මලයාසියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ කාන්තාව රිමාන්ඩ්

මලයාසියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ කාන්තාව රිමාන්ඩ්


මලයාසියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ කාන්තාව රිමාන්ඩ්

(11.12.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala)

සංචාරක වීසා මගින් මලයාසියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින් 09 දෙනෙකුගෙන් රුපියල් පනස් ලක්ෂ පහළොස් දහසක (50,15,000) මුදලක් ලබාගත් තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සංචාරක වීසා මඟින් මලයාසියාවට යාම සඳහා පසුගිය 04 වනදා පිරිසක් ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී මොවුන් පිළිබඳ සැක සිතී සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම ජාවාරම තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය 05 වනදා මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඇය පදිංචිව සිටි තංගල්ල ප්‍රදේශයේ නිවසින් පැනගොස් තිබුණා.

පසුව පුත්‍රයා මාර්ගයෙන් ඇයට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණෙන ලෙසට කර තිබූ දැනුම්දීමකට අනුව පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා ෴


හෙට (12) දවස පුරා තැපැල් වර්ජනයක්

(11.12.2022 – 18:33 +0530 – sinhala.adaderana.lk)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ අද (11) පස්වරු 04:00 ට ආරම්භ කළ වැඩවර්ජනය හෙට (12) මධ්‍යම රාත්‍රී 12:00 දක්වා ක්‍රියාත්මක බවය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පවතින අතිකාල ක්‍රමයන් සංශෝධනය කිරීම, නිලධාරීන්ගේ මාරුකිරීමේ මණ්ඩලයේ, අභියාචනා මණ්ඩලවලින් වෘත්තීය සමිති ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

“අද (11) පස්වරු 4 සිට සමස්ත තැපැල් සේවකයින් එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළා මේ මොහොත වන කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අද (11) දින රාජකාරි කරන සියුලුම තැපැල් මධ්‍යස්ථානවල මේ වැඩවර්ජනය ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව හෙට (12) මධ්‍යම රාත්‍රී 12 දක්වා එම වැඩවර්ජනය ක්‍රියාත්මකයි. මේ ඉල්ලීම් පිළිබඳව දේශපාලන අධිකාරිය සහ තැපැල් බලධාරීන් අවස්ථා ගණනාවකදී දැනුවත්කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් සමග සාකච්ඡාකරලා විසඳුම් නොලැබීම තුළ තමයි මේ වැඩ වර්ජනය අද (11) අපි ක්‍රියාත්මක කරන්නේ. වර්ජනයේ බලපෑම් තුළ අද (11) පස්වර් 4 සිට හෙට (12) මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයිනේ කිසිදු තැපැල් සේවයක් සිද්ධ‌ වෙන්නේ නැහැ. ඒ නිසා දිවයිනේ කිසිදු තැපැල් සේවා ලබාගැනීමට පාරිභෝගිකයින්ට හෙට (12) දවස තුළ ඉඩකඩක් ලැබෙන්නේ නැහැ.”


+


+


• 1977 සිට අනුගමනය කරපු සංවර්ධන මොඩලයේ නිවුන් දරුවෙක් තමයි හොරකම කියන්නේ!
• ඒ නිසා ‘ණයක් ගත්තොත් තමයි මාටියා පාර ගහන්න පුළුවන්’ දැකපු පාලකයන් ඕන එකටයි, එපා එකටයි ණය ගන්න රටක් බවට ශ්‍රී ලංකාව පත් කළා
උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ
(2022-12-11 / උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්තිය)

+


හිතුමතේට ලොකු පුටු ගලවන ඇමතිලා – දේශපාලකයින්ගේ පදේට සභාපතිට නටන්න වෙලා – ලංගම හිටපු සභාපති කිංස්ලි රණවක (11.12.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *