ඡන්ද පත්‍රිකා ගහන්න තාම සල්ලි නෑ! – ගංගානි ‘මැකොස’ට කියයි

ඡන්ද පත්‍රිකා ගහන්න තාම සල්ලි නෑ! – ගංගානි ‘මැකොස’ට කියයි


ඡන්ද පත්‍රිකා ගහන්න තාම සල්ලි නෑ! – ගංගානි ‘මැකොස’ට කියයි

(18.03.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ මුදල් තවමත් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ, මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

එහි සභාපති නිතීඥ නිමල් පුංචි හේවා කියා සිටියේ, දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පතිකා ද ලබා දීමට නොහැකි බව ඇය ප්‍රකාශ කළ බවයි.

මේ වනවිටත් දිස්ත්‍රික්ක 17 කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිස් ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් වී නොමැති බව ද ඇය කොමිසමට දන්වා තිබෙනවා.

මේ අතර පළාත්පාලන ආයතන 340 ක නිල කාලය හෙටින් (19) අවසන් වීමට නියමිතයි.

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය හෙට (19) අවසන්වීමත් සමඟ එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පසුගිය දා සාකච්ඡාවක් ද පැවැත්වුණා.

පළාත්පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරිම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වී ඇති බව සඳහන් ෴

+++++++

දැනට ‘ප්‍රින්ට්’ කළ ඡන්ද පත්‍රිකා සල්ලි දෙනකම් දෙන්න බෑ – ගංගානි ලියනගේ

(18.03.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු වහාම මුද්‍රණාලයට අවශ්‍ය මුදල් නිදහස් කරන බව දන්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් යොමු කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි ලියනගේ කියා සිටියේ ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් පහසුකම් ඉල්ලා මීට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කළ බවයි.

ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු රුපියල් මිලියන 500 ක මුදලක් වැයවනු ඇතැයි මුද්‍රණාලය ඇස්තමේන්තු කර තිබෙනවා.

ඉන් රුපියල් මිලියන 200 ක් මුල් අවස්ථාවේදීම ඒ සඳහා ඉල්ලා සිටි බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.

අනතුරුව ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කෙරුණු අතර, ඒ අනුව රුපියල් මිලියන 200 ක පමණ මුද්‍රණ කටයුතු මේ වනවිට සිදුකර අවසන්ව ඇති බව ද ඇය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඒ වෙනුවෙන් තවමත් මුද්‍රණාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක මුදලක් පමණක් බවයි මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියේ.

ඒ හේතුවෙන් සැපයුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඇය සඳහන් කළා.

ඒ අනුව මේ වනවිට ඡන්ද විමසීමට අදාළ කිසිදු මුද්‍රණ කටයුත්තක් මේ වනවිට සිදු කෙරෙන්නේ නැහැ.

කෙසේ වෙතත්, ඡන්ද විමසීමට අදාළව මුද්‍රණය කෙරුණු උපදෙස් පත්‍රිකා සහ අනෙකුත් මූලික මුද්‍රණ අවශ්‍යතා මුද්‍රණයෙන් අනතුරුව භාර දී ඇති අතර, දිස්ත්‍රික්ක 15 ත්, 17 ත් අතර සංඛ්‍යාවක තැපැල් ඡන්දයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්ව ඇති බව ද ඇය සඳහන් කළා.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට මුදල් ලබානොදීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය අද ප්‍රකාශ කළා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව ඉදිරියේදී මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය හෙට (19) මැදියම් රැයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ සභාපතිවරුන්ට ලබා දී ඇති නිල වාහන අද (18) දිනය තුළ කොමසාරිස්වරුන්ට සහ ලේකම්වරුන්ට භාරදිය යුතු වනවා.

මේ අතර, ජනාධිපතිවරණයක් පැවැත්වීම ප්‍රකාශයට පත් කිරීම ලබන නොවැම්බර් මාසයේදී සිදුකරන බවට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියා ෴


තවමත් ඖෂධ 150 ක හිඟයක්

(18.03.2023 – 08:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට රෝහල් තුළ තවමත් ඖෂධ වර්ග 150 ක පමණ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ රසායනාගාර උපකරණවල හිඟයක් ද පවතින බවයි ෴


බූරූ මුණාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරේ

(18.03.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala)

පතාල වෙඩික්කරුවෙකු වන අත්අඩංගුවට ගත් ‘රවිදු වර්ණ රංගන’ හෙවත් ‘බූරු මූණා’ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ, සැකකරු සිදු කළ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් කවුරුන් ද යන්න සම්බන්ධයෙන් තවදුරට පරීක්ෂාකිරීමට ඇති බවත්, ඔහුට එරෙහිව තවත් මනුෂ්‍ය ඝාතන කිහිපයක් ඇති බවට ද විමර්ශනවල දී අනාවරණ වී තිබෙන බවයි.

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටිය දී පළාගිය ‘රවිදු වර්ණ රංගන’ හෙවත් ‘බූරු මූණා’ ඊයේ (17) යළි අත්අඩංගුවට ගනු ලැබුවේ, අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට පැමිණෙන අතරතුර අධිකරණ භූමියට ප්‍රවේශවන ස්ථානයේ ඇති පොලිස් මුරපොළ අසළ දී යි.

හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු මොහු අපරාධ රැසකට සම්බන්ධ අයෙක්.

මීට පෙර ‘බූරු මූණා’ට පොලිසියෙන් මුදාගෙන රැනෙ යාමේ චෝදනාවට සැකපිට හිමිවරුන් දෙනමක් ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගත්අතර ඔවුන් මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ ෴

‘රවිඳු සංඛ ද සිල්වා’ නොහොත් ‘බූරු මූණා’ව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා ෴

+++++++

+++++++

‘බූරු මූණා’ගෙන් පාපොච්චාරණයක් – ප්‍රශ්න කිරීම් හමුවේ හඬා වැටේ

(18.03.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී යළි අත්අඩංගුවට ගත් පාතාල වෙඩික්කරුවෙකු වන ‘රවිදු වර්ණ රංගන’ හෙවත් ‘බූරු මූණා’ පොලිසිය හමුවේ කරුණු රැසක් හෙළිකර තිබෙනවා.

සැකකරු අවිස්සාවේල්ල පොලිසිය මගින් ඊයේ (17) අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

එහිදී ඔහු විසින් විමර්ශන නිලධාරීන්ට සඳහන් කර ඇත්තේ තමන්ට ඝාතන චෝදනා 9 ක් පැවතියද තමන් සිදුකළේ ඉන් දෙකක් (2) පමණක් බවයි. එමෙන්ම පොලිසිය හමුවේ ඔහු හඬා වැටී ඇති බවද වාර්තාවුණා.

‘පොඩි ලැසී’ගේ පාර්ශවයෙන් සිය මවට සහ පියාට මරණ තර්ජන එල්ලවී තිබූ බවත්, ඊට පලිගැනීමක් ලෙස තමා පාතාලය සමඟ එක්වී කටයුතු කළ බවද සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා. එමෙන්ම හංවැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරු ඝාතනය තමා විසින් සිදුකළ බවට සැකකරු පිළිගෙන තිබුණා.

විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය කාලයේ රත්ගම ප්‍රදේශයේ සහ අවිස්සාවේල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම්වල ප්‍රධාන වෙඩික්කරු ලෙස මොහු ක්‍රියාකර ඇති බවයි. සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමේදී ද සැකකරු පැහැදිළිවම හඳුනාගැනීමට හැකිවූ බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීම්වලදී තවදුරටත් හෙළිවී ඇත්තේ ‘බූරු මූණා’ යනුවෙන් පවසමින් තමන්ට පාසල් කාලයේදී උසුලු විසුළු කළ සිසුවෙකු ද ඝාතනය කිරීමටද තමන් කටයුතු කළ බවයි.

එමෙන්ම ලී ඉරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සිය පියාට හිරිහැර කළ පුද්ගලයින් හතරදෙනෙකු (4) ‘චේන්සෝ’ උපකරණයකින් කපා බරපතල තුවාල කිරීමටද තමන් කටයුතු කළ බවයි සැකකරු පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම සැකකරු නාවික හමුදාවේ සිට සේවය හැර ගිය සෙබළෙකු බවටද අනාවරණ වී තිබෙනවා. රත්ගම, හික්කඩුව වැනි පොලිස් ස්ථානවල සැකකරුට එරෙහිව නඩු පවතින බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ කරගැනීමට සමත්ව ඇති අතර, සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන බවයි විමර්ශන සිදුකරන එම උසස් නිලධාරියා සඳහන් කළේ.

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී පළාගිය ‘රවිදු වර්ණ රංගන’ හෙවත් ‘බූරු මූණා’ පොලිසිය ඊයේ (17) යළි අත්අඩංගුවට ගනු ලැබුවේ, අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට පැමිණෙන අතරතුර අධිකරණ භූමියට ප්‍රවේශවන ස්ථානයේ ඇති පොලිස් මුරපොළ අසළ දීයි.

හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු මොහු වන අතර ඩුබායිහි සිටින සංවිධානානත්මක අපරාධකරුවෙකු වන ‘ලලිත් කන්නන්ගර’ නැමැත්තා මෙහෙයවූ අපරාධ රැසකට මොහු සම්බන්ධ බවටයි පොලිසිය සැක පළකරන්නේ.

මීට පෙර ‘බූරු මූණා’ට පොලිසියෙන් මුදාගෙන රැගෙන යාමේ චෝදනාවට සැකපිට සිවුරුකරුවන් දෙදෙනෙක් (2) ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

එමෙන්ම ‘ලලිත් කන්නන්ගර’ සහ ‘රත්ගම විදුර’ නැමැත්තාගේ වෙඩික්කරුවෙකු ලෙස මොහු කටයුතු කර ඇති අතර, මත්ද්‍රව්‍ය සහ කප්පම් ගැනීම් චෝදනාද ඔහුට එරෙහිව පවතින බවටයි වාර්තාවන්නේ ෴

++++++++

කටුනායක ගුවන්තොටුපල පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේදී යළි අත්අඩංගුවට ගත් පාතාල වෙඩික්කරුවෙකු වන ‘රවිදු වර්ණ රංගන’ හෙවත් ‘බූරු මූණා’ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමි වී තිබෙනවා.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 7 – 1 වගන්තිය ප්‍රකාරවයි.


රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලමට

(18.03.2023 – 09:03 +0530 – hirunews.lk/sinhala)

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සැලසුම්කර තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවක් හලාවත – කරවිටාගාර – ශ්‍රී රතන සිරි පිරිවෙන් විහාරස්ථානයේ දී ඊයේ (17) පැවැත්වුණා.

එහිදී වෙසක් උත්සවය මෙන්ම වෙසක් පොහෝ දින වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

රට පුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ ෴


‘වතුර’ තවදුරටත් අකුරට වැඩ

(18.03.2023 – 09:10 +0530 – hirunews.lk/sinhala)

සිය ගැටළුවලට පිළිගත හැකි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සම කැඳවුම්කරු උපාලි රත්නායක මේ බව කියා සිටියා.

මේ අතර, ජනතාවාදී බුද්ධි මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂඨ මහාචාර්ය මහීම් මෙන්ඩිස් කියා සිටියේ නව බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා තුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන බවයි ෴


සිල්වර් ස්පිරිට් කොළඹ වරායට

(18.03.2023 – 09:26 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින් 500 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 410 දෙනෙකු සහිත සිල්වර් ස්පිරිට් මගී නෞකාව අද (18) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා.

මෙම නෞකාව හෙට (19) මෙරටින් පිටත්ව යාමට නියමිතයි.

අමෙරිකාවේ සිට ඉන්දියාවේ චෙන්නායි හරහා මෙම නෞකාව පසුගිය 16 වැනිදා ත්‍රිකුණාමල වරායට ළඟා වී තිබුණා.

මේ අතර, මෙරටට පැමිණි 65 දෙනෙකුගෙන් යුත් වියට්නාම සංචාරකයින් පිරිසක් පොළොන්නරුව සෝමාවතිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට පැමිණියා.

අප වාර්තාකරු පැවසුවේ, එම පිරිස අතර මෙහෙණින්වහන්සේ සහ ස්වාමීන්වහන්සේ 16 නමක් ද සිටින බවයි.

අනතුරුව වියට්නාම සංචාරකයින් පරිස කන්දකාඩු ශ්‍රී කන්දේ විහාරයට පැමිණ අඩු ආදායම් ලාභී පවුල් 200 කට මුදල් ත්‍යාග ලබාදුන් අතර, රුපියල් 10,000 ක් වටිනා වියළි ආහාර මල්ල බැගින් ද පරිත්‍යාග කළා.

+


පයාගල ගෙවල් බින්ද හොරු බඩුත් එක්ක මාට්ටු

(18.03.2023 – 11:20 +0530 – hirunews.lk/sinhala)

පයාගල ප්‍රදේශයේ නිවෙස් බිඳීම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනකු (2) රුපියල් ලක්ෂ පනහකට (50,00,000) ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල, මයිටියවත්ත සහ ගබඩාගොඩ ප්‍රදේශයේ පදිංචි 23 සහ 19 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු (2) බවයි පොලිසිය සදහන් කළේ.

අගල් 55 රූපවාහිනී යන්ත්‍රයක්, රෙදිසෝදන යන්ත්‍රයක්, විදුලි පංකා දෙකක් ග්‍රයින්ඩර් දෙකක් (2), ග්‍රිල් මැෂින් දෙකක් (2), ඇලෝයිවීල් තුනක් (3), පලංචි දෙකක් (2), ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක් කායවර්ධන උපකරණ කට්ටලයක් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් භාණ්ඩ අතර වනවා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *