බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වකුගඩු අස්සේ වෘෂණ කෝෂ ජාවාරමක්

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වකුගඩු අස්සේ වෘෂණ කෝෂ ජාවාරමක්


බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වකුගඩු අස්සේ වෘෂණ කෝෂ ජාවාරමක්

(02.12.2022 – 22:50 +0530 – lankadeepa.lk)

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව රුපියල් එක්කෝටි හැට ලක්ෂයක (1,60,00,000) මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට (1,60,00,000) මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩු දායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇතිවූ සැකය හේතුවෙන් ඊට අකමැති වී ඇති බවත් පොලිසිය සදහන් කරයි.

මෙම වකුගඩු සහ වෘෂණ කෝෂ ඡාවාරම ඡාලගතව සිදුවන එකක් වන අතර, මෙරට සිටින ඡාවාරම්කරුවන් මෙන්ම විදේශීය ඡාවාරම්කරුවන් කිහිප දෙනකුද ඊට සම්බන්ධවී ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බව ද පොලිසිය පවසයි ෴

++++++++

Western Hospital, 218 Cotta Road, Colombo 8, (Borella,) Sri Lanka

+++++++++

බොරැල්ල කොටා පාරේ ‘වෙස්ටර්න් රෝහල’ දුප්පතුන් රවටා වකුගඩු විකුණලා

(02.12.2022 – 08:48 +0530 – mawbima.lk)

දිළිඳු පවුල්වල පුද්ගලයන් මුලා කර මුදල් ලබා දෙන බවට පවසා බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් හරහා කෙරෙන වකුගඩු විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළා ය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ දින අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කළ බව දැනුම් දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග නිකුත් කළා ය.

මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී මෙම වකුගඩු රුපියල් ලක්ෂ 120 ත් 150 ත් අතර මුදලකට අලෙවි වන අතර දැනට පුද්ගලයන් පස් දෙනෙකු (5) පමණ මෙම පෞද්ගලික රෝහල වෙත වකුගඩු ලබා දී ඇතත් මේ වන තෙක් එම පුද්ගලයන්ට මුදල් ලැබී නොමැති බව අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේ ය.

මෙලෙස පුද්ගලයන් විසින් වකුගඩු ලබා දෙනු ලැබ ඇත්තේ, බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් වන ‘වෙස්ටර්න් රෝහල’ වෙත බව අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ය.

වකුගඩු ලබා දී ඇති සියලු දෙනා දිළිඳු පවුල්වල පුද්ගලයන් බව ත් මේ අතර අවුරුද්දයි මාස 5 දරුවෙකුට කිරි දෙන මවක් ද සිටින බව ද පැවැසේ. මෙම පුද්ගලයන්ගෙන් ලබා ගන්නා වකුගඩු දේශීය හා විදේශීය වශයෙන් විකුණන බව අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ වාර්තා කළේ ය.

තවදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක හරහා මෙම වකුගඩු ලබා දෙන පුද්ගලයන් රෝහල වෙත සම්බන්ධ කෙරෙන බව ද අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ ය.

වකුගඩු ලබා ගැනීමේදී සිදු කරන පරීක්ෂණ මෙම රෝහලේ සිදු කිරීමට අපහසු බැවින් එම පරීක්ෂණ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහල් තුනක් (3) හරහා සිදු කරන බවට කරුණු අනාවරණය වන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර සාක්ෂි සටහන් කර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු වාර්තා කළේ ය.

ඒ අනුව, සියලු ම විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග නිකුත් කළා ය ෴

+


තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සියයට 10 ක් රට හැරගිහිල්ලා

(02.12.2022 – 21:20 +0530 – lankadeepa.lk)

බදු පැනවීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්වය නිසා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් සියයට 10 ක් පමණ විදේශ රැකියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා අද (02) පැවසීය.

ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ඇස්තමේන්තුව අනුව දැනට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සෘජුවම 150,000 ක පමණ රැකියා කරන බව කී හෙට්ටිහේවා මහතා 2021 වසරේ කළ සමීක්‍ෂණයට අනුව තොතුරු තාක්‍ෂණ ක්ෂේක්‍රයේ සෘජු ශ්‍රම බලකාය 125,000 පමණ වූ බව ද සඳහන් කළේය.

හතර වැනි (4) තාක්‍ෂණ විප්ලව ඩිජිටල් විප්ලවක් වීම නිසා තොරතුරු තාක්‍ෂණ ඉන්ජිනේරුවන්ට සහ වෘත්තිකයන්ට හොඳ ඉල්ලුමක් ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 10,000 ක් පමණ රටහැර ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වසරක ශ්‍රමබලකා අවශ්‍යතාව වෘත්තිකයන් 20,000 ක් පමණ වුවද එහි සැපයුම වෘත්තිකයන් 8000 ත් 9000 ත් අතර පැවති බව කී හෙට්ටිහේවා මහතා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ බුද්ධිගලනය පාලන කිරීමට බදු සහන ඇතුළු සහන දී ඔවුන් රටේ නවතා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය ෴


ගැට කපන සංවිධානාත්මක කණ්ඩායමක නායිකාවක් අත්අඩංගුවට… තවත් කාන්තාවන් දෙදෙනෙකු (2) පලා යයි…

(02.12.2022 – 17:30 +0530 – lankacnews.com)

බස් රථ වල ගමන් ගන්නා මගින්ගේ මුදල් පසුම්බි සහ දුරකථන ගැට කපන සංවිධානාත්මක කාන්තා කණ්ඩාමක නායිකාවක් මගියෙකු විසින් අල්ලා හැටන් පොලිසිය වෙත (02) දින භාර දි ඇත.

තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකට හැටන් කුඩාගම ප්‍රදේශයේදි ගොඩ වු කාන්තාවන් තිදෙනෙකු (3) ගෙන් එක් (1) කාන්තාවක් බස් රථයේ ගමන් ගත් තරුණයෙකුගේ රු. 65,000 ක මුදල් සහිත මුදල් පසුම්බිය ගැට කපා ඇති අතර, එහිදි එම තරුණයා මුදල් පසුම්බිය ගැට කැපු තරුණියව අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි ඇත.

සැකකාර තරුණිය මුදල් පසුම්බිය ඇය සමග පැමිණි අනෙකුත් තරුණියන් වෙත ක්ෂණිකව ලබා දි ඇති අතර , එම මුදල් පසුම්බිය රැගෙන එම තරුණියන් දෙදෙනා (2) බස් රථයෙන් බැස පලා ගොස් ඇත.

මුදල් පසුම්බිය නැති වු තරුණයා පොලිසිය හමුවේ කියා සිටියේ තමන් පෞද්ගලික බැංකුවකට මුදල් තැන්පත් කිරිම සදහා රැගෙන පැමිණි මුදල් මෙසේ ගැටකපා ඇති බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වි සිටින සැකකාර කාන්තාව අහිකුණ්ඨක කණ්ඩායමක තරුණියක් බවත්, පලා ගිය සැකකාර තරුණියන් දෙදෙනා (2) එම කණ්ඩායමේ සමාජිකයන් බවයි.

පසුගිය දින කිහිපය තුල බස් රථ වල ගමන් ගන්නා මගින් සහ පාසල් සිසු සිසුවියන්ගේ මුදල් පසුම්බි සහ ජංගම දුරකථන විශාල වශයෙන් අස්ථානගත වි ඇති බව හැටන් පොලිසිය වෙත පැමිණිලි ගණනාවක් ලැබි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන හැටන් පොලිසිය කියා සිටියේ.

මුදල් පසුම්බිය රැගෙන පලාගිය සැකකාර තරුණියන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

රංජිත් රාජපක්ෂ


විදේශිකයින්ගෙන් කප්පම් ගැනීම සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

(03.12.2022 – 14:19 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ගෙන් කප්පම් ගැනීම් සහ විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

බෙන්තොට සිට කතරගම දක්වා පොලිස් ස්ථානවල නිලධාරීන් 600 දෙනෙකුගෙන් මෙම විශේෂ පොලිස් කණ්ඩායම සමන්විතයි.

දකුණු පළාතේ වෙරළ තීරය භාවිත කිරීමේ දී විදෙස් සංචාරකයින්ගෙන් ඇතැම් පිරිස් මුදල් අය කරන බවට ලැබෙන පැමිණිලිවලින් අනතුරුවයි මෙම විශේෂ පොලිස් කණ්ඩායම යෙදවීමට පියවර ගෙන ඇත්තේ ෴


ලබන වසරේ සිට පාස්පෝර්ට් අයදුම්පත් ‘ඔන්ලයින්’ ක්‍රමයට

(03.12.2022 – 11:29 +0530 – hirunews.lk/sinhala)

ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබන වසරේ (2023) ජනවාරි මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අදාල වැඩසටහන හරහා, අයදුම්කරුවෙකුට තම නිවසේ සිටම තම අයදුම්පත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.

කෙසේ නමුත් අයදුම්කරුට ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික විධිවිධාන සඳහා පමණක් දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුයි.

එම කටයුත්ත සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමට සෑම දිස්ත්‍රික්කයකම ‘ඉදිරිපස කාර්යාල කවුන්ටර’ 50 ක් ස්ථාපිත කිරීමටත් එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 බැගින් තෝරා ගෙන තිබෙනවා ෴


සංචාරක වීසා මත මැලේසියා යවන තවත් ජාවාරමක්

(03.12.2022 – 08:52 +0530 – hirunews.lk/sinhala)

සංචාරක වීසා මත මැලේසියාව බලා පිටත්ව යාමට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය දා පුද්ගලයින් 14 දෙනෙකු මෙලෙස මැලේසියාව බලා පිටත්ව යාමට පැමිණ ඇති අතර ඉන් නව දෙනෙකුම (9) සංචාරක වීසා මත මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සාහකර ඇති බවයි විමර්ශන වලදී හෙළිව ඇත්තේ.

මෙම පිරිස විදෙස් රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කළ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ක්‍රියාත්මක බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සඳහන් කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් පිරිස මුදා හැර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔවුන් නැවත කැඳවීමට නියමිතයි ෴


සන්නද්ධ කල්ලියක් ඕ.අයි.සී.ගේ ගෙට පැන රන් බඩු කොල්ල කාලා

(03.12.2022 – 13:49 +0530 – lankadeepa.lk)

කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා පදිංචි වැලිපැන්න , බොන්දුපිටිය, කුරුන්ද පාරේ නිවසට අද (03) දහවල් යතුරුපැදි වලින් කඩාවැදුණ සන්නද්ධ පිරිසක් නිවසේ තිබූ ජංගම දුරකථන 2 ක් , රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .

සන්නද්ධ සාමාජිකයින් කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂක වරයා නිවසේ සිට නැති බවත් සන්නද්ධ සාමාජිකයින් ගේ ප්‍රහාරයට ලක්ව පොලිස් පරීක්ෂක වරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කරයි.

සන්නද්ධ සාමාජිකයින් ටී-56 ගිනි අවියක් රැගෙන ආ බවත්, රන් මාලයක් සහ මුදුවක් කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ද සදහන් වේ.

කළුතර සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශයේ ආරක්ෂක කැමරා යොදා මේ වනවිට පරීක්ෂණ පවත්වයි ෴


රැකියා ඒජන්සි හාරසියයක් තහනම්

(03.12.2022 – 12:14 +0530 – lankadeepa.lk)

පුද්ගලයන් සංචාරක වීසා වලින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන 400 ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය.

එසේම ඩොලර් නැතුව උණ්ඩියල් ආකාරයෙන් කමිෂන් මුදල් ගෙන ආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද තාවකාලිකව තහනම් කළ බව ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දීය ෴


‘ඇමතිකම මොන්ටිසෝරි දරුවෙකුට දෙන්න’ – අජිත් මාන්නප්පෙරුම පරිසර ඇමතිගේ මූණට ම කියයි

(02.12.2022 – 15:34 +0530 – mawbima.lk)

වැලි ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට කොන්දක් නැති නම් ‘ඇමතිකම මොන්ටිසෝරි දරුවෙකුට දෙන්නැයි’ සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, පරිසර අමාත්‍ය මොහොමඩ් නසීර් මහතාට අද (02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රැවුලා : පරිසර අමාත්‍ය මොහොමඩ් නසීර්

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කැලෑ වෙන්දේසි කරන සමාගමක් බවට පත්ව ඇතැයි ද ඔහු කීය.

මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, වනජීවී අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයේදීය ෴


03-12-2022

කොරෝනා හෝටල් නිරෝධායනයේ දී හමුදා නිලධාරියෙකුගේ බිරිඳකගේ ගිණුමකට හෝටල් වලින් මුදල් බැරවෙලා – අමාත්‍ය මනූෂ නානායක්කාර

(03.12.2022 – 22:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය සමයේ දී විදෙස් රටවල සිට මෙරටට පැමිණ හෝටල් නිරෝධායනයට යොමු කළ මිනිසුන්ගෙන් අසාධාරණ ලෙස මුදල් ගසා කෑ බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අද (03) පෙරවරුවේ කම්කරු කාරක සභා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීනී තලතා අතුකෝරල නැගූ ප්‍රශ්නයකට පිළිතුරු යොමු කරමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

හෝටල් නිරෝධායනය තුළ දී එහි කාල සීමාවට අනුව බිල රුපියල් 14,000 ක් නම්, ඉන් 1000 ක මුදලක් හමුදා නිලධාරියෙකුගේ බිරිඳකගේ ගිණුමට බැර වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.


‘ඩුබායි සුද්දා’ගෙන් ඕමාන තානාපති කාර්යාලයේ කුෂාන් ගැන පැය 9 ක සාක්ෂියක්

(03.12.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු ඊ. කුෂාන් සම්බන්ධයෙන් ‘නිශ්ශංක ප්‍රියදර්ශන’ හෙවත් ‘ඩුබායි සුද්දා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 9 ක ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඩුබායි සුද්දා පසුගිය දිනෙක මෙම ප්‍රකාශය ලබා දී ඇත්තේ ඊ.කුෂාන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනට අදාළව සාක්ෂියක් ලෙසයි.

‘ඩුබායි සුද්දා’ මැදපෙරදිග වසර 3 ක කාලයක් රැකියාවක නිරත වී ඇති අතර, එම කාලය තුළ ඔහු දැන ගත් තොරතුරු ද ඇතුළත්ව අදාළ සාක්ෂි ලබා දී ඇති බව සඳහන්.

ඕමානයේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ‘ඩුබායි සුද්දා’ නමැත්තා පසුගිය කාලය තුල මාධ්‍ය ඔස්සේ තොරතුරු රැසක් අනාවරණ කළ අතර, පසුගිය නොවැම්බර් 29 වනදා ‘තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය’ වෙත කැඳවනු ලැබුවේ එම අනාවරණයන් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.

මේ අතර, මොහු විදේශ ගතවීමට පෙර මෙරට පැවිදිව සිට පසුව උපැවදි වූ අයෙකු බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර, විදේශ රැකියා නියෝජිත ආයතන 400 ක් තහනම් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා.

කම්කරු අමාත්‍යාංශ වැයශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

සංචාරක වීසා හරහා පුද්ගලයන් විදේශගත කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට අපොහෝසත් වීම හේතුවෙන් මෙම රැකියා නියෝජිතායතන තහනම් කළ බවයි ඔහු එහිදී කියා සිටියේ.

මේ අතර මෙරට ඉතිහාසයේ වසරක් තුළ රැකියා සඳහා වැඩිම පිරිසක් විදෙස් ගත වූ වසර මෙය බවට පුරෝකතනය කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනරත් යාපා ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ අදහස් දක්වමින් කියා සිටියේ මෙම වසර අවසානය වනවිට ලක්ෂ 3 ඉක්මවූ පිරිසක් මෙරටින් පිටව යනු ඇති බවයි.

+++++++++++++

28-11-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *