ඉන්දීය රුපියල් සංචාරකයින්ට මෙරටදී වලංගුයි

ඉන්දීය රුපියල් සංචාරකයින්ට මෙරටදී වලංගුයි


ඉන්දීය රුපියල් සංචාරකයින්ට මෙරටදී වලංගුයි

(26.04.2023 – 06:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින් හට දේශීය ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල් (INR) භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරනවා.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FICCI) විසින් සංවිධානය කරන ලද webinar හි ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්ය වීරසිංහ නැවතත් අවධාරණය කළේ INR ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද මුදල් ඒකකයක් බවට පත් කිරීමෙන් ජාතීන් දෙක අතර වෙළඳ සමථයකට පත් වීමට ඉඩ ලබා දෙන බවයි.

මේ අතර, ‘ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය: වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන’ යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් පවත්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනාගත ආර්ථික සහයෝගීතාවයේ ක්ෂේත්‍ර ඉස්මතු කරනු ලැබුවා.

ඔහු සම්බන්ධතා, තොරතුරු තාක්ෂණ (IT), සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති යන අංශ කෙරෙහි ද පුළුල් ලෙස අවධානය යොමු කරා.

මධ්‍යම ශ්‍රී ලංකාවේ ‘සීතාඑළිය’ ලෙස පොදුවේ හඳුන්වන ‘සීතා විහාරය’ සිහිකරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් එහිදී විශේෂ සමරු මුද්දරයක් එළිදැක්වීමෙන් දිනකට පසු මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන රාමායණ කවයේ කොටසක් ලෙස මෙම විහාරය රාමායණ වීර කාව්‍යයේ අශෝක් වතිකාගේ ස්ථානය සනිටුහන් කරන බව විශ්වාස කෙරෙන අතර එය ඉන්දියානු සංචාරකයින් අතර මහත් ජනප්‍රියත්වයක් ලබා ඇත.

සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් විශාලතම පිරිස ඉන්දියානු සංචාරකයින් වෙනවා ෴


මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(26.04.2023 – 07:06 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කිරීම මගින් රත්මලාන දුම්රිය පොල අසල දී ඊයේ (25) දින හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 350 ක් සමඟ සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 52 ක් වන අඟුලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ඔහු අද (26) දින ගල්කිස්ස ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම මීගොඩ පොලිස් වසමේ ගොඩගමවත්ත පාර ප්‍රදේශයේ දී මීගොඩ පොලීසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වයස අවුරුදු 22 ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අද (26) දින කඩුවෙල ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


ඊයේ (24) මාරක යතුරුපැදි අනතුරු රැසක්

(26.04.2023 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවූ රිය අනතුරු කිහිපයක් වාර්තා වෙනවා.

මාවතගම, යටිවිල්ල ප්‍රදේශයේ ඊයේ (25) සවස් කාලයේ දී යතුරු පැදි අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ පෙරලී ගොස් තිබෙනවා.

සිදුවූ අනතුරෙන් යතුරුපැදි කරු හා පසු පැදිකාරිය තුවාල ළැබීමෙන් අනතුරුව මාවතගම රෝහලට ඇතුලත් කර තිබෙන බව පොලිසිය පවසනවා.

රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වයස අවුරුදු 21 ක් වූ කැන්දවල, මැල්සිරිපුර පදිංචිව සිටි පසු පැදිකාරිය මියගොස් තිබෙනවා.

එමෙන්ම අම්බලන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ දී හික්කඩුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් හා එම දෙසටම ධාවනය වූ යතුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකාරිය සහ එහි ගමන් කළ වයස අවුරුදු හතර හමාරක් (4½) වන කුඩා දරුවෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

තුවාල ලැබූ දෙදෙනා (2) බලපිටිය රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දී යතුරුපැදිකාරිය මියගොස් ඇති බවත්, අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටත් ගෙන තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.

තවද නිට්ටඹුව, බටලීය ප්‍රදේශයේ දී ඊයේ (25) සවස කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පෙරලී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

මෙහිදී යතුරුපැදිකරුට පාලනය කරගැනීමට නොහැකි වූ යතුරුපැදිය පෙරලී ගොස් ධාවනය වූ බස් රථයක ගැටී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 23 ක් වූ දොරවක ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසනවා.

නිට්ටඹුව පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

එමෙන්ම කොඩිකාමම්, එරුවන් ප්‍රදේශයේ දී ද යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී කොඩිකාමම් දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමේ දී වයස අවුරුදු 25 ක් වූ චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි පැදිකරු මියගොස් තිබෙනවා.

මියගොස් තිබෙන තැනැත්තා කිලිනොච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් වෙනවා ෴


ඇලක වැටී පුද්ගලයෙක් මරුට

(26.04.2023 – 08:53 +0530 – hirunews.lk/sinhala)

හඟුරන්කෙත – පිලපිටිය ප්‍රදේශයේ ඇලක වැටී පුද්ගලයෙක් මියගොස් ඇති බවට ඊයේ (25) දින හඟුරන්කෙත පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 58 වන අතර ඔහු පිලපිටිය හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය 24 වන දා රාත්‍රී කාලයේ දී සහෝදරියගේ නිවසට යන අතරතුර මොහු ඇලට වැටී ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හඟුරන්කෙත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


භූගත පරීක්ෂා කිරීමේ ස්කෑනරයක් සමඟ සිව්දෙනෙකු (4) අත්අඩංගුවට

(26.04.2023 – 08:59 +0530 – hirunews.lk/sinhala)

අද (26) දින භූහත පරීක්ෂා කිරීම් සිදුකරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සිව්දෙනෙකු (4) පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුඅවට ගත් පිරිස අතර මිරිහාන පොලීසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද ඇතුළත්.

මෙසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කරදියනාරු ප්‍රදේශයේදීයී.

ඒ වව්නතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ කඳවුර අණදෙන නිළධාරියා වෙත ලද තොරතුරකට අනුව කරදියනාරු පොලිස් වසමේ කාරක්කාඩු ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් ක්ෂනික මාර්ග බාධකයක් යොදා වාහන පරික්‍ෂා කරමින් සිටියදීයී.

එහිදී ටොයෝටා වර්ගයේ කාර් රථයක් පරික්‍ෂා කිරිමේ ඒ තුළ තිබී මෙම භූගත පොළොව පරික්‍ෂා කරනු ලබන අධි තාක්‍ෂණික ස්කෑනර් යන්ත්‍රය සොයාගෙන තිබෙනවා.

එමෙන්ම පොලීසිය විසින් භූගත ස්කෑනරය තිබි මෙම ටොයෝටා වර්ගයේ මෝටර් රථයද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඉස්සන් වගාවෙන් හලාවත කලපුව වැනසේ

(26.04.2023 – 09:00 +0530 – hirunews.lk/sinhala)

ඉස්සන් වගා කරනු ලබන ගොවිපොලවල් වලින් මුදා හරිනු ලබන අප ද්‍රව්‍ය නිසා හලාවත කලපුව ආශ්‍රිත ප්‍රදේශය විනාශ වෙමින් පවතින බව ධීවරයන් පවසනවා.

ඔවුන් පවසන්නේ අඹකඳවිල, වැලිපැන්න, මැදවත්ත, පම්බල, මරම්බැට්ටේ, ඉරණවිල, තොඩුවාව සහ මැරවල යන ගම්මාන සහ ඊට ආශ්‍රිත ගම්මාන රැසක පවුල් 5000 කට අධික පිරිසක් මෙම හලාවත කලපුව කේන්ද්‍ර කර ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බවයි.

ඔවුන් සඳහන් කරන්නේ හලාවත අවට පවත්වාගෙන යනු ලබන ඇතැම් ඉස්සන් ගොවිපලවල ඇති අපද්‍රව්‍ය සහිත ජලය අතිරේක පොකුණක ගබඩා නොකර ඍජුවම මුදා හරිනු ලබන්නේ කලපුවට බවයි.

එම නිසා ඉස්සන් වගාව සඳහා යොදා තිබූ රසායනික ද්‍රව්‍ය කලපුවේ ජලය සමඟ මිශ්‍ර වීමෙන් කලපුවෙහි මත්ස්‍ය ගහණයද අඩු වී ගොස් ‘මල කලපුවක්’ බවට පත් වෙමින් තිබෙන බවට ඔවුන් චෝදනා කරනවා.

තවද කලපුවේ සිට ඉස්සන් පොකුණු වලට ජලය ලබා ගැනීමට සකස් කර ඇති ඇල මාර්ග කලපු ඉවුරේ ඇති කඩොලාන ශාක කපා සාදා ඇති බවත්, එලෙස කඩොලාන ශාක කැපීම හෝ හානි කිරීම නීතිවිරෝධී වන නමුත් ඒ සඳහාද නීතිය ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

කලපුව දූෂණය වීමත් සමඟ විවිධ ඇල්ගී වර්ග වල ගහණය අධික වීම නිසා මසුන් ඇල්ලීම සඳහා දැල් දැමෝමට නොහැකි වීම මත තම ජීවිකාව ගෙන යාමද මේ වන විට අසීරු තත්ත්වයක ඇති බවයි ඔවුන් පවසන්නේ.

+


ගමන් වාරය තෙක් බස් නැවැත්වීමට තාවකාලික ඉඩම් කොටසක්

(26.04.2023 – 09:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රධාන බස් නැවතුම්පලේ බස් රථ, ගමන් වාරය තෙක් නවතා තැබීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වලින් කොටසක් තාවකාලිකව නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදියි.

ඒ අනුව කොළඹ – කොටුවේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර හයක (6) ඉඩම් ඒ වෙනුවෙන් තාවකාලිකව නිදහස් කෙරෙනු ඇති.

දුම්රිය ස්ථාන ආශ්‍රිතව පාපැදි කුලී පදනම මත ලබාදීමේ ව්‍යාපෘතියක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය වෙනුවෙන් එය ක්‍රියාත්මක අතර එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන්නේ අනුරාධපුර දුම්රිය ස්ථානයෙන්.

මේ අතර බත්තරමුල්ල නගරයට බස් පර්යන්තයක් ඉදි කිරීමට හඳුනාගෙන ඇති ඉඩම කඩිනමින් නිදහස් කරන ලෙසද මෙම කාරක සභාවේදී උපදෙස් ලබාදී තිබෙනවා ෴


අකුණුසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

(26.04.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම මඩු කීරිසුත්තාන් ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවක් අකුණු සැර වැදීමෙන් ඊයේ (25) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පද්මනාදන් දෙයිවානයි නැමති වයස අවුරුදු 62 ක කාන්තාවකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

වර්ෂාව ආරම්භ වීමට පෙර මෙම තැනැත්තිය මිදුලට ගොස් ඇති අතරතුර මෙලෙස අකුණු පහරකට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

අකුණු සැර වැදී බරපතල තුවාල ලැබූ කාන්තාව, මඩු රෝහල වෙත රැගෙන යාමේදී මිය ගොස් තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්දයෙන් මඩු පොලීසිය විමර්ශන පවත්වාගෙන යනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *