සොරකම් කළ රටේ ධනය ආපසු ගන්නා ආණ්ඩුවක් හදන්න ඕනේ – අනුර දිසානායක

සොරකම් කළ රටේ ධනය ආපසු ගන්නා ආණ්ඩුවක් හදන්න ඕනේ – අනුර දිසානායක

*********************************************

සොරකම් කළ රටේ ධනය ආපසු ගන්නා ආණ්ඩුවක් හදන්න ඕනේ – අනුර දිසානායක

(19.04.2022 – 22:16 +0530 – sinhala.adaderana.lk)

මේ රටේ සොරකම් කරනලද ධනය ආපසු පවරාගන්නා ආණ්ඩුවක් ඇති කළයුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ ‘ජනපීඩක ආණ්ඩුව පන්නමු’ යන්න තේමා කරත් පාගමන අද (19) කොළඹට පැමිණි අවස්ථාවේදීය.

“කිලෝමීටර් ගණනාවක් මේ පාගමන දියත් කරලා රටටත් පාලකයන්ටත් අපි පණිවුඩයක් දුන්නා. රාජපක්ෂ පවුල.. අපේ රට විනාශ කරපු මේ ආණ්ඩුව වහාම ගෙදර යන්න කියන පණිවුඩය තමයි අපි ලබා දුන්නේ.”

“මහජනයා දුක් පීඩාවට පත්වී තිබියදී මේ පවුල සියල්ල පසෙකලා තමන්ගේ තක්කඩි ජීවිත අත්හැරියේ නෑ. අද රට පුරාම විරෝධතා.”

“ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ දැන් ඔයාට ඉතුරුවෙලා තියෙන්නේ මොකක්ද?.”

“මොනරාගල හමුදා අනුඛණ්ඩයක් ගෙනල්ලා පාළු ගොඩනැගිල්ලක දාලා. එතන නිලධාරීන් අපිට කතා කරනවා. කන්නත් නෑලු.”

“දඹුල්ල හමුදා අනුඛණ්ඩ, විශේෂ බලකාය කොළඹට කැඳවලා. ඔයාට අද ජනතාවත් එක්ක ජීවත්වෙන්න බෑ.”

“එයාගේ ආණ්ඩුවටත් ඇමති මණ්ඩලයටත් අද සිදුවෙලා තියෙන්නේ එක්කෝ නිවාසඅඩස්සියේ එක්කෝ බංකරයේ.”

“ගෝඨාභය, ඔයාට මේ රට පාලනය කරන්න බෑ.. බංකරයේ ඉඳලා. මේ රටේ ජනතාවට අවස්ථාවක් දැන් ලැබිය යුතුයි.”

“මේ රටේ මහජනයාගේ දේපළ හොරකම් කරලා එක්රැස් කරලා තියෙන සියලු ධනය ආපසු පවරාගන්නා ආණ්ඩුවක් අපි මේ රටේ හදන්න ඕනේ.”

ආණ්ඩුවට එරෙහිව ජාතික ජන බලවේගය ආරම්භ කළ තෙදින (3) විරෝධතා පාගමනේ අවසන් දිනය අදයි (19).

අද (19) පෙරවරුවේ මොරටුවෙන් ආරම්භ වුණු පාගමන කොළඹ පුරහල අසලින් අවසන් වුණි.

ආණ්ඩුවට එරෙහිව ජාතික ජන බලවේගය ආරම්භ කළ තෙදින විරෝධතා පාගමන පසුගිය 17 වනදා බේරුවල නගරයෙන් ආරම්භ වී තිබුණි.

***************************************

ගාලුමුවදොර විරෝධතාවට අදට (19) දින 11 යි

(19.04.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින තත්ත්වයට විරෝධය පළ කරමින් ගාලු මුවදොර පැවැත්වෙන ජනතා විරෝධතාව 11 වන දිනටත් (19) ක්‍රියාත්මක වනවා.

මේ වන විටත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිරිසක් රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එසේම, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ජාත්‍යන්තර පදක්කම් ලාභී කාය වර්ධන ශූර ප්‍රසන්න පීරිස් අද (19) විරෝධතා භූමියේ දී සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවා.

ඊයේ (18) දිනයේ සත්‍යග්‍රහය ආරම්භ කළ මලල ක්‍රීඩක සජිත් මධුරංග අද (19) එය අවසන් කිරීමෙන් පසුවයි කාය වර්ධන ශූර ප්‍රසන්න පීරිස් මෙම සත්‍යග්‍රහ ආරම්භ කරනු ලැබුවේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධාන කර ඇති විරෝධතා පා ගමනේ අවසන් දිනය අදයි (19).

මොරටුව – සොයිසාපුර ක්‍රිඩාංගනයෙන් අද (19) එම පා ගමන ආරම්භ කළ අතර කොළඹ පුරහල අසළින් එය අවසන් වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට එම විරෝධතාව හේතුවෙන් ගාලු පාරේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එසේම, රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ද අද (19) සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර අද (19) පස්වරුවේ දී ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට විරෝධතා පා ගමනින් ජනාධිපති කාර්යාලය අසලට පැමිණීමට නියමිතයි.

***************************************

නීතිඥවරුන් පිරිසකගෙන් අධිකරණ සේවා කොමිසමට පෙත්සමක්

(19.04.2022 – 16:37 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා ගාලු‍ මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවට එරෙහිව යම් අධිකරණ නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා නොබලා එය කොළඹ අලු‍ත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බලන ලෙස ඉල්ලමින් නීතිඥවරුන් විසින් අද (19) අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පෙත්සමක් භාර දී තිබෙනවා.

අධිකරණ සේවා කොමිසමට බාර දුන් එම පෙත්සම සඳහා නීතිඥවරුන් 100 කට ආසන්න පිරිසක් අත්සන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

ගාලු‍ මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව සම්බන්ධව කොටුව පොලිසිය ඊයේ (18) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමක් සිදු කළා ෴

***************************************

ගෝඨාගෝගම අරගලකරුවන්ට කොටුව පොලිසියෙන් හදිසි කැඳවීමක්

(19.04.2022 – 17:05 +0530 – hirunews.lk/sinhala)

දැනට දින 11 ක් පුරා කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ නිරත වන අරගලකරුවන් පිරිසකට හෙට (20) උදෑසන 09:30 ට කොළඹ කොටුව පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

අප සමග අදහස් දැක්වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු පවසා සිටියේ පොලිසිය හමුවේ පෙනී සිටීමට කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත්කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් සිය නීතිඥයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කිරීමට තීරණය කළ බව අප සමග පවසා සිටියා.

කෙසේ වෙතත් අදාළ කණ්ඩායම මානව හිමිකම් කොමිසම වෙත ගිය ද එම කාර්යාලය වසා දමා තිබීම හේතුවෙන් ඔවුන් නැවතත් කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ පිහිටුවා ඇති නීති උපදෙස් කාර්යාලයට පැමිණ තිබෙනවා.

එහි සිටින නීතිඥයින් හමුවි අවශ්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනා බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

අප්‍රේල් 29 න් පස්සෙ ගෝඨාභයට ගෙදර යන්න වෙනවාමයි (17.04.2022)

***************************************

Derana 360 – 2022.04.18 – ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

+++++++++

අප්‍රේල් 03 වැනිදා වනකොට පෙරේතයා පොළොවෙ ගැහුවා වගේ කපුටාත් නැහැ. තමුන්නාන්සේලාට පට්ටමුත් නැහැ. දැන් ඉන්නවා අනාථ වෙලා (19.04.2022)

‘කපුටා’ දිනෙන් දින රට විනාශයට ගෙන යන විට ගොළුවන් – බිහිරන් ලෙස සිටි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ට විමල් වීරවංශයන්ගෙන් තද ටොක්කක්. (2022-04-19 පාර්ලිමේන්තු කතාව) පාර්ලිමේන්තු සභා ආමන්ත්‍රණය :

+++++++

විශේෂ දේශනය : “රට අර්බුදයෙන් ගොඩගත හැකිද?” – ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ

සජීවී විකාශය බදාදා (20) සවස 3:00 සිට

ඔස්සේ බලාපොරොත්තුවන්න….

ජාතික නිදහස් පෙරමුණ

***************************************

ද්විත්ව පුරවැසියන්ට වැට බදින 21 වන සංශෝධනය (18.04.2022)

+++++++++

තරුණ අරගලයේ නායකත්වය කාටද? (18.04.2022)

++++++

සජබ විශ්වාස භංග යෝජනාවට කොන්දේසි දෙකක් (18.04.2022)

***************************************

හේමාස් එකේ ලොක්කා අරගල බිමට ඇවිත් කියූ කතාව… (20.04.2022)

***************************************

20-04-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *