විදෙස්ගත ශ්‍රමිකයින්ට අතිරේක තීරු බදු සහනයක් (නිවේදන)

විදෙස්ගත ශ්‍රමිකයින්ට අතිරේක තීරු බදු සහනයක් (නිවේදන)


විදෙස්ගත ශ්‍රමිකයින්ට අතිරේක තීරු බදු සහනයක් (නිවේදන)

(27.04.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

රැකියා සඳහා විදේශ ගත වී සිට නැවත මෙරටට පැමිණෙන විගමනික ශ්‍රමිකයින් සඳහා අතිරේක තීරු බදු සහනයක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රමිකයින් එතෙර සිට උපයන ලද විදේශ විනිමය නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම පිණිස මෙම දීමනාව ලබා දීමට තීරණය කළ බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම සහනය සඳහා කොන්දේසි සහ නිර්නායක කිහිපයක් ඔවුන් විසින් පෙන්වා දී තිබෙන අතර, එතෙර සේවා නියුක්තියෙන් උපයා මෙරට බැංකු පද්ධතිය හරහා ප්‍රතිලාහියාගේ ගිණුමට පමණක් බැර වන මුදල් ප්‍රමාණය මත මෙම සහනය ක්‍රියාත්මකයි.

තවද මෙම සහනය සඳහා 2022 වර්ශයේ මැයි මස 01 වන දා සිට මේ දක්වා එවන ලද මුදල් ප්‍රමාණය සලකා බලන බවත්, මෙම යෝජනා ක්‍රමය යටතේ එක වරක් එම සහනය ලබා ගත් අයෙක්ට නැවත එම සහනය ලබාගත හැක්කේ මාස 12 කට පසුවයි.

තවද මෙම අතීරේක තීරුබදු සහනය ලබා ගැනීමට මෙරටට පැමිණීමට පෙර වසරක් තුළ හෝ ඊට අඩු කාල සීමාවක් තුළ අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 2400 ක් මෙරට බැංකුවක් සඳහා ප්‍රේෂණය කර තිබිය යුතු වෙනවා.

මෙම අතිරේක තීරුබදු සහනය පිලිබඳ නිකුත් කල නිවේදනය :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *