කතෝලික සභාවෙන්, ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක්

කතෝලික සභාවෙන්, ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක්

*********************************************

කතෝලික සභාවෙන්, ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක්

(14.04.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ එහි විමර්ශන පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වූ ප්‍රවෘත්තී සාකච්ඡාවේදී ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කරන බව කතෝලික සභාව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (14) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කලේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ගැටලු සහගත බවයි.

එහිදී උන්වහන්සේ පාස්කු ප්‍රහාරය සබැඳි කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ගැටළු 20 ක් ආරක්ෂක ලේකම්වරයාට යොමු කළා.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පළ කරන අදහස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට උන්වහන්සේට ඇරයුම් කිරීමේ හැකියාව පවතින බවයි.

+++++

++++++

“ආරක්ෂක ලේකම්තුමනි, හැකි නම් මේවාට පිළිතුරු දෙන්න” : කතෝලික සභාවෙන් අභියෝගයක්

(14.04.2022 – 14:37 +0530 – mawbima.lk)

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ යැයි ඔප්පු කිරීමට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් විමර්ශන සිදු කර ඇත්දැයි කතෝලික සභාව ප්‍රශ්න කරයි.

අද (අප්‍රේල් 14) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා මේ බව විමසා සිටියේ ය.

උන්වහන්සේ මෙලෙස ප්‍රශ්න කර සිටියේ, පසුගිය (අප්‍රේල් 12) වන දින ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඇතුළු පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට සම්බන්ධ නිලධාරීන් පිරිසක් සිදු කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැක්වූ කරුණු සම්බන්ධයෙනි.

එම සාකච්ඡාවේදී කමල් ගුණරත්න සිදු කළ ප්‍රකාශ විමසා බැලීමේදී “පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලින් දේශපාලන නායකයින්ව ආරක්ෂා කරන්නට රාජ්‍ය සේවකයෙකු වශයෙන් කමල් ගුණරත්තට තිබෙන සාදාචාරාත්මක අයිතිය කුමක් ද?” යන ප්‍රශ්නය පැන නගින බව ද උන්වහන්සේ පැවසූහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් ඔත්තු සේවාවල සහාය ලබාගත් බවට අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද උන්වහන්සේ එම අවස්ථාවේදී ප්‍රශ්න කළහ.

එලෙස පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ගැනීමට අන්තර් ජාතික රහස් ඔත්තු සේවාවල සහය පැතුවේ නම්, ඒ පිළිබඳව මුලින් ම අනතුරු ඇඟවීම කළ සහ නිෂ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය භාරව සිටි නිලන්ත ජයවර්ධන අතට පත්කළ ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහය ගෙන පාස්කු ප්‍රහරයේ සුළමුල සොයා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? යනුවෙන් ද උන්හවන්සේ විමසා සිටියහ.

උන්වහන්සේ වැඩිදුරට ත් විමසා සිටියේ, පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට නඩු පැවරීමට කැපවී කටයුතු කළේ නම්, කරුණු ගැන දැනදැනත් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු නොකර සිය රාජකාරිය බරපතළ ලෙස පැහැර හැරි බවට පාස්කු කොමිසම නම් කර ඇති පුද්ගලයින් අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වන්නේ කෙසේ ද? යනුවෙනි.

“ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න උත්සහ කළා ම අපිට හිතුණා ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කියවුණ දේවල්වලට අපි යම් විධියකින් පිළිතුරක් ලබා දෙන්න අවශ්‍යයි කියලා.

පළමු දේ තමයි, මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවලින් දේශපාලන නායකයින්ව ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙකු හැටියට කමල් ගුණරත්තට තිබෙන සාදාචාරාත්මක අයිතිය මොකක් ද? පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක පිළිබඳව නොයෙකුත් චෝදනා තියෙනවා. එතකොට එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්නට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් කරලා තියෙන විමර්ශන මොනවා ද? එහෙම විමර්ශන කළා නම් ඒවායේ වාර්තාවන් කෝ?

පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයාගැනීමට අන්තර් ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම කළ සහ නිෂ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන අතට පත්කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහාය අරගෙන පාස්කු ප්‍රහරයේ සුළමුල සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි?

පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට චෝදනාවක්, නඩු ගොනුකිරීම බොහෝ ම කැපවීමෙන් පරිශ්‍රමයෙන් කාලය වැය කරලා සිදුකළා යැයි කියලා ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා. එහෙම කළා නම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැන ත් ඒක වළක්වා ගන්නට කටයුතු නොකර සිය රාජකාරිය බරපතළ ලෙස පැහැර හැරි බවට කොමිසම නම් කරලා තියෙන අයව කොහොම ද අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වෙන්නේ?” ෴

++++++++

බුද්ධි අංශ! හමුදාව! ආණ්ඩුව! හදිසි මාධ්‍ය සාකච්ඡාවකින් යට ගසන්න හැදූ, පාස්කු ප්‍රහාරයේ කතාව! (13.04.2022)

+

***************************************

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැ යි පොලීසියෙන් දැනුම්දීමක්

(14.04.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් තවදුරටත් ඒ පිලිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස පොලීසිය, ජනතාවට දැනුම් දෙනවා.

ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ළග තිබී ව්‍යාජ රුපියල් දහසේ (1000) නෝට්ටු 34 ක් සහ 5000 නෝට්ටු කිහිපයක් පොලීසිය ඊයේ (13) සොයා ගත් අතර, ඒ පිලිබඳව අවධානය යොමුකරමිනුයි පොලීසිය මෙම දැනුම් දීම සිදු කරන්නේ.

එම සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කිරීම සඳහා යොදා ගත් පරිගණකය ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

එම සිද්ධිය පිලිබඳ විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ෴

***************************************

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 21 ක් කුලියට ගැනීමට යයි

(14.04.2022 – 17:10 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය සැලසුම් කරනවා.

ඒ සඳහා ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ලබා ගැනීම සඳහා අයදුම් කැඳවා ඇති බවයි එමගින් සඳහන් කළේ.

කොරෝනා වසංගතයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ගුවන් යානා 27 ක් පැවති අතර දැන් එය 24 දක්වා පහත බැස තිබෙනවා.

එමෙන්ම, කල් බදු නිම වෙමින් පවතින ගුවන් යානා වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමටයි ගුවන් සේවය සැලසුම් කරන්නේ.

එහිදී A 330 – 200 හෝ A 330 – 300 එයාර් බස් යානා 10 ක් සහ A 320 හෝ A 321 ගුවන් යානා 11 ක් වසර 6 දක්වා කල් බදු ක්‍රමයට ලබා ගැනීමට අයදුම් කැඳවා තිබෙනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනට භාවිත නොකරන විකල්ප මගී යානා පිළිබඳව ද සලකා බලනු ඇති.

ඒ අනුව, වසර 2025 වනවිට ගුවන් යානා 35 ක් සමගින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමටත් නව ගමනාන්තයන් වෙත පියාසර කිරිමටත් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළා ෴

***************************************

අවුරුදු දා රාත්‍රියේ ගෝඨාගෝගමට මහ පිරිසක්

(14.04.2022 – 20:25 +0530 – ada.lk)

මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගි විශාල තරුණ පිරිසක් මේ වනවිට ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය සඳහා කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිටිහි ගෝඨාගෝගමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් අරගලයේ යෙදී සිටින ජනතාවට සහය පලකරමින් මෙලෙස පැමිණ අදාල විරෝධතාවෙහි මේ වනවිට නිරත වන බවත් සඳහන්.

එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වනවිට ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට විශාල ජනතාවක් එක්ව ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවක නියැලෙන බවත් සඳහන්.

***************************************

ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ.. බැසිල් ගෑස් අර්බුදය හිතා මතා උත්සන්න කල බව කියයි..

(15.04.2022 – 13:20 +0530 – lankacnews.com)

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඇතුළු රජයේ පිරිසක් ගෑස් අර්බුදය හිතා මතා උත්සන්න කල බවයි.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය :

+++++++

***************************************

ආරක්ශක අංශය ලගදීම උඹලට තුවක්කුව දික්කරනවා – මට call 8 ක් ආවා – වරායේ තියෙන කන්ටේනර් මොනවද?? අරගලය කොයිබටද? (15.04.2022)

***************************************

නායකත්වයට නම් තුනක් (3) තීරණය වෙයි – ෆොන්සේකා-කරූ -???? නායකයාට සුදුසුම කව්ද?? – නාගානන්ද කොඩිතුවක්කු (15.04.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *