දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන ලැබේ – ඔක්ටේන් 95 හිඟයත් හෙටින් (31) අවසන්

දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන ලැබේ – ඔක්ටේන් 95 හිඟයත් හෙටින් (31) අවසන්


දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන ලැබේ – ඔක්ටේන් 95 හිඟයත් හෙටින් (31) අවසන්

(30.03.2023 – 20:46 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් බලපෑමක් එල්ල වූ ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට දිවයිනේ කිසිදු පිරවුම්හලක ඉන්ධන හිඟයක් නොමැති බව සඳහන් කළ එහි සම ලේකම් කපිල නාඔටුන්න කියා සිටියේ ඇතැම් ප්‍රදේශවල පවතින ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් හිඟය ද හෙට (31) දිනය වනවිට මග හැරී යනු ඇති බවයි.

මේ අතර, වර්ජනයේ නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් ඇතුළු 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (30) පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ අතර, ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය ක්‍රියා කිරීමත් සමඟ ත්‍රීරෝද රථ හිමියන් බහුතරයක් සවිකර ඇති මීටර්වල ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇතත්, ඇතැමුන් එලෙස ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන නොමැති බවයි වාර්තා වුණේ.

ඇතමුන් අද (30) දිනයේ දී මීටර් නඩත්තු කරන සහ සවිකරන ආයතන වෙත ගොස් එලෙස ගාස්තු සංශෝධනය කරගනු ලැබූවා.

මේ අතර, අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බහාළුම් ප්‍රවාහන ගාස්තුව 8% කින් අඩු කිරීමට කටයුතු කරන බවයි ‘සමස්ත ලංකා බහාළුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ’ සභාපති ශාන්ත මංජුල කියා සිටියේ ෴


පාසල් දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම අද (30) සිට

(30.03.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන්ට පළමු (1) ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් 13,800 ක් පුහුණු කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද (30) සිට පළමු (1) වසරේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා ප්‍රාථමික විදුහලේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

+++++++++

සිංහල භාෂාව නොසලකා හරින්නේ නැහැ – සුසිල් ප්‍රේමජයන්ත්

(30.03.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උල්ලංඝනය කරමින් සිංහල භාෂාව නොසලකා හැරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ගංගොඩවිල සමුද්‍රදේවී බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ අද (30) පැවති පළමු (1) ශ්‍රේණියේ දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාව, ප්‍රායෝගිකව කථනයෙන් භාවිත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

+


ඉන්දීය බිත්තර, බේකරි සහ හෝටල්වලට නිකුත් කිරීම ඇරඹේ

(30.03.2023 – 20:35 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර රුපියල් 35 ක මිලකට බේකරි නිෂ්පාදකයින් වෙත සහ මහා පරිමාණ හෝටල් වෙත ලබාදීම අද (30) සිදුකෙරුණා.

ඒ, රේගුවට අයත් කෙරවලපිටිය ගබඩා සංකීර්ණයේ දීයි.

එම ආනයනික පළමු (1) බිත්තර තොගය බේකරි නිෂ්පාදකයින් වෙත සහ මහපරිමාණ හෝටල් වෙත ලබාදීම සිදුකරනු ලැබුවේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින්.

එහි සභාපති ආසිරි වලිසුන්දර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම ආනයනික බිත්තර දින 90 ක කාලයක් තබාගත හැකි බවයි.

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ ලක්ෂ 10 ක බිත්තර තොගයෙහි නිෂ්පාදිත දිනය දැක්වෙන්නේ මෙම වසරේ මාර්තු මස 18 වැනිදා වන අතර කල් ඉකුත්වීමේ දිනය දක්වා ඇත්තේ මෙම වසරේ ජුනි මස 15 වැනිදායි.

මේ අතර, ඉදිරියේ දී එළවළු මිල 20% ත් 25% ත් අතර අගයකින් පහත දැමිය හැකි බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.

නුවරඑළියේ දී අද (30) පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩුවීමේ වාසිය එලෙස එළවළු මිල අඩුකිරීමෙන් ජනතාවට ලබාදිය හැකි බවයි.

මේ අතර ඉදිරියේ දී ගොවි ජනතාව සඳහා කිව්.ආර්. කේතයක් හදුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ගොවීන්ට එම ක්‍රමවේදය භාවිත කරමින් පොහොර, බීජ වැනි දෑ ලබාගැනීමට එතුළින් පහසුකම් සලසන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ හෙක්ටර්කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවති වැඩමුළුවකට එක්වෙමින්.

+


මැල්සිරිපුර ගොවීන් තුන්දහසකට (3000) සහනාධාර අහිමිකළ සංවර්ධන නිලධාරියෙකුගේ වැඩ තහනම්

(30.03.2023 – 20:38 +0530 – hirunews.lk/sinhala)

මැල්සිරිපුර – රඹේ, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, ගොවීන්ට නොමිලේ ලබාදෙන සහනාධාර සඳහා අවශ්‍ය තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා නොදීම හේතුවෙන්.

මෙමගින් ගොවීන් තුන්දහසකට (3000) පමණ සහනාධාර අහිමී තිබෙනවා ෴


විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) විදේශගත වීමෙන් ළමා වාට්ටුවක් වැසේ

(30.03.2023 – 20:41 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ, එම වාට්ටුව භාරව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා (2) නොමැතිවීම හේතුවෙන්.

එම තත්ත්වය හමුවේ වාට්ටු අංක 63 එම ළමා වාට්ටුවේ දරුවන් වෙනත් වාට්ටු දෙකකට (2) තාවකාලිකව මාරු කර තිබෙනවා.

රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ළමා වාට්ටුව භාරව සිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම (2) විදේශ ගතවීම හේතුවෙන් මෙලෙස වාට්ටුව වසා දමා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු සාකච්ඡාවක නිරත වීම හේතුවෙන් එය සාර්ථක වූයේ නැහැ ෴


හිට්ලර්ටත් මුසෝලිනිටත් ලැජ්ජ හිතෙන මෙරටින් බිහිවෙන භයානක පනතක් ගැන පැහැදිලි කිරීම (29.03.2023)

+

+

+

+

ත්‍රස්ථ පනත ගෙනෑල්ලා ජනතාවට කරන්න යන දේ ඇහුවොත් පුදුම වෙයි – අරගල කරලාත් හමාරයි (28.03.2023)

+

මේ පනත් උපන්ගෙයිම විනාශ වියයුතුයි | අලුතෙන් එන ත්‍රස්ථ පනතට දැනටමත් දැඩි විරෝධයක්… (28.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *