‘අයිස්’ වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව

‘අයිස්’ වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව


‘අයිස්’ වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව

(14.12.2022 – 20:37 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව තුළ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති ‘අයිස්’ මත්ද්‍රව්‍යවල ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පාසල් ළමයින් වීම විශේෂත්වයකි.

මෙම ‘අයිස්’ වසංගතය ගැන අද (14) සිට රට හමුවේ තොරතුරු රැසක් අනාවරණ කිරීමට ‘අද දෙරණ’ අප සූදානම්.

‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතය මේවන විට දිවයින තුළ ශීඝ්‍රෙයන් ඉහළ ගොස් ඇති බව ඒ පිළිබඳව සමීක්ෂණ සිදුකරන කණ්ඩායම් පෙන්වා දෙයි.

මෙහි කණගාටුව කරුණනම් ඒවා භාවිතයට වැඩියෙන්ම පාසල් ළමුන් පෙළෙඹෙමින් සිටීමය.

ඒ අතරිනුත් ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පාසල යන වයසේ පසුවන ගැහැණුදරුවන්ය.

එලෙස අයිස් මත්ද්‍රව්‍යය භාවිතයට හුරු වූ කොළඹ පාසල් දෙකක (2) වයස අවුරුදු 14 ක හා 16 කදැරියන් දෙදෙනකු (2) තම ශෝචනීය අත්දැකීම් ‘අද දෙරණ’ට අනාවරණ කළාය.

මෙම දැරියන් දෙදෙනා (2) ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලදී ගන්නා අයුරුද අනාවරණ කළ අතර ඔවුන් ‘අයිස්’ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමෙන් පසුව සිදු වූ වෙනස්කම් පිළිබඳවද කරුණු අනාවරණ කළාය.

අදාළ හෙළිදරව්ව :


පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණයට කමිටු

(15.12.2022 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 02 වනදා වන විට, පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දිවයින පුරා පළාත් මට්ටමින් සහ කළාප මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මේ වන විට බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පාසල් දරුවන් ගැන අප කරුණු හෙළි කළේ වරක් දෙවරක් නොවේ.

මෙවැනි ගැටළු සම්බන්ධයෙන් බොහෝවිට රට තුළ සිදුවන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීම වැනි විසදුම්වලට එළැඹීම වුවත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වහාම මීට කඩිනම් පියවර ගත යුතුයි ෴

+++++++++++

+++++++++++

‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිවීමක්

(15.12.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතය ක්‍රමිකම වැඩිවෙමින් පවතින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

මේ වසරේ මේ දක්වා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6,728 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි එහි පර්යේෂණ අධ්‍යක්ෂිකා භද්‍රානි ජයවර්ධන පැවසුවේ.

මේ අතර, ඊයේ (14) ගාල්ලේ පැවති උත්සවයක දී දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ පාසල් ළමුන් අතර ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින බවයි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද (15) ක්‍රියාත්මක වුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් ළමුන්ගේ බෑග් පොලිස් සුනඛයින් ද යොදාගනිමින් පරීක්ෂා කර තිබූ අතර පොල්ගහවෙල ප්‍රදේශයේ පාසල් ළමුන් 3000 ක පමණ සිසුන් පිරිසකගේ බෑග් පරීක්ෂා කිරීම් අද (15) සිදුකෙරුණා.

පසුගිය 05 වැනිදා සිසුන්ට, පාසල් ශිෂ්‍යයෙකු මාර්ගයෙන් අයිස් සහ මත්පෙති බෙදූ 04 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ කළුතර, මිල්ලණිය, පොලිස් බල ප්‍රදේශයේ දීයි.

අදාළ පාසල් ශිෂ්‍යාට මේ සඳහා අධාර අනුබල දී ඇත්තේ ඔහුගේ මව විසින් බවටයි පසුව අනාවරණය වුණේ.

කෙසේ වෙතත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන වැරදිකරුවන් වන පුද්ගලයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක වන පරිදි විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනතට පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කිරීමටයි පියවර ගැනුණා.

+


කැස්බෑවේ දී නීති විරෝධී පොලිතින් ලන්ච්ෂීට් ටොන් දෙකක් අල්ලයි

(15.12.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala)

කැස්බෑව – බටුවන්දර ප්‍රදේශයේ කර්මාන්තශාලාවක නීතිවිරෝධී නිපදවූ පොලිතීන් – ලන්ච්ෂීට් ටොන් දෙකක (2) ප්‍රමාණයක් මධ්‍යම පරිසර අධිකාරිය සොයා ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒකාබද්ධව සිදු කළ වැටලීමක දී මේවා සිය භාරයට ගෙන ඇති අතර, ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ කර්මාන්තකරුට එරෙහි ව නීතිමය පියවර ගන්නා බවයි එම අධිකාරිය කියා සිටියේ.

අංක 2034 / 34 දරණ 2017 සැප්තැම්බර් පළමු දින ගැසට් පත්‍රය මගින් මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් නිෂ්පාදනය කිරීම සහ භාවිතය තහනම් කෙරුණා ෴


අස්වනු අලෙවි කර ගැනීමට නො හැකි ව ගොවීන් අපහසුතාවට

(15.12.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාලන මිලට හෝ වී අස්වනු අලෙවි කර ගැනීමට නො හැකි ව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගොවීන් තවමත් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා.

එමෙන්ම, මහ කන්නය සඳහා රජයෙන් ලබා දුන් යූරියා පොහොර කුඹුරුවලට ඉසිය නො හැකි බව මැදිරිගිරියේ ගොවීන් පවසනවා.

පසුගිය යළ කන්නයේ නෙලාගත් වී අස්වනු විකුණාගත නො හැකි ව කන්තලේ මැදගම ගොවීන් තවදුරටත් අපහසුතාවට පත් ව සිටිනවා.

එම ගොවීන් පෙන්වා දෙන්නේ, අඩු මිලට වී අලෙවි නො කරන ලෙස රජය කළ ඉල්ලීමට අනුව තමන් වී ගබඩා කර තබා ගත් නමුත්, මේ වන විට රජයේ පාලන මිලට වත් එම වී අලෙවි කර ගැනීමට නො හැකි වී ඇති බව යි.

මේ අතර, මැදිරිගිරිය බිසෝබණ්ඩාර එක්සත් බෙදුම්ඇළ ගොවි සංවිධානයට ලබා දීමට ගෙන ආ යූරියා පොහොර කුඩු සහිත බැවින් ඒවා කුඹුරුවලට යෙදිය නො හැකි බව ගොවීන් පවසනවා.

ඒ අනුව එම පොහොර රැගෙන නො යාමට ගොවීන් තීරණය කර ඇති අතර, ඔවුන් ඉල්ලා සිටින්නේ, නියමිත ප්‍රමිතියෙන් යුතු කැට සහිත යූරියා පොහොර තමන්ට ලබා දෙන ලෙස යි.

මේ අතර, ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර හමු වුණේ, ගොවීන් වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින්.

+


බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැ යි සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් පණිවිඩයක්

(15.12.2022 – 13:56 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල ඉහළ යාමට එක ම ප්‍රායෝගික විසඳුම හැකි පමණින් බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ සඳහන් කළේ, පැරණි විදුලි උපකරණ හේතුවෙන් විදුලිය වැඩිපුර වැය වන බව යි.

+++++++++++++

දැවැන්ත විදුලි අර්බුදයක් ගැන අනතුරු අඟවීමක්

(15.12.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී දැවැන්ත විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවට විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි සභාපති නිහාල් වීරරත්න මේ බව කියා සිටියේ අද (15) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+


සඳගල සොරා ගැනීමේ සිද්ධියට පුරාවිද්‍යා රක්ෂිතයේ සිටි මුරකරුවන් දෙදෙනාගේ වැඩ තහනම්

(15.12.2022 – 09:13 +0530 – hirunews.lk/sinhala)

පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නැමති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහන සොරා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත භූමියේ ආරක්ෂාවට යොදවා සිටි මුරකරුවන් දෙදෙනාගේ (2) වැඩ තහනම් කරන ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග උපදෙස් ලබා දී තිබෙනවා.

අඩි තුනක් (3) පමණ උස අඩි තුනක් (3) පමණ පළල මෙම සදකඩ පහන කිසියම් පිරිසක් පසුගිය දා ගලවාගෙන ගොස් තිබුණා.

බර එසවීම සඳහා යොදා ගන්නා බූම් යන්ත්‍රයක් ආධාරයෙන් මෙම සඳකඩ පහන ගලවා ගෙන යන්නට ඇති බවට යි පොලිසිය සැක කරන්නේ.

+++++++++

+


පිහි ඇණුමකින් තුවාල ලැබූ ඩිලාන් සේනානායක රෝහල් ගත කෙරෙයි

(15.12.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, නුගේගොඩ – පාගොඩ පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයට පුද්ගලයින් දෙදෙනෙකු (2) පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනා (2) ඩිලාන් සේනානායකගෙන් තමන් හදුනා ගැනීමට හැකි දැයි අසා එකවර ඔහුගේ දෑත් සහ පාදවලට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් දෙදෙනා (2) පසු ව ත්‍රීරෝද රථයකින් පළා ගොස් තිබෙනවා.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව තමන් සාක්ෂි ලබා නොදුන් බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජු සමරසිංහ හෙවත් ‘මෝටිවේෂන් අප්පච්චි’ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘වෙනසක තාරුණ්‍යයේ’ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

ලහිරු වීරසේකර විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ත්‍රස්ත විමර්ශන පනත යටතේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා ‘මෝටිවේෂන් අප්පච්චි’ ඇතුළු කිහිප දෙනෙකු සාක්ෂි ලබාදී ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *