කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න.. – මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයැදී…

කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න.. – මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයැදී…

*********************************************

කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න.. – මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයැදී…

(02.06.2022 – 15:50 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට හැකිවන ලෙස විදේශ මුදල් රට තුළට එවන්නැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස්ගත ශ්‍රී ලාංකීය සේවා නියුක්තිකයින්ගෙන් ඉල්ලා සිටී.

එසේ මුදල් එවීමෙන් ශ‍්‍රී ලංකාවට අත්වන ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

+++++++

***************************************

අඩු ආදායම්ලාභීන්ගේ කුස පුරවන්න මුළුතැන්ගෙයක්

(02.06.2022 – 02:10 +0530 – mawbima.lk)

රට තුළ පවතින ආහාර අර්බුදයට විසඳුමක් ලෙස ‘පොදු මුළුතැන්ගෙයක්’ මැයෙන් සාමූහිකව ආහාරපාන සකස් කිරීමේ වැඩපිළිවෙළක් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සර්වෝදයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න පැවැසීය.

‘සර්වෝදය ව්‍යාපාරය’ සහ ‘සිංන්ගියුලර් ශ්‍රී ලංකා’ යන රාජ්‍ය නොවන සංවිධාන මඟින් මෙම සංකල්පය ඊයේ (01) සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ද සභාපතිවරයා පසුගියදා (31) පැවැති මාධ්‍ය හමුවේදී ද සඳහන් කළේය.

රට තුළ ඇතිවෙමින් පවතින මන්දපෝෂණ තත්ත්වය අවම කිරීම සඳහා මෙම සංකල්පය රට පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

අඩු ආදායම්ලාභී පවුල්, අවුරුදු පහට (5) අඩු දරුවන්, ගර්භණී මාතාවන් සහ අවුරුදු පනස් පහට (55) ඉහළ වැඩිහිටි ප්‍රජාවන් සඳහා මෙම ‘පොදු මුළුතැන්ගෙය’ ආරම්භ කිරීමට තීරණය කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

තෝරාගත් ප්‍රදේශයක අඩු ආදායම්ලාභී පවුල් සඳහා උණුසුම් ආහාර වේලක් ලබාදීම මෙහි අරමුණ බවද හෙතෙම පැවැසීය. එහිදී රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන ස්වේච්ඡා සේවකයන් සහ ඒ සඳහා තෝරාගන්නා ප්‍රදේශවල ජීවත් වන පිරිස් එකතු කර ගනිමින් සාමූහිකව එම අවස්ථාවේදීම පිළියෙල කර ගන්නා ආහාර ලබාදීම මෙම සංකල්පයේ අරමුණ වේ.

මෙහි සංකේතාත්මක පළමු වැඩසටහන පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේදී ඊයේ (01) පැවැත්විණි. ග්‍රෑන්ඩ්පාස් ජෝසප් කතෝලික පල්ලිය සහ වැල්ලම්පිටිය මුස්ලිම් පල්ලිය යන ස්ථානවලදීද මෙම වැඩසටහන ඊයේ (01) දිනයේ ක්‍රියාත්මක විය.

සෑම සඳුදා දිනකම, බදාදා දිනකම සහ සෙනසුරාදා දිනකම පන්දහසකට (5000) ආසන්න පිරිසක් සඳහා මෙම ‘පොදු මුළුතැන්ගෙය’ මඟින් රාත්‍රි ආහාර වේල ලබාදීමට තීරණය කර ඇත.

විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභී පිරිස් සඳහා මෙම වැඩසටහන මඟින් සහන සැලසීමට තීරණය කර තිබේ.

මෙම වැඩසටහන මාස හයත් – ‍දොළහත් (6-12) අතර කාලයක් තුළ සිදු කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් මෙවැනි සංකල්පය රට තුළ ක්‍රියාත්මක කිරීමට සිදුවන අන්දමේ ආර්ථිකයක් රට තුළ ඇති වීම ඛේදජනක තත්ත්වයක් යැයි ආරියරත්න මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

නිර්මාණි ගුණරත්න

++++++++

02-06-2022

***************************************

“මේ කළු ආර්ථිකය හසුරුවන්නේ සොර වළල්ලක්” – ආදායම් බදු කොමසාරිස් සංගම් සභාපති

(02.06.2022 – 08:26 +0530 – mawbima.lk)

නොගෙවන බදු හා සඟවන බදු ආදායම් හෙළි කර ගෙන අයකර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිය හැකි නම් අද ලබන බදු ආදායම මෙන් දෙගුණයක ආදායමක් සෙවිය හැකිවනු ඇතැයි දේශීය ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති සරත් අබේරත්න ප්‍රකාශ කළේ ය.

එය දීර්ඝකාලීන ක්‍රියාවලියක් ලෙස සිදුවිය යුතු යැයි ද සභාපතිවරයා කියා සිටියේ ය.

ආදායම් බදු තුළින් ආදායම් ලබා ගන්නට පියවර ගන්නා අන්දමින්ම පවතින කළු ආර්ථිඒයෙන් රට මුදා ගැනීමට ද බලධාරීන් කටයුතු කළ යුතු යැයි ඔහු යෝජනා කළේ ය.

දේශපාලනඥයන්, සුදුසුකම් නැති බදු නිලධාරීන් මෙන්ම වෙනත් නිලධාරීන් ද එක්ව සැදී ඇති චෞර වළල්ලක් විසින් මේ කළු ආර්ථිකය හසුරුවන බවත්, එය බිඳ දැමීමට ඉහළ සිට පහළට රටට ආදරේ ඇති සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බව ත් හෙතෙම කීය.

අබේරත්න මහතා මේ බව කියා සිටියේ මැයි 31 දා කැබිනට් අනුමැතිය ලද බදු සංශෝධන පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ අදහස කුමක්දැයි ‘මව්බිම’ කළ විමසීමකදී ය.

තවදුරට ත් අදහස් දක්වමින් සභාපතිවරයා ඉක්මනින් මුදල් උපයා ගැනීමේ අරමුණින් රජය මෙම වක්‍ර බදු අයකිරීම් සංශෝධනය කරන්නට ඇතැයි සිතන බව කීය.

“රටට බලපා තිබෙන මේ ආර්ථික අර්බුදයට හේතුව 2019 විශාල ප්‍රමාණයක් බදු ඉවත් කිරීමයි. 2019 වන විට එකතු කළ වාර්ෂික ආදායම රුපියල් බිලියන 1225 යි. නමුත් 2019 දී බලයට ආ වහාම රජය මේ බදු සංශෝධනය කරමින් විශාල ප්‍රමාණයකින් අඩු කළා.

මෙයින් රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 1200 ක් පමණ වෙනවා. ඒ සල්ලි හොයා ගන්න රුපියල් බිලියන 1700 ක් මුද්‍රණය කළා. මේ උද්ධමනයට හේතුව මුදල් මුදා හැරීමයි. රජයේ සේවක වැටුප්වලට පමණක් බිලියන 80 ක් අවශ්‍යයි.”

***************************************

ජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…

(02.06.2022 – 16:40 +0530 – lankacnews.com)

අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව ස්වාධීන පක්ෂ එකතුව යෝජනා කරයි.

21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් විය යුතු ප්‍රධාන යෝජනා 7 කින් සමන්විත යෝජනාවලියක් ස්වාධීන පක්ෂ එකතුව විසින් අගමැතිවරයා සහ අධිකරණ ඇමතිවරයා වෙත ජූනි මස 01 වෙනිදා ඉදිරිපත් කරකර ඇත.

ඕනෑම ආණ්ඩුවක් සමග ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කරන ගිවිසුම් අත්සන් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කළ යුතු බව ද මෙම යෝජනාවල සදහන් වේ.

වරාය ගුවන්තොටුපළ වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් ජාතික සම්පත් සඳහා ආයෝජන ලබා ගැනීමේදී මෙන්ම හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේ දී ඒවාට අදාළ ගිවිසුම් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කළ හැකි වන අයුරින් එහි විෂය පථය පුළුල් කළ යුතු බවත් එමෙන්ම එකී ගිවිසුම් පූර්ව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ස්වාධීන පක්ෂ එකතුව යෝජනා කරයි.

***************************************

ගෝඨාභයට අපි රැවටුනා.. රාජපක්‍ෂලා දුෂණයට සියළු පද්ධති බින්දා.. – හිටපු අගමැති මහින්දගේ ලේකම් මාධ්‍ය හමුවක…

(02.06.2022 – 10:00 +0530 – lankacnews.com)

රට මෙතරම් ආගාධයකට ඇද වැටී තිබියදීත් ඊට වගකිව යුතු පුද්ගලයින් තවමත් විවිධ ස්ථානවල රැඳී සිටිමින් සිය නියෝජිතයින් හරහා පාලන කටයුතු වලට මැදිහත් වෙමින් සිටින බව රාජපක්ෂ රජයේ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් වරයෙකු සහ කැබිනට් ලේකම් වරයෙකු වන එස්. අමරසේකර මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා සිවිල් සංවිධාන නිර්මාණය කරමින් විශාල දායකත්වයක් දක්වා ඇති අමරසේකර මහතා පවසන්නේ තමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ඒ අවස්ථාවේදී විශාල රැවටීමකට ලක් වූ බව මේ වන විට අවබෝධ වී ඇති බවයි.

රට වර්තමානයේ මුහුණ පා ඇති අර්බුදයට වත්මන් රජය වගකිවයුතු බවත් ඊට සම්බන්ධ ප්‍රධාන චූදිතයන් දෙදෙනෙකු වන හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන දෙදෙනා මේ වන විට ද තම හිතවතුන් යොදාගනිමින් පද්ධතියට අනිසි බලපෑම් සිදු කරන බවට බරපතල සැකයක් තමාට ඇති බව ද මෙම ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියා මෙම වැඩසටහනේදී හෙළිකරයි.

වර්තමානයේ කැබිනට් ලේකම් වරයා පවා පී.බී. ජයසුන්දර මහතාට හිතෛෂී පුද්ගලයෙකු බවද අමරසේකර මහතා මෙහිදී හෙළිකරයි.

රාජපක්ෂ පාලන සමයේ දී විනිවිද භාවය සහ මුල්‍ය විනය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ පැවති බොහෝ පද්ධති බිඳ දැමීම සඳහා දේශපාලනඥයින් හා නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද ඔහු මෙම සාකච්ඡාවේදී කරුණු රැසක් හෙළි කර ඇත.

***************************************

දොස්තරලා දෙදෙනෙකු වකුගඩු ජාවාරමක..

(02.06.2022 – 10:40 +0530 – lankacnews.com)

වෛද්‍යවරුන් දෙදෙනකු (2) කරන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විනය රෙගුලාසිවලට අනුකූලව වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට කමිටුව වෙත මූලික ක්‍රියාමාර්ග යොමු කර ඇති බවයි.

කොළඹ හැව්ලොක් පාරේ පදිංචි වෛද්‍ය රුවන් එම්. ජයතුංග මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් දෙදෙනකු වකුගඩු ජාවාරමක් සිදු කරන බවයි.

මෙම වෛද්‍යවරුන් කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ සේවය කරන බවද අනාවරණය වෙයි. වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙතද ලිපියක් යොමු කර තිබේ. ඒ විමර්ශන සිදු කරන ලෙස ඉල්ලමිනි.

2013 වර්ෂයේද මෙකී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කර ඇත. එම සැකකරුද මෙම වෛද්‍යවරුන් දෙදෙනා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

– Aruna

***************************************

ගැඹුරු පිරිත් කටපාඩමින් කියලා පෙන්නන සිඟිති දරුවා – අම්මගෙ බඩේ ඉන්නකොට පිරිත් අහන්න ඕනෑවුණා (01.06.2022)

***************************************

https://www.youtube.com/watch?v=gETapwLn4aw
30-05-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About appeal to foreign workers to send dollars. If Central Bank wants a good response, first they must prove that Rajapaksha family, other corrupt ministers and MPs and home and overseas based Sri Lankan businessmen are returning to Sri Lanka their ill gotten money kept in foreign bank accounts. Not a single person identified in the above categories have returned or donated a single cent to Si Lanka. Why is it? These people are in power with robbed votes or leaning on corrupt politicians, claiming that they are concerned for the welfare of the country and people, yet they prove that they are actually concerned about their own welfare and those of their families. Nobody else’s. Any foreign money sent to the country by small people will continue to be drained out by these scum leaders. So, the Governor of Central Bank, please stop giving us kindergarten lessons on why we should send money or donate it or whatever.Please first demonstrate that the big crooks are returning their ill gotten money, and that you have set up a mechanism to stop these political rogues from draining SLK foreign exchange reserves anymore.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *