පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි

පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි

*********************************************

පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි

(17.04.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala)

පාසල්වල ඉගැන්වීමේ කාලසීමාව අමතර පැයකින් (1) දීර්ඝ කිරීමට ගනු ලැබූ තීරණය තාවකාලිකව අවලංගු කළ බව අධ්‍යාපන අමත්‍යාංශය පවසනවා.

මේ වසරේ විෂයමාලා ආවරණය කිරීම සඳහා පවතින සීමිත කාලසීමාව සැළකිල්ලට ගෙන ඉදිරි පාසල් වාරයෙ සිට මෙලෙස ඉගැන්වීමේ කාලසීමාව පැයකින් (1) දීර්ඝ කිරීමට තීරණය කලේ පසුගිය 06 වනදායි.

ඒ අනුව හෙටින් (18) ආරම්භ වන පාසල් වාරය තුළ එය ක්‍රියාවට නැංවීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ නමුත් එලෙස පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය වෙනස් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (17) නිවේදනය කළා.

මේ අතර, 2022 වසර සදහා වන පළමු (1) පාසල් වාරය හෙට (18) ආරම්භ කිරීමට නියමිතයි.

සියලු ශ්‍රේණි සදහා ඉගැන්වීම් කටයුතු හෙට (18) ආරම්භ කළද 2022 වසර සදහා පළමු (1) ශ්‍රේණියට ඇතුලත් වන සිසුන් සදහා ඉගැන්විම් කටයුතු අනිද්දා (19) සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

මේ අතර, හෙට (18) ඇරඹෙන නව පාසල් වාරය වෙනුවෙන් පාසල් පංති කාරම පිරිසිදු කිරීම අද (17) සිදු කෙරෙනවා.

දෙමාපියන් සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් අදාළ පිරිසිදු කටයුතු සිදු කෙරෙන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

එමෙන්ම, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතුවල සිදු වූ ප්‍රමාදය හේතුවෙන් ජනවාරි මාසයේ දී දරුවන්ගේ ශ්‍රේණි මාරු කිරිම සිදු නො වූ අතර එය අප්‍රේල් නිවාඩුවෙන් අනතුරුව සිදු කිරීමට නියමිත යි.

මේ අතර වසර 02 ක විරාමයකින් පසු ගුරුමාරු යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

එම මාරු කිරීම් හෙට (18) නව පාසල් ආරම්භ වු පසු ක්‍රියාත්මක කරන ලෙසයි ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, මුස්ලිම් පාසල් සදහා 2022 පළමු ශ්‍රේණියේ පංති ආරම්භය මැයි 05 වැනි දා සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා ෴

++++++++

හෙට (18) පාසල් ආරම්භයට සියලු ප්‍රවාහන කටයුතු සූදානම්

(17.04.2022 – 20:05 +0530 – hirunews.lk/sinhala)

හෙටින් (18) ඇරඹෙන මේ වසරේ පළමු පාසල් වාරය සඳහා පාසල් ප්‍රවාහන කටයුතු සුදානම් බව පෞද්ගලික බස් ප්‍රවාහන සංගම් සහ ගමනාගමන මණ්ඩලය පවසනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස ප්‍රකාශ කළේ ‘සිසුසැරිය’ යටතේ ක්‍රියාත්මක සියලු බස් රථ හෙට දිනයේ ධාවනය කරන ලෙසට ඩිපෝ කළමනාකරුවන් දැනුවත් කර ඇති බවයි.

හෙට (18) සිට සාමාන්‍ය පරිදි පෞද්ගලික බස්රථ ධාවනය සිදුකෙරෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජෙරත්න ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ අවශ්‍ය පරිදි බස්රථ සදහා ඩීසල් ලබාගැනීමට හැකිවන්නේ නම් බස් රථ සේවාව සාමාන්‍ය පරිදි සිදු කරගෙන යා හැකි බවයි.

ඩීසල් ලබාගැනීමේ අර්බුදයක් පැවතිය ද හෙට සිට පාසල් ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාමට සූදානම් බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර, 2022 වසර සදහා වන පළමු (1) පාසල් වාරයේ සියලු ශ්‍රේණි සදහා ඉගැන්වීම් කටයුතු හෙට (18) ආරම්භ කළ ද 2022 වසර සදහා පළමු (1) ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සදහා ඉගැන්විම් කටයුතු අනිද්දා (19) සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, මුස්ලිම් පාසල් සදහා පළමු ශ්‍රේණි ආරම්භය ලබන මැයි මස 05 වනදා සිදු කෙරෙන බව ද එම අමාත්‍යාංශය නිවේදනය කළා.

එමෙන්ම, හෙටින් (18) ඇරඹෙන නව පාසල් වාරය වෙනුවෙන් පාසල් පන්ති කාමර පිරිසිදු කිරීම දෙමාපියන් සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් අද (17) සිදු කෙරුණා.

මේ අතර, පාසල්වල ඉගැන්වීමේ කාලසීමාව අමතර පැයකින් (1) දීර්ඝ කිරීමට ගනු ලැබූ තීරණය තාවකාලිකව අවලංගු කළ බව අධ්‍යාපන අමත්‍යාංශය සදහන් කළා.

මේ වසරේ විෂයමාලා ආවරණය කිරීම සඳහා පවතින සීමිත කාලසීමාව සැලකිල්ලට ගෙන හෙටින් (18) ආරම්භ වන පාසල් වාරය තුළ එය ක්‍රියාවට නැංවීමටයි සැළසුම් කර තිබුණේ ෴

***************************************

යතුරුපැදියක් දඹුල්ල වෑමැඩිල්ල වැවට වැටී සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(17.04.2022 – 10:19 +0530 – hirunews.lk/sinhala)

යතුරු පැදියක් දඹුල්ල – වෑමැඩිල්ල වැවේ වාන් ඇළට පෙරලීමෙන් සිසුන් දෙදෙනෙකු (2) මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ යතුරු පැදිය අනතුරට ලක්වන අවස්ථාවේ එහි සිසුන් හතර දෙදෙනෙකු (4) ගමන් කර ඇති බවයි.

ඊයේ (16) රාත්‍රීයේ මොවුන් නිවෙස් බලා ගමන් කරමින් සිටින අතරතුර යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෑමැඩිල්ල වැව් කණ්ඩියෙන් පහළට පෙරලී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළා.

අනතුරින් මියගිය 16 හැවිරිදි සිසුන් දෙදෙනා (2) ගලේවල, පුවක්පිටිය, නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංකරුවන්.

18 සහ 16 වන වියේ පසුවන අනෙක් සිසුන් දෙදෙනා (2) බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය කියා සිටියේ.

මේ අතර, ගම්පොල ඉල්ලවතුර ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ මහවැලි ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු (1) දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ 27 හැවිරිදි ගම්පොල ගල්වල පාරේ පදිංචි එම පුද්ගලයා සොයා පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුම් සිදු කරන බවයි ෴

***************************************

මිලියන 59 ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

(17.04.2022 – 10:42 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 59 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම් දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ ඊයේ (16) වන දින සිදු කළ මුර සංචාරයක දී මෙම කේරළ ගංජා තොගය සොයාගත් බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘මිහිකත’ නෞකාව මඟින් මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ මුර සංචාරයේ නිරතව සිටිය දී මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු උර කිහිපයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදි යි මෙම මත්ද්‍රව්‍ය තොගය හමු වී ඇත්තේ.

හමු වී ඇත්තේ, ගෝනි උර 02 ක පාර්සල් 50 ක් ලෙස අසුරන ලද කේරළ ගංජා කිලෝ 197 යි ග්‍රෑම් 60 ක පමණ තොගයක්.

කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 59 කට අධික වෙතැ යි විශ්වාස කෙරෙනවා.

මෙලෙස නාවික හමුදා භාරයටගත් කේරළ ගංජා තොගය නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ අධීක්‍ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට නියමිත ව ඇත ෴

***************************************

‘ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය’ – ශ්‍රී ලංකාවේ ගෙවීම් උපකරණ සහ යටිතල පහසුකම් පිළිබඳ අත්පොතක්

(17.04.2022 – cbsl.gov.lk/si)

නව ගෙවීම් උපකරණ, ක්‍රම සහ ක්‍රියාවලි හඳුන්වාදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගෙවීම් කර්මාන්තය මේ වන විට සීඝ්‍ර වෙනසකට භාජනය වෙමින් පවතී. සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම ඇතුළුව, මෙම නව ගෙවීම් ක්‍රියාවලි විසින් පාරිභෝගික අත්දැකීම නව්‍යකරණය කර ඇති අතර ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදු කිරීමටද හැකියාව ලබා දී ඇත.

මෙම පසුබිම තුළ, සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම සඳහා ගෙවීම් සේවා පිළිබඳ දේශීය ප්‍රකාශනයක අවශ්‍යතාවය හඳුනාගෙන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් උපකරණ, ක්‍රම සහ යටිතල පහසුකම් පැහැදිලි කරමින් ‘ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය’ නමින් අත්පොතක් නිකුත් කිරීමට තීරණය කරන ලදි. මෙම අත්පොත 2022.04.12 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඩී. කුමාරතුංග මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා වෙත පිළිගන්වන ලදී.

මෙම අත්පොත මගින් සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම වන චෙක්පත්, ගෙවීම් කාඩ්පත් මෙන්ම මෑතකදී හඳුන්වා දුන්, ජංගම ගෙවීම් යෙදුම් සහ QR කේත පදනම් කරගත් ගනුදෙනු (LANKAQR) සහ තත් කාලීන දළ පියවීම් පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, ජංගම දුරකථන පදනම් කර ගත් විද්‍යුත් මුදල් පද්ධති වැනි ගෙවීම් නිෂ්කාශන සහ පියවීම් පද්ධති පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සපයයි. තවද, මෙම අත්පොත මගින් සුළු පරිමාණ ගෙවීම් යටිතල පහසුකම් වන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ හවුල් යාන්ත්‍රණය, විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය මෙන්ම විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය සහ ඒ මත පදනම් වූ ලංකාපේ මංගත ගෙවීම් වේදිකාව, ජස්ට්පේ (JustPay), ඍජු හර සේවාව (Direct Debit) වැනි ගෙවීම් සේවා සවිස්තරාත්මකව පැහැදිලි කරනු ලබයි.

මෙම අත්පොත ලියා ඇත්තේ නිතර අසන පැන (FAQs) සහ රූප සටහන් ඇතුළුව කියවීමට පහසු ආකෘතියකින්, සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය ගනුදෙනු සිදු කළ හැකි ආකාරය අවබෝධ කර ගැනීමට උපකාරි වන ලෙසයි. මෙම අත්පොත තුල තාක්ෂණික යෙදුම් පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් අන්තර්ගත වීම නිසා අධීක්ෂකවරුන්, ගුරුවරුන් සහ විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ යෙදී සිටින සිසුන්ට විෂය කරුණු පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීම සදහා උපකාරී වේ. මූල්‍ය ආයතනවල සේවකයින්ට මෙම අත්පොත ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු සඳහා මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කිරීම මගින් පාරිභෝගික විමසුම්වලට හොදින් ප්‍රතිචාර දැක්විය හැකි වන අතර එමගින් පාරිභෝගික තෘප්තිය වැඩි කිරීමටද ඉවහල් වේ.

මෙම අත්පොතෙහි ඉලෙක්ට්‍රොනික පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීම සදහා කටයුතු සලසන අතර මුද්‍රිත පිටපත පිළිබද උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අලෙවි කවුන්ටරවලින් මිලදී ගැනීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඩී. කුමාරතුංග මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා වෙත ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශ යන අත්පොත පිළිගන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී එම් ජේ වයි පී ප්‍රනාන්දු මහත්මිය, ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ එම් ආර් විජේවර්ධන මහතා සහ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඒ එම් ටී එන් අතපත්තු මහතාද එම අවස්ථාවට සහභාගී විය.

***************************************

Perera and sons (P & S) පරණ කෑම විකුණයි (18.04.2022)

***************************************

තුච්ඡ වැඩ කරන දෙරණට නාගාගෙන් සුපිරි පිළිතුරක් – දෙරණ වර්ජනය කරමු !! (18-04-2022)

***************************************

ජාත්‍යන්රය හමුවේ ගෝඨා හිරවෙන හැඩක් – කරුණාකරලා මෙයට සවන් දෙන්න – නීතිඥ නාගානන්දගේ විශේෂ live එකක් (17.04.2022)

***************************************

සජිත් වැඩේට සහාය දෙන්න ගම්මන්පිල කොන්දේසි දෙකක් ඉදිරිපත් කරයි (18.04.2022)

https://www.youtube.com/watch?v=zpceRzny3VI

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *