ප්‍රියමාලිගේ ගනුදෙනු ගැන පුබුදු – මාෂි ප්‍රශ්න කෙරේ – ප්‍රියමාලි ජානකී වෙන් කෙරේ

ප්‍රියමාලිගේ ගනුදෙනු ගැන පුබුදු – මාෂි ප්‍රශ්න කෙරේ – ප්‍රියමාලි ජානකී වෙන් කෙරේ

*********************************************

ප්‍රියමාලිගේ ගනුදෙනු ගැන පුබුදු – මාෂි ප්‍රශ්න කෙරේ – ප්‍රියමාලි ජානකී වෙන් කෙරේ

(09.11.2022 – gossiplankanews.com)

තිළිණි ප්‍රියමාලි විසින් සිදු කර ඇති විශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රසිද්ධ රංගන ශිල්පී පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන මාෂි සිරිවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

තිකෝ ෆිල්ම්ස් නිෂ්පාදනයක් බව කියමින් ශිරන්ති රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන ඇතුළු දේශපාලන ක්ෂෙත්‍ර අමුත්තන්ද ඉන්දීය නිළියකද ඇතුළු කලා ශිල්පීන් කැටුව කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ‘මායාජාල’ චිත්‍රපටයේ මුහුරත් උළෙල සංවිධානය කිරීමට ප්‍රියමාලිගේ මූල්‍ය මැදිහත්වීමක් තිබූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පුබුදු මාෂි දෙදෙනා කැඳවීමට නියමිතය‍.

එම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය භාරදී තිබුනේ පුබුදු චතුරංගටය.

මින් ඉහත ජීවන් කුමාරතුංග හා එම බිරිය ගෙන් ද රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ මේ ආකාරයටම ‘ජීවා’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනයට තිලිණි ප්‍රියමාලි දැරූ උත්සාහය නිසාය.

විවිධ පුද්ගලයින්ගෙන් ආයෝජනය මුවාවෙන් උපයාගන්නා මුදල් චිත්‍රපට නිපදවීමට බව කියමින් තිලිණි වැයකරන බවක් පෙන්වූ නමුත් එම චිත්‍රපට කිසිදු රූගතකිරීමක් සිදු කර නැති බවත් උත්සව සඳහා අසාමාන්‍ය වියදමක් දරා මේවා පවත්වා ඇත්තේ වෙනත් අරමුණු වලින් බවත් කලා ශිල්පීන් පවා රැවටීමකට ලක්කර ඇති බවත් විමර්ශන වලින් පෙනීගොස් තිබේ.

සිය මූල්‍ය වංචා වලට පලිහක් සපයා ගැනීමට තිලිණි කලා ශිල්පීන් හා දේශපාලකයින් හොඳින් ඇසුරු කර තිබූ අතර එම සබඳතා විශ්වාසදායි ලෙස පවත්වා ගෙන යන්නට මෙවැනි උත්සව වරින්වර පවත්වා ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

මේ අතර ප්‍රියමාලිගේ මුල්‍ය වංචාවට ආධාර අනුබල දීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින ජානකී සිරිවර්ධන මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බව පැවසේ.

ප්‍රියමාලි දැනට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ රඳවා ඇත.

ජානකී සිරිවර්ධන මීගමුව බන්ධනාගාරයට යවා ඇත්තේ චූදිතයන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවීමේ හැකියාවක් පවතින නිසා යයි බන්ධනාගාර ආරංචි හෙළි කරයි.

එයට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පැමිණිලිකරුවන්ගේ නීතීඥයින් බිය වී ඇත්තේ ඔවුන් සාක්ෂි විනාශ කිරීමට සැලසුම් කර ඇති බවට යි. ඒ හේතුවෙන් ඔවුන් එකම බන්ධනාගාරයේම රඳවා නොගන්නා ලෙස ඉල්ලා තිබී ඇත ෴

++++++++++

බොරැල්ලේ සිරිසුමන හිමියන්ගේ පියාගෙනුත් සී.අයි.ඩී ය ප්‍රශ්න කරයි

(09.11.2022 – 19:10 +0530 – hirunews.lk/sinhala)

මහාපරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි සමග ගණුදෙනු කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන්ගේ පියාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

එමෙන්ම, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ජානකී සිරිවර්ධන මීගමුව බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා.

ඇය එලෙස මීගමුව බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත්තේ දැනට වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින තිලිණි ප්‍රියමාලි සමග ගැටලු ඇති කර ගැනීමට ඉඩ ඇති බවට සැක පහළ වීම හේතුවෙන්.

ජානකී සිරිවර්ධන මේ වනවිට සාමාන්‍ය අයුරින් රැඳවියන් රඳවා සිටින වාට්ටුවෙහි සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සඳහන් කළේ ෴

***************************************

‘බැරිනම් දාලා යන්න! ‘රටට ආදරය කරන මිනිසුන් රට බාර ගනීවි! (08.11.2022)

***************************************

දෙවැනි (2) මංකිපොක්ස් රෝගියාත් හමුවෙයි

(09.11.2022 – 16:07 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ දෙවැනි (2) මංකිපොක්ස් ආසාදිතයා ද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.

ඔහුව මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ පැවසීය.

මේ අතර ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20 ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකු මෙරටින් හඳුනාගත් පළමු (1) මංකිපොක්ස් ආසාදිතයා ලෙස වාර්තා වී තිබුණි.

සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව මංකිපොක්ස් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසීය.

වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබුණි.

ඒ අනුව මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ IDH උණ රෝහල වෙත ඇතුළත් කෙරුණි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Thilinige handa patiwath viswaasa karanna bae. Ekath mae parattige ranga paemak bawai mata penenne. Horakam kala mudal thamaa hangaa natha, ewaa okkoma Janaki langai daen thiyenne kiyana boru paniwidiya mahajanayata denna thamaa mae patta pal boru telephone call eka kara, voice cut ekak record karala thiyenne. Yako mae hora detuwiyawa mohothakwath unsupervised thiyanna honda nae. Mokak ho uppara waettiyak hoyaagena oki eliyata paninna hadanne.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *