අද (29) රෑ 12 ට ඉන්ධන මිලේ දැවැන්ත අඩුවීමක්

අද (29) රෑ 12 ට ඉන්ධන මිලේ දැවැන්ත අඩුවීමක්


අද (29) රෑ 12 ට ඉන්ධන මිලේ දැවැන්ත අඩුවීමක්

(29.03.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල සංශෝධනය අද (29) රාත්‍රී 12 ට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල, රුපියල් 60 කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 340 ක් වනු ඇති.

ඔටෝ ඩීසල් ලීටරයක මිල, රුපියල් 80 කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල 325 ක්.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල, රුපියල් 135 කින් අඩු කෙරෙන අතර එහි නව මිල 375 ක් වනු ඇති.

තවද, සුපර් ඩීසල් ලීටරයක මිල, රුපියල් 45 කින් අඩු කෙරෙන අතර එහි නව මිල 465 ක්.

භූමිතෙල් ලීටරයක මිල, රුපියල් 10 කින් අඩු කෙරෙන අතර එහි නව මිල 295 ක් වන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතගත සංස්ථාව සිදු කළ මිල ගණන් සංශෝධනයට අනුකූලව තම සමාගමත් මිල ගණන් සංශෝධනය කරන බව ‘ලංකා අයි.ඕ.සී.’ සමාගම පවසනවා.

ඒ අනුව, සමාගම් දෙකේම (2) ඉන්ධන පිරවුම් හල් වල සමාන මිල ගණන් යටකේ ඉන්ධන ලබා ගැනිමට අද (29) රාත්‍රියේ සිට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබේ.

මේ අතර ඉන්ධන බෙදා හැරීම කඩාකප්පල් කළ වෘත්තීය සමිති නායකයින් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.

++++++++

බස් ගාස්තුව හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට පහළට

(29.03.2023 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට (30) දිනයේ දැනුම් දීමට නියමිත බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ ෴


විදේශ ගත ශ්‍රමිකයින්ට ‘විදුලි වාහන’ ආනයන බලපත්‍ර සඳහා ලබා දී තිබූ කාලසීමාව දීර්ඝ කෙරේ

(29.03.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් (විදුලි) වාහන ආනයන බලපත්‍ර සඳහා ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අද (29) කොළඹ දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ආනයන බලපත්‍ර 2023 අගෝස්තු මාසය දක්වා දීර්ඝ කරන බවයි.

පසුගිය වසරේ (2022) මැයි මස සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙලෙස විදෙස් ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමටයි රජය කටයුතු කරනු ලැබුවේ ෴

+

+


තෙල් බෙදිල්ලට බාධාකල විස්සකට (20) ඉන්ධන පර්‍යන්ත තහනම් කලාපයක් වෙයි

(29.03.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතුකල ඛනිජ තෙල් සේවකයන් විසි දෙනෙකුට (20) එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඛනිජ තෙල් පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඛනිජ තෙල් නිශ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම හා සම්බන්ධිත සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක අදාල කටයුතුවලට බාධා වන අයුරින් හැසිරුණු සේවකයන්ට එරෙහිවයි පාලනාධිකරිය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ඒ අනුව අදාල සේවකයන් සදහා කොලොන්නාව නිමාව, මුතුරාජවෙල පර්‍යන්තය හා තොග තෙල් ගබඩාවන් ඇතුලු CPSTL ආයතනය සතු සියළුම පරිශ්‍ර සහ දේපල වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කලාප බවට පත් කර තිබෙනවා.

කොලොන්නාව නිමාවෙහි වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) විසින් HRF 086 දරණ ලිපිය යටතේ අදාල සේවකයන්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව දැනුවත් කර තිබෙනවා.

මෙලෙස විනය ක්‍රියාමාර්ග ගැනුණු සේවකයන් අතර කොළොන්නාව නිමාව ඛනිජ තෙල් තොග පර්යන්තයේ සේවකයන් 15 ද, මුතුරාජවෙල ඛනිජ තෙල් තොග පර්යන්තයේ සේවකයන් 4 ක් සහ එක් (1) විශ්‍රාමික සේවකයෙක් සිටින බවයි වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ.


‘හරක් කටා’ සහ ‘කුඩු සලිදු’ ගැන නියෝගයක්

(29.03.2023 – 15:05 +0530 – hirunews.lk/sinhala)

දැනට රැඳවුම්භාරයේ සිටින ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ සහ ‘සලිදු මල්ෂික’ හෙවත් ‘කුඩු සළිදු’ පිටතට රැගෙන යාමේදී ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ, ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේ දීයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා, නියෝග කර ඇත්තේ ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙකු භාරයේ සහ විමර්ශන සිදුකරන ඒකකයේ ස්ථානාධිපතිවරයා යටතේ රැගෙන යන ලෙසයි ෴


සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (01)

(29.03.2023 – 15:20 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත අග්‍රගන්‍ය සංගීතවේදියෙකු වු සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන්ගේ දේහය මහජන ගෞරව දැක්වීම සඳහා එතුමාගේ නිවසට රැගෙන ඒනු ලැබුවා.

අවමංගල්‍ය කමිටුව පැවසුවේ එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (01) සවස 05 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බවයි.

1941 සැප්තෑම්බර් මස 15 වැනිදා උපත ලද එතුමා මිය යනවිට 82 වැනි වියේ පසු වුණා.

++++++++

++++++++

++++++++

+


අත්අඩංගුවට ගැනීමක් අතරතුර සිදු වූ වෙඩි ප්‍රහාරයකින් සැකකරු මරුට

(29.03.2023 – 17:53 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව – පේරගස් හන්දිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදු වූ වෙඩි තැබීමකින් සැකකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් පොලිසියට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර එහි දී පොලිසිය මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

සැකකරු විසින් එල්ල කළ ප්‍රහාරයේ දී එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *