එළවළු හා පළතුරු වර්ග කිහිපයක ආනයනය නවතියි – රත්‍රං පැළඳ රටට එන්නත් සීමා

එළවළු හා පළතුරු වර්ග කිහිපයක ආනයනය නවතියි – රත්‍රං පැළඳ රටට එන්නත් සීමා


එළවළු හා පළතුරු වර්ග කිහිපයක ආනයනය නවතියි – රත්‍රං පැළඳ රටට එන්නත් සීමා

(05.01.2023 – 20:56 +0530 – hirunews.lk/sinhala)

ආනයන හා අපනයන සඳහා වන නව නියාමන රෙගුලාසි රජය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තක්කාලි, ලීක්ස්, වට්ටක්කා, බතල, මඤ්ඤොක්කා, පිපිඤ්ඤා, බෝංචි, ලූණු ඇතුළු එළවලු වර්ග කිහිපයක් සහ පේර, අඹ, පැණි කොමඩු, අලිගැටපේර, ස්ට්‍රෝබෙරි ඇතුළු පළතුරු වර්ග කිහිපයක් මෙලෙස තාවකාලිකව මෙරටට ආනයනය කිරීම අත්හිටුවා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

බිම්මල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පපඩම් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ගෙන්වීම තාවකාලිකව නතර කර තිබෙනවා.

එමෙන්ම, දුඹුරු නිවුඩු සහල්, කුරක්කන් ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය ද තාවකාලිකව අත්හිටුවා ඇති ආහාර ද්‍රව්‍ය අතරට අයත්.

රට ඉඳි, ග්‍රීන් පීස්, කජු, සෝයා බෝංචි නිෂ්පාදන ආනයනයද තාවකාලිකව අත්හිටුවා ඇති අතර පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම, ෂැම්පු, කොණ්ඩා ආලේපන හා වර්ණක, පවුඩර්, තොල් ආලේපන, ඇස් ආලේපන මෙන්ම, සුවඳ විලවුන් ආනයනයද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පිරිමි ඇදුම්, කාන්තා අත් ඔරලෝසු , ඇදුම්, පාවහන්, ලෙදර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනච මෙරටට ගෙන්වීමද තාවකාලිකව අත්හිටුවීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

සෙරමික් සහ මුළුතැන්ගෙයි උපකරණ කිහිපයක් ද ආනයනය අත්හිටවූ භාණ්ඩ අතරට ඇතුළත් බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර රත්‍රං ජාවාරම වැළැක්වීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ කැරට් 22 ට වැඩි රත්‍රං ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි.

එසේම තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ලබාදුන් කාල සීමාව මේ මස 30 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

මේ අතර දෙසැම්බර් මාසයේ මෙරට නිල විදේශ සංචිත සියයට 05 කින් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කළේ නොවැම්බර් මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 1806 ක්ව පැවති විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1896 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ෴

+++++++++

අදාල සම්පුර්ණ ලයිස්තුව පහතින්… (lankacnews.com)


බද්දට එරෙහිව වෘත්තීය සමිති අවි අමෝරයි

(05.01.2023 – 22:03 +0530 – sinhala.adaderana.lk)

උපයන විට අයකරනු ලබන බද්ද ක්‍රියාත්මක කළහොත් ඊට පසුදින සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව වෛද්‍ය, ඉංජිනේරු, බැංකු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (05) අනතුරු ඇඟවීමක් කළේය.

රාජ්‍ය සේවකයින්ගේ ණය පොලී අනුපාත ඉහල දැමිමට ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලැබූ ක්‍රියාමාර්ගයට එරෙහිව ලබන 09 වනදා අසනීප නිවාඩු වාර්තා කර වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පවසයි. 

මේ අතර ගුරුසෙත ණය යෝජනා ක්‍රමය හා අනෙකුත් ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇතැයි පවසමින් ලංකා ගුරු සේවා සංගමයේ සාමාජිකයින් ඊයේ (04) පස්වරුවේ බොරලන්ද නගරයේදී විරෝධතාවක නිරතවිය.

+


බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝ 21 ක් හසුවෙයි

(05.01.2023 – 17:40 +0530 – hirunews.lk/sinhala)

බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රාවක තිබූ හෙරොයින් තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිස්ස ධිවර වරායෙන් පිටත් වූ බහුදින ධිවර යාත්‍රාවක් බවයි වාර්තා වන්නේ.

අදාල යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 21 ක් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි 21 (21,00,00,000) කට අධික බවයි පැවසෙන්නේ.

මෙම බහුදින ධීවර යාත්‍රාව ධිවර කටයුතුවල නොයැලී මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කෙලින් ම බේරුවල ධීවර වරායට පැමිණ ඇත්දැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මකයි ෴


මත්ද්‍රව්‍ය නිසා තම නිවසේ දේපළ සොරාගත් පුතෙකු අත්අඩංගුවට

(05.01.2023 – 16:01 +0530 – hirunews.lk/sinhala)

තම මව පියා ඇතුළු වැඩිහිටියන් නොමැති අවස්ථාවක නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී රුපියල් 2,25,000 ක් වටිනා ලැප්ටොප් පරිගණකයක්, රූපවාහිනියක්, රයිස් කුකරයක් සොරා ගැනීමේ සිද්ධියකට 21 හැවිරිදි පුතෙකු අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ මොහු නිවසෙන් වෙන්ව තාවකාලික නිවසක පදිංචිවී සිට ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (03) පස්වරුවේ පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ සොරකම පිළිබඳ විමර්ශන ආරම්භ කළ අලුත්ගම පොලීසිය සැකකාර පුත්‍රයා එදින රාත්‍රියේදී ම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴


මුදල් වංචාවකට කොටුවූ සැකකාරියෝ

(05.01.2023 – 09:53 +0530 – sinhala.adaderana.lk)

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු (2) කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70 ක් නිදහස් කර දීමට හැකි බව පවසා මුදල් රුපියල් 3,694,000 ක් ගිණුම්ගත කරවාගෙන මුදල් චංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරියන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා (2) ඊයේ (04) දහවල් කාලයේදී කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරියන් අවුරුදු 36 හා 38 යන වයස්වල පසුවන වැලිවැටිතුරය ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.

සැකකාරියන් අද (05) පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලීසිය හා කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


වික්‍රමාරච්චිගේ තවත් ලිංගික හෙළි හෙළිදරව්වක්.. (05.01.2023)

+


මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ට විශේෂ දැනුම්දීමක්

(05.01.2023 – 21:43 +0530 – sinhala.adaderana.lk)

පළාත් පාලන ආයතන 20 ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් තුනක් (3) මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද අදින් (05) ආරම්භ විය.

එම අයදුම්පත් භාර ගැනීම මේ මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12:00 ට අවසන්වීමට නියමිත අතර එම දිනය කිසිසේත්ම දීර්ඝ කිරීමක් සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ වු ඊයේ (04) දිනය තුළදීම බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (05) ආරම්භ කළේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

මේ අතර දේශපාලන පක්ෂයක් හා ස්වාධීන කණ්ඩායම් තුනක් (3) මේවන විට පළාත් පාලන ආයතන 20 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

බදුල්ල, කළුතර හා මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

මේ අතර ඊයේ (04) දිනයෙන් ආරම්භ වු ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දේශපාලන පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට හේතුවන නැතහොත් වෙනත් පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන්, සේවකයින්, බඳවා ගැනීම් , උසස් කිරීම් හා මාරු කිරීම් යන කරුණු සීමාකළ යුතු බව ද අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලු නිලධාරීන්ට කොමිෂන් සභාව දැනුම්දෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය , නිදහස ජනතා සභාව හා මහජන පක්ෂය ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (05) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියේය.

එසේම පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට ඇති බලයට ආණ්ඩුව කිසිදු බාධාවක් සිදුනොකරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය ෴

++++++++++

අතවත් කකුලවත් නෙමෙයි අලුත්ම සලකුණකින් නව සන්ධානක්, අපේ සන්ධානය ලබන සතියේ එළිදකිනවා (05.01.2023)

+


07.01.2023 දින කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(05.01.2023 – dinamina.lk)

එළඹෙන සෙනසුරාදා (07) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
 
ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව වාර්තා වෙයි.
 
ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටු වීමට නියමිතය.
 
සෙනසුරාදා (07) රාත්‍රී 10:00 සිට ඉරිදා (08) පස්වරු 04:00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *