සරත් තරහා වෙන්න එපා. මහින්ද අයිය යි චමල් අයිය යි කැමැති නෑ; එයාලා බය යි ඔයාට – සරත් ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

සරත් තරහා වෙන්න එපා. මහින්ද අයිය යි චමල් අයිය යි කැමැති නෑ; එයාලා බය යි ඔයාට – සරත් ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

*********************************************

සරත් තරහා වෙන්න එපා. මහින්ද අයිය යි චමල් අයිය යි කැමැති නෑ; එයාලා බය යි ඔයාට – සරත් ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

(08.08.2022 – 23:15 +0530 – hirunews.lk/sinhala)

අගමැතිකම භාර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට ආරාධනා කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඒ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සිදු කළ සාකච්ඡාවක දී.

මැයි 9 සිදුවීමෙන් අනතුරු ව ගෝඨාභය රාජපක්ෂ තමන්ට මෙම ආරාධනාව කළ බව යි සරත් ෆොන්සේකා පවසන්නේ.

එහි දී තමන් විසින් ගෝඨාභය රාජපක්ෂට කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත් කළ බව සරත් ෆොන්සේකා පවසනවා.

කිසිදු අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා යටතේ නො තබා ගනිමින් පිරිසිදු ලෙස 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව එහි දී තමන් පැවසූ බව ෆීල්ඩ් මාෂල්වරයා සඳහන් කරනවා.

එම කොන්දේසි සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැමැති වී ඇති අතර, එම කාරණය අවධාරණය කරමින් හා විශ්වාසවන්ත අයකුට අගමැති තනතුර ලබා දීමට කැමැති බව පවසමින් ජාතිය අමතන ලෙස ද තමන් ගෝඨාභය රාජපක්ෂට පැවසූ බව ‍යි සාකච්ඡාවේ දී සරත් ෆොන්සේකා පැවසුවේ.

ඉන් පසුව පක්ෂය සමඟ හා අරගළය සමඟ සාකච්ඡා කොට තමන්ගේ තීරණය පවසන්නම් යනුවෙන් ද සරත් ෆොන්සේකා ගෝඨාභය රාජපක්ෂට පවසා තිබෙන බව සඳහන්.

අනතුරු ව ගෝඨාභය රාජපක්ෂ එදින රාත්‍රියේ ජාතිය ඇමතූ අතර, ඉන් පසු පෙරළා සරත් ෆොන්සේකාට දුරකතන ඇමතුමක් ද ලබාගෙන තිබෙනවා.

එම දුරකතන ඇමතුමෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට මෙසේ පැවසූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හිරු ප්‍රවෘත්ති සමඟ පැවසුවා.

“සරත් තරහා වෙන්න එපා. මහින්ද අයිය යි චමල් අයිය යි කැමැති නෑ; එයාලා බය යි ඔයාට දෙනවට. ඊට පස්සෙ විහිළුවට වගේ කිව්වා මටත් ටිකක් බය හිතුණා කියලා”

++++++++++++

09.08.2022

++++++++++++

09-08-2022

***************************************

අනූ නවයෙන් බේරුණු ජීවිතය

(09.08.2022 – 11:52 +0530 – hirunews.lk/sinhala)

ඉදිකිරීම් ස්ථානයක යකඩ පොල්ලක් වාහනයකට වැටීමෙන් එහි රියදුරා දුර්ලබ වාසනාවකින් බේරී තිබෙනවා.

අද (09) උදෑසන අටයි තිහට පමණ කොළඹ පුරහල ප්‍රසිද්ධ ඇඟලුම් වෙළෙඳ මධ්‍යස්ථානයක ඉදිකිරීම් ස්ථානය ඉදිරිපිට දීයි මෙය සිදු වී ඇත්තේ.

මෙසේ පතිත වී ඇත්තේ, ඉදිකිරීම ස්ථානයේ තිබුණු දොඹකරයේ යකඩ බම්බුවක්.

පාරේ නතර කර තිබූ වාහනේ තුළට මෙම බටය වැටී තිබෙන අතර, වාහනය ඉදිරිපස වීදුරුව සිදුරු කරගෙන රියදුරු අසුනේ වාඩි වී සිටී පුද්ගලයාගේ කකුල් දෙක මැදට බම්බුව වැටී තිබෙනවා.

එම අනතුරින් රියදුරු අසුනේ සිටි පුද්ගලයාට කිසිදු ශරීර හානියක් සිදු වී නෑ.

***************************************

හෙට (10) සිට විදුලි බිල ඉහළට – ඉහළ යාමේ සාමාන්‍යය සියයට 75 ක් – විදුලි සේවකයන්ට බෝනස් ගෙවීමත් නවතී

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *