අඩු වූ ගෑස් නව මිල ගනන්
(04.04.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala)
12.5 Kg ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රු. 1,005 ක මුදලකින් අඩු කරන බව ලිට්රෝ ගෑස් ආයතනයෙහි සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව එහි නව මිල රු. 3,738 ක්.
ලිට්රෝ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ, 5 Kg ක ගෑස් සිලින්ඩරයක මිල රු. 402 ක මුදලකින් අඩු වන බවයි. ඒ අනුව එහි නව මිල වන්නේ රු.1,502 ක්.
මීට සමගාමීව 2.5 Kg ක ගෑස් සිලින්ඩරයක මිලද රු. 183 කින් අඩුවන අතර, එහි නව මිල රු. 700 ක් ලෙස දැක්වෙනු ඇත.
එමෙන්ම ලාෆ් ගෑස් මිලද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 12.5 Kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රු. 1,290 කින් අඩු කර ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රු. 3,990 ක් ලෙසයි.
5 Kg ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රු. 516 කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,596 ක් වනු ඇති.
+++++++++
මේ අතර ගාලු වරායේ මුහුදුබත් වීමට ආසන්නව ඇති ශ්‍රී ලංකාවට මුන්ඩෝ ගෑස් ප්‍රවාහනය කළ නෞකාව වහාම එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අදාළ පාර්ශවයන්ට අද නියෝග කළා.
ඒ වරාය අධිකාරිය වෙනුවෙන් නීතිපතිවරයා කළ කරුණු දැක්වීමක් සළකා බලමින්.
කෙසේ වෙතත් ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව අඩුවන ආපනශාලා ආහාරවල මිල ගණන් හෙට (05) දිනයේදී ප්‍රකාශ කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අද (04) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට සුරක්ෂිත ආහාරපාන ලබාදීමේ අරමුණින් මහනුවර වෙළඳසැල් පරීක්ෂා කිරීම සඳහා අද (04) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර වැඩිමිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ බිත්තර අලෙවිකරුවන්ට අදාළව පැවරූ නඩු 9 ක් විභාගයට ගෙන රුපියල් ලක්ෂ 9 ක දඩ මුදලක් නියම කිරීමට අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (04) පියවර ගත්තා ෴
කොළඹ – කොටුවේ විරෝධතාවයට අධිකරණ නියෝගයක්
(04.04.2023 – 10:50 +0530 – hirunews.lk/sinhala)
කොළඹ – කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (04) දහවල් වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම ස්ථානයේ විරෝධතාවයේ නිරතවන පිරිසට, ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශයට ඇතුළු වීම තහනම් කරමිනුයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.
කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ත්‍රස්ත පනත, රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි ඒකාබද්ධ වෘත්තීය එකමුතුව මෙම විරෝධතාව සැලසුම් කර ඇත්තේ ෴
මහාචාර්ය සුනිල් ආරියරත්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත් කෙරේ
(04.04.2023 – 10:52 +0530 – hirunews.lk/sinhala)
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පස් (5) අවුරුදු ධූර කාලයක් සඳහා පත් කර තිබෙනවා.
ඒ සඳහා ඔහු පත්කරනු ලැබූවේ පසුගියදා අභාවප්‍රාප්ත වූ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගෙන් හිස් වූ කුලපති තනතුර වෙනුවෙන්.
දැනට 73 වන වියේ පසුවන මහාචාර්ය සුනිල් ආරියරත්න මෙරට සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂවරයෙක්, ගේයපද රචකයෙක් මෙන්ම ග්රන්ථ කතුවරයෙක් ද වෙනවා.
එමෙන්ම ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානව ශාස්ත්‍ර පීඨයෙහි මහාචාර්යවරයෙකු ලෙසද සේවය කරනු ලැබුවා ෴
පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලට ගැනීමේ ගැටලුව පාර්ලිමේන්තුවට
(04.04.2023 – 11:46 +0530 – hirunews.lk/sinhala)
රෝහල්වලට අවශ්‍ය පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිල දී ගැනීමේ දී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) දින පාර්ලිමේන්තුවේ දී විෂය භාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
තමන් මීට පෙර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමේ දී සැපයුම්කාර ආයතනය සමඟ එකඟතාවයකට පැමිණීම හා යාවත්කාලීන කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතින බව එහිදී විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළා.
තවද, අමාත්‍යංශ ලේකම්වරයා මෙම ගිවිසුම සංශෝධනයට ලක් නොකර පැරණි ගිවිසුම අනුව යන්ත්‍ර මිල දී ගැනීමේ සූදානමක් ඇති බවත් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර කඩිනමින් යාවත්කාලීන නොකිරීම නිසා පිළිකා රෝගීන් රැසකගේ ජීවිත අනතුරේ වැටී ඇති බව ඔහු පවසා සිටියා ෴
ඡන්දය ඉල්ලන රාජ්‍ය සේවකයින්ගේ වැටුප 10 වැනිදාට පෙර ලබා දීමට තීරණයක්
(04.04.2023 – 11:55 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, මාර්තු මස 09 වැනිදා සිට අප්‍රේල් මස 25 වැනිදා දක්වා වු මුලික වැටුප ගෙවීමට ඊයේ (03) දිනයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ.
එමෙන්ම එළැඹෙන අප්‍රේල් මස 10 වැනිදාට පෙර සියලුදෙනාටම මුලික වැටුප හිමිවන බව ද අද (04) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.
+
රට තුළ පැවති ආර්ථික තත්ත්වය අද වනවිට යථා තත්ත්වයට – නන්දලාල් වීරසිංහ
(04.04.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)
වසරකට පෙර රට තුළ පැවති ආර්ථික තත්ත්වය අද වනවිට යථා තත්ත්වය පත්ව ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.
මහබැංකු අධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, බී.බී.සී. පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දීයි.
+
දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විජේදාස රාජපක්ෂගෙන් ප්‍රකාශයක්
(04.04.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)
ස්වාධීන කොමිෂන් සභා සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම, දූෂණ විරෝධී පනත් කෙටුම්පත මගින් හඳුන්වාදී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොළඹ දී පැවති විද්වත් කථිකාවකට එක්වෙමින්.
+
යළ කන්නයේ වී වගාව සඳහා සහනාධාරයක්
(04.04.2023 – 13:35 +0530 – hirunews.lk/sinhala)
යළ කන්නයේ වී වගාව සඳහා පොහොර සපයා ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් උපරිම ලෙස හෙක්ටයාර දෙකක් (2) සඳහා මූල්‍ය සහනාධාරයක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඊයේ (03) එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ෴
හෙදියන් 60 න් විශ්‍රාම යෑම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
(04.04.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)
අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත සියලු ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන් අවුරුදු 63 සම්පූර්ණ වන තුරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන විනිසුරුවරුන් විසින් මෙම නියෝගය ලබාදෙනු ලැබුවේ.
පෙත්සමෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා ෴
අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය ධාවන සැළැස්මක්
(04.04.2023 – 15:19 +0530 – hirunews.lk/sinhala)
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සහ දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ධාවන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
ඒ අනුව අද (04) සිට මේ මස 17 වනදා දක්වා එම විශේෂ දුම්රිය ධාවන වැඩසටහන ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ලට සහ බදුල්ලේ සිට කොළඹ කොටුවට මෙන්ම කොළඹ – කොටුව සිට ගාල්ල, මරදාන සිට බෙලිඅත්ත සහ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් එම දිනවලදී ධාවනය කෙරෙනු ඇති.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴