අන්තර්ජාල මුදල් ගැන කියමින් ජනතාව රැවටුවැයි ‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල්’ මාට්ටු

අන්තර්ජාල මුදල් ගැන කියමින් ජනතාව රැවටුවැයි ‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල්’ මාට්ටු

*********************************************

අන්තර්ජාල මුදල් ගැන කියමින් ජනතාව රැවටුවැයි ‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල්’ මාට්ටු

(18.11.2022 – gossiplankanews.com)

‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් ආයෝජන අවස්ථා සඳහා යැයි පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 300කට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම ආයතනයේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ ගිණුම් ලිපිකාරියක ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගා ර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා 16 දා නියෝග කළේය.

“ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ ආයතනයේ අධ්‍යක්ෂවරයා වන මානෙල් නිවස, 02 වන හරස් පාර, නවනගරය, පොළොන්නරුව ලිපිනයැති ‘හෙට්ටිආරච්චිගේ සහන් අකලංක’ යන අය මෙම සිද්ධියේ පළමු සැකකරු වශයෙන් නම් කිරීමට ද අධිකරණය තීරණය කළේය.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුර්වේ ‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරිවරයා වන ‘ඊරියගම පල්ලේ වලව්වේ දිලුම් කුමාර’ සහ එම ආයතනයේ ගිණුම් ලිපිකාරියක වන ‘කෙලිතුඩ මුණසිංහගේ මේදනී තරංගා’ යන අයවලුන්ය. සැකකරුවන් වංචා කර ඇති රුපියල් කෝටි 300 කට අධික මුදලට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවත් එම මුදල්වලට සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

‘නො. 192/10, නාවල පාර, කෝට්ටේ’ ලිපිනයැති ‘ඇතෑන්ස් ඉන්ටනැෂනෙල් එඩියුකේෂන් සෙන්ටර්’ යන නමින් අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යමින් සැක කටයුතු ගනුදෙනු කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් ආයෝජනය සඳහා අනවසරයෙන් මුදල් ගිණුම්ගත කරගෙන ඇතැයි සඳහන් කරමින් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් හේරත් මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කරනු ලැබුවේ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත, 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවය. මෙම සිද්ධියේ පළමු සැකකරු ‘ෆෙරෙක්ස් වෙළෙඳාම’ සඳහා මුදල් ආයෝජනය කිරීමට යැයි පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන, ඒවා සිය පෞද්ගලික බැංකු ගිණුමේ සහ ‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ ආයතනය නමින් පැවැති ගිණුමේ තැන්පත් කරගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළව පැමිණිලිකරුවන් 26 දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බවත්,

සැකකරුවන් එම පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 163 කට අධික මුදලක් වංචා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළව කළ විමර්ශනයට අනුව සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 500 කගෙන් පමණ මුදල් වංචා කර ඇති අතර, එම සම්පූර්ණ මුදල රුපියල් කෝටි 300 කට අධික බවට කරුණු අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළව විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ගලා එමින් ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි තෙවැනි සැකකාරිය අදාළ ආයතනයේ සේවයට පැමිණ මාස 11 ක් ඇතුළත රුපියල් ලක්ෂ 150 ක නිවසක අයිතිකාරියක වී ඇති බව ද අධිකරණයට හෙළි කළේය. සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායිකාව මෙම ආයතනයේ දුරකථන ක්‍රියාකරු වශයෙන් සේවයට පැමිණ පසුව ගිණුම් ලිපිකාරිය ලෙසට පත්වීම් ලැබ ඇති බවත්, රුපියල් 52,000 ක වැටුපකට එම සේවය ලබාදුන් බවත්ය. ඇය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ බිරිඳක වන අතර, කොරෝනා කාලයේදී නැති බැරිකම හේතුවෙන් මෙම රැකියාවට පැමිණි බවත්, ඇය සිදුකළේ එම ආයතනයේ රැකියාව පමණක් බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

කොරෝනා කාලයේදී ජීවත්වීමේ පහසුව සඳහා මෙම සැකකාරිය අදාළ ආයතනයට සේවයට පැමිණ මාස 11 ක වැනි කාලයකදී රුපියල් කෝටි එකහමාරක (1½) නිවසක් මිලට ගත්තේ කෙසේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකරුවන් ජනතාවගෙන් වංචා කළ මුදල්වලට සිදු කළේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත්, එතෙක් සැකකාරියගේ දේපළ තහනමට ලක්කළ බවත්ය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණසිංහ

***************************************

මෙරට සැබෑ උද්ධමනය සියයට 115 යි – මහාචාර්ය ස්ටීව් හැන්කේ

(18.11.2022 – 16:13 +0530 – lankadeepa.lk)

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්ත වාර්තා සම්පූර්ණ ප්‍රබන්ධයක් බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පවසයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66 ක් බව පැවසුවත් ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 115 ක් බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දෙයි ෴

***************************************

18-11-2022

+++++++++

19.11.2022 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ‘කරව්! නැත්නම් පලයව්!!’ රටම බලමුළු ගන්වන ‘උත්තර ලංකා සභාගයේ’ මහජන සමුළුව

https://fb.watch/gUMYpPlcD-/

+

***************************************

කාන්තාවන් ගණිකා ජාවාරමට රට යැවූ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

(19.11.2022 – 15:06 +0530 – hirunews.lk/sinhala)

ඕමානය සහ ඩුබායි රාජ්‍යයන්හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරම් සිදුකළ ප්‍රධාන සැකකරු කටුනායක ගුවන්තොටුපල පොලීසිය අද (19) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු බාල වයස්කරුවන්ට රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත විදෙස් රටවලට රැගෙන ගොස් මෙම ජාවාරම සිදුකර තිබුණා.

ඔහු අලුයම ඕමානයේ සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතන 6 ක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

රැකියා ලබාදෙන බව පවසා සංචාරක වීසා මත ඕමානය, ඩුබායි සහ අබුඩාබි බලා රැගෙන ගොස් එහිදී අයථා කටයුතු සඳහා මෙරට කාන්තාවන් යෙදවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා.

එම අනාවරණයෙන් පසු විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුම්දීමක් අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ විමර්ශන කණ්ඩායමක් ඕමාන් බලා පිටත්ව ගොස් තිබුණේ මීට මාස දෙකකට (2) පමණ පෙරයි.

එම විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඩුබායි සහ අබුඩාබි බලා ගුවන් මගින් රැගෙන යන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් ගණිකා වෘත්තීය වැනි විවිධ ලිංගික කටයුතු සඳහා යෙදවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.

අද (19) උදෑසන කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේ දී, අත්අඩංගුවට ගත් ඩුබායි සහ ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු නොවැම්බර් 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *