කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අත්අඩංගුවට ගැනීම ගැන සී.අයි.ඩී.ය අද (29) අධිකරණයට කරුණු වාර්තා කරයි

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අත්අඩංගුවට ගැනීම ගැන සී.අයි.ඩී.ය අද (29) අධිකරණයට කරුණු වාර්තා කරයි

*********************************************

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අත්අඩංගුවට ගැනීම ගැන සී.අයි.ඩී.ය අද (29) අධිකරණයට කරුණු වාර්තා කරයි

(29.04.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන දී වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ චෝදනා ලැබූ කොස්තාපල්වරුන් තුන්දෙනා (3) අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (29) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලැබෙන නියෝග අනුව අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරීන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට අදාළ කටයුතු සිදු කෙරෙන බවයි.

රඹුක්කන දී වෙඩි තැබීමට නියෝග කළ සහ වෙඩි තැබූ නිලධාරීන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පසුගියදා කෑගල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එම නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදීමත් සමඟ ඊයේ (28) රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් රෝහලේ දී වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න අත්අඩංගුවට ගනු ලැබුවා.

සෙසු පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනා (3) ද ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

+++++++++++

අත්අඩංගුවට ගත් රඹුක්කන පොලිස් සැකකරුවන්ගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් නියෝග

(29.04.2022 – 16:33 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරින් 04 දෙනා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස කොළඹ සහ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

ඒ ඊයේ (28) දිනයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පොලිස් අධිකාරිවරයා සහ සෙසු කොස්තාපල්වරුන් සම්බන්ධයෙනි.

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න සහ තවත් පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකු (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ ඊයේ (28) රාත්‍රියේ දී යි.

ඒ, සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුවයි.

විරෝධතාවක් අතරතුර රඹුක්කනදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට නියෝග කළ සහ වෙඩි තැබූ නිලධාරින් සියලුදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කෑගල්ල මහේස්ත්‍රාත්වරිය පෙරේදා (27) නියෝග කළා.

කෑගල්ල මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළ නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ (28) උපදෙස් ලබා දී තිබුණා.

ඒ අනුව කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නට අමතරව රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ කණ්ඩායමේ සිටි පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු (3) මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

++++++++++

රඹුක්කන වෙඩි තැබීමට අනුබල දුන් SSP රිමාන්ඩ්

(29.04.2022 – 17:38 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සිද්ධියේ වෙඩි තැබීමට නියෝග කළ එස්.එස්.පී. රිමාන්ඩ්

රඹුක්කන සිද්ධියේදී වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගත් ඔහු නාරාහේන්පිට පොලිස් රෝහලේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

අතිරේක මහේස්ත්‍රාත්වරිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

රඹුක්කන සිද්ධියට අදාළව නඩුව අද (29) කැඳවූ අවස්ථාවේදී කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කරනු ලැබුවේ අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වෛද්‍ය වාර්තා කොළඹ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුවයි, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නාරාහේන්පිට පොලිස් රෝහලට ගොස් අත්අඩංගුවට ගෙන සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පරීක්ෂා කළේ.

එසේම, මහනුවර – කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රඹුක්කන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනා සම්බන්ධයෙන් ද වෛද්‍ය වාර්තාවක් සකස් කර තෙල්දෙණිය අධිකරණට ඉදිරිපත් කරන ලෙසට කෑගල්ල මහේස්ත්‍රාත්වරිය මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කරනු ලැබුවා.

අද (29) නඩුව කැඳවු අවස්ථාවේදි, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මීනිමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ එහි උප පොලිස් පරික්ෂකවරයෙකු විසින් අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නිතීඥවරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ වෙඩි තැබිම් සිදු කළ තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) සිටින බැවින් ඔවුන් ද අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව, කෑගල්ලේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත යුතු බව ඔවුන් අධිකරණයට දන්වා සිටියා.

එසේම අදාළ පොලිස් සැරයන්වරයා සිද්ධියට පසු දින මහේස්ත්‍රාත්වරිය සිදුකළ ස්ථානීය පරික්ෂණයේදී තමන් අහසට වෙඩි උණ්ඩ දෙකක් (2) තැබූ බවට සාක්ෂි ලබා දුන් බව ද නිතීඥයින් අධිකරණයට දන්වනු ලැබුවා.

දේශපාලන ප්‍රභුවරුන්ට නිතීමය කටයුතු වලදී අසනීප වී රෝහල් ගත විම, පොලිස් නිළධාරින්ට ද වැළදි ඇති බවයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ.

පසුව කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න නියෝග කළේ රඹුක්කනදී වෙඩි තැබීමට නියෝග කළ සහ වෙඩි තැබූ නිලධාරින් තවත් සිටිනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර, රඹුක්කන සිද්ධියෙන් ජිවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂාන්ගේ බිරිඳ පවසන්නේ සමාජයෙන් එල්ලවන චෝදනා හේතුවෙන් තම දරුවා පාසල් යාම පවා ප්‍රතික්ෂේප කරන බවයි.

+++++++++++

රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ කොස්තාපල්වරුන් ලබන 13 දක්වා රිමාන්ඩ්

(29.04.2022 – 19:30 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාව අතර වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනා (3) ලබන මැයි මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයයි අද (29) මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සැකකාර පොලිස් නිලධාරීන් ප්‍රතිකාර ලබන කුණ්ඩසාලේ පොලිස් රෝහලට මහේස්ත්‍රාවරයා පැමිණ කළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

මේ අතර රඹුක්කන සිද්ධියට අත්අඩංගුවට ගත් කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවේ අදාළ නඩුව අද (29) කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් පොලිස් නිලධාරීන් සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

රඹුක්කනදී වෙඩි තැබීමට නියෝග කළ සහ වෙඩි තැබූ නිලධාරින් සියලුදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කෑගල්ල මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගයට අනුව කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහුට අමතරව එම සිද්ධියට අදාළ තවත් කොස්තාපල්වරුන් 03 දෙනෙකු ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහනුවර – කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහලේදී අත්අඩංගුවට ගැනු ලැබුවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මීනිමැරුම් විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා සහ එහි උප පොලිස් පරික්ෂකවරයෙකු විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අද කෑගල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එහිදී කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නාරාහේන්පිට රෝහලේ සහ අනෙක් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා (3) කුණ්ඩසාලේ රෝහලේ අසනීප තත්ත්වයෙන් ප්‍රතිකාර ගන්නා බවට අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමටත් ඔවුන් කටයුතු කළා.

ඉන් අනතුරුව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නිතීඥවරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ වෙඩි තැබිම් සිදු කළ තවත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු (2) සිටින බැවින් ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුවල කෑගල්ල සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ සුජිත් නිශාන්ත අස්වැද්දුම යන පොලිස් සැරයන්වරයා සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත යුතු බව පැමිණිලි පාර්ශවය අධිකරණයට දන්වා සිටියා.

එසේම සුජිත් නිශාන්ත අස්වැද්දුම යන පොලිස් සැරයන්වරයා සිද්ධියට පසු දින මහේස්ත්‍රාත්වරිය සිදුකළ ස්ථානීය පරික්ෂණයේදී තමන් අහසට වෙඩි උණ්ඩ දෙකක් (2) තිබු බවට සාක්ෂි ලබා දුන් බව ද නිතීඥයින් අධිකරණයට දන්වනු ලැබුවා.

දේශපාලන ප්‍රභුවරුන්ට නිතීමය කටයුතු වලදී අසනීප වී රෝහල් ගතවීමල පොලිස් නිළධාරින්ටද වැළඳී ඇති බවයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් අධිකරණ හමුවේ කියා සිටියේ.

පසුව කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අධිකරණයට නියෝග කළේ රඹුක්කනදී වෙඩි තැබීමට නියෝග කළ සහ වෙඩි තැබූ තවත් නිලධාරීන් සිටීනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඉන් අනතුරුව දෙපාර්ශයේම දිර්ඝ කරුණු දැක්වීමක් සිදු කරනු ලැබුවා.

පසුව මහේස්ත්‍රාත්වරිය කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සකස් කර කොළඹ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා (3) සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සකස් කර තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ද නියෝගයක් නිකුත් කළා.

මෙම නඩුව යළි ලබන 02 වනදා කැඳවීමට නියමිතයි.

ඒ අනුව රඹුක්කන සිද්ධියට අදාළව වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රතිකාර ලබමින් සිටින නාරාහේන්පිට පොලිස් රෝහලට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය පැමිණ කළ පරීක්ෂාවකින් අනතුරුවයි.

මේ අතර රඹුක්කන සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් චමින්ද ලක්ෂාන්ගේ බිරිඳ පවසන්නේ සමාජයෙන් එල්ලවන චෝදනා හේතුවෙන් තම දරුවා පාසල් යාමට පවා ප්‍රතික්ෂේප කරන බවයි.

***************************************

තණමල්විල පොළ භූමියේ දී පුද්ගලයකු හතරට කපා ඝාතනය කෙරෙයි

(29.04.2022 – 09:51 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල නගරයේ තණමල්විල සතිපොළ භූමියේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

සතිපොළට භාණ්ඩ මිල දී ගැනීමට පැමිණි පුද්ගලයකුව යි මෙසේ ඝාතනය කර ඇත්තේ.

එම පුද්ගලයාගේ සිරුර හතරට (4) කපා ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් පවනවා.

ප්‍රහාරයෙන් පසු එම පුද්ගලයා එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වී ඇති අතර, මියගොස් ඇත්තේ, කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිස් හතරක (44) පුද්ගලයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නො මැති අතර, ඉදිරි විමර්ශන තණමල්විල පොලිසිය විසින් සිදු කරනු ඇති.

***************************************

නිතී විරෝධී මත්පැන් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

(29.04.2022 – 10:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) වන දින ජාඇල පොලිස් වසමේ දී නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, ජා ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙක්.

නිතී විරෝධී මත්පැන් ලීටර් 101.25 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගන්න අවස්ථාවේ දී ඔහු සතු ව තිබී ඇති බව යි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශණ කටයුතු ජා ඇල පොලිසිය විසින් මෙහෙයවනු ඇති ෴

***************************************

2015 බැඳුම්කර නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විරෝධතා මතු කරන බව විත්තිය අධිකරණයට දන්වයි

(29.04.2022 – 13:19 +0530 – hirunews.lk/sinhala)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් මූලික විරෝධතා මතු කරන බව විත්ති පාර්ශ්වය විසින් අද (29) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට දැනුම් දුන්නා.

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් මිලියන 688 ක මුදලක් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා කරමිනුයි නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ.

චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි අද (29) මෙම නඩුව කැඳවනු ලැබුවේ.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තමන් විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව නඩුවට අදාළ මූලික විරෝධතා මැයි මස 26 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා ෴

***************************************

දියණියක් අපයෝජනය කළ පියෙකුට වසර 16 ක සිරදඬුවම්

(29.04.2022 – 16:56 +0530 – hirunews.lk/sinhala)

සිය දියණිය අපයෝජනයට ලක් කළ කොළඹ ප්‍රදේශයේ පියෙකුට බරපතල වැඩ සහිත වසර 16 ක සිරදඩුවම් කොළඹ මහාධිකරණය විසින් අද (29) නියම කළා.

2016 වසරේදී අදාළ දැරිය මෙලෙස අපයෝජනයට ලක්ව තිබුණා.

ඒ වනවිට ඇය සිව් (4) හැවිරිදි වියේ පසුව ඇති අතර අසභ්‍ය වීඩියෝ පෙන්වීමෙන් අනතුරුව මෙලෙස ඇයව අපයෝජනයට ලක් කර ඇති බවයි අධිකරණයේදී අනාවරණ වී ඇත්තේ ෴

***************************************

රුපියල් කෝටි 4 ක වාහන සහ කහ තොගයක් රේගු භාරයට

(29.04.2022 – 20:31 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් නීතිවිරෝධීව එංගලන්තයේ සිට ආනයන කළ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක් (2), වාහන කොටස් පහක් (5) සහ කහ කුඩු කිලෝග්‍රෑම් 1000 ක් ශ්‍රී ලංකා රේගුවේ ‘ග්‍රේ ලයින්’ අංගනයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

***************************************

ප්‍රවීණ සිනමා නිළි අනූෂා සොනාලිගේ අවසන් කටයුතු සිදු කෙරේ

(29.04.2022 – 22:29 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ සිනමා නිළි, අනුෂා සොනාලිගේ අවසන් කටයුතු අද (29) දිනයේ සිදු කෙරුණා.

ඒ, නැදිමාල පොදු සුසාන භූමියේදී යි.

ඇය ඊයේ (28) දිනයේ දී කළුබෝවිල රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන්.

‘මමත් ගැහැනියක්’, ‘දරු උපත’, ‘වීසි දැල’, ‘ලොකු දුව’ යන ජනාදරයට පාත්‍ර වූ සිනමා පට ගණනාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා.

වර්ෂ 1972 දී උපත ලැබූ අනූෂා සොනාලි මහත්මිය මියයන විට 47 හැවිරිදි වියෙහි පසුවූවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ corrupt policemen of all ranks that indulge in criminal activities for corrupt and criminally minded politicians and ministers: all these pests in the society must be arrested and severely punished to the maximum capability that the law allows. There should be ZERO TOLERANCE given to them at the Courts. Sri lanka, the so called unjustifiably called DHAMADWEEPA, is notorious for criminal activities by all types of governments in power irrespective of the party that they represent. These are the Presidents, PMs, Ministers and MPs both local and provincial that demand, encourage or give tacit agreements, even give direct and indirect orders to enforcement agencies and individual high ranking police officers to carry out criminal activities against civil population. This is are terrible crimes against humanity and these latest criminal activities at Rambukkana, against innocent, unarmed peaceful civil demonstrators prove that in Sri Lanka it is the government that leads in trampling on Human Rights. I am ashamed and appalled by what I see and read, and that is why I want to express my feelings openly here. Police IGP must now arrest the 3 ministers concerned that gave direct or indirect orders to police by-passing normal checks and balances set their by protocol, leading to this police shooting down of civilians. If our impotent President takes courage to punish and jail the 3 ministers concerned, may be he will win some confidence from the public, otherwise it is best for him to GO HOME.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *