මියගිය විශ්මාගේ මරණය ගැන ජපන් රජයෙන් විශේෂ ප්‍රකාශයක්

මියගිය විශ්මාගේ මරණය ගැන ජපන් රජයෙන් විශේෂ ප්‍රකාශයක්


මියගිය විශ්මාගේ මරණය ගැන ජපන් රජයෙන් විශේෂ ප්‍රකාශයක්

(09.04.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala)

නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී මරණයට පත් වූ විශ්මා සඳමාලි නම් ශ්‍රී ලාංකික තරුණිය සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳව, ජපාන බලධාරින් සමග සාකච්ඡා කිරීමෙන් පසු වාර්තාවක් ලබා දෙන්නැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට දැනුම් දී තිබෙනවා.

ජපානයේ නගෝයා හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකදී මෙම තරුණිය මරණයට පත්වූයේ, 2021 වසරේ මාර්තු 06 වැනිදායි.

වීසා කාලය ඉක්මවා ජපානය තුළ රැඳී සිටියේ යැයි චෝදනා කරමින් රැඳවුම් භාරයට ගෙන සිටියදී විශ්මා සඳමාලි ජීවිතක්ෂයට පත්වූයේ 2021 වසරේ මාර්තු 06 වැනිදායි.

සඳමාලිගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේම වෙනස් වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව බලධාරීන් පවසා ඇතත්, දුර්වල වූ ඇගේ සෞඛ්‍ය තත්ත්වය හමුවේ නිසි ප්‍රතිකාර නොලැබීම මත ඇය මිය යන්නට ඇතැයි විශ්මා සඳමාලිගේ පවුලේ ඥාතීන් පවසනවා.

ජීවිතක්ෂයට පත් වූ සඳමාලිගේ නැඟණිය ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත්තේ ඒ අනුවයි.

විශ්මා සඳමාලිගේ අවසාන දින කිහිපය දැක්වෙන CCTV වීඩියෝවක් ඇගේ නීතිඥයින් විසින් පසුගියදා නිකුත් කරනු ලැබූ අතර, එය අනවසරයෙන් නිකුත් කළ වීඩියෝවක් බව, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපාන අධිකරණ අමාත්‍යවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව ජීවිතක්ෂයට පත් වූ විශ්මා සඳමාලි වෙනුවෙන් ඉදිරිපත්ව සිටින නීතිඥවරයා එරට නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් වන රැඳවුම් නීති සංශෝධනය කිරීමට නියමිතව තිබෙන බවත්, විශ්මා සඳමාලි මිය යාමට පෙර ඇය පිළිබඳව බලධාරීන් නොතැකීම ජපාන වැසියන්ට ගෙන දෙන්නේ සෘණාත්මක ප්‍රතිරූපයක් බවයි.

+


බිග් මැච් රථ සෙල්ලම් දුරදිග යයි – අදත් (09) සෙට් එකක් කැබ් එකෙන් බිම – දාපු සෙල්ලම් ලෙල්ලං වෙච්ච විදිහ…

+


රනිල් නෙමෙයි මේ රට පාලනය කරන්නේ – මේ රට පාලනය කරන්නේ වොෂින්ටන් වලින් (09.04.2023)

+


X-press perl වන්දිය ගසාකෑම පසුපස රාජපක්ෂලා.. මිලියන ගණන් ඔවුන්ගේ ගිණුම්වලට.. සහය දුන් අයට ඩුබායි නිවාස…

(09.04.2023 – 22:22 +0530 – lankacnews.com)

X-press perl නෞකා අනතුර වන්දිය ගසාකෑම පසුපස රාජපක්ෂලා සිටින බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා සඳහන් කරයි.

එම මුදල් ලංකාවට නොපැමිණියද ඩොලර් මිලියන ගණන් ඔවුන්ගේ ගිණුම්වලට දමා ගෙන ඇති බවද හෙතෙම පවසයි.

එම ගනුදෙනු යටගහන්න සහයෝගය දුන් තිදෙනෙකුට (3) නැව් සමාගම් විසින් ඩුබායිහි නිවාස ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

එම නෞකා අනරතු සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි ලංකාවේ තිබියදී සිංගප්පූරුවේ නඩු දැමීමෙන් එම නඩුව ප්‍රතික්ෂේප වනු ඇති බවත් හෙතෙම තව දුරටත් එහිදී කියා සිටියේය.

+


ඉදිරි සති කිහිපය තුල රටේ විශාල විරෝධයක් ඇතිවෙනවා – මහාචාර්ය ජී.එල්. පීරිස් (10.04.2023)

+++++++++

අයි.එම්.එෆ්. සල්ලි වියදම් කරන ආකාරය විගණනය කරන්න අපේ රටට දීලා නැහැ. ඒක ලෝක බැංකුවෙන් කරන්නේ – මහාචාර්ය ජී.එල්. පීරිස් (10.04.2023)

+


මියන්මාරයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම

(10.04.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යළිත් මෙරටට ගෙන්වා ගැනීමට සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව මියන්මාර රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර පසුගියදා නේ-පී-ටෝ හි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දි මියන්මාර විදේශ අමාත්‍ය යූ තාන් ස්වේ හමු වූ අවස්ථාවේ දියි මෙම ඉල්ලීම සිදු කෙරුණේ.

මෙලෙස මියන්මාරයේ සිර ව ඇත්තේ මිනිස් ජාවාරමට ගොදුරු වූ පිරිසක් බවත් හෙළි ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වී මියන්මාර බලධාරීන් හරහා විපතට පත් වූවන් මුදා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස තානාපතිවරයා මියන්මාර විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ ෴


පුලතිසිගම දී බිරිඳ සැමියා ඝාතනය කරයි

(10.04.2023 – 07:33 +0530 – hirunews.lk/sinhala)

පුලතිසිගම ප්‍රදේශයේදී බිරිඳ විසින් සිය ස්වාමි පුරුෂයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඔවුන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, සැකකාර බිරිඳ ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පුලතිසිගම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴


උත්සව සමයේ ගැට කපන්නන් සහ සොරුන් ගැන අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

(10.04.2023 – 07:35 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයේ රෙදිපිළි සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට ජනාකීර්ණ ස්ථාන වෙත යාමේ දී ගැට කපන්නන් සහ සොරුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ක්ෂණික මාර්ග බාධක යෙදවීම, බුද්ධි නිළධාරීන් සහ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් යෙදවීම මෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රථ වාහන නිලධාරීන් යෙදවීම වැනි විශේෂ ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴


ගිනිකෙළි භාවිතයේ දී සතුන් ගැනත් සිතන්නැයි ඉල්ලීමක්

(10.04.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගිණිකෙළි භාවිතයේ දී සතුන්ට හිංසා නොවන පරිදි කටයුතු කරන ලෙස පරිසරවේදීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අධික ශබ්දය සහිත ඇතැම් ගිණිකෙළි සතුන්ගේ ශ්‍රවණ ඉන්ද්‍රියට හානිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ගෘහාශ්‍රිතව ජීවත්වන ඇතැම් සතුන් රතිඤ්ඤා ශබ්දයට බිය වී මාර්ගයට දිවයාම හේතුවෙන් රිය අනතුරුවලට පවා ලක්වන බවයි පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ.

= උත්සව සමයේ පාරිභෝගික අධිකාරියේ වැටලීම් අඛණ්ඩව =

උත්සව සමයේ වෙළඳපොළේ අලෙවි වන භාණ්ඩවල සටහන් කර ඇති බර සම්බන්ධයෙන් ගැටලු පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පාන්, පෙර ඇසුරුම් කළ භාණ්ඩ සහ ඇතැම් සහල් ඇසුරුම්වල බර සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ දිනවල වෙළඳපොළේ වැටලීම් සිදු කරන අවස්ථාවේදී පෙර ඇසුරුම් කරන ලද භාණ්ඩ බහුතරයක සටහන් කර ඇති බර සහ නියමිත බර අතර වෙනස්කම් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කරන වැටලීම්වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

මේ අතර වෙළඳපොලේ ඉල්ලුමට සරිලන බිත්තර සැපයුමක් නොමැතිවීම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

+


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *