ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන චෝදනා එල්ල කරන්නේ දැනුවත් භාවයකින් තොරවයි – විජේදාස රාජපක්ෂ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන චෝදනා එල්ල කරන්නේ දැනුවත් භාවයකින් තොරවයි – විජේදාස රාජපක්ෂ


ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන චෝදනා එල්ල කරන්නේ දැනුවත් භාවයකින් තොරවයි – විජේදාස රාජපක්ෂ

(11.04.2023 – 22:21 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ එහි වගන්ති පිළිබඳ නිසි දැනුවත් භාවයකින් තොරව බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

‘හිරු සලකුණ’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

+

+

+


වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳසැල් වටලයි

(11.04.2023 – 21:49 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බිත්තර 5000 ක තොගයක් සමඟින් කොට්ටාව ප්‍රදේශයේ අලෙවිසලක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පියවර ගත්තා.

එම නිලධාරින් පසුව පියවර ගත්තේ අදාළ බිත්තර තොගය පාලන මිල යටතේ අලෙවි කිරීමටයි.

මේ අතර වැඩි මිලකට බිත්තර අලෙවි කළ කුරුණෑගල පිලැස්සල මීගොල්ල ප්‍රදේශයේ ගොවිපලක් ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබුවේ උපාය දූතයෙකු යොදා ගනිමින්.

සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට මෙම ගොවිපොළේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා තර්ජනය කළ බවයි වාර්තා වෙන්නේ.

මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමටත්ල බිත්තර අලෙවිය තාවකාලිකව අත්හිටුවීමටත් පියවර ගනු ලැබුවා.

+


යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළඳපොලට

(11.04.2023 – 22:05 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ අක්කර 350 ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය අප්‍රේල් 28 ඩුබායි වෙළෙඳ පොළට යැවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කිලෝ ග්‍රෑම් 25,000 ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට ඒවා අපනයනය කෙරෙනු ඇති.

මේ වනවිට අවස්ථා 18 කදි රාජාංගනයේ වගා කළ ඇඹුල් කෙසෙල් අපනයනය කර තිබෙනවා ෴


ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

(11.04.2023 – 22:38 +0530 – hirunews.lk/sinhala)

වේලාව වෙන් කර නොගත් කිසිවෙකු හෙට (12) දින ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම වේලාව වෙන් කර ගත් අය හෙට (12) දින දහවල් 12 ට පෙර විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් භාර දිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ෴


කල්ඉකුත් වූ කිරිපිටි යොදා සිදුකළ ජාවාරමක් වටලයි

(11.04.2023 – 19:56 +0530 – sinhala.adaderana.lk)

කල්ඉකුත්වූ ආනයනික කිරිපිටි සහ රසකාරක ද්‍රව්‍ය තොගයක් තොටළඟ ෆර්ගියුෂන් පාරේ ගබඩාවක තිබියදී සොයාගැනීමට විශේෂ කාර්යය බළකායේ බුද්ධි කොට්ඨාසය අද (11) සමත් විය.

වැටලීම සිදු කෙරුණේ පාරිභෝගික කටයුතු අධිකාරිය සමග එක්වය.

2020, 2021 සහ 2022 වර්ෂවල කල්ඉකුත් වූ භාණ්ඩ රැසක් එහිදී හමුවූ අතර කල්ඉකුත් වූ කිරිපිටි සහ රසකාරක නව නිෂ්පාදන සමග මිශ්‍රකර බෙදාහැරීමේ ජාවාරමක් කලක සිට ක්‍රියාත්මක වී ඇති බවත් හෙළිදරව් වුණි.

වැටලීම් නිලධාරියෙක් – “මේ ටික හොඳ ඒවාද ? කල්ඉකුත්වූ ඒවාද ?”

ගබඩාවේ සේවකයෙක් – “කල්ඉකුත්වූ ඒවා…”

වැටලීම් නිලධාරියෙක් – “කල්ඉකුත් වුණ දවස කියන්න ඔයා”

ගබඩාවේ සේවකයෙක් – “2022.12.18”

වැටලීම් නිලධාරියෙක් – “ඇයි මේවා මෙතන තියාගෙන ඉන්නේ ?”

ගබඩාවේ සේවකයෙක් – “අපි කලවම් කරලා පැක් කරනවා.”

වැටලීම් නිලධාරියෙක් – “කල්ඉකුත් වුණු කිරිපිටි මිශ්‍ර කරලා අලුත් එකක් හදන්න.. මෙච්චර වටිනා යන්ත්‍රත් අරගෙන. අර කල්ඉකුත් වුණු කිරිපිටි එකයි… කල්ඉකුත් නොවූ කිරිපිටි එකයි දෙක කලවම් කරලා කිලෝ එකේ අලුත් පැකට් එකක් හදනවා.”

ගබඩාවේ සේවකයෙක් – “අයිස් ක්‍රීම්වලට දාන්න.”

වැටලීම් නිලධාරියෙක් – “අයිස්ක්‍රීම්වලට දාන්න… අයිස් ක්‍රීම් පොඩි ළමයිනේ කන්නේ. හොඳට ලස්සනට ව්‍යාපාරය කරලා තියෙනවා. දැන් ඔය කඩේ තියෙන්නේ මිශ්‍ර කරපු එක නේද ? කඩේට කොල් එකක් දීලා කියන්න වහාම නවත්වන්න කියලා.. විකුණන එක. මං දැක්කා මිනිස්සු පැකට් 10, 15 ගෙනියනවා.”

මේ අතර උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සෞඛ්‍යාරක්ෂිතව ආහාරපාන ලබානොදෙන වෙළෙඳසැල් වැටලීම් මේ දිනවල අඛණ්ඩව ක්‍රියාත්මකය.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට නඩු පැවරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහිදී කටයුතු කර තිබේ.

මේ අතර උත්සව සමය හේතුවෙන් පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා බිත්තරයක් රුපියල් 44 සහ 46 අතර මිලකටත්, කුකුළු මස් කිලෝවක් රුපියල් 1,350 ට අඩු මිලකටත් අලෙවි කරන ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය සිල්ලර සහ තොග වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු කැවිලි මිලදී ගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව කැවිලි වෙළෙඳුන් පවසයි.

+


මෙරට රිළවුන් චීනයට

(11.04.2023 – 17:01 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ඉහළයන රිළා ගහනය ට විසඳුමක් ලබාදෙමින් මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවය.

මෙම ඉල්ලීම අනුව මෙරට රිළවුන් 100,000 ක් පළමු අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (11) දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්වී ඇත.

මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබාදීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30 කට ආසන්න බව හෙළිදරව් වී තිබේ. මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවාය. රිළා ගහනය අවම කරගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇති පසුබිමක මෙම ඉල්ලීම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.

රිළවුන්ගෙන් සිදුවන වැඩිම හානිය වාර්තා වන්නේ වයඹ පළාතෙනි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රිළවුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන හානිය දෙස බලනවිට රිළවුන් ලබා ගැනීම සඳහා වෙනත් රටක් ඉදිරිපත්වීම ම සතුටට කාරණයක් බවට මෙම සාකච්ඡාවේදී අවධානයට ගත් බවය.

+


ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉහළ ට

(11.04.2023 – 16:34 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ 2023/2024 වර්ෂය සඳහා 10% කින් පමණ ඉහළ නංවා ඇති බවය.


වෛද්‍යවරියකගේ සැමියා අබිරහස් ලෙස මරුට

(11.04.2023 – 16:11 +0530 – sinhala.adaderana.lk)

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියකගේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන සැමියා නිවස තුළ අබිරහස් ලෙස මියගොස් සිටියදී අද (11) දහවල් සොයාගෙන තිබේ.

කහතුඩුව පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පී.ඒ. පුෂ්පකුමාර නිශ්ශංක නමැති 58 හැවිරිදි අයෙකු බවය.

ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොඇසීම හේතුවෙන් යාබද නිවසේ පුද්ගලයා තවත් පුද්ගලයකු සමග එක්වී අදාළ නිවස පිටතින් පරීක්ෂා කර තිබේ.

එහිදී නිවස තුළින් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් නිවසේ ජනෙලයක් විවෘතකර අදාළ පුද්ගලයා නිවස තුළට ඇතුලූ වී ඇත.

එහිදී, ඉජිනේරුවරයාට නිවසේ සාලයේ පුටුවක් අසල ලේ විලක් මැද මුනින් අතට වැතිරී සිටින අයුරු ඔහු දැක තිබෙන බව පොලීසිය කියයි.

එම පුද්ගලයා කහතුඩුව පොලීසියට කරන ලද දැනුම්දීමක් අනතුරුව පොලීසිය පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ පවත්වා තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *