගතව සිටින ‘පානදුර කමල්’ගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම පිහිටි සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණයක සිදු කළ වැටලීමක දී මොවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ. පානදුර – ‘චූටාන්’ සහ ‘හිච්චා’ යන අන්වර්ත නාමයන්ගෙන් හදුන්වන මොවුන් වැටලීම් සිදුකරන අවස්ථාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ සහ බෙදා හැරිමේ කටයුතුවල නිරතව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් වයස අවුරුදු 33 සහ 34 යන වයස් වල පසුවනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මොවුන් ලඟ පතොරොම්, මත්ද්‍රව්‍යවලට අමතරව ජංගම දුරකතන 4 ක් සහ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


පානදුර පුද්ගල ඝාතනයක්

(01.06.2023 – 09:57 +0530 – hirunews.lk/sinhala)

පානදුර දකුණ – වෑකඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (31) රාත්‍රීයේ ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මියගිය පුද්ගලයා සිය ජීවිතය බේරාගැනීම සඳහා අසළ තිබූ ඇඟළුම් කර්මාන්තශාලාවකට දිවගොස් ඇති අතර ඊට ද ඇතුළු වූ සැකකරුවන් ඔහුට පහර දී තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23 ක් වසසැති මෝදරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


තැන තැන මාරක රිය අනතුරු

(01.06.2023 – 10:25 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය, කටුගස්තොට මාර්හයේ වරාතැන්න ප්‍රදේශයේදී මාර්ගය අයිනේ ගමන් කළ පුද්ගලයකු කැබ් රථයක ගැටී ඊයේ (31) මියගොස් තිබෙනවා.

පේරාදෙණිය දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පුද්ගලයකුගේ ගැටී සිදුවුණ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගිය තැනැත්තා 60 හැවිරිදි හඟුරන්කෙත, කහටවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර ඊයේ (31) අහංගම, පැලෑන ප්‍රදේශයේත් මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 29 ක් වන මීටියාගොඩ, මගවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


තම පෙම්වතියගේ සිරුර ගෙවත්තේ වළ දැමූ සැකකරුවෙක් අත්අඩංගුවට

(01.06.2023 – 10:27 +0530 – hirunews.lk/sinhala)

50 හැවිරිදි සිය පෙම්වතියගේ සිරුර ගෙවත්තේ වළ දැමූ පෙම්වතෙකු අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදවච්චිය – කනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි මියගිය කාන්තාව අතුරුදන් බවට ඇයගේ සොහොයුරිය පැමිණිලි කර තිබුණා.

ඒ අනුව, සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මෙම කාන්තාව සිය ගෙවත්තේ වළ දැමූ බවට ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙක්.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිරුර ගොඩගෙන මෙය ඝාතනයක් ද නැද්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා ඉදිරි විමර්ශන අනුරාධපුර පොලිසිය විසින් සිදුකරන බවයි වාර්තා වෙන්නේ ෴


සතොස බඩු මිල යළි අඩු කරයි

(01.06.2023 – 10:50 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොස ආයතනය මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ව කිහිපයක මිල යළිත් අඩු කර තිබෙනවා.

ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්වල මිල අඩු කර ඇති බවත් අද (ජුනි 01) සිට දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසල් මඟින් එම මිලට පාරිභෝගිකයන්ට එම භාණ්ඩ ලබා ගත හැකි බවයි.

පාන් පිටි කිලෝ 01 – රු. 210
ලොකු ලූනු කිලෝ 01 – රු. 115
රතු පරිප්පු කිලෝ 01 – රු. 314
සුදු සීනි කිලෝ 01 – රු. 229
කඩල කිලෝ 01 – රු. 545
සුදු නාඩු කිලෝ 01 – රු. 175


අල්ලස් ගත් පොලිස් සැරයන් රිමාන්ඩ්

(01.06.2023 – 11:14 +0530 – hirunews.lk/sinhala)

මුදල් වංචාවකට අධිකරණ නියෝගයක් ලබා දීමට සහාය දෙන බව පවසා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොල්අතුමෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් පොලිස් සැරයන්වරයා අල්ලස් මුදලක් ඉල්ලූ බවට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුවයි.

අත්අඩංගුවට ගත් සැරයන්වරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (31) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴


නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

(01.06.2023 – 11:15 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසට නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද (01) ප්‍රතික්ෂේප කළා.

ඒ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් කැඳවූ අවස්ථාවේ දීයි.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අධිකරණය මීට පෙර නිකුත් කළ තහනම් නියෝගය ලබන 06 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි.

මේ මස 30 වැනිදා වෛද්‍යවරුන් විශ්‍රාම යාමට නියමිතව සිටින බැවින් මෙම පෙත්සම් විභාග කර තීන්දුවක් ලබාදෙන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල අධිකරණය හමුවේ දන්වා සිටියේ එම දිනට පෙර අදාළ පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමට කටයුතු කරන බවයි.

රජයේ විශේෂඥ වෛද්‍යවරුන් අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් වෛද්‍යවරුන් 176 දෙනෙකු මෙම පෙත්සම් ගොනුකර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *