උසස් පෙළ පිළිතුරු පත් අධීක්ෂණය ගැන සුබ පණිවුඩයක්

උසස් පෙළ පිළිතුරු පත් අධීක්ෂණය ගැන සුබ පණිවුඩයක්


උසස් පෙළ පිළිතුරු පත් අධීක්ෂණය ගැන සුබ පණිවුඩයක්

(04.05.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණය සම්බන්ධයෙන් අද (04) සුබවාදී පිළිතුරක් ලබාදීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දහවල් රැස්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව ලබන සතියේ දී ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පසුගියදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව ලබාදෙන තුරු සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛන්ඩව දියත් කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කළේ.

පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් වූ අතර මේ දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එහි පිළිතුරු පත්‍ර අධීක්ෂණය කිරීමේ කටයුතුවලට එක් නොවූයේ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින්.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ අප කළ විමසීමක දී සඳහන් කළේ පිළිතුරු පත්‍ර ඇගයීම් අධීක්ෂණය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග අද (04) පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී දැනුම් දෙන බවයි.

මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර යොමු කිරීමට ලබාදුන් කාලය අද (04) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

විශ්‍රාමික ගුරුවරුන් අදාළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා යොදාගැනීම හේතුවෙන් එය තවත් ගැටළුවක් බවට පත්වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ රජය ගත් එම තීරණය නිවැරදි නොවන බවයි.

++++++++

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය දැනුම් දෙයි

(04.05.2023 – 17:58 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට සහභාගිවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මෙම තීරණය දැනුම් දුන්නේ අද (04) පස්වරුවේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ෴


අකුරණ ප්‍රහාරයක් ගැන ව්‍යාජ ඇමතුමක් දුන් මවුලවිවරයාට ඇප

(04.05.2023 – 18:19 +0530 – hirunews.lk/sinhala)

අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ව්‍යාජ ඇමතුමක් ලබාදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මවුලවිවරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (04) නියෝග කළා.

ඒ, රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මතයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි දුරකථන අංකයට ව්‍යාජ ඇමතුමක් ලබාදෙමින් පාස්කු ප්‍රහාරයේ සිව් වර්ෂ පූර්ණ දින අදාළ ප්‍රහාරය එල්ලවන බවට ඉෂදික් මොහොමඩ් නම් 21 හැවිරිදි මෙම මවුලවිවරයා සඳහන් කර තිබුණා.

අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොහු හාරිස්පත්තුව ප්‍රදේශයේ දීයි පසුගියදා අත්අඩංගුවට ගැණුනේ ෴


ව්‍යාජ නෝට්ටු සමඟින් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(04.05.2023 – 19:25 +0530 – hirunews.lk/sinhala)

අලිමංකඩ පොලිස් මාර්ග බාධාකයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟින් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ විශ්ව විද්‍යාල සිසුවෙකු ඇතුළු දෙදෙනෙකු (2) බවයි වාර්තා වන්නේ.

රු. 5000 ව්‍යාජ නෝට්ටු 250 ක්, රු. 500 ව්‍යාජ නෝට්ටු 27 ක් එම අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී ඇති බව සඳහන් ෴


ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වේ

(04.05.2023 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනිම් සිටියදී ඔහු දිවි ගමනට සමු දී තිබෙනවා.

පරාක්‍රම ද සිල්වාගේ “හෙවණැලි ඇද මිනිස්සු” චිත්‍රපටයෙන් සිංහල සිනමාවට පිවිසි ඔහු “සප්ත කන්‍යා”, “කුලගෙය” සහ “සෙයිලම” වැනි චිත්‍රපට රාශියක් ඔස්සේ රසික ආදරය දිනා ගැනීමට ඔහු සමත් වුණා.

ඔහුගේ දේහය හෙට (05) දින 09:30 සිට ඇල්විටිගල මාවතේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴


අප්‍රේල් මාසයේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට

(04.05.2023 – 20:56 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ සියයට 2.2 කින්.

ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2755 ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයකර සිටින්නේ ෴


පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට පහර දීමක්

(04.05.2023 – 22:39 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් අටදෙනෙකුට (8) පිරිසක් පොලුවලින් පහර දී තිබෙනවා.

වැඩි මිළට බිත්තර අලෙවි කිරීම සඳහා තොග සඟවාගෙන සිටි නාරම්මලල බිහාල්පොල ගොවිපොළක් වැටලීමට ගිය අවස්ථාවේදී ගොවිපළේ සිටි පිරිසගෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

පහරකෑමට ලක් වූ නිලධාරීන් නාරම්මල පොලිසියට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

+


“නවය; සැඟවුණු කතාව”ට, සරත් ෆොන්සේකා ඇතුළු වික්ටෝරියා නූලන්ඩ්ලාගේ සුවච කීකරු ගෝලයන් ටික පරල වෙලා (30.04.2023)

++++++++

‘නවය; සැඟවුණු කතාව’ – විමල් වීරවංශගේ අභීත හෙළිදරව්ව

(04.05.2023 – 23:56 +0530 – lankaleadnews.com)

https://www.lankaleadnews.com/?p=128194

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *