වෘත්තීය සමිති එකමුතුව හෙට (13) තීරණාත්මක සාකච්ඡාවක – බැංකු සේවකයින් කළු වෙයි

වෘත්තීය සමිති එකමුතුව හෙට (13) තීරණාත්මක සාකච්ඡාවක – බැංකු සේවකයින් කළු වෙයි


වෘත්තීය සමිති එකමුතුව හෙට (13) තීරණාත්මක සාකච්ඡාවක – බැංකු සේවකයින් කළු වෙයි

(12.03.2023 – 08:53 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීමට ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව හෙට (13) රැස්වන බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

කොළඹ දී ඊයේ (11) මාධ්‍ය හමුවක් කැදවමින් එහි සභාපති චන්න දිසානායක කියාසිටියේ උපයන විට බදු ගෙවීම, බැංකු පොලී අනුපාතය, විදුලිබිල වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් හෙට (13) දිනයේ කළු ඇඳුම්න් සැරසී රාජකාරියට වාර්තා කරන බවයි.

මේ අතර, ලංකා විදුහල්පති සංගමය කියාසිටියේ 2021 වර්ෂයේ සිට විදුහල්පතිවරුන්ට ලබාදිය යුතු උසස්වීම් මේ වනතෙක් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් එළඹෙන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක එක්දින (1) සංකේත වර්ජනයක නිරත වන බවයි.

එමෙන්ම බදු ඇතුළු ගැටලු මුල්කර ගනිමින් හෙට (13) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි ජලසම්පාදන ඒකාබද්ධ සන්ධානය ප්‍රකාශ කළේ.

මේ අතර, විරෝධතා උද්ඝෝෂණ සිදු කිරිමේදී රටේ ආර්ථිකයට බලපෑමක් නොවන අයුරින් එම කටයුතු සිදු කරන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉල්ලීමක් කළේ ගාල්ලේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴


දුම්රියෙන් සොයාගත් බිළිඳාගේ මව සහ පියා අද (12) අධිකරණයට

(12.03.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව බලා ධාවනය කිරීමට සූදානම්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගොස් තිබියදී සොයා ගත් බිළිඳාගේ මව සහ පියා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

26 හැවිරිදි පියා කොස්ලන්ද ප්‍රදේශයේදීත්, 25 හැවිරිදි මව බණ්ඩාරවෙල – නායබැද්ද ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත්තේ ඊයේ (11) දිනයේදියි.

ඔවුන් විවාහ වී නොමැති අතර, කාන්තාව හපුතලේ – කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සමග පැවැත්වූ ප්‍රේම සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවා උපත ලබා ඇති බවත්, විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

තරුණිය ගැබ් ගැනීමත් සමග මීට මාස 4 කට පමණ පෙරයි ඔවුන් කොළඹට පැමිණ ඇත්තේ.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින අතරතුර, දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරත වෙමින් මෙම තරුණයා, බිළිඳාගේ මව විවිධ ස්ථානවල රඳවාගෙන සිට ඇති බව විමර්ශනවල දී හෙළිව තිබෙනවා.

පසුගිය 25 වනදා කොළඹ රෝහලක දී දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර, පසුව හෝටලයක රැදී සිටි සැකකාර මව බිලිඳා සිය පෙම්වතාට භාර දී බස් රථයකින් බණ්ඩාරවෙල බලා පිටත්ව ගොස් තිබුණා.

අනතුරුවයි දරුවා දුම්රිය වැසිකිලියේ දමා ගොස් තිබුණේ ෴

මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳා දමාගිය දෙමාපියන් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මඩකලපුව බලා ධාවනය කිරීමට සූදානම්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගොස් තිබියදී මෙම බිළිඳා හමුවූයේ පෙරේදා (10) දිනයේදියි ෴

++++++++++

+

https://www.youtube.com/watch?v=93CwFfw86rc#t=15

++++++++++

බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකට එරෙහිව විමර්ශනයක්

(12.03.2023 – 15:24 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියෙහි වැසිකිළියේ තිබී හමු වූ බිළිඳාගේ මව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දි සැකකාරිනියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක්.

පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකාරිනිය අපහසුතාවට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම, සිද්ධිය සම්බන්ධයෙන් සැලකිල්ලකින් තොරව විමර්ශනය කිරීම, ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙනුයි අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ ෴

+++++++++

මීනගයා දුම්රියේ දමාගිය බිලිඳාගේ මවුපියන් ඇල්ලුවේ පිළියන්දල ව්‍යාපාරිකයා දුන් ඔත්තුවෙන්

(13.03.2023 – dinamina.lk)

+


මහජන ආරක්ෂක අමාත්‍යවරයාට කැඳවීමක් නෑ – මානව හිමිකම් කොමිසම කියයි

(12.03.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල පැවති උද්ඝෝෂණ අතරතුර ශ්‍රී ලංකා පොලිසිය මානව හිමිකම් කඩකළ බවට විවිධ පාර්ශ්ව විසින් එල්ල කළ පැමිණිලිවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවූ බවට පළ වූ මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කරනවා.

අද (12) දහවල් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ, එවැනි කැඳවීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි ෴


වෛද්‍ය, බැංකු ඇතුලු වෘත්තීයවේදීන් හෙට (13) වෘත්තීය ක්‍රියාමාර්ගයට සූදානමින්

(12.03.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

උපයන විට බද්ද, වැඩිවූ විදුලි බිල, ඉහළ පොලී බැංකු පොලී අනුපාතය ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් හෙට (13) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එක්වන බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය’ ප්‍රකාශ කළා.

බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත් හතර (4) මූලික කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද හෙට (13) දිනයේ පැවැත්වෙන වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා සහයෝගය පළ කරන තිබෙනවා.

එමෙන්ම ලංකා බැංකු සේවක සංගමයද එළඹෙන 15 වනදා විරෝධතා ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර තිබෙනවා.

මේ අතර වරාය වෘත්තිය සමිති ද 15 වනදා පැවැත්වීමට නියමිත සංකේතාත්මක වැඩවර්ජනය සඳහා සහයෝගය දක්වන බවයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකාන ප්‍රකාශ කළේ ෴


හෙලිකොප්ටරය මොනරාගලට

(12.03.2023 – 14:34 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ පවතින අර්බුද සියල්ලටම වගකිව යුත්තේ පවුල්වාදී දේශපාලනය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘නිදහස ජනතා සභාව’ මොනරාගල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ සමුළුවකට එක් වෙමින්.

මෙම සමුළුව සඳහා ‘හෙලිකොප්ටරය’ ලකුණ යටතේ සංධානගත වූ ‘නිදහස ජනතා සන්ධානයේ’ ජ්‍යේෂ්ඨයින් රැසක් සහභාගී වී සිටියා.

සමුළුව ආරම්භ කිරීමට ප්‍රථම පිරිස මොනරාගල පුස්තකාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් පැවැත්වූයේ ජනතාවට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස රජයට බල කරමින්.

++++++++

+


අප වෙනුවෙන් ඇත්තටම සිටියේ ෆීල්ඩ් මාර්ෂල් විතරයි – නිර්පාක්ෂික අරගලකරුවන්ගේ සංගමය

(12.03.2023 – 14:38 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර අරගලයට සහභාගී වූ ඇතැම් පුද්ගලයින් මේ වනවිට තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට කටයුතු කරන බව, නිර්පාක්ෂික අරගලකරුවන්ගේ සංගමය පවසනවා.

තමන් වෙනුවෙන් නොබියව කතා කළ එකම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් මන්ත්‍රී සරත් ෆොන්සේකා බවයි නිර්පාක්ෂික අරගලකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

රටේ මැතිසබයේ සිටින 225 දෙනා ම පාහේ දූෂිතයින් බවට පළමු වරට ප්‍රකාශ කරනු ලැබුවේ ද ඔහු විසින් පමණක් බවයි ද එම සංගමය වැඩිදුරටත් කියා සිටිනවා.

+


ශ්‍රී පාද අඩවිය ‘කුණු ගොඩක්’ කළ බැතිමතුන්

(12.03.2023 – 14:48 +0530 – hirunews.lk/sinhala)

තාක්ෂණය කොතරම් දියුණු වුවත්, තවමත්, ලෝකයටම විසඳා ගත නොහැකි අර්බුද ගණනාවක් පවතින්නේ, දිනෙන් දිනම මානව පැවැත්මට ඒවා තර්ජන බවට පත් කරමින්.

ගෝලීය කාලගුණ විපර්යාසය ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර, නොදිරන කසළ ගැටළුවලව ද ඊට දෙවෙනි වන්නේ නැහැ.

අක්‍රමවත් කසළ බැහැර කිරීම හේතුවෙන් මේ දිනවල, මෙරට වැඩි වශයෙන් දූෂණය වන පරිසර පද්ධතිය ශ්‍රී පාද අඩවිය කේන්ද්‍ර කරගත් පරිසර පද්ධතියයි.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් තමන් භාවිතයට ගත් ප්ලාස්ටික් බෝතල්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මාර්ගයේ තැන තැන දමා ගොස් ඇති බව මස්කෙළිය ප්‍රාදේශීය සභාව පවසනවා.

හැටන් සිට නල්ලතන්නිය හරහා ශ්‍රී පාදස්ථානය දක්වා, කසළ බැහැර කිරීම සඳහා වෙන් වෙන් වශයෙන් කසළ බඳුන් ස්ථාපනය කර ඇතත්, ඒවාට කසළ නොදමා මාර්ගය දෙපස දමා ගොස් ඇති අයුරු එහි ගිය අපටද දක්නට ලැබුණේ මෙලෙසින්.

ශ්‍රී පාද අඩවියේ ඉදිකටු පහන සහ නල්ලතන්නිය දක්වා කොටසේ බැහැර කරන අපද්‍රව්‍ය දිනපතා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් එක්රැස් කර කළමනාකරණ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බවත්, නල්ලතන්නියේ සංචාරක හෝටල් සහ ආපනා ශාලා හිමියන්ද ඊට සහාය දෙන බවත් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

ශ්‍රී පාද වන්දනා වාරය මෙවර ආරම්භ කළ දින සිට මාස 3 ක් වැනි කාලයක් තුළ මස්කෙළිය ප්‍රාදේශීය සභාව යටතේ පවතින කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට පමණක් එකතු වී ඇති කසළ ප්‍රමාණය ටොන් 10 කට අධිකයි.

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සහතික කෙරෙන ප්‍රධානම සාධක අතර ඉහළින්ම තිබෙන පරිසරය යන සාධකය විනාශ වුවහොත්, ඒ හා සමානවම මනුෂ්‍ය පැවැත්මද විනාශ වන බව ඔබ අප මැනවින් තේරුම් ගත යුතු කාරණයක්.

එබැවින්, ඔබ භාවිත කරන ප්ලාස්ටික් බෝතල් තැන තැන දමා යාමට මත්තෙන් මදක් සිතන්න….

ඔබ භාවිත කරන පොලිතින් තැන තැන දමා යාමට මත්තෙන් මදක් සිතන්න.

ඔබ අද පරිසරයට මුදා හරින නොදිරන අපද්‍රව්‍ය, මතු දිනෙක ඔබේම පරම්පරාවට තර්ජනයක් වන බව සිහි තබා ගන්න.

+

+

+


අලවතුගොඩ වෙල්යායක හමු වූ කාන්තා මළසිරුරට අදාළ ව සැකපිට අයෙක් අල්ලයි

(12.03.2023 – 15:14 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – අලවතුගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී 25 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවටයි පොලිසිය සඳහන් කළේ.

පෙරේදා (10) රාත්‍රියේ සැමියා එම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී යළි නිවසට පැමිණි අවස්ථාවේ බිරිඳ නිවසේ නොසිටීම හේතුවෙන් අසල්වැසියන් සමග එක්ව බිරිඳ සොයා ප්‍රදේශය අවට පරීක්ෂා කිරීම් සිදුකර කර තිබුණා.

අනතුරුවයි ඊයේ (11) අලුයම නිවසට යාබද වෙල්යායක මඩෙහි තිබී ඇයගේ මළ සිරුර සොයා ගෙන තිබුණේ ෴

මහනුවර – අලවතුගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී 25 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියට අදාළව සැකපිට යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴


රක්ෂණ සංස්ථාව ගැන හෙළිදරව්වක්. මන්ත්‍රීවරයෙකුටත් ඇඬෙන්නම දීලා (10.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *