ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක්
ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක්
(09.05.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)
පොතුහැර – මහපිටියවත්ත – අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් හා පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ස්ථානයක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නැමැත්තාගෙන් පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටිය දී තම පියා මිය ගිය බවට පුද්ගලයෙකු පොතුහැර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙලෙස පැමිණිලි කර ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
77 හැවිරිදි වියේ පසුවූ තම පියා මෙම පුද්ගලයාගෙන් ප්‍රතිකාර ගත් බවත් අවසානයේ රෝගය උත්සන්න වූ නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (08) මියගිය බවයි පැමිණිල්ලේ දක්වා ඇත්තේ.
ජානක සේනාධිපති නැමැත්තා සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී දැඩි කතාබහක් ඇති වුණේ, ඔහු විසින් මහපිටියවත්ත – අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකරන බවට පිරිසක් චෝදනා කිරීමත් සමඟයි.
පසුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද එම ස්ථානයට පැමිණ දළදාමාලිඟා අනුරුව ඉවත් කරන ලෙසට ඔහුට දැනුම් දෙනු ලැබුවා ෴
කුවේටයේ දී මියගිය කාන්තාවගේ පුත්‍රයාගෙන් ඉල්ලීමක්
(09.05.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරතව සිට නැවත මෙරටට පැමිණීමට සූදානම්ව සිටිය දී මියගිය තම මවගේ දේහ කොටස් ඉවත් නොකර මෙරටට රැගෙන එන ලෙස මියගිය කාන්තාවගේ පුත්‍රයා ඉල්ලීමක් කරනවා.
කුවේට් රාජ්‍යයේ වසර 07 ක් සේවය කර සිටිය දී මෙලෙස මිය ගොස් තිබුණේ, මාතලේ – යටවත්ත – මාරගස්යාය – උඩස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි එක් දරු මවක්.
පසුගිය 26 වැනිදා මෙරටට පැමිණෙන බව පවසමින් වීඩියෝ දුරකතන සංවාදය ඔස්සේ නිවැසියන් සමග කතා කළ ද පසුව ඇය නොපැමිණිම හේතුවෙන් සිදුකල සොයා බැලීමක දී අනාවරණය වුණේ, ඇය සේවය කළ නිවසේ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි.
මීට අදාළ තොරතුරු හිරු ප්රවෘත්ති අංශය මගින් මුල්වරට අනාවරණය කළ අතර මියගිය කාන්තාවගේ පුත්‍රයා කියා සිටියේ බලධාරීන් දැනුවත් කළද තම මව මියගොස් සති 2 ක් ගතවී ඇති නමුත් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි ෴
බුදු කුටිය අසලින් සොයාගත් බිළිඳාගේ මව බන්ධනාගාරගත කෙරේ
(09.05.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala)
දින 05 ක් වයසැති බිළිඳෙකු මහනුවර ඇල්කඩුව වත්තේගම ප්‍රදේශයේ බුදු කුටියක් අසල දමා ගොස් සිටිය දී සොයා ගැනුණේ ඉකුත් මැයි 04 වනදායි.
බිළිඳා එම ස්ථානයේ සිටියදී සොයා ගෙන තිබුණේ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු (2) විසින්.
මෙම බිළිඳා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බිළිඳාගේ මව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
නමුත් බිළිඳාගේ අවශ්‍යතාව සලකා ඇයවද බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහනුවර ජාතික රෝහලේ නේවාසිකව රඳවා සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය මැයි 04 වනදා මෙම බිළිඳා වත්තේගම පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම බිළිදාව සොයාගෙන තිබීමෙන් අනතුරුව බිළිදා ප්‍රතිකාර සඳහා නුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දින 5 ක බිළිඳෙකු කෲරත්වයට පත් කර අතහැර දමා ගිය චෝදනාව යටතේ සැකකාර මව වත්තේගම පොලිසිය විසින් පසුගිය (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මව වයස අවුරුදු 36 ක් වන මාතලේ කරගහහින්න ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මවගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ ඇය තම නිවසේ දී දරුවා බිහි කර මාතලේ ප්‍රදේශය වෙත ධාවනය වූ ලොරි රථයකින් පැමිණ අදාළ ස්ථානයේ දරුවා දමා ගිය බවයි ෴
ගල් කොරියක් මගින් සිදුවන විනාශයට එරෙහිව උද්ඝෝෂණයක්
(09.05.2023 – 14:39 +0530 – hirunews.lk/sinhala)
මෙරට තුන්වන (3) රාජධානිය වන දඹදෙණියට අයත් ‘වඩුවා කෙටු ගල’ ආශ්‍රිතව පවත්වාගෙන යන ගල් කොරියක් හරහා ඊට සිදුවන විනාශය පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ ඔස්සේ අවස්ථා කිහිපයකදී රටට අණාවරණ කළා.
එම වාර්තා මෙන්ම ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හේතුවෙන් ගල් කොරිය පිළිබඳව විමර්ශනයක් සිදුකළ බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මීට වසරකට පමණ පෙර එය පවත්වාගෙන යාමට අවසර දුන් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නමුත් ඒ හරහා තවදුරටත් දැඩි පාරිසරික විනාශයක් සිදුවන බවට ප්‍රකාශ කරමින්, දඹදෙනිය ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් ඊයේ (08) දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූයේ අදාළ ගල්කොරිය අත්හිටුවන ලෙසට ඉල්ලා සිටිමින්.
විරෝධතාකරුවන් එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන ගේට්ටුව අවහිර කළ අතර, එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.
කෙසේ වෙතත් පසුව පොලීස් නිලධාරීන් මැදිහත් වී විරෝධතාකරුවන් එම ස්ථානයන් ඉවත් කළා.
පසුව උද්ඝෝෂකයින් අතරින් පිරිසකට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා හමුවීමට අවස්ථාව හිමිවුණා.
+
බාල වයසේ පෙම්වතිය පැහැරගත් පෙම්වතා
(09.05.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)
මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර පෙම්වතිය ඇයගේ පෙම්වතා විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
එම තරුණයාද ඕපාත ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවයි වාර්තා වන්නේ.
දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් තිබී ඇති අතර බාල වයස්කාර පෙම්වතිය එම සබඳතාවය බිඳ දැමීම හේතුවෙන් මෙම තරුණයා දිගින් දිගටම ඇයට තර්ජනය කර තිබෙනවා.
ඒ හේතුවෙන් දැරියගේ පවුලේ පිරිස ඇයව මොනරාගල ප්‍රදේශයේ ඥාති නිවසක නතර කිරීමටද කටයුතු කර තිබුණා.
මෙම තරුණයා එම නිවසට පැමිණ බාල වයස්කාර දැරියව බලහත්කාරයෙන් රැගෙනගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
වැල්ලවාය පොලිසිය විසින් මේ සම්බන්ධව පරීක්ෂණ අරඹා ඇති අතර මේ වන තෙක් එම දැරිය සම්බන්ධව තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
+
පෑළියගොඩ මත්ස්‍ය අළෙවිය පහළ වැටේ
(09.05.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)
කිලෝග්‍රෑම් පනහේ (50) අයිස් තොගයක මිල රුපියල් 650 සිට 800 දක්වා වැඩි කිරීම හේතුවෙන් පෑළියගොඩ මත්සය්ය වෙළඳපොළේ කටයුතුවලට බාධා ඒලල වී ඇති බව එහි වෙළදුන් පවසනවා.
ඔවුන් පවසන්නේ මත්සය්ය අලෙවිය ද මේ හේතුවෙන් පහළ වැටී ඇති බවයි.
පසුගිය කාලයේ පුරාවටම මත්ස්‍ය මිල ඉතාමත් ඉහළ අගයක පැවතුණා.
නමුත් උත්සවය සමයත් සමඟ මත්ස්‍ය මිල තරමක අඩු විමක් සිදු වූ අවස්ථාවෙයි මෙසේ අයිස් මිලෙහි වර්ධනයක් සිදු ව ඇත්තේ.
මේ හේතුව නිසා මත්ස්‍ය මිල නැවතත් ඉහළ අගයක් ගනු ලබන අතර එය පාරිභෝගියකයින්ට දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ජනතාව චෝදනා කරනවා.
මෙසේ අයිස් මිල වැඩි වීම නිසා වෙළඳුන් මාළු මිල දී නොගන්නා බවයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් පවසන්නේ ෴
පාසල් යෑමට නොහැකිවූ දරුවන් පිරිසක් ගැන සංවේදි පුවතක් මාතලෙන්
(09.05.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)
දැඩි දුෂ්කරතා හේතුවෙන් පාසල් යාමට නොහැකිවූ දරුවන් 5 දෙනෙකු පිළිබද තොරතුරු මාතලේ – යටවත්ත, දිවිල්ලවත්තේ ගෙදර ප්‍රදේශයෙන් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා.
ඔවුන් 73 හැවිරිදි සිය මිත්තනිය සමග වාසය කරන අතර පාසල් යන වයසේ පසුවන මෙම දරුවන් දිනකට වේලක් පමණක් ආහාරයට ගනිමින් දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජිවත් වන බවයි එම නිවසට ගිය අප වාර්තාකරු කියා සිටියේ.
අදාළ 73 හැවිරිදි කාන්තාවගේ දියණියන් දෙදෙනාගේ (2) දරුවන් වන මොවුන් අවුරුදු 05 ත් 15 ත් යන වයස්වල පසුවනවා.
මෙම දරුවන්ගේ පියවරුන් ඔවුන් හැරගොස් ඇති අතර ඔවුන්ගේ මව්වරුන් දෙදෙනා (2) කුලී රැකියාවකට ගොස් නැවත නිවසට පැමිණෙන්නේ රාත්‍රි කාලයේදීයි.
මෙම දරුවන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලඥයින් දැනුවත් කළද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ප්‍රදේශවාසි කාන්තාවක් හිරු ප්රවෘත්ති අංශය වෙත සඳහන් කළා ෴
කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 18 න් 11 කට වරදකරු වේ
(09.05.2023 – 15:14 +0530 – hirunews.lk/sinhala)
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් 11 කටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබෙනවා.
හිටපු නගරාධිපතිවරයාගේ පාලන කාලය තුළ වැරදි සිදුකර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් එම තීන්දුව ලබාදී තිබෙනවා.
ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද ඊයේ (08) නිකුත් කළා ෴
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට අමාත්‍ය කංචනගෙන් වාර්තාවක්
(09.05.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala)
ජනක රත්නායක, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනතට අනුවයි අමාත්‍යවරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴