අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරයි

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරයි

*********************************************

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරයි

(19.04.2022 – 00:01 +0530 – hirunews.lk/sinhala)

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන්-92 පෙට්‍රල් ලීටරයක මිල සටහන් වන්නේ රුපියල් 338 ක් ලෙසින්.

ඔක්ටේන්-95 පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 373 ක් වශයෙන්.

ඔටෝ ඩීසල් ලීටර් 1 මිල රුපියල් 289 ක් වශයෙනුත් සුපර් ඩීසල් ලීටර 1 මිල රුපියල් 329 වශයෙනුත් ඉහළ දමා තිබෙනවා.

මේ අතර, යතුරුපැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා ඉවත් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසනවා.

***************************************

මුහුණු ආවරණ තවදුරටත් අනිවාර්ය නොවේ

(18.04.2022 – 18:42 +0530 – hirunews.lk/sinhala)

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය covid-19 වසංගත තත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු ව ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී සහ සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද. සම්මන්ත්‍රණ ආදියේ දී පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ ෴

***************************************

කොරෝනාවට එරෙහි 4 වැනි මාත්‍රාව මේ මාසය තුළ

(18.04.2022 – 20:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහි 4 වන එන්නත් මාත්‍රාව මේ මාසය තුළ ලබාදීමට පියවර ගන්නා බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මේ අතර කොවිඩ්-19 වැළැක්වීමේ පියවර යටතේ අද සිට ක්‍රියාත්මක වන පරිදි පරිශ්‍රයට ඇතුළු වන විට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන අතර පුද්ගලික තොරතුරු ලබා ගැනීම ද අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා ෴

***************************************

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2006 ට පසු පළමු වරට සිව්වන කාර්තුවේ ලාභයක් වාර්තා කරයි

(18.04.2022 – 21:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2006 වසරෙන් පසු පළමු (1) වරට සිව්වන (4) කාර්තුවේ ලාභයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රීලංකන් සමාගම ඩොලර් මිලියන 1.7 ක සමූහ ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ.

2021-22 මූල්‍ය වර්ෂය තුළ දී කාර්ය මණ්ඩල වියදම් සහ පොදු කාර්ය වියදම් අඩු කිරීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග හරහා මෙම මූල්‍ය පෙරළිය අත්පත් කර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සමාගමට හැකි වූ බව එම වාර්තාවේ සඳහන් වනවා.

ඒ හැරුණු විට සැපයුම්කරුවන්ගේ ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම, ගුවන් භාණ්ඩ ආදායම වැඩි කර ගැනීම, සහ සංචාරක ඉල්ලුම වැඩිකර ගැනීමත් මෙම වර්ධනය ඇතිකර ගැනීම සඳහා මහෝපකාරී වී තිබෙනවා.

2020 දෙසැම්බරයේ ඇරඹි COVID-19 වසංගතයෙන් පසු ගමනාගමනය නැවත යතාවත් වීම නිසා ගුවන් සමාගම පසුගිය මාස 4 තුළ පමනක් ඩොලර් මිලියන 12 කට වැඩි ලාභයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව කත්මන්දු, සෝල්, මොස්කව් සහ පැරිස් යන ගමන්ත වෙත නව ගුවන් ගමන් ආරම්භ කිරීමත් මෙම ප්‍රගතියට හේතුවී ඇති බව සඳහන්.

ගුවන් සමාගම 2019-20 සිව්වන කාර්තුවේ උපයාගත් සමස්ත ආදායමෙන් 75% ක පමණ ප්‍රමාණයක් මේ වනවිට ළඟාකර ගැනීමට සමත් වී ඇති බවත්, ඊට අනුරූපීව ශ්‍රීලංකන් ගුවන් සේවාව භාවිත කරන මගින් සංඛ්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ හතක් දක්වා ඉහළ දමා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

සමාගමේ ප්‍රගතිය සම්බන්ධ යෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකන් සභාපති අශෝක් පතිරගේ ප්‍රකාශ කළේ, “වසර ගණනාවකට පසු අපගේ පළමු කාර්තුමය ලාභය සටහන් කරමින්, අපි 2021-22 ඉතා ඉහල ස්ථානයකින් අවසන් කළ බව සටහන් කිරීමට මම සතුටු වෙනවා. මෙම කාලය තුලදී මගී ඉල්ලුම ශක්තිමත්ව පැවති අතර, කාර්තුව තුළදී වසංගතයේ පසුබෑමෙන් පසු ආදායම් දිගටම යථා තත්ත්වයට පත් වන ලක්ෂණ පෙන්නුම් කළා. අපේ වාර්ෂික වියදම් අපේක්‍ෂා කල මට්ටමෙන් ම පැවතුණා. මෙම ජයග්‍රහණය සඳහා දායක වූ අපගේ සියලුම වටිනා සේවකයන්ට මම ස්තුතිවන්ත වෙනවා.”

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය සේවාවන් සඳහා නවීනතම A330-300 සහ නවීන A320/321neo ගුවන් යානා ඇතුළු පරිපූර්ණ Airbus ඇණියක් ක්‍රියාත්මක කරනු ලබනවා ෴

***************************************

ප්‍රියන්ත කුමාර ඝාතනයේ හය දෙනෙකුට මරණ දඬුවම

(18.04.2022 – 21:59 +0530 – hirunews.lk/sinhala)

2021 දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ සියල්කෝට් හිදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික ඉංජිනේරු වරයෙකු වන ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකුට මරණ දඬුවම පැනවීමට පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය තීරණය කර තිබෙනවා.

මාස හතරකට (4) අධික කාලයක් අඛණ්ඩව විභාගයට ගැනුණු මෙම නඩු විභාගයේ තීන්දුව අද (18) ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී තවත් පුද්ගලයින් හත් දෙනෙකුට (7) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීම්ටත් මෙම අධිකරණය නියෝග කළා.

මීට අමතරව කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී ප්‍රියන්ත කුමාරව කෲර ලෙස ඝාතනය කිරීමට හවුල් වූ තවත් පුද්ගලයින් 76 දෙනකුට වසර දෙක (2) බැගින් වන සිර දඬුවම් නියම වී තිබෙනවා.

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර 2021 දෙසැම්බර් දෙසැම්බර් 03 වැනිදා සියල්කොට්හි ඔහු කළමනාකාරිත්වය දැරූ කම්හලේ සේවකයන් ඇතුළු විරෝධතාකරුවන් සිය ගනනකින් සමන්විත මැර පිරිසක් විසින් ඝාතනය කෙරුනා.

පාකිස්තාන ආගමික අන්තවාදීන්ගේ කෲර ‍ප්‍රහාරයට ලක් වූ ප්‍රියන්ත කුමාර දැඩි ලෙස වධහිංසා පමුණුවා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර ප්‍රසිද්ධියේ පුළුස්සා දැමුනා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ එවකට පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඉම්රාන් ඛාන් අදාළ සිද්ධියට සම්බන්ධ සියළුම පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ තරාතිරම් නොබලා දැඩි දඬුවම් පමුණුවන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා.

ඉන් නොනැවතුනු ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් සහ ප්‍රියන්ත කුමාරගේ පවුලෙන් සමාව ඉල්ලා සිටි අතර ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරට පාකිස්තාන රජයේ මැදිහත් වීමෙන් සහ කර්මාන්තශාලාවේ මැදිහත්වීමෙන් වන්දි මුදලක් පිරි පිරිනැමීමට ද කටයුතු කළා ෴

***************************************

ගෝඨාගෝගමේදී නාගා කරපු පැහැදිලි කතාව (19.04.2022)

+++++++

Download the 9 th edition of “The Proposed Constitution” (pdf)

+ https://vinividafoundation.org/

+++++++++

19.04.2022

***************************************

https://www.youtube.com/watch?v=i02LmrcQmwo
19-04-2022

***************************************

රට පුරා දැඩි උණුසුම් තත්ත්වයක් (19.04.2022)

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *