උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය
(02.04.2023 – 08:31 +0530 – sinhala.adaderana.lk)
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා දෙන්නේනම් කඩිනමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවය.
“ඉතා පැහැදිලිව ප්‍රකාශකරනවා. මේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් අපි ඉවත් වෙනවා කියලා තීරණය කළේ.. මේ බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක්වෙන අපේ සාමාජිකයින්ට යම්කිසි සහනයක් අවශ්‍යයි කියන පදනමින්. වෙනත් කිසිම ඉල්ලීමක් මේකට ගැටගැහිලා නැහැ. ඒ සමගම ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා සිංහල මාධ්‍යයේ උත්තර පත්‍ර බැලීම පමණයි නොකෙරෙන්නේ, දෙමළ මාධ්‍යයේ උත්තර පත්‍ර බලනවා කියලා. මම ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතන සිංහල ද දෙමළ ද කථාවක් නැහැ. මේ කටයුත්තට සහභාගී නොවන සියලුදෙනා විශ්වවිද්‍යාල ආචාර්යවරු පමණක් නෙමෙයි පාසල් ගුරුවරුත් ඒකට සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය දිගින් දිගටම ඇදි ඇදි යන එකට අපි වගකිවයුතු නැහැ. ඒ නිසා අපි වගකීමෙන් කියන්නේ. රජය සුබවාදී ප්‍රතිචාරයක් දක්වනවානම් අපි ඕනෑම මොහොතක මේ කටයුත්ත ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද මේකට විසඳුමක් දෙනවානම් හෙට පටන් අරගෙන මේ ඉදිරියට එන නිවාඩු දවස් කියලා නැහැ අපේ සාමාජිකයින් සූදානම් උත්තර පත්‍ර බැලීමට සූදානම්” ෴
රටම කම්පා කරවූ බිග්මැච් අනතුර ගැන පාසලෙන් පැහැදිලි කිරීමක්
(02.04.2023 – 19:09 +0530 – sinhala.adaderana.lk)
සිසුන් දෙදෙනෙකුට (2) දිවි අහිමි කරමින් කැබ් රථයක් පෙරළීයාමේ අනතුරට මුල්වු රථ පෙළපාළිය තම පාසල විසින් සංවිධානය කරන ලද්දක් නොවන බව බදුල්ල ධර්මදූත මහ විදුහලේ විදුහල්පති එච්.එම්. සෙනරත් බණ්ඩාර මහතා පවසයි.
ඔහු පවසන්නේ අදාළ රථ පෙළපාළිය නවත්වන ලෙස තමන් පොලීසියට දැනුම්දී තිබියදීත් කිසියම් කණ්ඩායමක් මෙය පවත්වා ඇති බවය.
බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව ඊයේ (01) සංවිධාන කර තිබු රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළියාමෙන් සිසුන් දෙදෙනෙකු (2) මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලැබීය.
අදාළ රථ පෙළපාළියට ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නවත්වන්නැයි පොලීසිය දැනුම්දී තිබු අතර සිසුන් රැගත් රථවාහන කිහිපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා බදුල්ලේ ඉදිකළ නව භූමියට පැමිණ වාහන ධාවනය කරමින් විනෝදවීමේදී මෙම අනතුර සිදුවී තිබුණි.
සිසුන් 15 කට ආසන්න පිරිසක් රැගත් එක් කැබ් රථයක් පෙරළෙන අයුරු ජංගම දුරකතනයක පටිගතවී තිබුණි.
අනතුරින් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ‘ආර්.එම්. රවිඳු’ සහ ‘හරේන්ද්‍ර රුක්මාල්’ට දිවි අහිමි වුණි.
ජීවිතක්ෂයට පත්වූ ‘හරේන්ද්‍ර රුක්මාල්’ හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේවෙතත් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ විදුහල්පති පවසන්නේ මෙම රථවාහන පෙළපාලිය පාසල විසින් සංවිධානය කර නොතිබු අතර අවිධිමත් සංවිධානය කිරීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අනතුර සිදුවූ බවය.
එමෙන්ම බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයේ සංවිධායක මණ්ඩලයද පවසන්නේ රථ වාහන පෙළපාළියක් නොපැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබු පසුබිමක මෙම අනතුර සිදුවී ඇති බවය.
මේ අතර අද (02) දහවල් අනතුර සිදුවූ ස්ථානයට පැමිණි බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අනතුර සම්බන්ධයෙන් වූ ස්ථානීය පරීක්ෂණය සිදුකළේය.
පසුව බදුල්ල මහා රෝහලයේ මෘත ශරීරාගාරය වෙත ගිය මෙහෙස්ත්‍රාත්වරයා එහිදී මෘත ශරීර පරීක්ෂා කිරීමටද කටයුතු කර තිබුණි.
+++++++++
‘බිග්මැච් පෙරඩ්’ එකේදී මියගිය සිසුන් ගැන හොයන්න ත්‍රිපුද්ගල (3) විමර්ශන කමිටුවක්
(03.04.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)
බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ක්‍රිකට් තරඟයක් අතරතුර පැවති රථ පෙළපාලියක දී කැබ් රථයක් පෙරලී සිසුන් දෙදෙනෙකු (2) මියයාමේ සිද්ධියට අදාළව විමර්ශනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත අදාළ කමිටුව පත් කර ඇති අතර ඊට පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු සහ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු (2) ඇතුළත්.
බදුල්ල ධර්මදූත විදුහල සහ ඌව විදුහල අතර වාර්ෂික පාසල් ක්‍රිකට් තරඟය පැවැත්වූයේ පසුගිය පළමුවනදායි (01).
ඊට සමඟාමීව එදින දහවල් රථ පෙළපාලියක් ද පැවති අතර එම පෙළපාලිය අතරතුර කැබ්රථයක් පෙරලීයාමෙන් ධර්මදූත විද්‍යාලයේ සිසුන් දෙදෙනකු (2) මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා.
කෙසේ වෙතත් මෙම රථ පෙළපාලිය සංවිධාන කර තිබුණේ පාසල් පරිපාලනය දැනුවත්ව නොවන බවයි ධර්මදුත විද්‍යාලයේ විදුහල්පති සෙනරත් බණ්ඩාර ප්‍රකාශ කළේ.
මේ අතර මේ දිනවල පැවැත්වෙන අන්තර් පාසල් ක්‍රිකට් තරගවලට අදාළව පාසල්වල රථ පෙරහැර යාමට අවසර ලබා දී නොමැති බවයි පොලිස් රථවාහන මූලස්ථානය සඳහන් කළේ ෴
තලෙයිමන්නාරමෙන් රුපියල් කෝටි හයක (6) අයිස් අල්ලයි
(03.04.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)
නීතිවිරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛමන්නාරම මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා සෝදිසි කිරීමකදි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, මෙලෙස සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයෙහි දල වටිනාකම රුපියල් මිලියන 67.5 කට අධික බවයි හෙළිව ඇත්තේ.
නාවික හමුදාව සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී තලෛමන්නාරම – වැලිපර මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබියදියි කිලෝග්‍රෑම් 04 කුත් ග්‍රෑම් 500 ක බරින් යුත් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) තොගයක් සොයාගැනුණේ.
මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 04 ක අසුරා තිබූ බවත් නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නාවික හමුදා නිරීක්ෂණයට හසු නොවී පැනයාමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදට දමා ඇති බවට නාවික හමුදාව සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාවලිය සිදුවන තෙක් භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා භාරයේ තැබෙනු ඇති ෴
‘බූරුමූණා’ගේ නිතීඥවරයාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි
(03.04.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala)
පාතාල වෙඩික්කරුවෙකු වන ‘රවිඳු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරුමූණා’ භාරවීම සඳහා අධිකරණය වෙත රැගෙන ආ නීතිඥවරයාගෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පැය 3 කට ආසන්න ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඩුබායි හී සිටින තම සේවාදායකයෙකු දුරකතනයෙන් කළ දැනුම් දීමකට අනුව අදාළ සැකකරු අධිකරණය වෙත රැගෙන ගිය බවයි එම නිතීඥවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
හංවැල්ල සහ රත්ගම ප්‍රදේශවල වෙඩිතැබීම්වලට සම්බන්ධ සැකකරුවෙකු බව පවසා මොහු අධිකරණට භාර කරන ලෙස තමන්ට අදාළ සේවාදායකයා දැනුම්දුන් බව නිතීඥවරයා පොලිසියට සඳහන් කර තිබෙනවා.
හංවැල්ලේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොහු කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගනු ලැබුව ද පසුව පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා ගොස් තිබුණා.
කෙසේ වෙතත් ඔහු මීගමුව ප්‍රදේශයේ රැදී සිට කුරුණෑගල ප්‍රදේශයට ගොස් ඇති අතර අනතුරුව අදාළ නිතීඥවරයා කුරුණෑගල – කොස්කැළේ ප්‍රදේශයේ සිට සිය මෝටර් රථයේ නංවාගෙන මොහුව අනුරාධපුර ප්‍රදේශයට රැගෙන ගිය බවටයි හෙළි වුණේ.
ඉන් දින කිහිපයකට පසුව ‘බූරුමූණා’ අදාළ නිතීඥවරයා මාර්ගයෙන් අවිස්සාවේල්ල අධිකරණය වෙත භාරවීම සඳහා පැමිණෙන අතරතුරයි පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ.
+
ඇලුමිනියම් මිලත් අඩුවන ලකුණු
(03.04.2023 – 07:44 +0530 – hirunews.lk/sinhala)
රුපියල ඇතුළු විකුණුම් පිරිවැය තීරණය කරනු ලබන අනෙකුත් සාධක ස්ථාවර මට්ටමකට පැමිණියහොත් ඉදිරියේ දී ඇලුමිනියම් මිල පහත දැමීමට හැකිවනු ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශයේ ලෝහ, ඩයි, අච්චු සහ යන්ත්‍ර සූත්‍ර ක්ෂේත්රවල උපදේශන කමිටුවේ සමාජික තරිදු අතපත්තු පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴
රසායනික පොහොර තහනමෙන් 2021 වසරේ වී ඇතුලු සියලු අස්වනු පහළට
(03.04.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබාගත් වී අස්වැන්න සියයට 53 කින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය, රසායනික පොහොර තහනම සමඟ වගාවට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයක දී මෙය අනාවරණ වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියේ.
මීට අමතරව රසායනික පොහොර තහනම හේතුවෙන් අර්තාපල් සහ ලොකු ලූණු අස්වැන්න සියයට 52 කින් අඩු වූ අතර, බඩඉරිඟු අස්වැන්න සියයට 68 කින් අඩුවී තිබෙනවා.
මිරිස් අස්වැන්නද සියයට 43 කින් පහත වැටුණු බවයි මෙම සමීක්ෂණය මගින් පෙන්වා දෙන්නේ.
එමෙන්ම 2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනම හේතුවෙන් එළවළු වගාව සියයට 57 කින් බිඳ වැටුණු අතර, මල් වගාකරුවන්ගෙන් සියයට 86 ක් පමණ එම වගාවෙන් ඉවත් වී තිබෙනවා ෴
කුරුඳුවලට සහන මිලක් ඉල්ලයි
(03.04.2023 – 10:21 +0530 – hirunews.lk/sinhala)
ප්‍රධාන අපනයන භෝගයක් වන කුරුඳු සඳහා සහන මිලක් ලබාදෙන ලෙස කුරුඳු තැලුම්කරුවන්ගේ සහ වගාකරුවන්ගේ ඒකාබද්ධ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ කැඳවුම්කරු චමින්ද රාජපක්ෂ කියා සිටියේ කුරුඳු මිල ගණන් පහත වැටීම හේතුවෙන් එම කර්මාන්තයේ නිරත පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි ෴
ජාතික පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
(03.04.2023 – 11:24 +0530 – hirunews.lk/sinhala)
ජාතික පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන 21 වනදායින් පසුව දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම පාසල්වල දෙක (2) ශ්‍රේණියේ සිට හතර (4) ශ්‍රේණිය දක්වාත්, හත (7) ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාත් පන්ති සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළවයි එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතව ඇත්තේ.
එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා ෴
ගණිකා නිවාස දෙකක් (2) වටලා පිරිසක් අත්අඩංගුවට
(03.04.2023 – 12:07 +0530 – hirunews.lk/sinhala)
ඊයේ (02) දින කොල්ලුපිටිය සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පොලිසිය විසින් සිදුකල වැටලීම් ඔස්සේ සම්බාහන මධ්‍යස්ථාන ලෙස හඟවා සිදුකර ගෙන ගිය මහා පරිමාණයේ ගණිකා නිවාස දෙකක් (2) වටලා තිබෙනවා.
එහිදී එම නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරුවන් දෙදෙනෙකු (2) මෙන්ම එහි සේවයකල කාන්තාවක් හය (6) දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් හා 30 ත් අතර සහ සැකකාරියන් වයස් අවුරුදු 23 ත් 32 ත් අතර වයස් සීමාවල පසුවන්නන් වෙනවා.
කොල්ලුපිටිය සහ ගල්කිස්ස පොලිසි මඟින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා ෴
මොරටුව මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට
(03.04.2023 – 12:13 +0530 – hirunews.lk/sinhala)
මොරටුව – අඟුලාන – සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අද (03) උදෑසන එම නිවාස සංකීර්ණයේ තුන්වන (3) මහලෙන් බිමට ඇද වැටීමෙනුයි.
මියගිය පුද්ගලයා 24 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර, මොහු මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහි වී සිටි අයෙක් බවයි පොලිසිය කියා සිටියේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴