30.08.2022 අතුරු අයවැය

30.08.2022 අතුරු අයවැය

*********************************************

30.08.2022 අතුරු අයවැය

(30.08.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ, සංශෝධනයට අනුව අමාත්‍යාංශ සේවා වියදම රුපියල් බිලියන 3275.8 ක් දක්වා ඉහළ දමා ඇති අතර එය, මීට පෙර මේ වසර (2022) සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා රුපියල් බිලියන 929.4 ක වැඩිවීමක්.

ඊට අමතරව රජයේ ණය සීමාව රුපියල් බිලියන 3200 සිට රුපියල් බිලියන 4082 දක්වා සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ඉහළ දමා තිබෙන අතර, ඇස්තමේන්තු ගත ණය සේවාකරණ නව වියදම රුපියල් බිලියන 2901 ක් වනවා.

මෙම මූලික ආදායම් සහ වියදම්වලට යටත්ව අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය :

Budget Speech 2022 – Sinhala

Budget Speech 2022 – Tamil

Budget Speech 2022 – Tamil (Annexures)

Budget Speech 2022 – English

***************************************

2022.09.03 දින හදිසි ජල කප්පාදුවක්

(30.08.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala)

2022 සැප්තැම්බර් මස 03 වනදා සෙනසුරාදා පෙරවරු අටේ (08:00) සිට ඊට පසුදින (04) අලුයම දෙක (02:00) දක්වා පැය 18 ක කාලයක් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටද එම කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවනු ඇති.

එසේම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමටයි පියවර ගැනෙන්නේ.

අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබෙනවා ෴

***************************************

විශ්වවිද්‍යාලවලට ලබන මස 05 සිට 23 දක්වා ඉල්ලුම් කිරීමට අවස්ථාව

(30.08.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා නිකුත් කෙරුණු 2021 උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දරුවන්ට ඒ සඳහා අන්තර්ජාලය හරහා ලබන මස 05 වනදා සිට 23 වනදා දක්වා ඉල්ලුම් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අදාළ ශිෂ්‍ය අත්පොත ලබන මස 02 වනදා සිට ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පොත්හල වලින් ලබාගත හැකි බවයි.

විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු වුවහොත් 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හෝ 011 269 5301, 011 269 5302 යන අංක වලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථාන අමතා ලබා ගත හැකි බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

2021 උසස් පෙළ ප්‍රතිඵල වලට අනුව මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,519 ක් බඳවා ගැනීමට නියමිත අතර එය තවත් වැඩිවිය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන් ම , වෛද්‍ය පීඨය සඳහා 2035 ක් සහ ඉංජිනේරු පීඨය සඳහා 2238 දෙනෙකු මෙවර බදවා ගැනීමට නියමිත බව ද මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළා.

එමෙන් ම, මෙවර මූල්‍ය ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව හා ව්‍යවහාර වාග් විද්‍යාව, බැංකුකරණය හා රක්ෂණය ඇතුළු අලුතින් පාඨමාලා 4 ක් විශ්වවිද්‍යාල 4 ක ආරම්භ කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

31-08-2022

***************************************

22-08-2022

***************************************

31-08-2022

+++++++

31-08-2022

+++++++++

***************************************

49 හැවිරිදි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් බල්ලා

(01.08.2022 – 09:02 +0530 – hirunews.lk/sinhala)

= 49 හැවිරිදි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියා =

නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට කප්පම් ලබා ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු ‘හිරු සී.අයි.ඒ.’ මැදිහත්වීමෙන් නීතියේ රැහැනට කොටුකර දීමට හැකි වුණා.

අද (01) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

පසුගිය ඉරිදා මීගමුව වෙරළ තීරයේ බීර පානය කරමින් මිතුරන් පිරිසක් සමග විනෝදවෙමින් සිටි තරුණයෙකුගේ ත්‍රීරෝද රථයක් අනතුරකට ලක් ව තිබූ අතර ….. ඉන් අනතුරුව ඔහු මුහුණ දුන් සිද්ධියයි මේ….

තරුණයා එම ස්ථානයෙන් පළායාමෙන් පසු ඔහුගේ 49 හැවිරිදි මවට පොලිස් නිලධාරියා විවිධ යෝජනා ඉදිරිපත් කර තිබුනා.

පසුව අදාළ පොලිස් නිලධාරියා මෙම කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදෙමින් රුපියල් 15,000 ක මුදලක් රැගෙන ත්‍රීරෝද රථය ලබාගැනීමට තනිව පැමිණෙන ලෙස දන්වා තිබුණා.

එතරම් මුදලක් නොමැති බව දැන්වීමෙන් පසු ඔහු අදාළ කාන්තාවට වෙනත් යෝජනාවක් කළා.

පසුව කාන්තාව සතුව තිබෙන රුපියල් 8,000 රැගෙන තමා සමග බීර පානය කිරීමට පැමිණෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

***************************************

අප ගොඩනඟන්නේ රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන, උත්තර සභාගයක්! – -ජානිපෙ නායක විමල් වීරවංශ (01.09.2022)

***************************************

31-08-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *