ක්‍රිප්ටොකරන්සි ආකාරයේ දැවැන්ත ජාවාරමක් ගැන පොලිස් විමර්ශන

ක්‍රිප්ටොකරන්සි ආකාරයේ දැවැන්ත ජාවාරමක් ගැන පොලිස් විමර්ශන

*********************************************

ක්‍රිප්ටොකරන්සි ආකාරයේ දැවැන්ත ජාවාරමක් ගැන පොලිස් විමර්ශන

(27.10.2022 – 18:25 +0530 – sinhala.adaderana.lk)

ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම කරුණු අනාවරණය වූ බවය.

” ‘ස්පොට් චේන්’ කියලා පිරමීඩ් ආකාරයේ මූල්‍ය වංචාවක් ගැන පැමිණිලි ලැබුණා. මේ ව්‍යාපාරය ගැන කළ විමර්ශනයේදී කීර්ති බණ්ඩාර නමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු දැනට ඇප මත සිටිනවා.

ඔහු සමග සම්බන්ධවෙලා චීන ජාතිකයෙක් කටයුතු කරලා තිබුණා. ‘ෂැංකායි’ කියලා පුද්ගලයෙක්. ඔහුගේ පෙම්වතිය ලෙස ‘වැන්’ කියලා කාන්තාවක්.

මේ තිදෙනා (3) එකතුවෙලා මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිහින් තිබෙනවා.

මෙම චීන ජාතිකයින් දෙදෙනා (2) රටින් පිටවයෑමට සූදානම් වූ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේදී සැප්තැම්බර් 12 වනදා අත්අඩංගුවට ගත්තා.

ක්‍රිප්ටොකරන්සි සඳහා විවිධ පුද්ගලයින් නැඹුරුකර ගැනීම තමයි ඔවුන් කරලා තිබෙන්නේ. 2020 මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. පිරිස් මෙහි මුදල් ආයෝජනය කළාට පස්සේ ඔවුන්ට පෙන්වනවා විවිධ ප්‍රතිලාභ ලැබෙනවා කියලා.

ඒ වෙනුවෙන් වෙනම පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ හරහා ක්‍රිප්ටොකරන්සි මිලදී ගැනීමක් ලෙස පෙන්නුම් කරලා මෙම ව්‍යාපාරය සිදුකරලා තිබෙනවා.

නමුත් ගනුදෙනුකරුවන් එහි ප්‍රතිලාභ ගන්න යන අවස්ථාවේදී කිසිම ආකාරයකින් ඔවුන්ට ඒවා ගන්න ලැබිලා නැහැ. ඔවුන් ඉහළ සිට පහළට සම්බන්ධතාවය බිඳදමලා පහළම දෙදෙනා (2) අතර පමණක් සම්බන්ධතාවය පෙන්වා මෙම කටයුතු කර තිබෙනවා.”

“මේ ආකාරයට 8,000 ක් පමණ ලංකාවේ පුද්ගලයින් මෙම වංචාවට හසුවී තිබෙනවා. සැකකරුවන් 2020 සිට මේ දක්වා රුපියල් කෝටි 1,400 වැඩි මුදලක් වංචා කර තිබෙනවා.”

“සැකකරුවන් හඳුනාගත් ජංගම දුරකථන සඳහා කෙටි පණිවුඩ එවමින් මෙම ජාවාරමට පුද්ගලයින් සම්බන්ධ කරගෙන තිබෙනවා.”

+++++++++

+++++++++

තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල හෙළිවෙයි

(27.10.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී ඇති පැමිණිලිවලට අනුව රුපියල් කෝටි 128 කට අධික මුදලක් වංචාකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඇයට එරෙහිව ලැබී ඇති පැමිණිලි 12 ට අදාළව මෙම විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි ෴

++++++++++

***************************************

ගංජා ඩයිනා බ්‍රිතාන්‍ය පුරවැස්සියක් ද?

ඩයනා බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු ද ? – ඇත්ත නැත්ත සොයා සී.අයි.ඩී. ය විමර්ශන අරඹයි

(27.10.2022 – 17:40 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලක් මේ වනවිට යළිත් කරළියට එමින් පවතිනවා.

මේ වනවිට රාජ්‍ය අමාත්‍ය ධුරයක් හොබවන ඩයනා ගමගේට විරුද්ධවයි අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ.

ඒ ඇය විසින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ලක්මාල් අනිල් හේරත් යන අයෙකු විසින් අදාළ පැමිණිල්ල 2021 වර්ෂයේ දී ගොනු කර තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශ්වය පෙන්වා දෙන පරිදි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් බ්‍රිතාන්‍යය වෙත යාමට විදෙස් ගමන් බලපත්‍රයක් සකසා තිබියදී, වෙනත් නමකින් තවත් ගමන් බලපත්‍රයක් හා රාජකාරී ගමන් බලපත්‍රයක් සකසා ඇති බවයි පැමිණිල්ලේ දක්වා ඇත්තේ.

එමෙන්ම ඇය විසින් ඒ සඳහා වෙනත් නාමයන් යොදාගෙන ඇති අතර, ඒවා පිළිබඳව මේ වනවිට සාක්ෂි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ලබාගෙන, සාක්ෂි 07 ක් ලෙස වෙන වෙනම ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හට බ්‍රිතාන්‍යයේ පුරවැසිකම ඇති බවත්, ඇය විසින් ඒ බව සැඟවීමට ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර සාමාන්‍ය ගමන් බලපත්‍රයක් සහ රාජකාරි ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත්, එය වරදක් බවත් පැමිණිකාර පාර්ශ්වය වැඩිදුරටත් අවධාරණය කරනවා.

මෙම පැමිණිල්ලයි වසරකට පසුව අද (27) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනුණේ.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ යනු සැබවින්ම බ්‍රිතාන්‍ය පුරවැසිකමක් සහිත ද්විත්ව පුරවැසිභාවයක් සහිත තැනැත්තියක් දැයි මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඩයනා ගමගේ විසින් එලෙස බ්‍රිතාන්‍ය පුරවැසිකම සැඟවීමට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසා ගත්තේ නම් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවටත්, ඒ සඳහා අවශ්‍ය කරන තොරතුර කඩිනමින් අධිකරණය වෙත සපයන ලෙසත් අධිකරණය මගින් සී.අයි.ඩී. ස්ථානාධිපති වෙත අද (27) දිනයේ දී නොතීසි නිකුත් කෙරුණා.

වහාම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරිය අත් අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන ලෙසටත්, වහාම ඇය අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවටත් පැමිණිකාර පාර්ශ්වය විසින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

උප්පැන්න සහතික දෙකක් (2) භාවිත කරමින් ඩයනා ගමගේ විසින් අදාළ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත්. යම් පුද්ගලයෙකු ද්විත්ව පුරවැසිභාවයක් ලබාගත්තේ නම්,මාස 06 ක් තුළ ඒ ගැන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට දැනුම්දිය යුතු බවත්, ඉන් අනතුරුව මුල් හැඳුනුම්පත වෙනුවට නව හැඳුනුම්පතක් ලබාගත යුතු බවත් පැමිණිලිකාර පාර්ශ්වය විසින් පෙන්වා දෙනවා.

++++++++++

***************************************

26-10-2022

***************************************

27-10-2022

***************************************

වාහන සොරකම් කිරීම් වැඩිවෙයි

(27.10.2022 – 16:50 +0530 – sinhala.adaderana.lk)

රට පුරා වාහන මංකොල්ලකෑම් සහ සොරකම් කිරීම් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව පොලීසිය පවසයි.

2021 වසරේදී වාහන 1405 ක් සොරකම් කර ඇති බවත් 2022 වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා වාහන 1406 ක් සොරකම් කර ඇති බවත් දත්ත අනුව හෙළිවී ඇත.

20212022
බස්0912
වෑන්0625
ලොරි1016
කාර්3414
ත්‍රීරෝද රථ353311
යතුරුපැදි9751116
වෙනත්1812

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී, නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ වාහනහිමියන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි පැහැරගැනීම් සිදුවන බවය.

***************************************

25-10-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *