ත්‍රීරෝද රථ 8 ක, මොටෝරියක සහ යතුරුපැදියක ට්‍රක් රථයක් ගැටේ – 4 කට තුවාලයි !

ත්‍රීරෝද රථ 8 ක, මොටෝරියක සහ යතුරුපැදියක ට්‍රක් රථයක් ගැටේ – 4 කට තුවාලයි !


ත්‍රීරෝද රථ 8 ක, මොටෝරියක සහ යතුරුපැදියක ට්‍රක් රථයක් ගැටේ – 4 කට තුවාලයි !

(08.04.2023 – 18:40 +0530 – hirunews.lk/sinhala)

පස්යාල – ගිරිඋල්ල මාර්ගයේ දී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

අද (08) පස්වරු 05 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මීරිගම – කල්එළිය ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරට ලක් වී ඇත්තේ ට්‍රක් රථයක්, ත්‍රීරෝද රථ 8 ක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක්.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අදාළ ට්‍රක් රථයෙහි තිරිංගවල ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක්, ත්‍රීවිල් 8 ක සහ යතුරුපැදියක ද ගැටී නිවසක තාප්පයේ ද ගැටී නතර වී ඇති බවයි.

අනතුරින් කිසිවෙකුත් ජීවිතක්ෂයට පත්ව නැති අතර, සිද්ධියෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (4) තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තුවාල ලැබූවන් මේ වනවිට මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම අනතුර හේතුවෙන් මේ වනවිට මාර්ගයේ ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වී ඇති අතර, මීරිගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් එක්ව එය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

+++++++

(08.04.2023 – facebook.com/accident1stofficial/)

පස්යාල මීරිගම මාර්ගයේ කල්එලිය ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල දොඹකරයක් පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ තිබූ රථවාහන කිහියකට හානිසිදුකරමින් මීටර 600 ක් පමන ධාවනය කර මාර්ගයේ පසෙක තිබූ තාප්පයක ගැටී නතරවීමෙන් අද (08) පස්වරුවේ සිදුවූ අනතුර :

+


09.04.2023 දින කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය කැපෙයි

(08.04.2023 – 19:28 +0530 – hirunews.lk/sinhala)

හෙට (09) දිනයේ දී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම කප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඔවුන් සඳහන් කරන්නේ කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ ද අඩු පීඩනයක් යටතේ බවයි.

ජල සම්ප්‍රේෂණ බිඳ වැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

මේ හේතුවෙන් හෙට (09) දහවල් 12 තෙක් උස් ස්ථානවලට සැපයෙන ජලය අඩු වීමක් ද කප්පාදු වීමක් ද ඇතිවිය හැකි බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා.

මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවට ද ජල සම්පාදන මණ්ඩලය විසින් කනගාටුව පළ කර තිබෙනවා ෴


ගෝමරන්කඩවල වනකොමලී වැනසූ නරුම නිලධාරීන්

(08.04.2023 – 20:02 +0530 – hirunews.lk/sinhala)

‘වන සම්පත සුරැකීම අප සතු වගකීමක්’ යන්න, මේ වනවිට වැකියකට සීමා වී ඇති කාලයක තවත් වනසංහාරයක තොරතුරු අපට වාර්තා වුණේ ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑබද ප්‍රදේශ කිහිපයකින්.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ද දැනුවත්භාවය මත එම කැලෑබද ප්‍රදේශ එළිපෙහෙළි කිරීම කලක සිට සිදුවන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල අඩවි වන ප්‍රදේශයේ සුත්තනේරිකුලම්, තොන්ඩමුරිප්පු , ආන්දම්කුලම් වැනි රජයේ වනාන්තර ප්‍රදේශ මෙන්ම ආන්දම්කුලම් රජයේ වනාන්තරයේ අක්කර 20 ක පමණ රජයේ කැලෑ මේ වනවිට එළිපෙහෙලි කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම ප්‍රදේශවල දැවැන්ත වටිනා ගස් විශාල ප්‍රමාණයක් කපා දමා ඇති බව ද වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැනුවත්භාවය මත මෙම වනසංහාරය සිදුවන බවයි.

අදාළ නිලධාරීන්ට මේ පිළිබඳ අවස්ථා කිහිපයකදී දැනුවත් කළ ද ඉන් නිසි ප්‍රයෝජනයක් නොවුණු බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු ගස් කපාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග දුරකථනය ඔස්සේ කළ බව කියන සංවාදයක්ද එම පුද්ගලයා මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.

තවදුරටත් මෙවැනි පරිසර විනාශයන් සිදුනොවීමට නම් මෙවැනි අදූරදර්ශී ක්‍රියාවන් සම්බන්ධයෙන් වහා සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අදාළ බලධාරීන් සතු වගකීමක්.

++++++++

+


සඳමාලිගේ මරණයේ වීඩියෝ මුදාහැර ඇත්තේ අනවසරයෙන් – ජපාන රජයෙන් ප්‍රකාශයක්

(08.04.2023 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ රැදවුම් මධ්‍යස්ථානයක් තුළ නිසි ප්‍රථිකාර නොමැතිව මිය ගිය ශ්‍රී ලාංකික තරුණියක් වන ‘විශ්මා සදමාලි’ රැදී සිටි කුටියේ ආරක්ෂක කැමරා දර්ශන මාධ්‍යයට මුදා හැර ඇත්තේ නිසි අවසරයකින් තොරව සහ සංස්කරණයකින් පසුව බව ජපාන රජය ප්‍රකාශ කරනවා.

එරට අධිකරණ අමාත්‍ය ‘කෙන් සඉතෝ’ ප්‍රකාශ කළේ මෙම වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කර ඇති සාක්ෂි බවත්, ඒවා පැමිණිලිකාර පාර්ශ්වය විසින් කිසිදු අවසරයකින් තොරව ජනතාව වෙත මුදා හැර ඇති බවයි.

ජපාන කැබිනට් සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

+


තෙල් සංස්ථාවේ මෙවර බෝනස් නැහැ – උත්සව අත්තිකාරම් පමණයි

(08.04.2023 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිදු සේවකයෙකු හට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන අප්‍රේල් මාසය සඳහා මෙවර බෝනස් ලබාදී නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

වෙනත් වසරවල මෙම මාසයට අදාළව බෝනස් හා උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබා දෙන නමුත්, ලිඛිතව ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබා නොගත් සේවකයන්ට පමණක් උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබාදුන් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

රුපියල් 30,000 ක් වන එම උත්සව අත්තිකාරම් ණය මුදල ද මාස 10 කදී පොලිය ද සමග මාසික වැටුපෙන් අය කර ගන්නා ගිවිසුම මත ලබාදුන් බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා ෴


ප්‍රවේශපත්‍ර නොගෙන දුම්රියේ යන මගීන්ගේ සංඛ්‍යාව ඉහළට

(09.04.2023 – 07:13 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

බස් ගාස්තුවට සාපේක්ෂව අඩු මුදලක් අය කෙරෙන දුම්රිය සේවය තුළින් ගමන් පහසුකම් ලබාගන්නා මගීන් එලෙස කටයුතු කිරීමෙන් දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් පහත වැටෙන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ගෙන් අය කෙරෙන දඩ මුදල ඉහළ දැමීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

දැනට එලෙස ගමන් කරන මගියෙකුගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් (2) සහ රුපියල් 3,000 ක දඩ මුදලකුයි අය කෙරෙන්නේ.

කෙසේ වෙතත්, එම දඩ මුදල රුපියල් 5,000 ත්, 10,000 ත් අතර අගයක් දක්වා ඉහළ දැමිය යුතු බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රියේ මුදල් නොගෙවා යන මගීන් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන්ගේ හිඟය ද බලපෑම් එල්ල කර ඇති බව සඳහන්.

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම රුපියල් ලක්ෂ 1,300 ක්.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළැඹ ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මහනුවර ඊයේ (08) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව වසර 2025 වනවිට ශ්‍රී ලංගම අලාභ නොවන තත්ත්වයට පවත්වාගෙන යා යුතු බවයි ෴


(08.04.2023 – facebook.com/accident1stofficial/)

බෙල්ලවිල සිට ගල්කිස්ස දෙසට ධාවනය වෙමින් තිබු ත්‍රිරෝදරථයක් අත්තිඩිය ප්‍රදේශයේදී මාර්ගයේ පෙරලීයෑමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝදරථ රියදුරා බරපතළ තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කෙරුන අතර ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ සිටි රියදුරාගේ සුපරික්ෂාකාරී බව නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් අවමකර ගැනීමට හැකිවුනා.

+


(08.04.2023 – facebook.com/accident1stofficial/)

කැන්දලන්ද ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දැරණියගල ඩිපෝවට අයත් ලංගම බස් රථයක ඉදිරිපසට හානිසිදුකරමින් දැවැන්ත ගසක් මාර්ගය හරහා ඇදවැටීමෙන් කොළඹ නෙලුම් කුළුණ ආසන්නයේදී අද (08) උදෑසන 07:30 ට පමන සිදුවූ අනතුර.

අනතුරින් බස් රථයේ ගමන්කල කිසිවෙකුට හානි සිදුනොවී තිබූ අතර මාර්ගයේ තිබූ විදුළි කණුවකට හා ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට හානි සිදුව තිබුනා.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

+


මිනිස්සුගේ නිදහස මංකොල්ල කන අලුත්ම උප්පරවැට්ටිය – විමල් වීරවංශ (08.04.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *