බැසිල්ගේ අසුන අහිමි වීම ස්ථිරයි! 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුළා ගැනීමට ඒකමතික කැමැත්ත
*********************************************
බැසිල්ගේ අසුන අහිමි වීම ස්ථිරයි! 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුළා ගැනීමට ඒකමතික කැමැත්ත
(19.04.2022 – 06:36 +0530 – hirunews.lk/sinhala)
අද (18) සවස පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී විසි (20) වැනි ව්‍යවස්ථා සංශෝධනය සහමුලින්ම අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම යෝජනාව සඳහා රැස්වීමට පැමිණ සිටි සියලු පක්ෂ නායකයින්ගේ ඒකමතික කැමැත්ත හිමි වූ බවටයි වාර්තා වන්නේ.
ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට අවසර හිමි වූයේ ද මෙම විසිවැනි (20) ව්‍යවස්ථා සංශෝධනය හරහායි.
යම් හෙයකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සහමුලින් අහෝසි කළහොත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වී යනු ඇති.
මේ හැරුණු විට ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසකටත් සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීමේ අවදානමක් ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ ෴
***************************************
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ
(19.04.2022 – 10:29 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබෙනවා.
මේ අතර අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වුණා.
මේ වනවිට පාර්ලිමේන්තු විවාදය ඇරඹී ඇති අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා මෙන් ම විපක්ෂ නායකවරයා ද රට තුළ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා ෴
***************************************
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව සහ ජනාධිපති ධුරය, තහනම් කිරීමට යෝජනා
(19.04.2022 – 10:37 +0530 – hirunews.lk/sinhala)
පවතින අර්බුදයට කෙටි කාලීන විසදුමක් ලෙස 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සදහා පක්ෂ නායකයන් අදහස් පළ කර තිබෙනවා.
එමෙන්ම මෙහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ඇතැම් සාධනීය ප්‍රතිපාදන බලාත්මක කිරීම පිළිබදව ද අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පවතින අර්බුදකාරී තත්ත්වයට කෙටි කාලීන සහ දිගුකාලීන විසදුම් සෙවීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා.
එහිදී දීර්ඝ කාලීන පියවරක් ලෙස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබදවයි අවධානය යොමු වී ඇත්තේ.
කෙසේ නමුත් වත්මන් තත්ත්වය තුළ ජනතාව අපේක්ෂා කරන සාධනීය යෝජනා රැසක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් විගනකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම සදහා ව්‍යවස්ථාව හා නීති සංශෝධනය කිරීම, රජයේ කොන්ත්‍රාත් සඳහා ලංසු කැදවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබා ගැනීම තහනම් කිරීම සහ දේශපාලනඥයන් ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය නිලධාරීන් නීති විරෝධී ලෙස උපයා විදේශයන් හි තැන්පත් කර ඇති බවට හෙළි වන වත්කම් රජයට පවරා ගැනීමට හැකි වන පරිදි අණ පනත් සංශෝධනයට ද ඊට ඇතුළත්.
එමෙන්ම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට සහ ජනාධිපති ධුරයට පත් කිරීම තහනම් කිරීම ඇතුළු යෝජනා රැසක් මීට අයත් වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
රටේ පුරවැසියන් අපේක්ෂා කරන්නේ යහ පැවැත්මට ප්‍රමුඛත්වය දෙන දක්ෂ, දූෂණයෙන් තොර පාලනයක් බැවින් ඒ සදහා සියළු පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, තමන්ට විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41 දෙනා ඊයේ (18) කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු අද (19) ආරම්භ වන අතර, මෙම මන්ත්‍රීවරුන් 41 දෙනා සඳහා අද (19) දිනයේදී විපක්ෂයේ අසුන් පැනවෙනු ඇති.
මේ අතර, වත්මන් දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද (19) දින පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී කථානාකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් ද සිදුකිරීමට නියමිතයි ෴
***************************************
ස්වාධීන මන්ත්‍රී පිරිසක් විපක්ෂයේ අසුන් ගනිති
(19.04.2022 – 10:41 +0530 – hirunews.lk/sinhala)
කැබිනට් සංශෝධනයෙන් පසුව පළමු වරට අද (19) පාර්ලිමේන්තුව රැස් වුණා.
අද (19) දිනයේ විශේෂ සිදුවීම වූයේ පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ට වන ප්‍රධාන මාර්ගය බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයෙන් සහ අනෙක් පසින් සම්පූර්ණයෙන්ම මාර්ග බාධක යොදා වසා දමා තිබීමයි.
මේ හේතුවෙන් කොට්ටාව බොරැල්ල සහ කඩුවෙල-කොල්ලුපිටිය මාර්ගයේ ගමනා ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
ඒ සමගම බත්තරමුල්ල අවට අධික රථ වාහන තදබදයක් ද මතු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර නව කැබිනට් අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දීමෙන් අනතුරුව අද (19) පැවැති පළමු පාර්ලිමේන්තු සභා වාරයට ඊයේ (18) දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරුන් සිවුදෙනකු (4) ම මේ වනවිට පැමිණ නොමැති බව වාර්තා වනවා.
එමෙන්ම අද (19) පැවති පාර්ලිමේන්තු සභා වාරය තුළ පවතින රජයෙන් බිඳී ගොස් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩි ගැනීම විශේෂ සිදුවීමක්.
මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහදෙනකු (10) සහ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් තිස්නව (39) දෙනෙකු මෙලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවා.
එමෙන්ම, තමන් ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගත් බව පාර්ලිමේන්තු විවාදයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවා ෴
***************************************
කථානායක අසුනෙන් නැගිට යයි – යළි එන්න නම් පාර්ලිමේන්තුව සන්සුන් වන්න
(19.04.2022 – 11:52 +0530 – hirunews.lk/sinhala)
මීට ටික වේලාවකට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
කථානායකවරයා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අත්හිටවමින් සිය අසුනෙන් නැගිට ගියේ, පාර්ලිමේන්තුව සන්සුන්ව මතුව ඇති අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් වන තුරු තමන් පාර්ලිමේන්තුව අත්හිටවන බව පවසමින්.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අදහස් දක්වමින් සිටියදී, සභා ගර්භය තුළ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් මතු වුනා.
මෙහිදී කථානායකවරයා අවස්ථා ගණනාවකදී, සභාව නිශ්ශබ්ද කරගැනීමට උත්සාහ කරගැනීමට උත්සාහ දැරුව ද, එය සාර්ථක නොවූ තැන පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු විනාඩි 10 කට අත්හිටුවා නැගිට ගියා.
මේ අතර මෙරට තුළ පවතින දැඩි ව්‍යසනකාරී තත්ත්වය පාලනයට සහ යළි යථා පරිදි රට පත් කිරීමට අප්‍රේල් 05, 06 සහ 07 යන තෙදින (3) තුළ පාර්ලිමේන්තු රැස්වීම්වලදී උත්සාහ දැරුව ද එමගින් සාධනීය විසඳුම් ලැබීමට නොහැකි වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කරනවා.
අලුත් අවුරුද්දෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වුණු පළමු දවස අද (19) වන අතර, එහිදි පාර්ලිමේන්තු විවාදය ආරම්භ කිරීමට පෙරාතුවයි කථානායකවරයා මේ බව සඳහන් කළේ.
එබැවින් මෙම රැස්වීමේදී සිට රටේ අර්බුදවලට ගත හැකි කඩිනම් සහ කෙටිකාලීන විසඳුම් සම්බන්ධයෙන් මනා ලෙස සාකච්ඡා කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළා.
***************************************
‘මේ ව්‍යසනයට රට ඇද දැම්මේ තමුන්නාසේලාගේ පාලනයයි’ – අකුදි කියයි
(19.04.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)
වත්මන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයකට පත් වූයේ, ආණ්ඩුවේ අකාර්යක්ෂම සහ අදූරදර්ශී පාලනය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
අද (19) පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, රට මෙවන් වූ ව්‍යසනකාරී තත්ත්වයකට ඇද දැමුවේ වත්මන් ආණ්ඩු පාලනය බවයි.
මෙහිදී පාර්ලිමේන්තු සභාවේ අදහස් පළ කරමින් මන්ත්‍රී අනුර කුමාර ඊයේ (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ විශේෂ කතාව විවේචනය කරමින් අදහස් පළ කළා.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ, රට මෙවන් ආර්ථික අර්බුදයකට ඇඳ වැටීම සහ කෘෂිකර්මාන්තය අඩාල කරමින්, ගොවි ජනතාවට නිසි පරිදි රසායනික පොහොර ලබානොදී එම තත්ත්වය වෙනස් කිරීමට ගෙන ආ කාබනික පොහොර ප්‍රතිපත්තිය වැනි විවිධ ප්‍රතිපත්ති අත් හදා බැලීමට ගොස් රට විපතට පත් වූ බවයි.
එවන් ප්‍රතිපත්තිවල පවතින දුර්වලතාව ජනාධිපතිවරයෙකු පසුව තේරුම් ගෙන සමාව ඇයදීමෙන් පමණක් රටේ ජන පීඩක තත්ත්වය අඩු නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
***************************************
දේශපාලන බොර දියේ මාළු බාන්න එපා! – අගමැති
(19.04.2022 – 14:28 +0530 – hirunews.lk/sinhala)
රට මුහුණ පා ඇති අභියෝගයන් පිළිබඳව මන්ත්‍රීවරුන්ට හොද අවබෝධයක් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අද (19) පාර්ලිමේන්තු සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.
ආණ්ඩුවක් විසින් සිය කැමැත්තෙන් ජනතාව දුෂ්කරතාවට පත් නොකරන නමුත් මේ වන විට ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසන්නේ විදුලි කප්පාදුව හා ගෑස් හිඟය අපට පෙනෙන අර්බුද කිහිපයක් පමණක් බවයි.
මේ අප ගෙවමින් සිටින්නේ අර්බුදයෙන් රටක් ලෙස ගොඩ ඒමට රටක් ලෙස එක්ව කටයුතු කළ යුතු කාලය බව ද ඔහු සදහන් කළා.
බොර දියේ මාළු බෑමට මේය අවස්ථාවක් නොවන අතර අවංකව රටට ආදරේ කරන්න යන්න ජනතාව අවධානයෙන් පසුවන බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා :
රජයක් ලෙස විරුද්ධ පක්ෂයටත් රට ගොඩ ගොඩනැගීමට ආරාධනා කළේ අවංක චේතනාවෙන්. එය අදටත් වලංගුයි.
අර්බුදය ජය ගැනීමට නම් ආර්ථික කළමනාකරණය ඉතාම වැදගත්.
මෙම ආර්ථික අර්බුදයෙන් මිදීම උදෙසා විවිධ ජාත්‍යන්තර ආයතන සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාරයන් ලැබී තිබෙනවා.
මුදල් ඇමතිතුමා මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස දැඩි කැපවීමකින් වගකීම් ඉටු කිරීමට කටයුතු කරමින් සිටිනවා.
කෙටිකාලීනව මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම වගේම මෙවැනි අර්බුදයක් නැවත ඇති නොවීමට වග බලා ගැනීමට ස්ථිර අඩිතාලමක් දැමීමයි කළ යුත්තේ.
විරෝධතාවයට එහා ගිය මැදිහත්වීමක් එයට අවශ්‍යයි.
ගාලු මුවදොර විරෝධතාවයේ නියුතු පිරිසටත් සාකච්ඡාවක් සඳහා මම ආරාධනා කළා. ඔවුන්ගේ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත්වීම් කරන්න අපි ඉදිරිපත් වුණා
විදුලි කප්පාදුවට විශාලතම බලපෑමක් වුණේ නිසි කළට විදුලි බලාගාර ඉදි නොකිරීමයි.
පුනර්ජනනීය බලශක්ති පිළිබඳව ඉදිරියට තැබූ පියවර ඇතැම් පිරිස් හිතාමතාම මග හැරියා.
එහෙත් දැන් වරද අතීතයට පටවා පලක් නෑ. බලාගාර වලට අවශ්‍ය ඉන්ධන හිඟය පියවමින් සිටින නිසා සහ මේ වන විට මධ්‍යම කඳුකරයට වැසි ඇදහැලෙමින් පවතින නිසාත් විදුලි අර්බුදය ඉතා ඉක්මනින් වවිසඳීමට අපට හැකියාව ලැබෙතැයි විශ්වාස කරනවා.
මිනිත්තුවෙන් මිනිත්තුව හෝ විදුලි කප්පාදුව අඩු කිරීම්ට අප පියවර ගන්නවා.
ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන සහ ගෑස් හිඟය පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන තිබෙනවා.
ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක්යක් තියෙන නිසා ඉන්ධන හිඟයක් ගැන සැකයක් තියාගන්න එපා.
පෝලිම්වල සිටීමේ දී ඇතිවන වේදනාව දන්න නිසා මෙම තත්ත්වය මඟ හැරීමට අවශ්‍ය බව අප පිළිගන්නවා.
අපි තව බොහෝ කලක් ඔබව පෝලිම්වල තියන්නේ නැහැ.
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ දී ඒ සඳහා මෙරට ආර්ථික, දේශපාලනික හා සාමාජිය ස්ථාවරත්වය ඉතාමත්ම වැදගත්.
ඒ සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතු බව මා විශ්වාස කරනවා.
එහි ආරම්භක පියවරක් ලෙස දහ දහනවවැනි සංශෝධනයඅත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි සහ කාලෝචිත විසඳුමයි.
මේ ඔස්සේ යමින් පුළුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙහි ගමන් කළ යුතුයි.
***************************************
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ මීළඟ සාකච්ඡාව අනිද්දා (21)
(19.04.2022 – 19:35 +0530 – hirunews.lk/sinhala)
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීමට අදාළ මීළඟ සාකච්ඡාව අනිද්දා (21) පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ සංශෝධන යෝජනා කථානායකරවයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර මෙරට පවතින අර්බුදකාරී තත්වයට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් සමඟ පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී ඉදිරිපත්වූ සාධනීය යෝජනා ද කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (19) සභාවට දැනුම් දුන්නා.
එසේම විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය සහ කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම අර්බුදයට කෙටි කාලීනව ගත හැකි කාලෝචිත විසදුම බවට විශ්වාස කරන බවයි.
පවතින තත්වය පිළිබඳව විවිධ මත අද (19) පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වුවත්, එහිදී අවසන් එකඟතාවක් පිළිබඳ මතයක් ඉදිරිපත් වූයේ නැහැ ෴
***************************************
ඇමතිකම ගත්තට ශ්‍රීලනිපයේ ආචාර්ය සුරේන් රාගවන්ට පක්ෂයේ සියලු තනතුරු අහිමි වෙයි
(19.04.2022 – 16:19 +0530 – hirunews.lk/sinhala)
රාජ්‍ය අමාත්‍ය ධුරයකට පත් වූ ආචාර්ය සුරේන් රාගවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධිත සියලුම තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,ඒ අනුව අදාළ රාජ්‍ය අමාත්‍යවරයාට තම පක්ෂයේ හිමිව තුබූ, පක්ෂ උපලේකම්, වන්නි දිස්ත්‍රික් නායක සහ ජාත්‍යන්තර කටයුතු ලේකම් යන සියලුම තනතුරුවලින් ඉවත් කෙරෙන බවයි.
මෙම ඉවත් කිරීම් සිදු කෙරී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලය ප්‍රකාරවයි.
එසේම ඔහු සම්බන්ධයෙන් විනය කටයුතු පිළිබඳ ඉදිරි පියවර ගැනීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි පක්ෂ මහ ලේකම්වරයා යොමුකළ ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ.

+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴