වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්


වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(07.02.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

බොරු සාක්ශි නිර්මානය කරමින් තමන්ව අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් වසන්ත මුදලිගේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බොරු සාක්ෂි නිර්මාණය කර වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් රදවා තැබීම යන කාරණය සහ පොලිස් නිළධාරීන් කළ මැදිහත්වීම් වලට එරෙහිව අද (07) දහවල් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

පැමිණිල්ල බාරදීමෙන් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

++++++

+


පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සජබ, ඩලස් පිල සහ විමල්, ගම්මන්පිල සන්ධානය වර්ජනය කරයි – ටී එන් ඒ එන බව කියයි

(07.02.2023 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (08) පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන (4) සභාවාරයට සහභාගිවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ‘ජාතික ජනබලවේගය’ පවසනවා.

එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අද (07) රාත්‍රියේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

මේ අතර සමගි ජනබලවේගයද හෙට (08) පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම දැනට ස්වාධීනව කටයුතු කරන පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම පාර්ශවයේ කණ්ඩායමද ඊට සහභාගි නොවන බව පාර්ලිමේන්තු මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ‘දෙමළ ජාතික සන්ධානය’ හෙට (08) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීමටයි තීරණය කර තිබෙන්නේ. මේ අතර ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ ද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල නියෝජනය කරන ‘නිදහස ජනතා සභාවේ’ මන්ත්‍රීවරුන් ද හෙට (08) සැසිවාරයට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙනවා ෴

+

+

+

+

+

+

+

ජනාධිපතිගේ පාපකර්මය මන්ත්‍රීවරුන් පිට පැටවීම වැලැක්විය හැක්කේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් පමණයි – ජාතික සංවිධාන කියයි

(07.02.2023 – 15:44 +0530 – lankaleadnews.com)

ජනාධිපතිවරයා විසින් පෙබරවාරි 8 දින සිදු කිරීමට නියමිත රාජාසන කථාව තුළ කුමක් අඩංගු විය හැකිද සහ එතුමා ඒ මගින් කුමක් අපේක්ෂා කරනවාද යන්න පිළිබඳව අප විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේම වචනයෙන් :

“රනිල් වික්‍රමසිංහ මහතා හදන්නේ ඉන්දියාවට , දෙමළ බෙදුම්වාදී පක්ෂවලට සහ දෙමළ ඩයස්පෝරාව ඇතුළු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලයට බලවත් පණිවිඩයක් ලබා දීමට බව ඉතා පැහැදිලියි. ඔවුන්ගේ ඉල්ලීම් සහ අපේක්ෂා ඉටු කිරීමට තමා සූදානම් බවට නිල වශයෙන් රටට සහ ලෝකයට ප්‍රකාශ කිරීමට තමයි ඔහු මේ උත්සහා කරන්නේ.

ඊට අමතරව ඔහු හදන්නේ අනාගතයේදී තමාගේ හිස මතට කඩා වැටීමට නියමිත ජනතාවගේ ශාපය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මත පිට පටවන්නයි. රාජාසන කතාවෙන් පසුව ඡන්දය විමසීමක් ඉල්ලා සිටියේ නැතිනම් 225 දෙනාම එය අනුමත කළා වෙනවා. ඡන්දයක් තිබ්බත් අඩුම තරමින් ආණ්ඩුවට සාමාන්‍ය බහුතරයෙන් එය සම්මත කරගන්න පුළුවන්. ඒ නිසා මන්ත්‍රීවරුන්ට ඒ මහා ඓතිහාසික පාපකර්මයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කළහොත් පමණයි” ෴

+

විවිධ ජාතීන් එකට ජීවත්වන කිසිදු රටක් ජාතීන් වශයෙන් බෙදා ෆෙඩරල් රාජ්‍ය නිර්මාණය කරන්නේ නැහැ – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම 13 ගැන කියාදෙයි

(07.02.2023 – 10:31 +0530 – lankaleadnews.com)

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම මගින් රටට සිදුවන්නේ කුමක්දැයි පසුගියදා ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණමග මහතා සමාජ මාධ්‍යට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැහැදිලි කර තිබේ.

කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී ඉතිහාසයේ සිටම 13 බලාත්මක කිරීමට දෙමළ නායකයන් උත්සාගත් ආකාරය ගැනත් එයට මෙරට පාලනය කළ ඇතැම් නායකයන් උදව් ලබාදුන් ආකාරයත් මැනවින් විග්‍රහ කර තිබේ.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන ගෙන ඒමේදී එම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය ඉවත්කරමින් සිදු කළ තක්කඩි ක්‍රියාව පිළිබදව අදහස් දක්වමින් ඔහු සදහන් කරන්නේ 13 වැනි සංශෝධනය ජනමත විචාරණයකට යොමුකිරීමට තිබූ මග එමගින් හකුලා දැමූ බවයි.

13 වැනි සංශෝධනය ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ එය විභාග වූයේ නීතිඥවරු 9 දෙනෙකුගේ යටතේ බවත්, එයින් 5 දෙනෙකු තම මතය ඉදිරිපත් කළේ මෙමගින් රට බෙදීමක් සිදුනොවන බව දක්වමින් බවත්, ඉතිරි 4 දෙනාගේ මතය වූයේ එමගින් රට බෙදීමට ලක්වන බව යැයි ඒ මහතා සදහන් කරයි.

එහෙත් ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය ඉවත්කිරීම නිසා එදා 13 පිළිබදව මහජන මතය විමසීමේ හැකියාවක් නොවූ බවද කල්‍යානන්ද තිරාණගම මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ලෝකයේ විවිධ ජාතීන් එකට ජීවත්වන කිසිදු රටක් ජාතීන් වශයෙන් බෙදා ෆෙඩරල් රාජ්‍ය නිර්මාණය නොකරන බවත්, භෞමික වශයෙන් බෙදී සිටින විවිධ භාෂා කතාකරන ජනවර්ග එකට එක් කිරීමට ෆෙඩරල් ව්‍යුහය යොදාගන්නා බවත් ඒ මහතා පවසයි.

ඉන්දියාව සිදුකළේ ද එය බවත්, එය කිසිසේත්ම මෙරටට ගැලපෙන දෙයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

13 අවශ්‍යව ඇත්තේ දෙමළ වෙල්ලාල කුලයේ උසස් දෙමළ නායකයන්ට බවත්, එමගින් ඔවුන් උත්සාහ දරන්නේ තම ආධිපත්‍ය පවත්වාගෙන යාමට බවත් ඒ මහතා සදහන් කරයි.

සවිස්තරාත්මක වීඩියෝව :

+

+


සෙල්ෆියක් ගැනීමට ගොස් දැරියක් ඔයකට වැටෙයි – මුදාගැනීමට ගිය පියා, දියණිය සමඟ බිලිවෙයි

(07.02.2023 – 19:14 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – ගෝනගම – කුඹුක්කන් ආරුව ඔයට වැටී පියෙකු සහ දියණියක අද (07) ජීවිතක්ෂයට පත්වුණා. අද (07) පෙරවරු 10:30 ට පමණ ඔවුන් ඔයට වැටී අතුරුදන්වූ අතර, ගුරුවරයෙකු වන 46 හැවිරිදි පියාගේ සිරුර පළමුව සොයාගත්තා.

12 හැවිරිදි දියණියගේ සිරුර පසුව සොයාගැනුනේ එම ස්ථානයට කිලෝමීටරයක් (1) පමණ දුරින් වූ ප්‍රදේශයකින්.

පොලිසිය සැක කරන්නේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය දියණිය ඔයට වැටීමෙන් පසු ඇය මුදාගැනීම සඳහා පියාද ඔයට පැන ඇති බවටයි.

මියගිය පියා සහ දියණිය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴


ව්‍යාපෘති කළමණාකරණ ඒකක අත්හිටුවීමෙන් මිලියන 500 ක ඉතිරියක්

(07.02.2023 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55 ක් වසා දැමීමටත්, තවත් ව්‍යාපෘති කළමණාකරණ ඒකක 32 ක් අත්හිටුවීම සඳහා ලබාදුන් නිර්දේශ මගින් මසකට රුපියල් මිලියන 500 ක මුදලක් ඉතිරි කරගැනිමේ හැකියාව පවතින බව විදේශ ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිලිබද පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව පවසනවා.

එම කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාව අනුව දැනට පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55 ක් වසා දැමීමටත්, තවත් ව්‍යාපෘති කළමණාකරණ ඒකක 32 ක් අත්හිටුවීමට ව්‍යාපෘති කළමනාකරණ ඒකක 46 ක් අවම කාර්ය මණ්ඩල සහිතව පවත්වා ගෙන යාම යෝග්‍ය බවට නිර්දේශ කර තිබුනා.

ද්වි පාර්ශවික ගිවිසුම් මත ආරම්භ කළ නමුත් ආධාර නොලැබුණු මහා පරිමාණ ව්‍යපෘතිවලට අදාළ කාර්යාල මෙලෙස වසා දැමෙන බවයි අප කළ විමසිමකදී එම කමිටුවේ සභාපති හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන කමල් පද්මසිරි සදහන් කළේ.

ඔවුන්ගේ වාර්තාව පසුගිය නොවැම්බර් මාසයේද ජනාධිපති ලේකම්වරයාට භාරදී තිබූ අතර, එය නිර්දේශ සදහා ඊයේ (06) කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කිරිමෙන් පසු අනුමැතිය හිමිවු බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කොළඹ අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *