ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය කතෝලික සභාව හෙළා දකියි

ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය කතෝලික සභාව හෙළා දකියි


ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය කතෝලික සභාව හෙළා දකියි

(16.05.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති නැමැත්තා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.

කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික පුජාප්‍රසාදිතුමකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ අයෙකු නොවන බවයි.

මේ අතර ජෙරම් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශය හෙළා දකින බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් එහිදී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර , බුදුන් වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකල ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව සර්ව පාක්ෂික අරගලකරුවන්ගේ සංගමය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර , ප්‍රචණ්ඩත්වය පැතිරවීම සදහා කුමන හෝ ක්‍රියාවක් සිදුකිරිමට ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බවට රජයට තොරතුරු ලැබි ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි මෙම ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලෙසයි.

+++++++++

දේවගැති ජෙරම් රටින් පලා යයි

(16.05.2023 – 18:12 +0530 – hirunews.lk/sinhala)

ආගමික සහජීවනය ට බාධා වන අන්දමේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.

ඔහු අද (16) අළුයම කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ.

කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් සදහන් කළේ ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික පුජාප්‍රසාදිතුමකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ අයෙකු නොවන බවයි.

මේ අතර ජෙරම් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශය හෙළා දකින බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් එහිදී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර , බුදුන් වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව ‘සර්ව පාක්ෂික අරගලකරුවන්ගේ සංගමය’ අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම ජෙරම් ප්‍රනාන්දු රටින් පිටවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

++++++++++++

ජෙරම්ගේ ගුරා ජාත්‍යන්තර වංචාකාරයෙක් බව ‘අල් ජසීරා’ හෙළි කරයි

(16.05.2023 – 20:51 +0530 – hirunews.lk/sinhala)

‘අල් ජසීරා’ රූපවාහිනිය වාර්තාමය වැඩසටහනක් ඔස්සේ අනාවරණය කර ඇත්තේ ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ‘ඌබට් ඒන්ජල්’ නැමැති ‘දේවගැතිවරයා’ ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බවයි.

ඔහු ජාත්‍යාන්තර මට්ටමේ රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන්නෙක් වන අතර රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් බවයි විදෙස් රූපවාහිනී මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඌබට් ඒන්ජල් පසුගිය 2020 සහ 2022 වර්ෂවල දී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර මෙම වර්ෂයේ මාර්තු 19 වැනිදා කටුනායක මිරකල් ඩෝම් ශාලාවේදි ඒකාබද්ධ මෙහෙයක් පවත්වා ඇත්තේ ජෙරම් ප්‍රනාන්දු සමඟින් බවයි වාර්තා වී ඇත්තේ.

බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන පරිද්දෙන් ජෙරම් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශයක් පසුගිය දා මහත් ආන්දෝලනාතමක කාරණයක් වුණා.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අනුව සර්ව පාක්ෂික අරගලකරුවන් සංවිධානය, භික්ෂු පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ආදී පාර්ශවයන් දේවගැතිවරයාට එරෙහිව පැමිණිලි ගොනු කරමින් ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) නියෝග කළේ ජෙරම් ප්‍රනාන්දු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් ජෙරම් ප්‍රනාන්දු ඊයේ (15) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.

ඔහු සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා (2) ද සමඟ කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ.

අද (16) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ, ජෙරම් ප්‍රනාන්දු නමැත්තා කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවයි.

ජෙරම් ප්‍රනාන්දුව මෙහෙයවන පුද්ගලයින් සම්බන්ධයෙන් ද විමර්ශනය කළ යුතු බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් වැඩිදුරටත් පැවසුවා.

මේ අතර, ජෙරම් ප්‍රනාන්දු රටින් පිටවීම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා ෴

++++++++++

ලබන ඉරිදා ලංකාවට පැමිණෙන බව ජෙරම් ප්‍රනාන්දු පවසයි

(16.05.2023 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රාවකයන් පිරිසක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට පසුගිය දිනෙක අවමන් සහගත ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වූ ජෙරම් ප්‍රනාන්දුට ලබන ඉරිදා (21) වැනිදා ලංකාවට පැමිණෙන බව පවසනවා.

ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පණිවිඩයක් පළ කරමින් ‘හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි, මම දැනට නිල කටයුතු සඳහා ගමන් කරමින් සිටින අතර ඉරිදා නැවත නිවසට පැමිණේ’ යනුවෙන් සඳහන් කර තිබෙනවා.

ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබා ගෙන තිබුණා.

කෙසේ වෙතත්, පසුගිය දා බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කළ ජෙරොම් ප්‍රනාන්දු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ ෴


කඳාන මාල සොරාට පාඩමක් ඉගැන්නූ ජිප් රියදුරු (CCTV)

(17.05.2023 – gossiplankanews.com)

කඳාන ප්‍රදේශයේ අද (17) දින වාර්තාවූ මාල සොරකමක් සම්බන්ධ චිත්‍රපටයක බඳු ජවනිකාවක් සීසීටීවී දර්ශන ඔස්සේ සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී පදික වේදිකාවේ ඇවිද යන කාන්තාවකගේ මාලයක් කඩාගත් තරුණයකු, ඔහුගේ සහයට නවතා තිබූ ත්‍රීරෝද රියෙන් පළායන අතර මේ සිදුවීම දුටු පිටුපසින් ආ ජිප් රථයේ රියදුරු ත්‍රීරෝද රිය ලුහුබැද මීටර 20 ක් 30 ක් තුළදීම එයට වෙට්ටු දමා පෙරළාගනී. පෙරළුණ ත්‍රීරෝද රියෙන් පළායන සොරා අල්ලාගන්නටද ජිප් රථයේ රියදුරු සමත්වන අතර අසල්වාසීන් සමග එක්ව සොරාට ‘ගුටිපූජාවක්’ ද ලබාදී මාලය හිමිකාරියට ලැබෙන්නට සලස්වයි.

මෙම සිදුවීම සීසීටීවී තුළ සටහන්ව තිබුන හැටි :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *