මිනුවන්ගොඩදී වෙඩි කෑ ‘ජුණ්ඩා’ සහ ‘මූලා’ සිදු කළ ඝාතන රැසක සුළ මුල එළියට

මිනුවන්ගොඩදී වෙඩි කෑ ‘ජුණ්ඩා’ සහ ‘මූලා’ සිදු කළ ඝාතන රැසක සුළ මුල එළියට

*********************************************

මිනුවන්ගොඩදී වෙඩි කෑ ‘ජුණ්ඩා’ සහ ‘මූලා’ සිදු කළ ඝාතන රැසක සුළ මුල එළියට

(18.11.2022 – 12:53 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – පොල්වත්තේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ වෙඩි හුවමාරුවක දී ජීවිත්කෂයට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනා (2) මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙලෙස මියගියේ 34 හැවිරිදි ‘මිලාන් කෝසල’ හෙවත් ‘ජුන්ඩා’ සහ 37 හැවිරිදි ‘නිලූක’ හෙවත් ‘මූලා’ යන අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනායි.

මොවුන් මේ වනවිට විදේශ ගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනෙකු (2) බවටද හෙළි වී තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා (2) පසුගිය අගෝස්තු 24 වනදා ඌරුගස්මංහන්දිය, නුබුඩුමුල්ල ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයකදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ යක්කලමුල්ලේදී ඔක්තෝබර් 19 වනදා පුද්ගලයෙකු සහ ළමයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිවලද ප්‍රධාන සැකකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් ගාල්ල-පෝද්දල ප්‍රදේශයේ නිවසක උඩු මහලේ කුළී පදනම මත රැදී සිට ඇති අතර අදාළ නිවසේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා තියුණු ආයුධයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට වෙඩි තැබීමට උත්සහ කර ඇති අතර පසුව නිලධාරින් විසින් සැකකරුවන්ට වෙඩි තබා තිබෙනවා.

තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇති අතර එහිදී සුළු තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු මේ වන විට මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

++++++++

***************************************

පාසල් උපකරණ හා පොත් පත් මිල ගැන රංජිත් සියඹලාපිටියගේ අවධානය

(18.11.2022 – 12:08 +0530 – hirunews.lk/sinhala)

පාසල් ලිපි ද්‍රව්‍ය හා උපකරණ සඳහා සෙස් බද්ද බලපාන්නේ නම්, ඒ පිළිබඳ යළි සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අද (18) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

දැනටමත් පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍යවල මිල ගණන් ඉතා ම ඉහළ ගොස් තිබෙන අතර, මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතළ අර්බුදයකට පත් ව තිබෙනවා.

***************************************

නන්දලාල් කැඩූ කබ්රාල්ගේ වාර්තාව – 17-11-2022

***************************************

‘කාගිල්ස් සරුබිම පදනමෙන්’ ශිෂ්‍යත්ව 774 ක්

(18.11.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ අධ්‍යාපන විශිෂ්ඨතා දැක්වූ ගොවි පවුල්වල දරුවන් සඳහා කාගිල්ස් සරුබිම පදනම මගින් රුපියල් මිලියන 25 ක් වටිනා ශිෂ්‍යත්ව 774 ක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 194 ක් උසස් පෙළ සමත් සිසුන් 375 දෙනෙකු, විශ්වවිද්‍යාල සිසුන් 158 දෙනෙකු සහ වෘත්තීය පුහුණුව ලබන සිසුන් 40 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත යි.

2008 වසරේ දී ස්ථාපිත කළ මෙම පදනම මගින් ගොවි ජනතාවගේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය මෙන්ම පානීය ජල ව්‍යාපෘති ඇතුළු සමාජීය ප්‍රගමනය සඳහා වන ව්‍යාපෘති රැසක් සඳහා දායකත්වය ලබාදීම සිදු කෙරෙනවා ෴

***************************************

නෙළුම් කුලුනට අලුතෙන් එකතුවෙන්න යන සුපිරි තැන

(18.11.2022 – 16:09 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ ජල ක්‍රීඩා සහ විනෝදාස්වාද කලාපයක් පිහිටුවීම සඳහා සිංගප්පුරුවේ ‘ක්‍රියේට් ඩිසයින්ග්’ පෞද්ගලික සමාගම සහ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම අතර අද (18) ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඒ අනුව ඉදිරි වසර 3 ක කාලය ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් මේ වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිතය.

https://www.youtube.com/watch?v=lnp24bVMUbo#t=8

***************************************

රට ගිය කතුන්ගේ විලාපය මැද විනෝද වෙන නරුමයෝ..”වයස 22නම් විකිණෙන මිල ලක්ෂ 25ක් ” (18.11.2022)

***************************************

ආණ්ඩුවට එරෙහිව රටම බලමුළු ගන්වන උත්තර ලංකා සභාගයේ මහජන සමුළුව හෙට (19)

(18.11.2022 – 20:00 +0530 – lankaleadnews.com)

ආණ්ඩුවට එරෙහිව “කරව්! නැත්නම් පලයව්!!” යන සටන් පාඨය යටතේ රටම බලමුළු ගන්වන මහජන සමුළුවක් හෙට (නොවැම්බර් 19) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ‘උත්තර ලංකා සභාගය’ කටයුතු යොදා තිබේ.

මෙම සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ලිපිය :

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ /ප්‍රවෘත්ති කර්තෘ

ප්‍රිය මහත්මයාණෙනි / මහත්මියෙනි,

‘කරව්! නැත්නම් පලයව්!!’ : රටම බලමුළු ගන්වන මහජන සමුළුව නොවැම්බර් 19 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

ආණ්ඩුවට එරෙහිව “කරව්! නැත්නම් පලයව්!!” යන සටන් පාඨය යටතේ රටම බලමුළු ගන්වන මහජන සමුළුවක් නොවැම්බර් 19 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ‘උත්තර ලංකා සභාගය’ කටයුතු යොදා ඇත.

ආණ්ඩුවට, ‘කරව්!’ කියන්නේ ‘කරනවානම් හරියට කරන්න!’ යන්න බවත් ‘නැත්නම් පලයව්!!’ යන්නෙන් අර්ථවත් වෙන්නේ ‘එහෙම ‘නොකරනවානම් වද නොදී යන්න’ කියන එක බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, ආණ්ඩුව ‘හරියට කරන බවක්’ නොපෙනෙන නිසා උත්තර ලංකා සභාගයට ඒ සඳහා බල කිරීමේ වගකීමක් තිබෙන බව ද සඳහන් කරයි.

මෙම මහජන සමුළුවේදී උත්තර ලංකා සභාගය විසින් ආණ්ඩුවට ‘අවම වැඩපිළිවෙළක්’ ඉදිරිපත් කරන බවත් ‘අඩුම තරමින් මේ ටික කරපල්ලා. එහෙම කරනවානම් විතරයි නුඹලාට සදාචාරාත්මකව බලයේ රැඳෙන්න පුළුවන්’ යන්න එමගින් අවධාරණය කරන බවත් ඒ මහතා පවසයි.

මෙම මහජන සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වති.

සජීවී විකාශය :

ස්තුතියි,
මෙයට විශ්වාසී,

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්, ජාතික නිදහස් පෙරමුණ
2022.11.18

***************************************

පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම හා සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම් ගැන, ජාතික උරුමයන් සුරැකීම සංවිධානයේ විමර්ශන කොමිසම සාක්ෂි විමසයි

(18.11.2022 – 11:02 +0530 – lankaleadnews.com)

ජාතික උරුමයන් සුරැකීම සදහා වූ සංවිධාන එකමුතුව පත් කළ විමර්ශන කොමිසම මගින් උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබද පළමු සාක්ෂි විමසීම ඊයේ දින (17) පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් ශාලාවේදී සිදුවිය.

මේ සදහා කොමිසමේ සභාපති මණ්ඩලය ලෙස මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ලුතිනන් කර්නල් ජගත් ඩයස් මහතා මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා කටයුතු කළ අතර මහාචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, මාධ්‍යෙව්දී මතුගම සෙනවිරුවන් මහතා සහ නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය ලේකම් මණ්ඩලය ලෙස කටයුතු කළේය. කොමිසමේ කැදවුම්කරු ලෙස කටයුතු කළේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ය.

එහිදී ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක් වන කුරුන්දි විහාරයේ විනාශ කිරීම සහ එහි සංරක්ෂණ කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් කොමිසම හමුවේ සාක්ෂි දීම සදහා එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සංඝබෝධි හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, වාස්තුවිද්‍යාඥ උදුල බණ්ඩාර ඖෂධහාමි සහ විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල ද සිල්වා මහතා විසින් සාක්ෂි දීම සිදුවිය.

සාක්ෂි ලබාදීමේ අවස්ථා පහත විඩියෝ මගින් නරඹන්න :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *