අනුබුදු වන්දනාවට රටම පෙළ ගැසෙන පොසොන් සතිය අදින් (31) ඇරඹෙන වගයි

අනුබුදු වන්දනාවට රටම පෙළ ගැසෙන පොසොන් සතිය අදින් (31) ඇරඹෙන වගයි


අනුබුදු වන්දනාවට රටම පෙළ ගැසෙන පොසොන් සතිය අදින් (31) ඇරඹෙන වගයි

(31.05.2023 – 7:17 +0530 – hirunews.lk/sinhala)

ජාතික පොසොන් සතිය අදින් (31) ආරම්භ වනවා.

මිහින්තලය තන්තිරිමලය හා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර පොසොන් මංගල්‍යය පැවැත්වීමට නියමිතයි.

පොසොන් සමයේ බැතිමතුන් විශාල පිරිසක් අනුරාධපුරයේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන නිසා බැතිමතුන්ගේ ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බවයි ජාතික පොසොන් කමිටු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර ප්‍රකාශ කරන්නේ.

+


පානදුර මෝය කටේ නාඳුනන මළ සිරුරක්

(31.05.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට තිබී ඊයේ (30) පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මියගිය අය වයස අවුරුදු 50 ක් පමණ වන පිරිමි පුද්ගලයකු වන අතර කොණ්ඩය නැති ඔහුගේ ශරීරය හඳුනාගත නොහැකි තරමට ඉදිමී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මළ සිරුරේ දෙපා දණ හිසෙන් පහළ කොටස නොමැති අතර කොන්දේ තුනටිය අසල තුවාල වී තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන නමුත් මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් සොයාගෙන නැහැ.

පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි

(31.05.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 31 වනදා ලෝක දුම්කොළ නිවාරණ දිනය ලෙස නම්කර තිබෙනවා.

2022 වසර සදහා ලෝක දුම්කොළ නිවාරණ දිනයෙහි තේමාව වනුයේ දුම්කොළ අපගේ පරිසරයට තර්ජනයකි යන්නයි.

දුම්කොළ මගින් ලොව පුරා මිලියන 8 කට අධික ජනතාවක් මියයන අතර ඔවුන්ගෙන් මිලියන 1.2 ක් සාමාන්‍ය දුම් පානයට නිරාවරණය වීම හේතුවෙන් මිය යනවා.

මැයි 31 දිනට ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් සැවොම එක්ව ක්‍රියාකිරීම පිළිබද අවධානය යොමු කෙරෙන අතර 2015 STEPS සමීක්ෂණයට අනූව ලාංකීය අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගෙන් ¼ ක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන්නන් වන අතර ඔවුන්ගෙන් 15% ක් පමණ දුම්කොළ ආශ්‍රිත දුම්බීම පානය කරන්නන් ද, 15.8% ක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන්නන් ද වන බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ අංක 3.4 වන තිරසාර සංවර්ධන ඉලක්කය වනුයේ 2030 වසර වන විට බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ 1/3 කින් අඩු කිරීමත්, වර්තමානයේ දුම්කොළ පරිභෝජනය කරන්නන්ගේ ව්‍යාප්තිය 40% කින් අවම කිරීමත් වේ ෴


බලපත් නැතිව එළ ගවයින් ඇද්ද 3 ක් දැලේ

(31.05.2023 – 08:26 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් එළ ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) මහනුවර මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුමකදී අලවතුගොඩ, කහවත්ත ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ලොරි රථයේ එළ ගවයින් 18 දෙනෙකු සිට ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු (3) සමග ලොරි රථය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 45, 47 සහ 55 ක් වන පරසන්ගස්වැව, තිරප්පනේ සහ මිහින්තලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද (31) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ජෙරොම්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම එළඹෙන 5 වැනිදා සළකා බැලීමට නියමිතයි

(31.05.2023 – 08:42 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට දින නියම කර තිබෙනවා.

ඒ අනුව, ලබන මස 05 වැනිදා එම පෙත්සම සලකා බැලීමට නියමිත බවයි වාර්තා වෙන්නේ ෴


මාස පහක් (5) තුළ පශු වෛද්‍යවරුන් 60 දෙනෙක් රට හැර යයි

(31.05.2023 – 08:53 +0530 – hirunews.lk/sinhala)

පශු වෛද්‍යවරුන් 60 දෙනෙකු පමණ මේ වසරේ විදේශගත වීම නිසා ක්‍ෂේත්‍රයේ දැඩි අර්බුදයක් හටගෙන ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

විශේෂයෙන් මෙරට කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් නිපදවන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොට්ඨාස 6 ක් සඳහා පශු වෛද්‍යවරුන් නොමැති බවයි එම සංගමයේ සභාපති සිසිර පියසිරි සඳහන් කළේ.

එසේම වනජීවී හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ ද පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුව ඇති බව ද ඔහු සඳහන් කළා ෴


බස් යතුරුපැදි ගැටුමෙන් තරුණයෙක් මරුට

(31.05.2023 – 09:06 +0530 – hirunews.lk/sinhala)

දෙල්ගොඩ දොම්පේ මාර්ගයේදී ඊයේ (30) රිය අනතුරක් සිදු වී පුද්ගලයකු මියගොස් තිබෙනවා.

එම රිය අනතුර සිදු වී ඇත්තේ මීගහවත්ත, දෙල්ගොඩ-දොම්පේ මාර්හයේ කඳුබොඩ ප්‍රදේශයේදී දොම්පේ දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ යතුරුපැදියක් ගැට්මෙන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු උඩුපිල රෝහලට ඇතුළත් කිර්‍ර්මෙන් පසු මිය ගොස් තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 23 ක දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසනවා.

අනතුරට සම්බන්ධ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


සුබසාධන ප්‍රතිලාභ සඳහා තෝරාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ජූනි මස මුල් සතිය ඇතුළත ප්‍රකාශයට කෙරේ

(31.05.2023 – 09:07 +0530 – hirunews.lk/sinhala)

සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ජූනි මස මුල් සතිය ඇතුළත ප්‍රකාශයට පත් කළ හැකි බව සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති බී. විජයරත්න මහතා කළේ, දිස්ත්‍රික්ක 25 න් 10 ක මේ වන විට සියයට සියයක්ම තේරීම් කමිටුවල කටයුතු අවසන්ව ඇති බවයි.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ මේ ගතවෙමින් පවතින අදියර වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක තේරීම් කමිටුව මඟින් සංගණන නිලධාරියා ප්‍රතිමානයන් 6 ක් යටතේ, උපමාන 22 ක් යටතේ රැස්කළ තොරතුරුවල නිරවද්‍යතාවය තවදුරටත් පරීක්ෂා කිරීමේ අධියරයි.

එමෙන් ම දිස්ත්‍රික්ක 25 න් 10 ක පමණ ප්‍රමාණයක් 94% ක් වැඩ නිම වී ඇති බවයි වාර්තා වන්නේ.

නාම ලේඛන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අභියාචනා සහ විරොධතා ඉදිරිපත් කිරීමට කාලය ලබාදෙන බවයි බී. විජයරත්න වැඩිදුරටත් පවසා සිටියේ ෴


කටුගස්තොට දී මව්පියන් විසින් දියණියගේ පෙම්වතා පැහැර ගනී

(31.05.2023 – 09:08 +0530 – hirunews.lk/sinhala)

පාසල් යන වයසේ පසුවන දැරියක්, පෙම්වතා සමඟ ගමන් කරමින් සිටිය දී ඇයගේ මව සහ පියා පැමිණ පෙම්වතා පැහැරගෙන යාමේ පුවතක් මහනුවර කටුගස්තොට ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලිසිය සඳහන් කළේ මොවුන් පසුගිය දිනෙක උපකාරක පන්ති අවසන්වීමෙන් පසු පාළු මාවතක් ඔස්සේ ගමන් කරමින් සිටිය දී දැරියගේ මව, පියා සහ පියාගේ මිතුරෙකු පැමිණ පෙම්වතා පැහැරගෙන ගොස් ඇති බවයි.

ඔහුට පහරදීමක් ද සිදුකර ඇති අතර, කටුගස්තොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පසුව ඔවුන් තුන්දෙනා (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුගස්තොට – යටිවාවල ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවටයි පොලිසිය පැමිණිලි ලැබී තිබුණේ.

කෙසේ වෙතත් සිසුවාට පහරදීමෙන් අනතුරුව තර්ජනය කොට නැවත නිත්තවල ප්‍රදේශයේ පිහිටි සිසුවා ගේ නිවසට රැගෙන ගොස් භාර දී ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරියගේ මව, පියා සහ පියාගේ මිතුරා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා ෴


තක්සේරුවක් නොමැතිව පුද්ගලයන්ට සහ ස්ථානවලට ආරක්ෂාව නොදෙන ලෙස ඇමති ටිරාන්ගෙන් පොලිස්පතිට උපදෙස්

(31.05.2023 – 09:15 +0530 – hirunews.lk/sinhala)

විවිධ පුද්ගලයන්ට සහ ස්ථාන වලට ආරක්ෂාව ලබාදීමේ දී නිසි ආරක්ෂක තක්සේරුවක් සිදු කර අත්‍යාවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් නිලධාරින් යොදවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම නිලධාරීන් පොලිස් ස්ථානවල සේවයේ යෙදවීමට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසයි ඔහු කියා සිටියේ.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම උපදෙස් ලබා දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ, විවිධ ස්ථානවල සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා නිළධාරීන් යොදවා ඇති බැවින් පොලිස් ස්ථාන වල නිළධාරීන්ගේ හිගයක් පවතින බවයි ෴


ඌරන් ඇති කරන ගොවිපළවලට දැනුම් දීමක්

(31.05.2023 – 09:19 +0530 – hirunews.lk/sinhala)

වෛරස් රෝගයක් හේතුවෙන් බස්නාහිර පළාත තුළ ගොවිපලවලින් ඌරන් පිටතට රැගෙන යාමේදී ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාල හරහා අවසර ලබාගත යුතු බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.කේ. සරත් ප්‍රකාශ කළා.

ඔහු පවසා සිටියේ බස්නාහිර පළාතේ ඌරන් ඇතිකරන ගොවිපළ කිහිපයකින් මෙම වෛරස් රෝගී තත්වය වාර්තාවී ඇති බවයි ෴


සිසුවියට අසභ්‍ය දර්ශන යැවූ පාසල් ගුරුවරයෙක් අත්අඩංගුවට

(31.05.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට ‘වට්ස්ඇප්’ මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරයාව අද (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴


ගණිකා නිවාසයක් වටලා කතුන් 5 ක් අත්අඩංගුවට

(31.05.2023 – 09:40 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස වෙරළ පාර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකාරිනිය ඇතුළු පස් (5) දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරියන් අවුරුදු 25 ත් 45 ත් අතර වයසේ පසුවන නිකවැරටිය, තල්පොත, කොළඹ ප්‍රදේශවල පදිංචිකාරියන්.

සැකකාරියන් අද (31) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *