සජබ – ජාජබ අධිකරණයට අපහාස කළැයි මහින්දට නඩු දමයි

සජබ – ජාජබ අධිකරණයට අපහාස කළැයි මහින්දට නඩු දමයි


සජබ – ජාජබ අධිකරණයට අපහාස කළැයි මහින්දට නඩු දමයි

(18.03.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

‘සමගි ජන බලවේගය’ සහ ‘ජාතික ජන බලවේගය’ එක්ව ලබන සතියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.

මෙම නඩු පැවරීම සිදු කිරීමට මුල් වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සිදු කර ඇති නියෝගයට අදාළ ව අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්.

ඒ අනුව සජබෙ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ මැදිහත්වීමෙන් යුතුව මහින්ද සිරිවර්ධනට එරෙහිව අධිකරණයේ නඩු පැවරෙනු ඇති.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් බවයි සජබ සහ ජාතික ජන බලවේගය පෙන්වා දෙන්නේ.

ඒ අනුව එකම සිදුවීමක් කරණකොට ගනිමින් විපක්ෂයේ විරුද්ධ පක්ෂ දෙකක් (2) එකට එක්ව නඩු මගට පිවිසීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙසට ද මෙය ඉතිහාසයට එක්වනවා ෴


නුවරඑළියේ දෙමහල් තේ කර්මාන්තශාලාවක් ගින්නකින් මුළුමනින්ම විනාශ වේ

(18.03.2023 – 16:32 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – කඳපොල – එස්කඩේල් තේ වතුයායේ මහල් දෙකකින් (2) යුත් තේ කර්මාන්තශාලාවක් අද (18) අලුයම හට ගත් හදිසි ගින්නකින් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

අද (18) අලුයම 2 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර, මේ වනවිටත් ගින්න නිවීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න සිදුවන අවස්ථාවේ තේ කර්මාන්තශාලාව තුළ කිසිවෙකු සිට නැහැ.

තේ කිලෝ 30,000 කට අධික ප්‍රමාණයක් එහි ගබඩා කර තිබී ඇති අතර, සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කඳපොල පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

+


නායයාමේ පළමු (1) අදියරේ අවදානම් නිවේදනය නිකුත් කෙරේ – දිස්ත්‍රික්ක තුනක් (3) අනතුරේ

(18.03.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 24 පැය තුළ මිලිමීටර් 75 කට අධික වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට (3) නායයාමේ පළමු (1) අදියරේ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් පස් කඳු කඩා වැටීම්, නායයාම්, ගල් පෙරළීම වැනි ස්වභාවික ව්‍යසන ඇතිවිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම අවදානම් දිස්ත්‍රික්ක 03 ලෙසට නම් කර ඇත්තේ බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගලයි.

එම නිසා ජලාශ, නායයාම් ස්ථාන හෝ කඳු හෝ දැඩි බෑවුම් සහිත ගල් පිහිටි පසුබිමක ඔබ ජීවත් වන්නේ නම්, වඩාත් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


ආණ්ඩුවේ අලුත්ම නාටකය ‘ඡන්දය කල් දැමීම’ දැන් තිරගත වෙයි

(18.03.2023 – 21:09 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමිමට ආණ්ඩුව අලුත් නාට්‍යයක් රඟ දක්වමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වනවිට (18) එම නාට්‍යය තිරගත වන්නේ ‘ඡන්දය කල් දැමීම’ යනුවෙන් බවයි මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගයට සහාය දක්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයක් අමතමින්.

+


කොටහේනේ වෙඩි තැබීමක්

(18.03.2023 – 21:41 +0530 – hirunews.lk/sinhala)

කොටහේන – පරමානන්ද මාවතේ අද (18) රාත්‍රියේ දී නාඳුනන පුද්ගලයින් දෙදෙනකු (2) විසින් තවත් පුද්ගලයෙකුට (1) වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තැනැත්තා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් සොයා කොටහේන පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴


රූමත් තරුණිය ඝාතනයට පෙර දූෂණය කර ඇති බව හෙළිවෙයි

(18.03.2023 – 19:36 +0530 – sinhala.adaderana.lk)

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ ඝාතනය කර තිබියදී කුඹුරකදී සොයාගත් 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් තරුණිය දූෂණය කර ඝාතනය කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.

ඇයව ඝාතනය කර ඇත්තේ ඉකුත් 10 වනදා රාත්‍රියේ 09:30 ට පමණ බවට පොලීසිය අනාවරණ කරගෙන තිබුණි.

ඊට අදාළව සැකපිට ආබාධිත හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් අතර මෙම ඝාතනය ඔහු විසින් සිදුකළේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඔහුගේ DNA සාම්පල සහ මියගිය කාන්තාවගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය පැවසීය.

සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිවස පොලිස් නිල සුනඛ ‘ඒගර්’ විසින් හඳුනා ගැනීමත් සමගය.

අදාළ හමුදා සෙබළාගේ නියපොතු සහ සරමක ඒවන විටත් මඩ තැවරී තිබීම හේතුවෙන් පොලීසියේ සැකය ඔහු වෙත යොමුවී ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

+


හරක් කටා කුඩු සළිඳු සහ ජනපති අතර තියෙන වෙනස මොකක්ද ? වෙන්න යන්නේ බරපතල විනාශයක් – ඩලස්ගෙන් සැර කතාවක් (18.03.2023)

+


ජංගම දුරකතන 134,000 ක් අස්ථානගත වෙලා

(18.03.2023 – silumina.lk)

අස්ථානගත වන ජංගම දුරකතන සොයා ගැනීම සඳහා පොලිසිය මේ වන විට හඳුන්වා දී ඇති මාර්ගගත ක්‍රමය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිණිලි 134,451ක් ලැබී ඇත.

මේ වසරේ ප්‍රථම මාස 2 දී නැතිවූ ස්මාර්ට් ජංගම දුරකතන ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි ගණන 8,422 කි. ජංගම දුරකතන අස්ථානගත වීම ගැන 2019 වසරේදී පැමිණිලි 40,167 ක්, 2021 දී 27,933 ක් සහ 2022 දී 12,567ක් ලැබී තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *