ඉන්ධන සැපයුම සීමා කෙරෙයි

ඉන්ධන සැපයුම සීමා කෙරෙයි

*********************************************

ඉන්ධන සැපයුම සීමා කෙරෙයි

(15.04.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සැපයුම සීමා කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව යතුරු පැදි සදහා රු.1000 ක, ත්‍රිරෝද රථ 1500 ක, මෝටර් රථ / වෑන් / ජිප් සඳහා රුපියල් 5000 ක උපරිමයක් යටතේ ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.

***************************************

ආණ්ඩුවට විකිණුනු ශාන්ත බණ්ඩාරගේ නිවස වැටලූ ජනතාව (15.04.2022)

***************************************

මෙච්චර ලැජ්ජා, නින්දා අපහාස කරද්දී ගෝඨාභය නොයන හේතුව හිරුණිකා හෙළිකරයි; ඇමරිකාවට ගියොත් තවත් අනාථයි (15.04.2022)

https://www.youtube.com/watch?v=C9LeUaKJDZA

+++++++

රාජපක්‍ෂලාගේ ධනය උගන්ඩාවේ.. ප්ලේන් තුනකින් (3) ඩොලර් අරන් ගියා.. – විරෝධතාකරුවෝ

(15.04.2022 – 10:00 +0530 – lankacnews.com)

රාජපක්ෂලාගේ සියලු ධනය සඟවා ඇත්තේ උගන්ඩාවේ බව විදෙස් රටකදී ආණ්ඩුවට එරෙහි විරෝධතාවයේ යෙදුන තරුණයෙකු රටකදී සඳහන් කරයි.

පසුගිය 2021දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා තුනකින් මුද්‍රිත ද්‍රව්‍ය ලෙස ශ්‍රී ලංකාවෙන් උගන්ඩාව බලා පිටත් කර හරිනු ලැබුවේ ඩොලර් ප්‍රමාණයක් බව ද ඔවුන් කියා සිටියහ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී තිරුපති බලා ගිය පුද්ගලික ජෙට් යානාව ඉතාලියේ ලියාපදිංචි කර ඇත්තේ එම මුද‍්‍රිත ද‍්‍රව්‍ය උගන්ඩාවට යැවීමෙන් පසු බවත් ඔවුන් කියා සිටියහ.

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කරන්නේ 2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාව බලා මුද්‍රිත ද්‍රව්‍ය 102ක භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ගුවන් සමාගමට ඇණවුමක් ලැබුණු බවයි.

එය සම්පූර්ණයෙන්ම වාණිජමය ඇණැවුමක් බවත් එය ගුවන් සමාගමට සහ රටට විදේශ ආදායමක් ලබා දුන් බවත් සමාගම සඳහන් කරයි.

භාණ්ඩ ප්‍රවාහනය වාණිජමය හේතූන් මත පමණක් සිදුකරන ලද්දක් බවද ගුවන්සේවය කියා සිටී.

+++++++

උගන්ඩාවට ඩොලර් ටොන් ගණනක් ගුවනින් ගෙන ගියා.. – Anonymous හැකරුන් හෙලිදරවුවක…

(15.04.2022 – 15:00 +0530 – lankacnews.com)

උගන්ඩාවට ඩොලර් ටොන් ගණන් ගුවනින් ගෙන ගිය බවට ‘නිර්නාමික’ (Anonymous) හැකරුන් කණ්ඩායම සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ඉවත් වීමට තවත් දින 12 ක කාලයක් ලබා දෙන බවද ඔවුන් පවසයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සදහන් කර ඇත.

https://www.youtube.com/watch?v=HqW-AwAWArI

+++++++

2021 දී උගන්ඩාවට මුදල් නෝට්ටු රැගෙන ගිය බව ශ්‍රී ලංකන් පිළිගනී

(15.04.2022 – gossiplankanews.com)

ශ්‍රී ලංකාවේ සල්ලි රාජපක්ෂවවරුන් නීති විරෝධී ලෙස උගන්ඩාවේ තැන්පත් කර ඇති බවට ‘ඇනෝනිමස් හැකරුන්’ අද-හෙටම හෙළිදරව්වක් කරන්නට යන බවට පැතිර යන සමාජ මාධ්‍ය ආරංචි අතරේ එම මුදල් රැගෙන ගිය බව කියන යානය අයත් ශ්‍රී ලන්කන් සමාගම කලබල වී තිබේ.

උගන්ඩානු රජයේ ඉල්ලීමකට අනුව පසුගිය 2021 වසරේදී එරට එන්ටබේ ගුවන් තොටුපොළ වෙත උගන්ඩා මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැන් පවසයි.

ඊයේ (14) රාත්‍රී 09:52 ට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ගුවන් සමාගම මේ බව සඳහන් කර සිටියි. ශ්‍රී ලංකන් කාර්ගෝ සේවය හරහා මෙම මුදල් නෝට්ටු ප්‍රවාහනය සිදු කර තිබේ.

“2021 පෙබරවාරි 04 සහ 05 යන දිනවල උගන්ඩා රජයේ ඇනවුමකට අනුව මුද්‍රණය කෙරුණු මුදල් නෝට්ටු ප්‍රමාණයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ගෝ යානාවක් මගින් රැගෙන යාම සිදුකළා. ලොව රටවල් කිහිපයක සිය කර්මාන්තශාලා පිහිටි – ශ්‍රී ලංකාවේද එක් කර්මාන්තශාලාවක් පිහිටි, ගෝලීයව පිළිගත් ආරක්ෂිත මුද්‍රණ සමාගමක් වෙත උගන්ඩා රජය මෙම ඇනවුම ලබා දී තිබුණා.” යනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙහිදී සඳහන් කර ඇත.

මේ අතර ඊයේ (14) දහවල් 03:00 ට පමණ නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම උගන්ඩාවට සිදු කරන ලද මෙම ගුවන් භාණ්ඩ මෙහෙයුම පිළිබඳව කරුණු පැහැදිලි කිරිමක් සිදු කර තිබුණි.

එහිදී 2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහන කිරීම සඳහා ශී ලංකන් ගුවන් සමාගමට ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇනවුමක් ලැබුණු බවත්, එය සම්පූර්ණයෙන්ම වාණිජ ක්‍රියාදාමයක් වූ අතර එමගින් ගුවන් සමාගමට සහ රටට විදේශ ආදායමක් එගන ඒමට හැකියාව ලැබුණි බවත් සමාගම සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම භාණ්ඩ ඇනවුම වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කර තිබුණි.

***************************************

වෙඩි තැබීමක් – ගිනි තැබීමක් කිරීමේ ඉඩක් – රෑට බොහොදුරට වෙන්න පුලුවන් – සිහිකල්පනාවෙන් ඉන්න – නාගානන්ද (16.04.2022)

***************************************

Derana 360 : සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (11.04.2022)

***************************************

ගමේ ගිය ජනතාවට කොළඹ එන්න ලංගම බස් අද (15) සිට

(15.04.2022 – 07:11 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත පැමිණීම සඳහා විශේෂ දුර ගමන් සේවා බස් රථ අද (15) සිට ධාවනයේ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ඒ සඳහා අතිරේක ලංගම බස් රථ 200 ක් පමණ අද (15) දිනයේ යොදවා ඇති බවයි.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ තම සංගමයට අයත් දිවයින පුරා පෞද්ගලික බස් රථ 18,000 න් අද (15) දිනයේ ධාවනය කිරීමට සැලසුම් කර ඇත්තේ බස් රථ 1,500 ක් පමණක් බවයි.

ඩීසල් නො මැති වීම හේතුවෙන් බස් රථ ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, දුම්රිය ධාවන කටයුතු ලබන 18 වන දා සිට සාමාන්‍ය තත්වයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එතෙක් දුර ගමන් සේවා දුම්රිය පමණක් සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.

ලබන 18 වනදා දක්වා කාර්යාල දුම්රිය මගී අවශ්‍යතාවය පරිදි සීමිත වශයෙන් ධාවනය කෙරෙනු ඇති බව ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

යළිත් ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානමක්

(15.04.2022 – 08:52 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ ෴

***************************************

උගන්ඩාවට රැගෙන ගිය ගුවන් භාණ්ඩ පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පැහැදිලි කිරීමක්

(15.04.2022 – 10:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2021 වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වානිජමය මුහුණුවරකින් පමණක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

ඒ, එම ගුවන් භාණ්ඩ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විවිධ මතවලට ප්‍රතිචාර දක්වමින්.

2021 වසරේ පෙබරවාරි මාසයේ උගන්ඩාව වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබී තිබූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.

එය, සම්පුර්ණයෙන්ම වානිජමය ක්‍රියාදාමයක් වූ අතර, එමඟින් ගුවන් සමාගමට සහ ශ්‍රී ලංකාවට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබී තිබෙනවා.

එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකිම් අනුව හෙළිදරව් කළ නොහැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කළා.

***************************************

මාදම්පේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

(15.04.2022 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මාදම්පේ – වැල්ලරාවට ප්‍රදේශයේ දී තියුණු ආයුධ සහ පොලු මුගුරුවලින් පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, පුද්ගලයින් පිරිසක් විසින් තවත් පුද්ගලයෙකුට පහර දෙන අවස්ථාවේ එය වැලැක්වීමට උත්සාහ කළ පුද්ගලයෙකු පහරකෑමට ලක්ව රෝහල් ගත කළ බවයි.

එහෙත් හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

39 හැවිරිදි ඔහු දකුණු මහගම – මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාදම්පේ පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මක යි.

***************************************

නිවාඩුවට පැමිණ කලහකාරී ව හැසිරුණු සෙබළුන් පොලිසියට

(15.04.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ගෝමරන්කඩවල – කරග්ගහවැව ප්‍රදේශයේ දී අවුරුදු සාදයක් අතරතුර බීමතින් කළහකාරි ලෙස හැසිරුණු යුධ හමුදා සෙබලුන් සිවු දෙනෙකු (4) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගෝමරන්කඩවල පොලීසිය වෙත ලද පැමිණිල්ලට අනුව යි.

පොලීසිය සඳහන් කළේ, සිංහල අලුත් අවුරුදු නිවාඩුවේ ගමට පැමිණි එම සෙබලුන් අවුරුදු සාදයක් අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් ගුටිබැට හුවමාරුවක නිරත වී ඇති බවයි.

එහිදී පුද්ගලයන් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝමරන්කඩවල – කරග්ගහවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ත් 35 ත් අතර වයස්වල පසුවන තරුණයන්.

ඔවුන් ත්‍රීකුණාමලය, හොරොව්පතාන සහ මුලතිව් යන හමුදා කඳවුරුවලට අයත් සෙබලුන් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ සම්බන්ධයෙන් අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්නගෙන් විමසීමක් කළ අතර, එහි දී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර මාදම්පේ – වැල්ලරාවට ප්‍රදේශයේ දී තියුණු ආයුධ සහ පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, පුද්ගලයින් පිරිසක් විසින් තවත් පුද්ගලයෙකුට පහරදෙන අවස්ථාවේ එය වැලැක්වීමට උත්සාහ කළ පුද්ගලයෙකු පහරකෑමට ලක්ව රෝහල් ගතකළ බවයි.

එහෙත් හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

39 හැවිරිදි ඔහු දකුණු මහගම – මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාදම්පේ පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මක යි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *