අධිකරණය හෑල්ලුවට ලක්කිරීමට එරෙහිව විපක්ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

අධිකරණය හෑල්ලුවට ලක්කිරීමට එරෙහිව විපක්ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්


අධිකරණය හෑල්ලුවට ලක්කිරීමට එරෙහිව විපක්ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

(23.03.2023 – 10:24 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව විසින් අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හැල්ලුවට ලක් කරමින් විනිසුරුවරුන් පාර්ලිමෙන්තුවට කැඳවීමට දරණ උත්සාහයට විරුද්ධව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කර තිබෙනවා.

ඒ ඊයේ (22) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දීයි.

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නුවූ විරූ අර්බුදයකට වර්තමානයේ දී පැමිණ ඇතැයි පවසන විපක්ෂය වැඩිදුරටත් පවසන්නේ, ඊට එරෙහි ඒකාබද්ධ වැඩපිළිවෙලක් සඳහා මුහුණ දීමක් ලෙස මෙලෙස ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කළ බවයි ෴


අඩු ආදායම්ලාභි ගොවි පවුලකට රුපියල් තිස්දහසක (30,000) දීමනාවක්

(23.03.2023 – 10:02 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාතික සහයෝගිතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ අධාර යටතේ අඩු ආදායම්ලාභි ගොවි පවුලකට මෙවර යල කන්නය සඳහා රුපියල් තිස්දහස (30,000) බැගින් දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 06 ක ගොවිපවුල් හතලිස් අටදහසක් (48,000) සඳහා එම සහන දීමනාව ලබා දීමට එම නියෝජිතායතන එකඟත්වය පළකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

එය රුපියල් පහළොස් දහස (15,000) බැගින් වාරික දෙකක් (2) යටතේ ලබාදෙන්නේ මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගාකරන ගොවි පවුල් සඳහායි ෴


බන්දුලට ධුරයෙන් ඉල්ලා අස් වෙන්නැයි අනතුරු ඇඟවීමක්

(23.03.2023 – 10:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ඩොලරයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වන්නේ නම් ඔහු වහා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ (22) පැවසුවා.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අදාල කාරණාව සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කිරීමට හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නොහැකි නම් විෂයභාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන අසමත් නම් ඔහු වහා ධුරයෙන් අස් විය යුතු බවයි.

මේ අතරතුර ඉළඹෙන අප්‍රෙල් පළමු වැනි (01) දා බස් ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සලකා බලමින් සිටින බවත් එය හරි ආකාරව ක්‍රියාත්මක වුවහොත් අප්‍රේල් මාසයේදී බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බවත් ඔහු පැවසුවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, සාමාන්‍යයෙන් සෑම වසරක ම ජූනි මස පළමු වැනිදා (01) ජාතික ගමනාගමන ප්‍රතිපත්තිය මත බස් ගාස්තු සංශෝධනයක් සිදු වන බවත්බලාපොරොත්තු වන පරිදි ඊට පෙර ඉන්ධන මිල ගණන් පහළ ගියහොත් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් ද ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴


පාසල් අත්‍යවශ්‍යය සේවාවක් කිරීමට යයි

(23.03.2023 – 11:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.

පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුන හොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපති මෙසේ පැවසුවේ අද (23) පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිළයේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමින්.

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා විසින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනෙකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වැඩ බලන අධ්‍යාපන ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුෂාරි ද සිල්වා යන අය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.

2023 වසරට අදාළ පාසැල් නිල ඇඳුම්වලින් 70% ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඒ සියල්ල මේ වන විට දිවයින් පුරා බෙදා දී අවසන් ෴


IMF ග්‍රීසියෙන් සමාව ගත්තා; මහ බැංකුව ස්වාධීන කිරීම කියන්නෙ රටේ අවුල වියවුලක් කිරීමයි – විමල් වීරවංශ

++++++++

++++++++

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *