සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවතට

සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවතට


සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවතට

(09.04.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) ශ්‍රී ලංකාවේ සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, කාණ්ඩ 03 ක් යටතේ අදාළ ඖෂධය භාවිත කිරීම තාවකාලිකව ඉවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ඖෂධය ඉන්දියානු ණය යටතේ මෙරටට ලැබුණු අතර, ඉන්දීය ඖෂධ සමාගමක් විසින් ශ්‍රී ලංකාවට බෙදාහැර තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ඖෂධයේ ප්‍රමිතිය පරීක්ෂා කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අනෙකුත් රටවල එහි ක්‍රියාකාරීත්වය සහ ඉන්දියාව විසින් ලබා දී ඇති අදාළ සහතික මත මෙම ඖෂධය ගෙනා බව ද වාර්තා වෙනවා‍ ෴


Sandaru Suyamaya – සඳරූ සුයාමය – Featured Tribute to Sunil Santha – 2023-01-07 – Rupavahini Musical

+


කෑගල්ලේ තරුණියගේ කපා‍ වෙන් කළ අත බද්ධ කළ පැය 4ක විස්කම් සැත්කමේ මුල මැද අග

(08.04.2023 – silumina.lk)


ක්ෂණිකව ක්‍රියාත්මකවූ මුරකරු නිසා විශාල දුම්රිය අනතුරක් වැළකෙයි

(08.04.2023 – ada.lk)

හපුතලේ ඉදල්ගස්හින්න අතර දී අද (08) රාත්‍රී දුම්රිය මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී අවහිර වී තිබීම ක්ෂණික ව ක්‍රියාත්මකවූ පුද්ගලයකු උපක්‍රමශීලීව දැනුම් දීම නිසා සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ රියදුරු සහයක එම්.බී. නිරෝෂන් මහතා පැවසීය.

මෙම අනතුරුදායක තත්ත්වය දැනුම් දීම සඳහා තම ජීවිතය ගැන නොතකා පුද්ගලයකු විදුලි පන්දමක් ද රැගෙන දුම්රිය මාර්ගයට පැමිණ නවතන ලෙස සංඥා කළ බැවින් දුම්රිය නවතා ගැනීමට හැකි වූ බව ද හෙතෙම පැවසීය.

මෙසේ සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වලක්වා ගැනීමට සහය වී ඇත්තේ වතු මුරකරුවෙකු වන එච්.එම්. විජේරත්න මහතා ය.

දුම්රිය රියදුරු සහයක නිරෝෂන් මහතා මෙසේ ද කීවේය :

“ඉදල්ගස්හින්න පසු කරලා අපි කෝච්චිය ආවා ටිකදුරක් එනවිට මනුස්සයෙක් ටෝච් එකක් අරන් ඉදිරිපිටට දුවගෙන ආවා. ඒ මනුස්සයා තම ජීවිතය ගැන වත් නොසිතා තමයි ඉදිරියට දුවගෙන ආවේ. මම ඒ බව දැකලා මගේ රියදුරු මහතාට කීවා. මොකක් හරි අනතුරක් වගේ කියලා.

ඒත් එක්කම රියදුරු මහතා තිරිංග ක්‍රියාත්මක කරලා දුම්රිය නවත්ත ගත්තා. මේ පුද්ගලයා අත් දෙක උස්සගෙන කෑගහගෙන ඇවිත් ගසක් කඩා වැටී තිබීම අපට දැනුම් දුන්නා. පුංචි දුරකින් අපි කෝච්චිය නවත්වා ගත්තේ. බැරි වෙලාවත් මේ මහත්මයා ඒ බව දැනුම් දුන්නේ නැත්නම් විශාල අනතුරක් සිදු වෙනවා. මේ අනතුරු වළක්වා ගැනීමට සහය වුනු ඒ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා.” යැයි ද පැවසීය.

යුද හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසීය. රාත්‍රී කොළඹ බලා යන තැපැල් දුම්රිය ද පැය කිහිපයක් මේ නිසා ප්‍රමාද විය ෴


ගාල්ලේ සිට ආපු සමුද්‍ර දේවි දුම්රියේ, දුම්රිය මැදිරිවලින් එන්ජිම ගැලවී යන හැටි CCTV වල සටහන් වෙයි (09.04.2023)

(09.04.2023 – 18:47 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ සමුද්‍රදේවී දුම්රියෙහි එන්ජිම සහ දුම්රිය මැදිරි වෙන් වී ගමන් කිරීමේ අයුරු දැක්වෙන CCTV වීඩියෝ දර්ශන :

අද (09) පෙරවරුවේ සමුද්‍රදේවී දුම්රියට මෙම අකරතැබ්බ සිදුව ඇත්තේ කළුතර උතුර දුම්රිය ස්ථානය පසුකර යද්දි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

දුම්රිය එන්ජිම දුම්රිය මැදිරිවලින් ගැලවී යාමත් සමගම සමුද්‍රදේවීයේ මැදිරි කළුතර උතුර – නාගස් හන්දිය ප්‍රදේශයේ දී නතර වී තිබෙනවා.

දුම්රිය එන්ජිම මැදිරිවලින් වෙන් වී කිලෝමීටරයකට (1) ආසන්න දුරක් ධාවනය වී නතර වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් දුම්රිය එන්ජිම යළිත් විනාඩි 15 ක පමණ කාලයකදී දුම්රිය මැදිරි වෙත ගොස් සවිකර යළිත් මරදාන බලා ධාවනය කිරීමටයි පියවර ගැනුණේ.

දුම්රියෙහි ගමන් කළ කිසිදු අයෙකුට හානියක් සිදුව නොමැති අතර, මේ හේතුවෙන් සමුද්‍රදේවී දුම්රිය අද (09) දිනයේ දී මිනිත්තු 20 ක පමණ කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

++++++++

+


දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරයක් කරමින් ගැසට්ටුවක්

(09.04.2023 – 07:17 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දුම්රිය මාර්ගයේ ඇති දෙමෝදර ‘ආරුක්කු නවයේ පාලම’ පුරාවිද්‍යා ස්මාරයක් ලෙස ගැසට් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග පවසනවා.

ඒ අනුව, එම ස්ථානය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගීත්වයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.


අවුරුදු උත්සව සඳහා සමෘද්ධි බැංකු රුපියල් කෝටි අටක් (8) වැය කිරීමේ සූදානමක්

(09.04.2023 – 07:22 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි අරමුදලේ රුපියල් ලක්ෂ 805 ක් වැයකර දිවයින පුරා සමෘද්ධි බැංකු 1074 ක අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන ‘සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව’ පවසනවා.

එහි ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ කියා සිටියේ දැඩි ආර්ථික අපහසුතාවලට ජනතාව මුහුණදී සිටින අවස්ථාවක මෙලෙස අවුරුද්ද සැමරීමට විරෝධය පළ කිරීම සඳහා ලබන 15 වැනිදා සමෘද්ධි බැංකු වසා දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ෴


යල කන්නයේ කුඹුරු හෙක්ටයාර ලක්ෂ 7 ක් වගා කෙරේ

(09.04.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 7 කට වැඩි කුඹුරු ප්‍රමාණයක වී වගා කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබාදීමත් සමඟ මෙලෙස වී වගාවට යොමුවීම මෙවර ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම පහත හෙලීම සඳහා රජය මෙවර යල කන්නයේ රසායනික පොහොර මිලදී ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20,000 ක මුදලක් සහ හෙක්ටයාර 2 ක් වගාකරන ගොවීන්ට රුපියල් 40,000 ක මුදලක් බැගින් ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම ගොවීන්ගේ ඉල්ලීම මත වල්නාශක සහ පලිබෝධනාශක මිල ගණන්ද 20% කින් පහළ දැමීමට රජය පියවර ගත්තා ෴


උණ්ඩියල් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරතවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(09.04.2023 – 09:39 +0530 – hirunews.lk/sinhala)

උණ්ඩියල් ක්‍රමය යටතේ හෙරොයින් ජාවාරමේ නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ වැටලීම් ඒකකයට නාවික හමුදා බුද්ධි අංශය මගින් ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇති අතර, ඉන් උපයන මුදල් උණ්ඩියල් ක්‍රමය ඔස්සේ හුවමාරු කර ඇති බවද සඳහන්.

එලෙස උපයන ලද රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න මුදලක් සහ මුදල් ගණන් කිරීමේ යන්ත්‍රයක් ද සැකකරුවන් සතුව තිබී සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා ෴


වීදුරුවක් ඉරිතලා යාම නිසා කටුනායකට ගොඩබැස්සවූ යානයේ මගීන් ඩුබායි වෙත පිටත් කර හරියි

(09.04.2023 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන ගුවන් නියමුවා ඉදිරියේ ඇති වීදුරුව හෙවත් සුළං මුවාව ඉරිතලා යාම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලට යළි පැමිණි යානයේ සිටි මගීන් වෙනත් ගුවන් යානා මගින් ඩුබායි බලා පිටත් කර යවා තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 225 දරණ ගුවන් යානය මගීන් 189 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු රැගෙන පෙරේදා (07) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

එහෙත් එම යානය ගුවන් ගතවී පැය 01 කුත් මිනිත්තු 10 කින් පසු යළිත් කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබුණේ ඉදිරි වීදුරුව හෙවත් සුළං මුවාව බිඳී යාම හේතුවෙන්.

මෙම තත්ත්වය උද්ගතවන විට ගුවන් යානය ඉන්දියාව සමීපයෙන් පියාසර කරමින් තිබූ බවයි වාර්තාවන්නේ ෴


නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

(09.04.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala)

ගල්ඔය සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී ඊයේ (08) පස්වරුවේ වනඅලි දෙදෙනෙකු (2) දුම්රියේ ගැටීමෙන් බාධා එල්ල වූ නැගෙනහිර මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

මෙලෙස වනඅලි දෙදෙනා (2) ගැටී තිබුණේ ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියේයි.

එහිදී එම දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *