රැඳවුම් භාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ ‘රැවුල් කුමාර’ගේ පැටිකිරිය එළියට

රැඳවුම් භාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ ‘රැවුල් කුමාර’ගේ පැටිකිරිය එළියට


රැඳවුම් භාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ ‘රැවුල් කුමාර’ගේ පැටිකිරිය එළියට

(17.03.2023 – 23:34 +0530 – hirunews.lk/sinhala)

2019 වර්ෂයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමක දී අත් අඩංගුවට ගත් ‘මුතුනායක ගෙදර මහින්ද කුමාර’ හෙවත් ‘රැවුල් කුමාර’ නමැති සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයක දී මත්ද්‍රව්‍ය සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් ඔහුගේ දෙවැනි විවාහක බිරිඳගේ බැංකු ගිණුමක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් හාරකෝටි හැත්තෑ අටලක්ෂයකට (4,78,00,000) අධික මුදලක් තැන්පත් කර ඇති බවට හෙළිව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ.

අදාළ කාන්තාව එම මුදලින් රුපියල් කෝටි දෙකකට (2,00,00,000) ආසන්න වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් ඉදිකර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

+


අංගොඩ ලොක්කාගේ මරණය හෘදයාබාධයක් බව හෙළිවෙයි – නඩු කටයුතුත් අවසන්

(17.03.2023 – 22:58 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල අපරාධ කල්ලි නායක ‘ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සිදු කරගෙන ගිය විමර්ශන කටයුතු අවසන් වී තිබෙනවා.

2020 වසරේ දී ඉන්දියාවේ තමිල්නාඩුවේ කොයිම්බතූර්හිදී ජීවිතක්ෂයට් පත් වූ ‘අංගොඩ ලොක්කා’ගේ මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවටයි අධිකරණයට නිකුත් කළ වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇත්තේ.

නිල ආරංචි මාර්ග සඳහන් කළේ 2020 වසරේ දී ‘අංගොඩ ලොක්කා’ගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් වන විමර්ශන මේ වනවිට බැහැර කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සොයා ගැනීම්වලට අනුව කොයිම්බතූර්හි චෙරන් මා නගර් හි පිහිටි බාලාජිහි කුලී නිවසක දි ‘අංගොඩ ලොක්කා’ට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් 2020 ජූලි 03 වැනි දින රාත්‍රියේ දී මරණයට පත්ව ඇති බවයි.

කෙසේවෙතත් ‘අංගොඩ ලොක්කා’ සමග ජීවත් වූ සහ ඔහු මියයන විටදිත් එහි සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු ඉන්දීය ජාතිකයින් 7 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩුව තවදුරටත් පැවැත්වෙන බවත් වාර්තා වනවා.

ව්‍යාජ ලියකියවිලි සැපයීම, වැරදිකරුවෙකුට රැකවරණය සැලසීම, සාපරාධී කුමන්ත්‍රණයක් සහ ව්‍යාජ වාර්තා සැකසීම ඇතුළු විවිධ චෝදනා මෙම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා අතර වනවා ෴


‘බූරු මූණා’ ගැන තොරතුරු රැසක් එළියට

(17.03.2023 – 22:01 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ගුවන් ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය, කුලී ඝාතකයෙකු බව පැවසෙන ‘රවිඳු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරු මූණා’ අවිස්සාවේල්ල පොලීසිය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට පැමිණෙන අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

සැකකරු මනුෂ්‍ය ඝාතන 10 කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකි.

හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළකට ඇතුළුවී එහි සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් රැසක් සම්බන්ධයෙන් ‘රවිඳු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරු මූණා’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

ඔහු පොලීසිය මඟහැර සැඟව සිට පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටින් පළායාමට උත්සාහ කිරීමේදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණි.

නමුත් ඔහු ගුවන්තොටුපොළ පොලීසියෙන් ඉතා සූක්ෂම ලෙස පළායාමට සමත් වූ අතර ඔහු නැවත පොලීසිය මඟහරිමින් සැඟවී සිටියේය.

‘බූරු මූණා’ අවිස්සාවේල්ල අධිකරණයට භාරවීම සඳහා අද (17) පැමිණෙන බවට අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට තොරතුරක් ලැබී තිබුණි.

සැකකරු පැමිණි මෝටර් රථය අවිස්සාවේල්ල, මානියංගම අධිකරණය අසලදී පොලීසිය විසින් නවත්වා ඇති අතර ‘බූරු මූණා’ මෝටර් රථයෙන් පිටතට විත් දිවගිය බවත් එහිදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

ඔහුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ‘බූරු මූණා’ යනුවෙන් පවසමින් තමන්ට පාසල් කාලයේදී උසුළු විසුළු කළ සිසුවෙකු ඝාතනය කරමින් පුද්ගල ඝාතන සිදුකිරීම ආරම්භ කළ බවය.

ලී ඉරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන තම පියාට විටෙක කරදර කළ පුද්ගලයන් සිව් (4) දෙනෙකු ලී ඉරීම සඳහා භාවිත කරන ‘චේන් ෂෝ’ උපකරණයකින් කපා ඔවුන්ට බරපතළ තුවාල සිදුකළ බවත් ඔහු පොලීසියට පවසා ඇත.

සැකකරු නාවික හමුදාවේ සිට සේවය හැර ගිය අයෙකු බවත් පොලීසිය පවසයි.

ඔහු ‘රත්ගම විදුර’ නමැත්තාගේ පාතාල කල්ලියේ ප්‍රධාන වෙඩික්කරුවෙකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා ‘බූරු මූණා’ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

+


පාසල් නිවාඩු සමය ප්‍රකාශයට පත් කෙරේ

(18.03.2023 – 07:25 +0530 – hirunews.lk/sinhala)

2023 පළමු පාසල් වාරයේ 01 වැනි අදියරේ පාසල් නිවාඩුව අප්‍රෙල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ අතර 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි මස 13 සිට 24 දක්වා යළි පාසල් නිවාඩුව ලබා දෙන බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් නිවේදනය කරනවා.


කොළඹටත් වාලච්චේන කඩදාසි අලෙවි පියසක්

(17.03.2023 – 20:28 +0530 – lankaleadnews.com)

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන අඩු මිලට මිලදී ගැනීම සඳහා පහසුකම් සහිත අලෙවි පියසක් විවෘත්ත කිරීම කිරුළපන, ස්ට්‍රැෆර්ඩ් ඇවනියු අංක. 61 දරන ස්ථානයේ මේ මස 21 වැනිදා සිදුකෙරේ.

කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අලෙවිසල විවෘත කිරීමට නියමිතය.

මෙරට දේශීය කර්මාන්ත ශාලාවක් ලෙස මීට දශක 7 කට පමණ පෙර ආරම්භ වූ වාලච්චේන කඩදාසි කම්හල එකල රට තුළ පැවැති කඩදාසි අවශ්‍යතාව සැපිරූ අතර, පසුව එය දේශපාලන අධිකාරියේ කිසිඳු පිළිසරණක් නොලබාම අක්‍රීය තත්ත්වයට පත්විය.

ඉන්පසුව 2020 වසරේදී එවකට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා විසින් එහි නිෂ්පාදන කටයුතු නැවත අරඹමින් අබලි යකඩ වලට විකිණීමට නියමිතව තිබූ යන්ත්‍ර සූත්‍රවලට නැවත ජීවය දෙන ලදී.

අද වන විට මෙම කර්මාන්ත ශාලාවෙන් කඩදාසි වර්ග රැසක් නිෂ්පාදනය කෙරෙන අතර, අඩු මිලට අභ්‍යාස පොත් අලෙවිය ද සිදුකරනු ලබයි ෴

ඉතා අවසනාවන්ත ලෙස වැසීයාමට සලස්වා තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව, විමල් වීරවංශ මහතා කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් සිටියදී නැවත පණගන්වා ජාතියට දායාද කරමින් රටේ කඩදාසි අවශ්‍යතාව සපුරාලීම සදහා සක්‍රීය කිරීමේ ප්‍රතිඵල මේ වන විට රටට ලැබෙමින් පවතී.

රිෂාඩ් බදියුදීන් කර්මාන්ත ඇමැතිව සිටියදී ඔහු විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ඈවර කිරීමට ද කටයුතු යොදා තිබිණි.

කර්මාන්ත ශාලාවේ යන්ත්‍රසූත්‍ර අබලි යකඩ ලෙස විකිණීමට ද රිෂාඩ් බදියුදීන් උත්සාහයක නිරත විය.

කෙසේ වෙතත් එම කර්මාන්ත ශාලාවට යළිත් පණදීමට හිටපු කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාට හැකිවූ නිසා අද ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ‘චූටි බබා‘ පුවත්පත මුද්‍රණය වන්නේද වාලච්චේනයේ කඩදාසිවලින් වීම සුවිශේෂී සිදුවීමක් බවට පත්ව තිබේ ෴



රට ලේ විලක් වෙන එක නතර කල මම අද බෙහෙත් ටික වත් ගන්න බැරි හිඟන්නෙක් වෙලා (14.03.2023)

රසාක් තස්ලීම් : +94 77 329 3047

+


නාරායන් දේවිය – වැඩසටහන අතරතුර ආ අදෘෂ්‍යමාන බලවේගය හෙළි කරපු අනාගතය – 2023-03-16

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *