ඩොලර් ලක්ෂයක් ලංකාවට එවන විදේශ ශ‍්‍රමිකයන්ට වාහන ආනයන බලපත‍්‍රයක්…

ඩොලර් ලක්ෂයක් ලංකාවට එවන විදේශ ශ‍්‍රමිකයන්ට වාහන ආනයන බලපත‍්‍රයක්…

*********************************************

ඩොලර් ලක්ෂයක් ලංකාවට එවන විදේශ ශ‍්‍රමිකයන්ට වාහන ආනයන බලපත‍්‍රයක්…

(24.05.2022 – 08:02 +0530 – lankacnews.com)

රටේ පවතින ගෑස් පෝලිම, පෙට්‍රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශ ගත ශ්‍රමිකයින් හරහා මෙරටට ගෙන්වා ගත යුතු බව පැවසූ කමිකරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඩොලර් මිලියන 500 කොටස්කරුවෙක් බවට පත්වන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය

අද කම්කරු අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය :

අද දවස වන විට මේ රටේ ඉතාමත් බරපතල ගැටලු රාශියක් නිර්මාණය වෙලා, මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා, රට බංකොලොත්භාවයට පත්වීමට ආසන්න තත්වයකට පත්වෙලා, ණය ගෙවීම් සම්බන්ධයෙන් බරපතල තත්වයකට පත්ව තිබෙනවා. මිනිස්සු කන්න බොන්න නැතිව, ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා ගෑස් පෝල්ම්වල, තෙල් පෝලිම්වල ඉන්නේ. ඒ වගේම නොයෙක් බෙහෙත් වර්ග නොමැතිවීම නිසා රෝහල්වල මිනිසුන් මිය යනවා. දරුවන් වේදනාවෙන් කෑ ගසනවා.

මේ අයගේ වේදනාව, මිනිස්සුන්ගේ ප්‍රශ්ණය විසදීමට බොහෝ අය බය වෙලා සිටින වෙලාවක, ඩොලර් ප්‍රශ්ණය ලේසියෙන් විසදන්න බෑ කියන ඇතැම් පණිවුඩ නිසා ඇතිවූ බය නිසා වගකීම් භාරගැනීමට බොහෝ දෙනෙක් පස්සට අඩිය තියද්දී, වගකීමක් භාගත්තොත් දේශපාලන අනාගතය විනාශ වෙයි කියලා හිතද්දී අපි වගකීම භාරගත්තේ මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්ණ විසදීමට අපි දායකත්වය ලබාදිය යුතු යැයි විශ්වාස කරන නිසා. අපි ඒ අභියෝගය භාරගත්තා. වගකීම භාරගත්තා.

අද දවස වන විට ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, විදුලි කප්පාදුව, කිරිපිටි නොමැතිකම, බෙහෙත් නැතිකම වගේ අත්‍යවශ්‍ය කාරණාවලට විසදුම් ලබාදීමට අපි එකතුවී සිටිනවා. අපි මේ ගැන මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කළාම මේ ගැටලු විසදා ගැනීමට කොතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය දැයි විමසා සිටියා. එතුමා අපිට සදහන් කළේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසයකට ඩොලර් මිලියන 500 ක් ලැබෙනවා නම් පෝලිම් ටික නැති කරන්න, බෙහෙත් ටික දීලා මිනිස්සු මැරෙන එක නැති කරන්න, විදුලි කප්පාදුව නතර කිරීමට හැකියාව ලැබෙන බවයි

මේ වෙලාවේ ක්ෂණිකව අපිට කරන්න පුලුවන් කාරණාව තමයි ඩොලර් මිලියන දෙසීය, තුන්සීය දක්වා වැඩිවී තිබෙන විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන ආදායම, ඩොලර් මිලියන 500 දක්වා ඉහළ නංවා ගැනීම. මේ වගකීම, විදෙස් ගත ශ්‍රමිකයින් භාරගැනීමට සූදානම්ද කියන ප්‍රශ්ණය තමයි අපි අහන්නේ.

මේ රටේ අම්මලා, තාත්තලා පෝලිම්වල සිටියදී, දරුවන් බෙහෙත් නැතිව වේදනාවෙන් කෑ ගසද්දී, මිය යද්දී, ගෑස් ගන්න පෝලිම්වල දවසම මිනිස්සු කාලය නාස්ති කරන එක නැති කරන්න, ජනතාවට සහනයක් ලබාදෙන්න විදෙස් ගත ශ්‍රමික ඔබ සූදානම්ද කියන ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ. මම දන්නවා, ඔබ සූදානම්. ඒ නිසා අපි ඔබත් සමග එකතු වෙලා මේ වගකීම ඉටු කිරීමට සූදානම් කියන පණිවුඩය තමයි දෙන්නේ

විදෙස් ගත ශ්‍රමිකයින් වැඩ කරන ගමන්, තමන්ට පුලු පුලුවන් විදියට දුරකතන ඇමතුම් දීලා අපේ මුදල් වැරදි පාරේ යන්නේ කියලා කියනවා. හරි පාරෙන් මේ මුදල් රට ඇතුලට ගේන්න වැඩපිළිවෙලක් හදන්න, ඒකට යම් කිසි සහායක් ලබාදෙන්න කියලා ඒ අය ඉල්ලීම් කරනවා.

සමහර අය කතා කරලා, අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා. විශ්ව විද්‍යාලවලට ගියේ නිදහස් අධ්‍යාපනයෙන්, වෛද්‍යවරු, ගණකාධීකාරීවරු බවට පත්වුනේ නිදහස් අධ්‍යාපනයෙන් කියලා කියනවා. ලෝකයේ විවිධ තැන්වල සේවය කළත්, පරිප්පු කිලෝ එකෙන්, සීනි කිලෝ එකෙන්, ඩීසල්, පෙට්‍රල්වලින් අය කරගත්ත බදු මුදල්වලින් ඉගෙන ගත්ත බව පවසනවා. රටේ කන්න නැතිව ඉන්න, බෙහෙත් නැතිව මැරෙන මිනිස්සුන්ට බෙහෙත් දෙන්න ඩොලර් නම් අවශ්‍ය අපි ඉක්මනින් මේ රටට මුදල් එවීමට සුදානම් කියලා ඒ අය කියනවා. මෙ ලෝකයේ වටේ ඉන්න උගත් බුද්ධිමත් ශ්‍රමිකයින්, එම රටවල ස්ථීර පදිංචිකරුවන් වෙන්න පුලුවන්. නමුත් ඔබේ සහෝදර සහෝදරියන් ලංකාවේ දුක් විදිමින් සිටිනවා. ඒකට විසදුම තමයි හරි බැංකුවක් හරහා රටට ඩොලර් එවීම තමයි. ඒ නිසා තමන්ගේ රටේ ජීවත්වන ඥාතියෙක්ට, මිත්‍රයෙක්ට තෑග්ගක් විදියට මුදල් ඩොලර් ටිකක් එවන්න

ඩොලර් මිලියන 500 ක් මේ රටට එව්වොත් මේ පෝලිම් ටික නැති කරන්න පුලුවන්. අපේ රටේ ජනතාවගේ දුක නැති කරන්න පුලුවන්. ඒ එන මුදල ඒ කාර්යය සදහා යොදවන බවට අපි සහතික වෙනවා. මේ රටේ ජනතාව දුක් විදින එක ඔබට බලාගෙන ඉන්න අමාරුයි කියලා අපි දන්නවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපිට දෙන්න පුවන් පූර්ණ සහාය ලබාදෙන්න කියලා ඉල්ලනවා

මේ ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ මුදල් එවීමේදී, එවන ලද මුදල් ප්‍රමාණය මත තීරුබදු සහන ලබාගැනීමේ අවස්ථාව ලබාදීමේදී, අදාල සහන වැඩි කිරීමට අපි අද දිනයේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා. ඒ වගේම වසරක කාලයක් ඇතුළත ඩොලර් ලක්ෂයක මුදලක් ලංකාවට එවලා තියෙනවා නම් වාහනයක් ආනයනය කිරීමේ අවසර පත්‍රයක් ලබාදීමට අපි යෝජනා කරනවා. ඒ වගේම යම් බදු සහනයක්, ලබාදීමටත් යෝජනා කරනවා. ඒ වගේම අඩු පොලීයට නිවාස ණයක්, ලංකාවට එවූ මුදල්වලට සාපේක්ෂව ලබාදීමට අපි යෝජනා කරනවා. සහන පොලීයට ණය ලබාදීමටත් අපි යෝජනා කරනවා. ඒ වගේම ඩොලර් පනස් දහසක්වත් එවලා තියෙනවා නම් පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කිරිමේදී ලකුණු ක්‍රමවේදයක් හදන්න කියලා අපි ඉල්ලනවා

ඒ වගේම විදෙස් ගත ශ්‍රමිකයින් එවන මුදල් ප්‍රමාණය මත රජයේ ඉඩම් ඔවුන් වෙත ලබාදීමේ සහන වැඩපිළිවෙලක් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට අපි යෝජනා කරනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයින් සදහාම වූ විශේෂ කාඩ් පතක් අපි හදුන්වා දෙනවා. ඒ කාඩ් එක හරහා, ලංකාවට එද්දීත්, තමන්ගේ පවුලේ අයටත් වට්ටම් ලබාදීමට ආයතන රැසක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ වට්ටම විගමණික ශ්‍රමිකයාට ඔහුට විතරක් නෙමෙයි, ඔහුගේ පවුලේ අයටත් ලබාදීමට අපි කටයුතු කරනවා

ගුවන්තොටුපොල හරහා දේශපාලඥයින් රතු පලස් දමා පිළිගන්නවා වෙනුවට මේ ශ්‍රමිකයින් තමයි රතු පලස් දමා පිළිගන්න ඕන. මිනිස්සු කාල ඇදලා ඉන්නේ, අපේ රටට තෙල් ටික ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ අය රටට ඩොලර් එව්වොත් විතරයි. එහෙම ඩොලර් එවන අය පිළිගැනීමට සුවිශේෂී කවුන්ටරයක් තිබිය යුතුයි. ඒ අයගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී අඩු සැලකිලි තියෙනවා කියලා අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඒ ගැනත් අපි අවධානය යොමු කරලා අදාලා ආයතන සමග සාකච්ඡා කරලා, සහයෝගය ලබාදීමට කටයුත ුකරනවා. එතැනදී මේ කාඩ් පත වැදගත් වේවි.

විගමණික ශ්‍රමිකයින් තමන් ඉන්න රටේදී ගැටලුවලට මුහුණ දෙන විට ඒ ප්‍රශ්ණවලටත් තානාපති කාර්යාල හරහා විසදුම් ලබාගැනීමට අපහසුතාවක් තිබෙනවානම් සෘජුව මා ඇමතීමට වට්ස් ඇප් අංකයක් එනවා. පටිගත ඔබේ පණිවුඩයක් විදියට එය එවන්න. ඒ අංක තමයි 077 744 2500. වට්ස් ඇප් පණිවුඩ හරහා ඔබේ අදහස් අපිට එවන්න.

මේ රට දුෂ්කර අවස්ථාවකට ඇවිත් තියෙන වෙලාවක, ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ රටේ ණය අරගෙන, ප්‍රශ්ණය විසදන්න බෑ. ණය අරගෙන මිනිස්සු තවත් ණය කාරයින් බවට පත් කරන්න බෑ. මේ රටේ නිෂ්පාදන ආර්ථිකය හදන්න ඕන වගේම විදේශ ගත ශ්‍රමිකයින් විදියට විදෙස් ගතව සිටින ඔබ මේ ඩොලර් ප්‍රමාණය ලබාගැනීමට අපිට උදව් කළොත් මේ රට තවත් ණය කිරීමට උවමනා නැති ආකාරයට දායකත්වය ලබාදෙන්න පුලුවන් වේවි

ඔබ 2019 දී ජාතික කොඩිය අරගෙන ලංකාවට ආවා. දැන් මේ වෙලාවේ ඔබේ සහාය අත්‍යවශ්‍යම මොහොත. ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් බවට පත්වෙලා රට ආරක්ෂා කරගැනීම, ජාතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙළ ගැසෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

++++++++

***************************************

ලංකාවේ ‘මාධ්‍ය දේශපාලනයේ’ උපාය මාර්ග සකසන ඇමරිකා එක්සත් ජනපදය

(23.05.2022 – 09:58 +0530 – lankaleadnews.com)

2022 පෙබරවාරි මස 06 වන ඉරිදා ජාතික පුවත්පත්හි, මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එම කාර්යාලයේ එක්තරා තනතුරක් සඳහා බඳවාගැනීමට පුවත්පත් දැන්වීමක් පළ කර තිබිණි. එම තනතුර නම් කර තිබුනේ ‘පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥ’ යනුවෙනි.

මෙම දැන්වීමෙහි අන්තර්ගතය විශ්ලේෂණය කර බැලීමේදී එය තවත් එක් ‘රැකියා පුරප්පාඩු දැන්වීමක්’ ලෙස නොසලකා හැරිය නොහැකි බවත්, එම දැන්වීමේ අන්තර්ගතය මගින් එක්සත් ජනපද වුවමනාවන් සඳහා මෙරට මාධ්‍ය – දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීමේ උපාය මාර්ගය හඳුනාගත හැකි බවත් අපගේ කල්පනාවයි.

උක්ත රැකියාවේ කාර්යභාරය කෙබඳුද යන්න එම දැන්වීම තුළ සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.

“පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥයා තොරතුරු නිලධාරියාගේ හෝ පොදු කටයුතු භාර නිලධාරියාගේ සෘජු අධීක්ෂණයට ලක්වන අතර, ඔහු / ඇය මෙරට සේවය කරන තොරතුරු සහායකයින් තිදෙනෙක් අධීක්ෂණය කළ යුතුය. මාධ්‍ය මැදිහත්වීමෙන් ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් කිරීම සඳහා ප්‍රධාන උපදේශක වශයෙන් ක්‍රියා කළ යුතුය. දීර්ඝ කාලීන ප්‍රවණතාවන් සහ ප්‍රතිපත්තීන්ට අදාළව මතුවන ගැටලු හඳුනාගත යුතු අතර, එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති සහ ඇමරිකානු අභිරුචිය පිළිබඳ සත්කාරක රටෙහි පුවත්පත් සහ මාධ්‍ය ආවරණය සිදු කිරීමට අදාළ උපාය මාර්ග පිළිබඳව තානාපති කාර්යාල නායකත්වය දැනුවත් කළ යුතුය. එක්සත් ජනපදයට වැදගත්කමක් තිබෙන ගැටලු පිළිබඳ සත්කාරක රටෙහි සිදු කරන පුවත්පත් සහ මාධ්‍ය ආවරණයන් අධීක්ෂණය, විශ්ලේෂණය සහ වාර්තා කිරීම සිදු කළ යුතුය. මාධ්‍ය ආයතන හිමිකරුවන්, කර්තෘවරුන්, නිෂ්පාදකවරුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පුවත්පත් සහ මාධ්‍ය වෘත්තිකයින් සමග ඵලදායී සබඳතා ගොඩනඟාගත යුතු වේ. මාධ්‍ය සංචාර, මාධ්‍යවේදී පුහුණු සැසි සහ හුවමාරු වැඩසටහන් නිර්මාණය සහ සම්බන්ධීකරණය කිරීම සිදු කළ යුතු වේ.”

ලංකාව තුළ තානාපති කාර්යාල පවත්වාගෙන යන කිසිදු රටක් ලංකාවේ ජනමාධ්‍ය හැසිරීම සම්බන්ධව මෙබඳු අවධානයක් යොමු කරන්නේ නැත. එබඳු පසුබිමක ඇමරිකාව සිදු කරන මේ මාධ්‍ය මැදිහත්වීමේ අරමුණ කුමක්ද? පැහැදිලිවම ඒ ඇමරිකා එක්සත් ජනපදයට හිතවාදී, එහි විදේශ ප්‍රතිපත්තිය විෂයයෙහි ධනාත්මක හැසිරීමක් සහිත ජනමාධ්‍ය යාන්ත්‍රණයක් මෙරට තුළ ගොඩනංවා ගැනීමය. එක්සත් ජනපදයේ බල දේශපාලන වුවමනාවන්ට අවැසි ලෙස සිය මාධ්‍ය හසුරුවන හා මෙරට විවිධ අංශවල රහස්‍ය තොරතුරු එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත සපයන / විකුණන ‘මාධ්‍ය වේදීන්’ මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනවල පවා සිටී. උදාහරණයක් ලෙස, ‘විකිලීක්ස්’ මගින් අනාවරණය කළ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය හා ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අතර හුවමාරු වූ කේබල් පණිවිඩවලින් එකක සඳහන් වූයේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ පාලන සමයේදී තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරන ‘චන්ද්‍රසේකර’ නමැති මාධ්‍යවේදියා විශ්වාසදායී මූලාශ්‍රයක් වූ බවයි. එබඳු ‘සේකරලා’ ජාලයක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනඟාගැනීම හා පවත්වාගෙන යාම සඳහා ඇමරිකාවට ඇති වුවමනාව ලංකාවේ ‘ඕපාදූප’ ඇසීමට ඇති ප්‍රාථමික කැමැත්තක් නොව, ඉන් ඔබ්බට ගිය මූලෝපායික වුවමනාවක් බව අමුතුවෙන් කිය යුතු නොවේ.

මෙහිදී ලංකාවේ ජනමාධ්‍ය විෂයෙහි ඇමරිකානු මැදිහත්වීම පහළ මට්ටමේ තනි තනි මාධ්‍ය වේදියා ඉලක්ක කිරීමේ සිට, ඉහළම මට්ටමේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති සකසන වෘත්තිකයින් හා ආයතන දක්වා සිදුවන්නක් බව පැහැදිලිය. මේ බව පැහැදිලි කිරීමට මෑත කාලීන අපූරු උදාහරණයක් තිබේ. ලංකාවේ ‘වරලත් ජනමාධ්‍ය ආයතනයක්’ පිහිටුවීම සඳහා මෑතකාලීනව හිටපු ජනමාධ්‍ය ඇමතිවරයකුගේ මූලිකත්වයෙන් පැවති කමිටු සාකච්ඡාවට සහභාගි වූ දැනට මෙරට පවතින ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ ආයතනයක ප්‍රධානියා එම සාකච්ඡාවේදී මතු කොට තිබුණේ, මේ පිහිටුවීමට යෝජිත වරලත් ජනමාධ්‍ය ආයතනය එක්තරා ඇමරිකානු ආයතනයක විශ්වාසය දිනා ගත හැකි ලෙස පිහිටුවීම සම්බන්ධවය. ශ්‍රී ලංකාවේ රජය විසින් පිහිටුවීමට සැලසුම් කරන ආයතනයක් සම්බන්ධව, ඇමරිකානු ආයතනයක විශ්වාසය ගැන මෙහි සිට සිතන මෙබඳු වෘත්තිකයින්ගේ භූමිකාව අප තේරුම් ගත යුතු වන්නේ කෙබඳු ලෙසද?

එසේම, මෙම ආයතන ප්‍රධානියාගේ මතය වී ඇත්තේ මෙම ආයතනය රජයේ ආයතනයක් ලෙස නොව, ස්වාධීන ආයතනයක් ලෙස (පුවත්පත් පැමිණිලි කොමිසම, ජනමාධ්‍ය විද්‍යාලය වැනි…) පිහිටුවිය යුතු බවයි. එහි අරමුණ මෙම යෝජිත ආයතනයද, තවත් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීම බව පැහැදිලිව හඳුනාගැනීමට පිළිවන. එමගින් ඇමරිකා එක්සත් ජනපදයට අයත් USAID ආයතනයට මෙරට තුළින් තවත් ‘මතවාදී භූමියක්’ නිර්මාණය කර ගැනීමට ඉතා පහසුවෙන් හැකිවන බවට සැකයක් නැත. මෙරට ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා වෘත්තිකයින් රාජ්‍ය නොවන සංවිධානවල අර්ධ කාලීන රැකියා කරන්නවුන් නිසා, අනිවාර්යයෙන්ම රජය යටතේ පිහිටුවිය යුතු වරලත් ජනමාධ්‍ය ආයතනය, තමන්ගේ හිතවත් රාජ්‍ය නොවන සංවිධාන සඳහා ‘ස්වාධීන යාන්ත්‍රණයක්’ ලෙස පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව රජයට අවධාරණය කිරීමට ව්‍යාපෘති වාර්තා සැකසීමට හා ඒ බව රජයේ ඉහළ බලධාරීන්ට ඒත්තු ගැන්වීමට විවිධ ‘ක්‍රමවේද’ යොදාගත හැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේම, ජනමාධ්‍ය වේදීන්ට එම පිහිටුවන ආයතනය මගින් බලපත්‍රයක් ලබාදීම සඳහා මැදිහත් විය යුතු බවටද මෙම තැනැත්තා විසින් යෝජනා කරනු ලැබ තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දැනටමත් මාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබේ. ඒ හැඳුනුම්පත නිකුත් කිරීමේදී ජනමාධ්‍ය වේදියාගේ දේශපාලන මතවාදය ඒ සඳහා සලකා බලනු නොලැබේ. නමුත් මෙසේ පිහිටුවීමට යෝජිත වරලත් ජනමාධ්‍ය ආයතනය මගින් එබඳු මාධ්‍ය බලපත්‍රයක් ලබාදීමට මැදිහත්වීම කිසිසේත්ම සාධනීය තත්ත්වයක් නොවන අතර, මේ හරහා එකී වරලත් ජනමාධ්‍ය ආයතනයේ (එය ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කරන්නේ නම්) කළමනාකාරීත්වයට (එහි කළමනාකාරීත්වයට පත් වනු ඇත්තේද මෙම පුද්ගලයා ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල හිතවතුන් හා ක්‍රියාකාරිකයන් බවට සැකයක් නැත.) මෙරට ජනමාධ්‍යවේදීන් සිය මතවාදය සඳහා අවනත කර ගැනීමේ හා ඔවුන් මතවාදී වශයෙන් පාලනය කිරීමේ බලයක් ගොඩනැඟේ. මෙබඳු ඊනියා ‘ස්වාධීන’ ආයතන විදේශ රටවල සැඟවුණු භූ දේශපාලන න්‍යායපත්‍රවල ව්‍යාපෘති නියෝජනය කරන බව මෙරට මෙබඳු ආයතනවල ස්වභාවය හා ඒවායේ ප්‍රධානීන්ගේ අල ගිය මුල ගිය තැන් දන්නා කිසිවකුටත් රහසක් නොවේ.

විශේෂයෙන්ම පූර්වෝක්ත දැන්වීමෙහි සඳහන් වන මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අත පෙවීමේ ඇමරිකානු අරමුණ අනුව ගත් විට, යෝජිත මෙම වරලත් ජනමාධ්‍ය ආයතනයද ඊට අනුගත යාන්ත්‍රණයක් බවට පත් කරගැනීමේ විභවය එහි ආරම්භක සාකච්ඡාවේ පටන්ම පැවති බව අප අනාවරණය කරන්නේ, මෙරට මාධ්‍ය සම්බන්ධව ඇමරිකාවේ මැදිහත්වීමේ සියුම්භාවය හා බරපතළභාවය පෙන්වා දීම පිණිසය.

මෙරට ජනමාධ්‍ය සම්බන්ධව සද් භාවයෙන් යුතුව ඉදිරිපත්ව ඇති මෙම වරලත් ජනමාධ්‍ය ආයතනය පිළිබඳ මූලික යෝජනාව අවසානයේ අනපේක්ෂිත ලෙස ස්ථානගත වනු ඇත්තේ, තවත් යුරෝ – ඇමරිකා න්‍යායපත්‍රයක් තුළය.

මෙරට ජනමාධ්‍ය අධ්‍යාපනයේ සිට එහි උපාය මාර්ග සකස් කිරීමේ යාන්ත්‍රණය දක්වා වන්නේ කෙබඳු දැක්මක් සහිත පුද්ගලයින්ද යන්න මෙයින් හඳුනාගැනීමට පිළිවන. මෙබඳු මාධ්‍ය ඔස්තාද්ලා යටතේ ජනමාධ්‍යවේදය හදාරන ශිෂ්‍යයින්ගේ මාධ්‍ය දැක්ම නිර්මාණය වන්නේ එක්සත් ජනපදයට අවශ්‍ය මාධ්‍ය පර්යාලෝකයක් තුළ වන අතර, එම ශිෂ්‍යයින් පසු කාලීනව ජනමාධ්‍ය වෘත්තිකයින් ලෙස මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ස්ථානගත වූ පසු ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාන්විතය සිදු වන්නේ එබඳු දැක්මකින් බව පැහැදිලිය.

උක්ත දැන්වීමේ සඳහන්, “මාධ්‍ය ආයතන හිමිකරුවන්, කර්තෘවරුන්, නිෂ්පාදකවරුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පුවත්පත් සහ මාධ්‍ය වෘත්තිකයින් සමග ඵලදායී සබඳතා ගොඩනඟාගත යුතු වේ. මාධ්‍ය සංචාර, මාධ්‍යවේදී පුහුණු සැසි සහ හුවමාරු වැඩසටහන් නිර්මාණය සහ සම්බන්ධීකරණය කිරීම සිදු කළ යුතු වේ.” යන කොටස, ඇමරිකානු අවශ්‍යතා වෙනුවෙන් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය බිලී බා ගත හැකි ඇමක් වන ‘මූල්‍ය හා වෙනත් වරප්‍රසාද’ පිළිබඳ ඉඟියකි.

ඇමරිකානු තානාපති කාර්යාලයේ ස්ථාපිත කිරීමට සැරසෙන මෙකී, ‘පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥ’ තනතුර සම්බන්ධ දැන්වීමෙහි ‘රැකියා දැනුම’ යන උප ශීර්ෂය යටතේ මෙසේ සඳහන් කර තිබේ.

“සත්කාරක රටෙහි දේශපාලනික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික ප්‍රතිපත්තීන් සහ ප්‍රවණතාවන් පිළිබඳව සවිස්තරාත්මක දැනුමක් තිබීම අවශ්‍ය වේ. සත්කාරක රටෙහි පුවත්පත් / මාධ්‍ය ආයතන, වෘත්තීමය ජනමාධ්‍යවේද ප්‍රමිතීන් සහ භාවිතයන්, එමෙන්ම මුද්‍රිත, රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාල මාධ්‍ය මගින් තොරතුරු පරිභෝජනය කිරීමේදී ප්‍රේක්ෂක අභිමතයේ ඇතිවන ප්‍රවණතාවන් පිළිබඳව පූර්ණ වටහා ගැනීමක් තිබිය යුතුය. සත්කාරක රටෙහි තොරතුරු පරාසයට බලපෑමක් ඇති කරන අන්තර්ජාතික සහ කලාපීය සන්නිවේදන ප්‍රවණතා පිළිබඳ දැනුමක් තිබිය යුතුය. සත්කාරක රටෙහි භාවිත වන අලෙවිකරණ ශිල්ප ක්‍රම, වෙළෙඳපොළ විශ්ලේෂණය සහ ප්‍රේක්ෂකයින් පිළිබඳ විශ්ලේෂණාත්මක දත්ත සම්බන්ධ දැනුමක් තිබිය යුතුය.”

මෙමගින් ඇමරිකානු ඉලක්කය ඉතා සියුම් ලෙස මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය ආදී සකල විධ මාධ්‍ය ඔස්සේ සපුරාගැනීම සඳහා යාන්ත්‍රණය නිර්මාණය වන බව පෙනේ. එහිදී ‘ඇමරිකානු හිතවාදී බව බැලූ බැල්මට නොපෙනෙන ලෙස එහෙත්, අවසාන මතවාදය ඇමරිකානු භූ දේශපාලන උපාය මාර්ගයට අනුගත වන සියුම් මතවාදී හා තොරතුරු ‘එන්නත්කරණ’ ක්‍රියාවලියක් සිදුවීමට නියමිත ය. එසේම, “සත්කාරක රටෙහි දේශපාලනික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික ප්‍රතිපත්තීන් සහ ප්‍රවණතාවන් පිළිබඳව සවිස්තරාත්මක දැනුමක් තිබීම අවශ්‍ය වේ.” යන්න මගින් එකී ක්ෂේත්‍ර සමග ගැටුමක් හා පරස්පරයක් නොපෙනන පරිදි ‘අන්තර් සංස්කෘතික සන්නිවේදන’ ක්‍රමවේදයක් තුළ මෙරට ජනමතය ඇමරිකාවට වුවමනා පරිදි හසුරුවා ගැනීමේ කාර්යය සිදුවීමට නියමිතය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ ස්ථාපිත කිරීමට සැරසෙන මෙකී, ‘පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥ’ තනතුර සම්බන්ධ දැන්වීම, මේ මොහොතේ පටන් ඉදිරියට ලංකාවේ ජනමාධ්‍ය පිට්ටනිය නිර්මාණය වන්නේ කෙබඳු ඇමරිකානු උපාය උපක්‍රම තුළද යන්න ඉඟි කරන ඉතා වැදගත් මූලාශ්‍රයක් බව අපගේ වැටහීමය.

නමුත් ලංකාවේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පටන් ජනමාධ්‍ය ආචාර්යවරුන් හරහා ජනමාධ්‍ය වෘත්තිකයින් දක්වාම අඩු වැඩි වශයෙන් දැන හෝ නොදැන මෙම උපාය මාර්ගික ජනමාධ්‍ය සැලසුම්වල ගොදුරු වී ඇති යථාර්ථයක, මෙබඳු අනාවරණයක වැදගත්කම හා මෙහි වන ‘දේශපාලන බර’ වටහාගෙන ඊට ප්‍රතිපක්ෂ මාධ්‍ය භාවිතයක් සඳහා මැදිහත් විය හැකි යාන්ත්‍රණයක් හෝ සමාජ – දේශපාලන ව්‍යාපාර නොවීම කනගාටුවට කරුණක් බව අවසාන වශයෙන් පැවසිය යුතුමය.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

***************************************

‘උසි කපුටා’ කියා අම්මලා පොඩි දරුවන්ට බත් කවනවා වගේ බැසිල්ව පෙන්නා විජේදාස මහතා අපට රනිල්ගේ ව්‍යවස්ථාව ගිල්ලන්න හදනවා – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර

(23.05.2022 – 18:59 +0530 – lankaleadnews.com)

බැසිල් රාජපක්ෂට මන්ත්‍රීකම අහෝසි කරන එකට විරුද්ධ අය ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන බවට සමාජ මාධ්‍යය ජාලා මගින් ගෙන යන මතය සම්බන්ධව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේම වචනයෙන් :

“ජාතික සංවිධාන විදියට අප කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍යය මහජන සංවාදය ගෙන ඒමට මේ අර්බූදය ඇතුලේ අවස්ථාවක් නැහැ. එලෙස සංවාදයක් නොමැතිව ව්‍යවස්ථා සංශෝධන ගෙන එන එක වැරදියි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වගේ බෙදුම්වාදයට පක්ෂපාතී නායකයෙකු යටතේ ව්‍යයවස්ථා සංශෝධනයකට එකතු වන එක භයානක දෙයක්. ගෝඨාභය ක්‍රියාත්මක නොකළ විධායක බලය රනිල්ට දුන්නාම හරි යනවා කියා අපි හිතන්නේ නැහැ. එදා 20 වන සංශෝධනය ගෙනාවෙත් අද 21 වන සංශෝධනය ගෙනාවෙත් බැසිල් නිසා කියනවා නම් විජේදාස රාජපක්ෂ මහත්තය හිතනවා ඇති මේ රටේ ඉන්නේ සියලු දෙනා ‘පොඩි ළමයි’ කියලා. මේ හදන්නේ ‘නංගී පෙන්නල අක්කව දෙන්න; කපුටව පෙන්නල උකුස්සට බලය අරගෙන දෙන්න’ “

***************************************

23-05-2022

***************************************

23-05-2022

***************************************

24-05-2022

***************************************

ලංකාවට කලු සල්ලි ගේන්න දගලන බැසිල් – නීතීඥ නාගානන්ද (23.05.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ sending money by foreign diaspora and overseas workers. As long as Rajapaksha family is in power it will not happen, so do not keep high hopes. Ranil nor any of the MPs has addressed the issue that the public is leveling at our rogue leaders, Rajapaksha and Ranil inclusive, for misusing and raiding our banks, pension funds, and foreign funds that should come into the national treasury but intercepted by the rulers and their adminstrators, stashing away those moneys in their private foreign back accounts. This is the issue that MUST be addressed first to give confidence to the diaspora and foreign workers. They also want to know why the rogues are stealing money from contracts, and transferring payback to the public or mortgaging portions of the country to foreigners. We need answers to them and to stop this heinous practice by our rogue leaders. Finally, stop begging, begging and begging; show your will, plans and commitment to increase domestic production of agriculture and resourcing them in the country. Mrs B one time set on a program to make the country self-sufficien, you the UNP baskets at the time came to power and destroyed all that good work, turning back the tide that she started. Now you are paying back for the sins of those like Jayawardana. So, stop begging for godsake, and come up with plans to create wealth in the country. Diaspora will then listen and send their earnings, but NOT while there is a risk that jaraapakshas and Ranil accolytes may be raiding the central bank to misuse these diaspora sent funds and deposit them in their own bank accounts abroad. We have lost trust and confidence on our rogue leaders, so these appeals do not get a good response. Get rid of them first. Think about it, if YOU HAVE A BRAIN!

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *