කළුතර දකුණ දුම්රිය මාර්ගය ආසන්නයේ වයස අවුරුදු 16 ක නිරුවත් කාන්තා මළ සිරුරක්

කළුතර දකුණ දුම්රිය මාර්ගය ආසන්නයේ වයස අවුරුදු 16 ක නිරුවත් කාන්තා මළ සිරුරක්


කළුතර දකුණ දුම්රිය මාර්ගය ආසන්නයේ වයස අවුරුදු 16 ක නිරුවත් කාන්තා මළ සිරුරක්

(07.05.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

කළුතර දකුණ – ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී ඊයේ (06) නිරුවත් කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වන කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වී ඇත්තේ.

මිය ගිය තරුණිය තවත් කාන්තාවක් (1) හා පිරිමින් දෙදෙනෙකු (2) සමඟ මෙම හෝටලය වෙත ඊයේ (06) දිනයේ පැමිණ ඇති අතර ඔවුන් හෝටලයේ කාමර දෙකක් (2) කුලියට ගෙන රැඳී සිට ඇති බවත්, ඉන් එක් කාන්තාවක් හා පුරුෂයෙකු හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ඉන් පසුව අදාළ තරුණිය සමඟ සිටි පුද්ගලයා ද හෝටලයෙන් පිටව ගොස් ඇති බවත් මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඉන් පසු හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ ආසන්නයේ තිබී මළ සිරුර හමු වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙම පිරිසේ සිටි අනෙක් තරුණයා හා තරුණිය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මියගිය කාන්තාව සමඟ පැමිණි තරුණයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සදහා කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වී ඇත්තේ.

+++++++++

කළුතර පාසල් සිසුවියගේ අභිරහස් මරණය ගැන CCTV දර්ශන එළියට

(07.05.2023 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කළුතර දකුණ ප්‍රදේශයේ ලැගුම්හලක් අසල දුම්රිය මාර්ගයේ අද (07) අළුයම අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවිය, තවත් තිදෙනෙකු (3) සමග තාවකාලික නවාතැන් පොළට ඇතුළුවන ආකාරය දිස්වෙන CCTV දර්ශන සම්බන්ද‍යෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තරුණිය තවත් තරුණයින් දෙදෙනකු (2) සහ තරුණියක් (1) සමඟ ප්‍රදේශයේ හෝටලයකට ඊයේ (06) දින පස්වරුවේ පැමිණ ඇති බවයි විමර්ශනවල දී අනාවර්ණය වී ඇත්තේ.

පිරිස එම ස්ථානයට පැමිණ තිබුණේ ඊයේ (06) පස්වරු 06:30 ට පමණවන අතර ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් (2) වෙන්කරවා ගෙන තිබෙනවා.

එලෙස කාමර දෙකක් (2) වෙන්කරවා ගෙන ඒ වෙත ගමන් කලද සිව්දෙනාම (4) එක් (1) කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයෙකු දැක ඇති බව සඳහන්.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව පිට වී ගිය විට ඉන් මිනිත්තු 20 කට පසු අනෙක් තරුණයා ද කලබලයෙන් පිටතට යන අයුරු හෝටල් කාර්ය මණ්ඩලය දැක තිබෙනවා.

අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක්.

පොලිස් විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට හෝටලයට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස තිබෙන බවයි.

එසේම පොලීසිය තවත් කරුණු කිහිපයක් මේ වන විට අනාවරණ කරගෙන තිබෙනවා.

එක්වරම කලබලයෙන් හෝටල් කාමරයෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් පසුවයි.

මිය ගොස් සිටින තරුණිය තුන්වැනි (3) මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථයකින් පළාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව සෙසු තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටි සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 09:30 ට පමණ පොලීසියට භාර වී තිබෙනවා.

පළාගොස් ඇති සැකකරු සොයා කළුතර දකුණ පොලීසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය කර තිබෙනවා.

අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු (2) විවාහ කරගෙන ඇති අයෙකු වන අතර ඔහු දෙවැනි (2) වරට විවාහ කරගත් කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

+


දෙවන (2) දිනටත් හිරු උත්තම ධාතු වන්දනාව තිස්සමහාරාම පුද බිමේ දී

(07.05.2023 – 08:15 +0530 – hirunews.lk/sinhala)

උතුම් සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී අද (07) දෙවන (2) දිනටත් පැවැත්වෙනවා.

ඊයේ (06) උදෑසන සිට බැතිමතුන් අති විශාල පිරිසක් ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා පැමිණි අතර ඔවුන් වෙනුවෙන් සියලු පහසුකම් සම්පාදනය කර තිබෙනවා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව වසර ගණනාවක් පුරා හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ක්‍රියාත්මක වන්නේ බැතිමතුන්ගේ නොමඳ ආශිර්වාදය මධ්‍යයේයි.

වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද තිස්සමහාරාම පුදබිමට සුබ මොහොතින් වැඩම කරවීමෙන් අනතුරුවයි එම කටයුතු ඇරඹුණේ. ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන පුද පූජා කටයුතු එම අවස්ථාවේ සිටම නිසි පරිදි සිදු කෙරුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් ධාතු මන්දිරය තුළ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරනු ලැබුවා. කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදාගැනීම සඳහා මේ වනවිටත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව හෙට දිනය දක්වා පැවැත්වීමට නියමිතයි ෴

++++++++++

හිරු උත්තම ධාතු වන්දනාවට සැදැහැවතුන් දහස් ගණනක් දෙවන (2) දිනටත් තිස්සමහාරාම පුද බිමට

(07.05.2023 – 20:48 +0530 – hirunews.lk/sinhala)

උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී අද (07) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ (06) උදෑසන සිට සැදැහැවතුන් අති විශාල පිරිසක් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සඳහා පැමිණි අතර මේ වන විටත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව වසර ගණනාවක් පුරා හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ක්‍රියාත්මක වන්නේ සැදැහැවතුන්ගේ නොමඳ ආශිර්වාදය මධ්‍යයේයි.

වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද තිස්සමහාරාම පුදබිමට සුබ මොහොතින් වැඩම කරවීමෙන් අනතුරුවයි එම කටයුතු ඇරඹුණේ.

ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන පුද පූජා කටයුතු එම අවස්ථාවේ සිටම නිසි පරිදි සිදු කෙරුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් ධාතු මන්දිරය තුළ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරනු ලැබුවා.

උත්තම ධාතු වන්දනා වැඩසටහනට සමගාමීව ඊයේ (06) රාත්‍රියේ කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සම්බන්ධයෙන් වු විශේෂ ධර්ම සාකච්ජාවක් පැවත්වුණා.

ඒ, අමරපුර ශාසනෝදය මහා නිකායේ මහානායක අතිපුජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

අප අමා මෑණි බුදු රාජණන් වහන්සේට උදෑසන බුද්ධ පුජාව පවත්වන අකාරයෙන් කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් අද (07) උදෑසනත් අෂ්ඨ පරිෂ්කාරයෙන් යුතු උදෑසන බුද්ධ පුජාව පවත්වනු ලැබුවා.

එමෙන්ම, කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් දහවල් සහ සන්ධ්‍යාවේ සම්බුද්ධ පූජාවද ඒ ආකාරයෙන්ම සිදු කෙරුණා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදාගැනීම සඳහා මේ වනවිටත් සැදැහැවතුන් දහස් සංඛ්‍යාත පිරිසක් ඓතිහාසික තිස්සමහාරාම පුදබිම වෙත පැමිණෙමින් සිටිනවා.

හෙට (08) අලුයම දක්වා ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සැදැහැවත් ජනතාවට කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවට අවස්ථාව පවතිනවා.

උදෑසන සම්බුද්ධ පූජාවෙන් අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ උදෙසා දහවල් සම්බුද්ධ පූජාව සිදුකෙරෙන්නේ තංගල්ල හේනේකඩුව පුරාණ විහාරස්ථානයේදීයි.

දහවල් 02:30 ට ගිලන්පස පූජාව හබරාදූව – පුලිනතලාරාමයේදී සිදුකෙරෙන අතර සවස 06 ට ගිලන්පස පූජාව බේරුවල, මෙත්තාරාමයේදී සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එම කාලසීමාවන්හීදි අදාළ විහාරස්ථාන වෙත පැමිණ ප්‍රදේශවාසි ජනතාවට කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව හිමිවනවා.

+

+


පුංචි ඡන්දයට නම් දුන් රාජ්‍ය සේවකයන් අනිද්දා සිට යළි සේවයට

(07.05.2023 – 21:35 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයන් ලෙස නාම යෝජනා භාරදුන් රජයේ සේවකයන්ට අනිද්දා (09) සිට යළි සේවයට වාර්තා කළ හැකි බව පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය මැතිවරණ කොමිසමේ අනුමැතියට යවා ඇති අතර, හෙට (08) එය නිකුත් කරන බවයි ෴


මට්ටක්කුලියේ නිවාස පෙළක ගින්නක්

(07.05.2023 – 21:39 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුලිය මෝදර පාලම අසළ ඉබ්බගෙවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ 05 ක් පිටත්කර ඇතැයි අප වාර්තාකරු පවසනවා ෴


නෙළුම් කුළුන නැරඹීමට විශාල ජනතාවක් පැමිණේ

(07.05.2023 – 23:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නෙළුම් කුළුණ වෙසක් සති අන්තය සඳහා මැයි 05 සහ 06 යන වෙසක් සති අන්තයේ දෙදින (2) තුළ සැළකියයුතු නරඹන්නන් පිරිසක් පැමිණ තිබෙනවා.

මෙහි දී කුළුණේ කළමනාකාරිත්වය විශාල ජනකායක් හසුරුවා ගත් අතර, සියලු නරඹන්නන් හට විවෘත අයිස්ක්‍රීම් දන්සලක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

එම දෙදින (2) තුළ දේශීය නරඹන්නන් සඳහා ප්‍රවේශ පත්‍ර 20,883 විකිණී ඇති අතර විදේශිකයන් සඳහා ප්‍රවේශ පත්‍ර 162 ක් විකිණී ඇත ෴

+

හැමතැනම හෘදයාබාධ, මිනිස්සු අඩු වයසින් මැරෙනවා. හැමදාම වගේ මෙන්න කරාපිටිය ඩොක්ටර් අලුත් වැඩකට අතගහයි (03.05.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *