වැඩ බලන ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙසක්

වැඩ බලන ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙසක්

*********************************************

වැඩ බලන ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙසක්

(17.07.2022 – 16:24 +0530 – hirunews.lk/sinhala)

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී නිදහසේ ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ඇතුළු ඊට අදාළ අපරාධ නීති පනත් යටතේ අදාළ විමර්ශන පවත්වන ලෙසට ජනාධිපතිවරයා අදාළ ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇතැයි සඳහන්.

මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත යටතේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත යාමට හා ඒමට නිදහස තිබිය යුතු බවට සහ පාර්ලිමේන්තුව තුලදී පවා නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු බවට එහි සඳහන් වනවා.

ඊට එරෙහිව කටයුතු කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් මෙන්ම තර්ජනයක් බවටයි වැඩ බලන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රචණ්ඩත්වය පතුරුවන කැරලිකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අපේක්ෂකයන්ට “ඡන්දය දී ගමට එන්න එපා” යනුවෙන් සඳහන් “පෝස්ට්” ප්‍රදර්ශනය කරමින් බලපෑම් කරන බවට වැඩබලන ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

මීට පෙරද මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තබා විනාශ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනයට ද ලක් වූ බවත් මේ අනුව කැරලිකරුවන් ව්‍යංගයෙන් මරණීය තර්ජන එල්ල කරන බවටයි වැඩ බලන ජනාධිපතිවරයාට මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිලි ලැබී ඇත්තේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස තර්ජන එල්ල කිරීම නිසා තමන්ට නිදහසේ ඡන්දය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි මන්ත්‍රීවරුන් වැඩබලන ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මීට අදාළව සොයා බලා විමර්ශනයක් පවත්වන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුවද මන්ත්‍රීවරුන්ට අනිසි බලපෑම් සහ තර්ජන කරන්නේ නම් රටේ නීතිය අනුව දැඩිව ක්‍රියා කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමු කැබිනට් රැස්වීමේදී ද අමාත්‍යවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා ෴

***************************************

17-07-2022
18-07-2022

***************************************

15-07-2022

***************************************

16-07-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *