රජයේ ආයතනවල කොටස් විකිණීමේ දී විනිවිදභාවය අනිවාර්යයි – ආර්ථික විශ්ලේෂකයන්

රජයේ ආයතනවල කොටස් විකිණීමේ දී විනිවිදභාවය අනිවාර්යයි – ආර්ථික විශ්ලේෂකයන්


රජයේ ආයතනවල කොටස් විකිණීමේ දී විනිවිදභාවය අනිවාර්යයි – ආර්ථික විශ්ලේෂකයන්

(21.03.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

පාඩු ලබන ආයතනවල රජයට අයත් කොටස් විකිණීමේ දී එය කොටස් වෙළඳපොල හරහා විනිවිදභාවයකින් සිදු වීම අනිවාර්ය සාධකයක් විය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජය සතු කොටස් විකුණා දැමීමට ගත් තීරණය සැලකිල්ලට ගනිමින්.

ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී සහ ලංකා හොස්පිටල් පී.එල්.සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරිත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (20) හිමිවුණා.

+


ශ්‍රී ලංකාවේ සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද ?

21-03-2023

+


වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන තිබූ පාසල් සිසුවෙකුට රිය සහයකයා පහරදෙයි

(22.03.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala)

බස් රථයකට ගොඩ වූ, වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන තිබූ පාසල් සිසුවෙකුට රිය සහයකයෙකු විසින් පහරදීමේ සිද්ධියක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පහර කෑමට ලක්වූ සිසුවා පසුව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි කැකිරාව – කොටාගල පිරිවෙණේ අධ්‍යාපනය ලබන නිපුන් කවීෂ නැමති දාසය (16) හැවිරිදි පාසල් සිසුවෙක්.

මෙම පහරදීම් සිදු කර ඇත්තේ යාපනය ඩිපෝවට අයත් ලංගම බස් රථයක සිටි රිය සහයකයෙකු බව සඳහන්.

මේ දිනවල වාර විභාග පවතින නිසා ‍ප්‍රමාදයකින් තොරව පාසලට යෑමට අවශ්‍ය බව ප්‍රකාශකර බස් රථයට ගොඩ වනවාත් සමඟ කොන්දොස්තරවරයා තමන්ව බස් රථයෙන් එළියට ඇද දමා පහරදුන් බව මෙම සිසුවා ප්‍රකාශ කළා.

වෙනත් දිනවල එම බස් රථයේ සේවය කරන කොන්දොස්තරවරයා පාසල් සිසුන්ට කිසිවක් නොකියා ප්‍රවේශ පත් ලකුණු කර සිසුන් රැගෙන යන බව ද පහරකෑමට ලක්වූ සිසුවා කියා සිටියා.

මේ අතර පානදුර – පින්වත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටි සිසුවෙකු හදිසියේ ඇද වැටී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 16 හැවිරිදි සිසුවෙක්.

මොහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් සිදුකර නොමැති අතර, එය අද (22) දිනයේ දී පානදුර රෝහලේදී සිදුකිරිමටයි කටයුතු යොදා ඇත්තේ ෴


ගුරු මාරු ප්‍රශ්නය විසඳගන්න ගුරුවරු කොළඹට

(22.03.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (22) විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසනවා.

ඔහු කියා සිටියේ ගුරු සංගම් රැසක් මෙම විරෝධතාවට එක්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව අප්‍රේල් 17 වැනිදා සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (21) නිවේදනය කළා.

එමඟින් පෙන්වා දෙන්නේ විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු මෙලෙස ක්‍රියාත්මක වන බවයි.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ ස්ථාන මාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා, විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සළකා බලන බවයි එහි තවදුරටත් දැක්වෙන්නේ.

එසේම මෙතෙක් ලබා දී ඇති සියලුම තාවකාලික අනුයුක්ත කිරීම් ජූනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

++++++++

ගුරු විරෝධතාවයට අදාලව අධිකරණය නියෝගයක්

(22.03.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ගුරු මාරු මණ්ඩලය විසුරුවා හරින ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව සිදුකරන විරෝධතාවයට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (22) නියෝගයක් නිකුත් කළා.

ඒ, විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොර භූමියට ඇතුළු වීම වළක්වමින්.

මහජනතාවට පීඩාවක් නොවන සේ උද්ඝෝෂණය සිදුකරන ලෙසත්, රාජ්‍ය දේපලවලට අලාභ හානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී විරෝධතාකරුවන්ට නියෝග කර තිබෙනවා.

එසේම, අවහිර සිදුවන පරිදි කොළඹ මාර්ග කිහිපයක ගමන් කිරීම ද අත්හිටුවීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ඒ අනුව, කොටුව දුම්රියස්ථානයේ සිට CTO හන්දිය දක්වා ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යොර්ක් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වට රවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර දක්වාත් ඇති මාර්ගයන් අවහිර නොකරන ලෙසයි නියෝග කර තිබෙනවා.

මේ වනවිට ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව සිදුකරන උද්ඝෝෂණය කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ වී ඇති බව ද හිරු වාර්තාකරු සඳහන් කළා ෴


නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ ‘කුඩු සෙල්වි’ගේ පුත්‍රයා ගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

(22.03.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙකු වන ‘කුඩු සෙල්වි’ගේ පුත්‍රයා වන ‘පලනි ශිරාන්’ගේ ප්‍රධාන ගෝලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී රුපියල් කොටියකට (10,000,000)අධික වටිනා කමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි මිලි ග්‍රෑම් 6 ක් සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ සැකකරු පුද්ගල ඝාතන සිදු කිරීම හා ඝාතන සඳහා අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අයෙකු ද වනවා.

ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 24 ක් පමණ අයෙක් වන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බවයි විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කළේ ෴


කුවේටයට ගොස් විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 48 ක් දිවයිනට

(22.03.2023 – 10:05 +0530 – hirunews.lk/sinhala)

කුවේටයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු අද (22) දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අද (22) උදෑසන යූ.එල් – 230 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් මෙරටට ළගා වූ බවයි.

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම පිරිස යළි දිවයිනට එවා තිබුණා.

කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දස (10) දෙනෙකු ඊට ඇතුළත් ෴


කොරලවැල්ලේ දී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන යයි

(22.03.2023 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දෑත් තියුණු ආයුධයකින් කපා වෙන් කර දෑත් රැගෙන සැකකරු පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

40 හැවිරිදි එම පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටිය දී සැකකරු පැමිණ ඔහුගේ දෑත්වලට තියුණු ආයුධයකින් පහර දී ඇත්තේ ඊයේ (21) රාත්‍රියේ දීයි.

පසුව එම පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු හඳුනාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළා.

පෞද්ගලික ආරවුලක් මීට හේතු වී තිබෙනවා ෴

+++++++++

අමානුෂික ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(22.03.2023 – 20:45 +0530 – sinhala.adaderana.lk)

පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා තමාට පහරදුන් පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගිය අයකු පිළිබඳ පුවතක් මොරටුව ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි.

අත් කපාදැමීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම සාහසික පහරදීම ඊයේ (21) පස්වරුවේ සිදුවී තිබුණේ මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදීය.

එහිදී පුද්ගලයෙකු පැමිණ තවත් පුද්ගලයෙකුට මන්නා පිහියකින් පහර දෙන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාව සටහන්වී තිබුණි.

එම පහරදීමෙන් අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් මැණික් කටුව ප්‍රදේශයෙන් කපා ඉවත්කොට රැගෙන ගොස් තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 40 ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ පහරදුන් පුද්ගලයා හා පහර කෑ පුද්ගලයා අතර පෙර දිනක බීමත්ව සිටියදී ගැටුමක් සිදුවී ඇති බවය.

ඊට පළිගැනීමක් ලෙස කොරලවැල්ල ප්‍රදේශයේම පදිංචි පහරදුන් පුද්ගලයා මෙම දෙඅත් කාපා එම කොටස් රැගෙන ප්‍රදේශයෙන් ද පළාගොස් ඇත.

ඔහු මීට පෙර ද පුද්ගලයෙකුගේ අතක් වෙන් වනසේ කපා දැමුව ද එය පසුව රෝහලේදී බද්ධකිරීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ දෙඅත් කපා එම කොටස් රැගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මකය ෴


‘බූරුමූණා’ගෙන් ගිනි අවි ගැන තවදුරටත් ප්‍රශ්න කෙරේ

(22.03.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගත් ‘රවිදු සංඛ ද සිල්වා’ නොහොත් ‘බූරුමූණා’ ඊයේ (21) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ විසින් සැකකරු පරීක්ෂා කර නිරීක්ෂණ සටහන් කර ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාශය සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි මෙම පරීක්ෂා කිරීම සිදුකර ඇත්තේ.

අද (22) දිනයේ දී ‘බූරුමූණා’ සතුව පවතින ගිනි අවි සම්බන්ධයෙන් විශේෂ ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළා ෴

+++++++++

‘බූරුමූණා’ ව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කෙරෙයි

(22.03.2023 – 22:05 +0530 – hirunews.lk/sinhala)

‘රවිඳු සංඛ ද සිල්වා’ නොහොත් ‘බූරු මූණා’ කළුබෝවිල රෝහල වෙත රැගෙන විත් තිබෙන බව වාර්තා වනවා.

පොලිස් අත්අඩංගුවෙන් පළා යෑම සහ ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවෙකු ලෙස යි සැකකාර ‘බූරුමූණා’ හඳුනාගෙන ඇත්තේ.

සැකකරු ව අද (22) කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ බව යි බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසන්නේ.

තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බවට ‘බූරු මූණා’ පැවසීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත සැකකරු මෙලෙස මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව සඳහන්.

‘බූරුමූණා’ මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානයක විශේෂ සිරමැදිරියක රඳවා ඇති බව යි වාර්තා වන්නේ ෴


‘හරක් කටා’ගේ සහ ‘කුඩු සලිඳු’ගේ ජිවිතාරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලීමක්

(22.03.2023 – 18:07 +0530 – hirunews.lk/sinhala)

රැඳවුම්භාරයේ සිටින ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ගේ සහ ‘සළිදු මල්ෂික’ හෙවත් ‘කුඩු සළිදු’ගේ ජිවිතාරක්ෂාව තහවුරු කරන ලෙස නීතිඥ මඩුල්ලක් අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඇතුළු නීතිඥ මඩුල්ලක් විසින් මෙම ඉල්ලීම සිදුකළ අතර, එහි දී සැකකරුවන් දෙදෙනාගේ (2) ආරක්ෂාව තහවුරු කරන ආකාරය සම්බන්ධයෙන් සතියක් (1) තුළ අධිකරණයට කරුණු දක්වන ලෙසයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, පොලිස් මූලස්ථානයේ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබුවේ.

එසේ ම, එහි දී ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා භාරයේ සැකකරුවන් පිටතට රැගෙන යන ලෙසයි.

එහි දී ඔවුන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘මාකඳුරේ මධූෂ්’ගේ මරණය සම්බන්ධයෙන් ද අධිකරණයේ අවධානය යොමු කළා ෴


ඇල්ලවල ඇල්ලේ අතුරුදන් වූ තරුණයන් තුන්දෙනාගේ (3) සිරුරු සොයා ගැනේ

(22.03.2023 – 13:37 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ල ඇල්ලේ ගිලී ඊයේ (22) අතුරුදන් වූ තරුණයන් හතරදෙනා (4) අතර සිටි සිරුරු සොයා නොගත් තුන්දෙනාගේ (3) මළ සිරුරු අද (22) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදා කිමිඳුම්කරුවන් සිදුකළ මෙහෙයුමක දීයි.

ඊයේ (21) එක් (1) තරුණයකුගේ සිරුර සොයා ගත් අතර, පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් අනෙක් සිරුරු සෙවීම අදට (22) කල් දැමීමට සිදුවුණා.

+


ඖෂධ හිඟය ගැන සොයන්න මානම හිමිකම් කොමිසම හෙට (23) යළි රැස්වෙයි

(22.03.2023 – 09:24 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මානම හිමිකම් කොමිසම හෙට (23) යළි රැස්වීමට නියමිතයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුවයි එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

මීට පෙර අවස්ථා දෙකක (2) දී මෙම විමර්ශනය පවත්වා තිබුණ ද ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහභාගී වී සිට නැහැ.

අදාළ විමර්ශනය හෙට (23) උදෑසන 10 මානම හිමිකම් කොමිසම රැස්වීමට නියමිත බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *