පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගවේෂණයක් සිදුකර අත්පත් කරගත් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ අක්කර 229 ක් ජනපති රනිල්ගේ අණින් නිදහස් කරලා

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගවේෂණයක් සිදුකර අත්පත් කරගත් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ අක්කර 229 ක් ජනපති රනිල්ගේ අණින් නිදහස් කරලා


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගවේෂණයක් සිදුකර අත්පත් කරගත් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ අක්කර 229 ක් ජනපති රනිල්ගේ අණින් නිදහස් කරලා

(23.03.2023 – 14:07 +0530 – lankaleadnews.com)

කුරුන්දි අට්ඨකථා ලේඛණය කළ ලාංකේය ඉතිහාසයේ වැදගත්ම ඓතිහාසික පුදබිමක් වූ මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයට කෙලවර වූ බටහිර මායිමේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන තිබූ ඉඩම් අක්කර 229 ක් වහාම නිදහස් කොට ඒවායේ අයිතිකරුවන් වෙත බාරදෙන ලෙස ජනාධිපතිවරයා ඊයේ (22) දැනුම් දී තිබේ.

මෙම ඉඩම් පිහිටා ඇත්තේ මුලතිව් තන්නිමුරුප්පු ප්‍රදේශයේ වන අතර, මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මුලතිව් දිසාපතිවරයාටත් පළාතේ පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයා වෙතත් එවා ඇත.

පුරාවිද්‍යා ගවේෂණයකින් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන තිබූ එම අක්කර 229 ක භූමිය මැණුම් කටයුතු සිදුකිරීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන් විසින් මිනින්දෝරු නිලධාරීන් කැඳවා තිබූ අතර එම මැනුම් නියෝගය ද ජනාධිපතිවරයා විසින් නවතා දමන ලෙස නියෝග කොට තිබේ.

පුරාවිද්‍යා නිලධාරීන් විසින් කාර්යාලයක් පිහිටුවා බුදු මැදුරක් ස්ථාපිත කිරීම පිණිස බුදු පිළිමයක් රැගෙන ගිය අවස්ථාවේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඊට එරෙහිව විරෝධය පළකිරීම නිසා පිළිමය පොලිසියේ තැන්පත් කිරීමට ද සිදුවී තිබේ.

දිනසේන රතුගමගේ


ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 76 ක් බදු නිදහස් වාහන බලපත්‍ අරගෙනලු

(23.03.2023 – 10:50 +0530 – lankaleadnews.com)

දැනට පාර්ලිමේන්තුවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා (3) හැර තවත් 76 දෙනෙකු මීට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර දරා ඇති බවත්, ඔවුන් 76 දෙනා බදු නිදහස් වාහන බලපත්‍ර ලබාගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

මෙම එක් වාහන බලපත‍්‍රයක වටිනාකම රුපියල් කෝටි එකහමාර (1½) බැගින් තක්සේරු කළවිට එමගින් රුපියල් කෝටි එකසිය දාහතරක් (114) වැයවී ඇති බවද හෙතෙම පවසයි.

තම ආණ්ඩුවක් යටතේ නිදහස් වාහන බලපත්‍ර අහෝසි කරන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ, ඊට පෙර තමන් විසින් ලබාගෙන ඇති වාහන බලපත්‍රවල වටිනාකම් ආපසු ලබා දි යුතු බවද ඔහු සඳහන් කරයි ෴


මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන රටේ ව්‍යාපාරිකයන්ට කිසිම විශ්වාසයක් නැහැ – කිෂූ ගෝමස් කියයි

(23.03.2023 – 09:57 +0530 – lankaleadnews.com)

ජාතික ජන බලවේගයට රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නොහැකි බවත් මෙරට ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය පළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැති බවත් කිෂූ ගෝමස් මහතා පවසයි.

බාහිරව සිටිමින් රටේ ආර්ථිකය පිළිබඳව ඕනෑම පාර්ශ්වයකට අදහස් දැක්වීමට හැකි වුවද, ආර්ථිකය හසුරවන්නට පටන්ගත් විට තමන් පැවසූ දේ ප්‍රායෝගික නොවන බව ඔවුන් තේරුම්ගන්නා බව ද ඔහු පවසයි.

+


කිරි පිටි මිල පහළට

(23.03.2023 – 11:23 +0530 – hirunews.lk/sinhala)

ලබන සදුදා (27) සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය කියා සිටියේ කිරි පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බවයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම මිල පහත දැමීමට හේතුව බව ඔහු කියා සිටියා.

+


අනිද්දා (25) පැය 10 ක ජල කප්පාදුවක්

(23.03.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය සිදුකරනු ලබන අත්‍යවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (25) පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එදින පෙරවරු 11 සිට රාත්‍රි 09 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලටයි.

එමෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට සහ රත්මලාන, කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා ෴


‘බූරු මූණා’ අංගොඩට

(23.03.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන පාතාල වෙඩික්කරුවෙකු වන ‘රවිඳු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරු මුණා’, අද (23) අංගොඩ ජාතික මානසික විද්‍යායතනය වෙත යොමු කෙරෙන බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

ඒ ඔහුට මානසික රෝගයක් ඇත්දැයි වැඩිදුර සොයා බැලීම සඳහායි.

සැකකරු ඊයේ (22) දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍යවරියක් හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහි දී ‘බූරු මූණා’ පවසා ඇත්තේ දිගින් දිගටම තමන්ට නින්ද නොයෑම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත් බවයි.

මේ අතර මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා පුද්ගලයකුගේ දෑත් රැගෙන පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිවී නැහැ.

ඒ සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට දුරකථන දත්ත ද විශ්ලේෂණය කරන බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමට ලක් වූ පුද්ගලයා එලවලු‍ කපන පිහියකින් සැකකරු වෙත සිද්ධිය වීමට පෙර දිනයේදී පහරදී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඊට පළිගැනීමක් ලෙස සැකකරු තියුණු ආයුධයකින් කපා අදාළ පුද්ගලයාගේ දෑත් රැගෙන ගොස් ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.

පහර කෑමට ලක් වූ පුද්ගලයා මේ වන විටත් පානදුර මූලික රෝහල රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴


රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

(23.03.2023 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව අද (23) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ්ව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

එහි ගැනුම් මිල රුපියල් 311.26 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 328.60 ක් ලෙසයි.

ඊයේ (22) දිනයේ ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330.16 ක් දැක්වුණා.

එහි ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 312.61 ක් ලෙසයි ෴


නව ත්‍රස්ත පනත ගැසට් කෙරේ

(23.03.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එමගින් වෘත්තිය සමිති ක්‍රියාකාරකම් ගණනාවක් අභියෝගයට ලක්වන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.

නව පනත් කෙටුම්පත පලකර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදියි.

ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදි සිදුකරනු ලබන ත්‍රස්තවාදි ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රීත වෙනත් වැරදිවලින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය ආශ්‍රිත වරදක් කරන පුද්ගලයෙකු හදුනාගැනීම, සිරභාරයට ගැනීම, දඩුවම් දීම හා නඩුපැවරීමට අදාල විධිවිධාන මෙමගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධි විධාන පනත ඉවත් කිරීම සදහාද විධිවිධාන සැලැස්වීම මෙම පනත් කෙටුම්පත සකස් කිරිමේ තවත් අරමුණක්.

+


2022 වසරේ පාසල් තුන්වන වාරය හෙටින් (24) අවසන්

(23.03.2023 – 14:30 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන (3) වාරය හෙටින් (24) අවසන් වෙනවා.

2023 වසරේ පළමු (1) පාසල් වාරය ලබන සඳුදා (27) සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ ෴


යූරිය පොහොර මිල අඩු කෙරේ

(23.03.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

පොහොර ආනයනය කරනු ලබන පෞද්ගලික සමාගම් කිලෝග්‍රෑම් 50 යූරියා මිටියක මිල රුපියල් 7500 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එසේම එළවළු සහ තේ වගාවන් සඳහා භාවිත කෙරෙන මිශ්‍ර පොහොර මිල ද පහත හෙළීමට එම සමාගම් පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එසේම රජය මගින් රුපියල් දසදහසකට (10,000) මේ වන විට අලෙවි කරන යූරියා පොහොර මිටියක මිල ද ඉදිරියේ දී ලැබෙන තොග සැළකිල්ලට ගෙන අඩු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ලබන සඳුදා (27) සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය කියා සිටියේ කිරි පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බවයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම මිල පහත දැමීමට හේතුව බව ඔහු කියා සිටියා ෴


ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක බලපත්‍රය අහෝසි කෙරේ

(23.03.2023 – 17:06 +0530 – hirunews.lk/sinhala)

උස්බෙකිස්ථානයේ දරුවන් 18 දෙනෙකුට මරු කැඳවූ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන බලපත්‍රය, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් බලධාරින් අවලංගු කර තිබෙනවා.

‘මැරියොන් බයෝ ටෙක්’ සමාගම නිෂ්පාදනය කරන ලද කැස්ස සඳහා භාවිත කෙරෙන සිරප් වර්ග දෙකක් (2) ප්‍රමිතියෙන් තොර බවට පසුගිය ජනවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණු අතර එහිදී ලබාගත් සාම්පලවල ගැටලු පවතින බව හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් අනතුරුවයි ඉන්දීය බලධාරින් ඔවුන්ගේ නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කර ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *