වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට
(12.05.2023 – 10:20 +0530 – hirunews.lk/sinhala)
කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේදී රාත්‍රී කඳවුරක් සඳහා ඊයේ (11) පැමිණ එහි නැවතී සිටි යුවලක් සඳහා වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් රෝහල් ගත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක තරුණියක්.
හෙද සිසුවියක් වන මියගිය තරුණිය ලබන සතියේ සිය පත්වීම ලබාගැනීමට නියමිතව තිබුණා.
පහරකෑමෙන් කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව රෝහලට මාරු කර යැවුණු තරුණයා 22 හැවිරිදි වියේ පසුවන වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා ෴
++++++++++++
වනඅලි ප්‍රහාරයෙන් මිය ගිය තරුණියගේ සිද්ධියට අදාළව දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(12.05.2023 – 21:31 +0530 – hirunews.lk/sinhala)
කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ ඊයේ (11) කඳවුරු බැඳ සිටි තරුණ යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්වීම සම්බනධයෙන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යුවළට අනාරක්ෂිත ලෙස කඳවුරු බැඳීමට සහාය පළකළ බවට පැවසෙන වයස අවුරුදු 24 සහ 32 හැවිරිදි වියේ පසුවන ප්‍රදේශවාසීන් දෙදෙනෙකු (2) මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ ෴
+
සොරකම් කළ ගමන් බලපත්‍රයකින් දිවයිනට පැමිණි ලාංකිකයෙකු අත්අඩංගුවට
(12.05.2023 – 09:14 +0530 – hirunews.lk/sinhala)
බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අයත් අස්ථානගතවූ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් බ්‍රිතාන්‍යට යෑමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුලතිව් – පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි සැකකරු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ (11) පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.
38 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය 09 වනදා ඉන්දියාවට ගොස් තිබුණේ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙන් බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වුණා.
එහිදී සැකකරු එය ඉන්දීය ජාවාරම්කරුවෙකු ලවා බ්‍රිතාන්‍ය ජාතිකයාගේ අස්ථානගතවූ ගුවන් ගමන් බලපත්‍රයේ දත්ත ඇතුළත් කර කූඨ ලෙස සකස්කරවාගෙන තිබෙනවා.
එම ව්‍යාජ බලපත්‍රය මගින් ඔහු ඊයේ (11) කටුනායක ගුවන් තොටුපල පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකළ පරිගණක දත්ත පරීක්ෂාවේදියි මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබුණේ ෴
මහව දී තිරිඟු පිටි ප්‍රවාහනය දුම්රියක් පීලි පනියි
(12.05.2023 – 10:08 +0530 – hirunews.lk/sinhala)
ත්‍රිකුණාමලයේ සිට තිරිඟු පිටි ප්‍රවාහනය කළ දුම්රියක් මහව දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (12) පෙරවරුවේ පීිලි පැනීමට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් දුම්රිය අංගනය තුළ දී මෙම පීලිපැනීම සිදුව ඇති හෙයින් දුම්රිය ගමනාගමනයට බාධාවක් නොමැති බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ.
දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා ෴
ත්‍රිරෝද රථ විදුලිබලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතියක්
(12.05.2023 – 10:22 +0530 – hirunews.lk/sinhala)
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෙන් පෙට්‍රල් ත්‍රිරෝද රථ, විදුලි ත්‍රිරෝද බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ (11) ආරම්භ කෙරුණේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දියි.
ඒ අනුව, නියමු ව්‍යාපෘතිය යටතේ පෙට්‍රල් ත්‍රිරෝද රථ 200 ක් විදුලි ත්‍රිරෝද රථ බවට පත් කිරිම සිදුවනු ඇති.
බස්නාහිර පළාත තුළ පිටකොටුව සහ මාකුඹුර යන ප්‍රදේශවලින් ඒ සඳහා ත්‍රිරෝද රථ 100 බැගින් තෝරා ගැනීමට නියමිතයි ෴
රුමේනියාවේ විදේශ රැකියා ලබාදීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට
(12.05.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් විදේශ ගත කළ 30 හැවිරිදි කාන්තාවක් කළුබෝවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීම් ඒකකයට ලද පැමිණිලිවලට අනුවයි.
මෙලෙස අත්අඩංගුවට පත් වුණේ කළුබෝවිල – දෙහිවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක්.
ඇය සිය නිවසේ බලපත්‍රයක් නොමැතිව මෙම විදේශ රැකියා ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇති අතර, රැකියා ලබාදීම සඳහා සැකකාරිය එක් අයෙකුගෙන් රුපියල් 440,000 ආසන්න මුදලක් අයකරගෙන තිබෙනවා ෴
ජාත්‍යන්තර හෙද දිනය අදයි (12)
(12.05.2023 – 11:31 +0530 – hirunews.lk/sinhala)
‘ජාත්‍යන්තර හෙද දිනය’ අදට (12) යෙදී තිබෙනවා.
උතුම් වූ හෙද සේවයේ යෙදෙන ලොව පුරා හෙද හෙදියන් සෑම වසරකම මැයි මස 12 වැනිදා ‘ජාත්‍යන්තර හෙද දිනය’ අභිමානයෙන් යුතුව සමරනු ලබන්නේ 1899 දී පිහිට වූ ජාත්‍යන්තර හෙද කවුන්සිලය ගත් තීරණයකට අනුවයි.
එමෙන්ම ජාත්‍යන්තර හෙද දිනය ලෙස මැයි 12 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත්තේ, හෙද සේවය සඳහා අමරණීය සේවාවක් ඉටු කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් ‘ෆ්ලොරන්ස් නයිටිංගේල්’ මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින්.
මෙවර හෙද දිනයේ තේමාව ‘අපේ හෙදියන් අපේ අනාගතයයි’ යන්නයි.
මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය පදනම් ආයතනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
කොරෝනා වසංගත තත්ත්වයේ දී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙරට හෙද නිලධාරින් 36,000 කගේ සේවය ඇගයීම මෙහිදී සිදුවන බවයි සෞඛය අමාත්‍යාංශය සඳහන් කළේ ෴
ගාල්ලේ හෝටලයක් අධිකරණ නියෝගයකින් වසා දැමේ
(12.05.2023 – 11:55 +0530 – hirunews.lk/sinhala)
අධිකරණ නියෝගය නොතකා හරිමින් අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන ගිය හෝටලයකට මුද්‍රා තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ඊයේ (11) නියෝග කර තිබෙනවා.
ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිට ගාමිණී මාවතේ පිහිටි ආපනශාලවකුයි මෙළෙස වසා දැමීම සඳහා නියෝග කර ඇත්තේ.
මෙම ආපනශාලාව පසුගිය මාර්තු මස දී ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාකර බලා අපිරිසිදු තත්ත්වය මත චෝදනා අටක් යටතේ අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
එහිදී ආපනශාලාව පිරිසිදු කිරීමට යම් කාලයක් ලබා දී තිබෙන නමුත් ආපනශාලා හිමිකරු විසින් එය පැහැර හැර ඇති බවයි වාර්තා වෙන්නේ.
එලෙස දෙවරක්ම (2) අධිකරණය විසින් ලබා දුන් නියෝගය කඩ කිරීම හේතුවෙන් කරුණු සළකා බලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ආපන ශාලාව මුද්‍රා තබා වසා දැමීමට නියෝගකර තිබෙනවා ෴
ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියට පොලිසියෙන් වෙඩි
(12.05.2023 – 12:34 +0530 – hirunews.lk/sinhala)
නීති විරෝධී අයුරින් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට ඇඹිලිපිටිය පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී එම රථයේ ගමන් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඇඹිලිපිටිය, මහපැලැස්ස ප්‍රදේශයේදී රාත්‍රි මුර සංචාරයක නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු (2) එම මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු ලොරි රථයක් නැවැත්වීමට අණකර තිබෙන අතර එම අවස්තාවේ දී අණ නොතැකූ ලොරි රථයේ රියදුරා පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට තැත් කරමින් පලායාමට උත්සාහ දරා තිබෙනවා.
එවිට පොලිස් නිළධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි පහරවල් මධ්‍යයේ පලාගිය රථයේ සිටි ගවයින් කැලෑබද ප්‍රදේශයකට මුදා හැර ඔවුන් වීරකැටිය ප්‍රදේශයට පලාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.
එම ලොරි රථයේ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු (3) පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගවයෙකු ප්‍රදේශයේ පශු වෛද්‍යවරයා වෙත යොමුකර ප්‍රතිකාර ලබාදීමට පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා.
ලොරි රථය ලුහුබැඳ යන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රථයට බාධා කරමින් ගමන් ගත් කාර් රථයක් සම්බන්ධයෙන්ද ඇඹිලිපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
‘මෝඛා’ තවත් දරුණු වෙයි
(12.05.2023 – 13:04 +0530 – hirunews.lk/sinhala)
මෝඛා සුළි කුණාටුව ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පරිවර්තනය වී අද (12) දිනයේ ගිණිකොණදිග සහ ඊට යාබද මධ්‍යම බෙංගාල බොක්කේ ප්‍රදේශ හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.
එය අනිද්දා (14) දහවල් වනවිට බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළතීරය හරහා ගමන් කරනු ඇති.
මෙහි බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදීත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අද (12) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 225.5 ක් ලැබී තිබුණේ කොළඹ – කලටුවාව ප්‍රදේශයට යි.
එමෙන්ම, ලබුගම ප්‍රදේශයට මිලිමීටර 199.2 වර්ෂාපතනයක් සහ හංවැල්ල ප්‍රදේශයටද මිලිමීටර 152.2 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ගාල්ල – හිනිදුම ප්‍රදේශයට මිලිමීටර 162.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පෝදිවෙල ප්‍රදේශයට මිලිමීටර 112 ක වර්ෂාපතනයක් වාර්තාවී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ ලක්ෂපාන ප්‍රදේශයට මිලිමීටර 78 ක වර්ෂාපතනයක් සහ කුකුළේගඟ ප්‍රදේශයට ලැබී ඇත්තේ මිලිමීටර 53 ක වර්ෂාපතනයක් පමණයි.
මේ අතර, පවතින සුළි කුණාටු අවදානම හමුවේ උතුරු අක්ෂාංශ 5 ත් 20 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 83 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකරනවා.
පවතින වර්ෂාපතනය හේතුවෙන් ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කළා.
මේ අතර, අධික වර්ෂාවත් සමඟ ඇතිවූ අකුණු අනතුරුවලින් ගාල්ල – උඩුවැලිවිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයක විදුලි උපකරණ රැසකට හානි සිදුව තිබෙනවා.
එමෙන්ම දෙල්ගොඩ – මූකලාන ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩාවැටීමෙන්ද දේපළ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වනවිට ගාල්ල – නෙළුව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යටවී තිබෙනවා.
ගාල්ල – උඩුගම මහා බෝධි විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ආරක්ෂිත පැති බැම්ම කඩාවැටීමෙන් පනංගල – කන්නෙලිය අතුරු මාර්ගය අවහිර වුණා.
මේ අතර, මෙම සුළි කුණාටු තත්ත්වයට මුහුණ දීම සඳහා බටහිර බෙංගාලයේ ආපදා කණ්ඩායම් 8 ක් සහ මුදා ගැනීමේ නිලධාරින් 200 ක් අනුයුක්ත කිරීමට ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකාය පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම සුළි කුණාටුව සම්බන්ධයෙන් අනාවැකි පළ කරමින් සඳහන් කර ඇත්තේ අනිද්දා දකුණු ඇසෑම්, මනිපූර්, නාගලන් යන ප්‍රාන්තවලට අධික වැසි අපේක්ෂා කළ හැකි බවයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴