ලිට්රෝ ගෑස් බෙදා හැරීම දින 5 කට නවතී – ජනතාව තවමත් පෝලිම්වල

ලිට්රෝ ගෑස් බෙදා හැරීම දින 5 කට නවතී – ජනතාව තවමත් පෝලිම්වල

*********************************************

ලිට්රෝ ගෑස් බෙදා හැරීම දින 5 කට නවතී – ජනතාව තවමත් පෝලිම්වල

(13.04.2022 – 11:49 +0530 – hirunews.lk/sinhala)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට තවත් හෝරා කිහිපයක් පමණ ඉතිරිව තිබියදීත් ජනතාව ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින ආකාරය දැකගත හැකියි.

මෙවැනි වටපිටාවක් තුළ මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තය සිය නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (13) සිට දින 5 ක කාලයක් සඳහා පර්යන්තයෙන් ගෑස් බෙදා හැරීමේ කටයුතු ද සිදු කෙරෙන්නේ නැහැ.

සේවකයින්ට සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත්, ජනතාව ගෑස් ලබා ගැනීමට නොහැකිව අපහසුතාවයට ලක් පෝලිම්වල රැඳී සිටින වටපිටාවක් තුළ මෙලෙස ශ්‍රි ලංකාවේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ සමාගම සිය නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබීම විමතියට කරුණක්.

එසේම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ගෑස් තොග මිල දී ගැනීම සඳහා ඩොලර් ලබා ගැනීමේ අර්බුදයක් හේතුවෙන් මෙලෙස සමාගම සිය නිෂ්පාදන කටයුතු අත්හිටුවන්නට ඇති බවයි.

එසේම, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ ලෝක වෙලඳපොලේ ගෑස් මිල ඉහළ යාම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන ගෑස් මිල ඉහළ නොදැමීම හේතුවෙන් මේ වනවිට ලිට්රෝ සමාගම විශාල පාඩුවක් ද දරනු ලබනවා.

ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදා හැරීමේදී සිදුවන සියලු අක්‍රමිකතා පිලිබඳව දැනුම් දීමට නව දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව දක්වා ඇති අතර, ඒ අනුව, 071 169 1691 දුරකථන අංකය ඔස්සේ ගෑස් සහ ඉන්ධන සැපයුම් හෝ බෙදා හැරීමේ අක්‍රමිකතා පිළිබඳව සියලු පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ඩීසල් මෙන්ම පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය අද (13) දිනයේත් දැක ගත හැකිවුණා.

එමෙන්ම, අද (13) පෙරවරු හයෙන් (6) අවසන් වූ ගෙවුණු පැය විසි හතර (24) තුළ දී නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීමේ වැටලීම් 67 ක් දිවයින පුරා සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

එහිදී පෙට්‍රල් ලීටර 5,690 ක්, භූමිතෙල් ලීටර 5,620 ක් සහ ඩීසල් ලීටර 10,115 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ එක්ව අඛන්ඩව මීට අදාළ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර, සිංහල – දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති නිසා අද (13) සිට දින 3 ක් දිවයින පුරා විදුලි කප්පාදු නොකරන බවයි මහජන උපයෝගිතා කොමිසම කියා සිටියේ.

***************************************

බලපත්‍ර නොමැති ව ඉන්ධන අලෙවි කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(13.04.2022 – 11:08 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – ධර්මපුරම් සහ විශ්වමඩු ප්‍රදේශවල දී බලපත්‍ර නොමැතිව ඉන්ධන වැඩිමිලට අලෙවි කළ දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) සිදුකළ මෙම වැටලීමේදී පෙට්‍රල් ලීටර 279 ක් ඩීසල් ලීටර 605 ක් සහ භූමිතෙල් ලීටර 300 ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් 38 සහ 44 යන වයස්වල පසුවන එම ප්‍රදේශවලම පදිංචිකරුවන් ෴

***************************************

කැනඩාවේ ඇල්බර්ටා නුවර ශ්‍රී ලාංකිකයින් පිරිසක් විරෝධතාවක

(13.04.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ ඇල්බර්ටා නුවර කැල්ගරි ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් සිදු විරෝධතාවක් පවත්වා තිබෙනවා.

මෙම විරෝධතාව සඳහා එම ප්‍රදේශයේ පදිංචි ව සිටින ශ්‍රී ලාංකිකයන් අතිවිශාල පිරිසක් එක් ව්‍ය්‍ය් බව වාර්තා වනවා.

ඔවුන් කැල්ගරි නගරයේ දී පැය දෙකකට 92) ආසන්න කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි අප වෙත තොරතුරු සහ දර්ශන සැපයූ කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කළේ.

***************************************

අපනයන ආදායම 50% සිට 25% දක්වා අඩු කිරීමට මහ බැංකුවේ තීරණයක්

(13.04.2022 – 11:18 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රලාභී බැංකුවල විදේශ විනිමය බැඳීම් සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සතිපතා අනිවාර්ය විදේශ විනිමය විකුණුම් අවශ්‍යතාව පරිවර්තනය කරන ලද සේවක ප්‍රේෂණ සහ අනිවාර්යයෙන් පරිවර්තනය කරන ලද අපනයන ආදායම 50% සිට 25% දක්වා අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා ෴

***************************************

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 10 කින් ඉහළට

(13.04.2022 – 12:57 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි තත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල ධාරීතාවය සියයට 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන සඳහන් කළේ ප්‍රධාන වාරි ජලාශ 73 න් ජලාශ 9 ක් වාන් දමමින් පවතින අතර, තවත් ජලාශ 20 ක් උපරිම ධාරිතාවයට ළගා වී ඇති බවයි.

එසේම, ඊයේ (12) කොත්මලේ, රම්බොඩ දියඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ තිදෙනා (3) ගෙන් තරුණියකගේ මළ සිරුරක් අද (13) හමු වී තිබෙනවා.

ඊයේ (12) වව්නියාව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතු 48 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම ස්ථානයට පැමිණ ඇති අතර රම්බොඩ දියඇල්ලේ ජල මට්ටම එකවර ඉහළ යාමත් සමග 7 දෙනෙකු දියේ ගසාගොස් සිව් දෙනෙකු (4) බේරා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, අතුරුදන් තරුණියගේ සහ තරුණයාගේ සිරුරු මෙතෙක් සොයා ගෙන නැහැ.

***************************************

ගෑස්, ඉන්ධන පෝලිම් තවත් දිගු වෙයි

(13.04.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ගෑස්, ඉන්ධන හිඟය හේතුවෙන් තවමත් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

ගාල්ල, අකුරැස්ස, බදුල්ල, බලංගොඩ, කරාපිටිය, මහබාගේ – වැලිසර, වාද්දුව, අවිස්සාවේල්ල, ඇතුළු ප්‍රදේශ රැසකම ජනතාව තවමත් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල නිරතව සිටිනවා.

පෝලිම්වල රැදී සිටින ජනතාව ප්‍රකාශ කරන්නේ ඉන්ධන ගැටලුව සඳහා තවමත් විසඳුමක් ලැබී නොමැති බවයි.

එමෙන්ම, හිටපු අමාත්‍යවරයෙකු වූ විජිත් විජයමුනි ද සොයිසා බිබිල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි දක්නට ලැබුණා.

මේ අතර, ඉන්දීය ණය ආධාර යටතේ හෙට තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පැවතිය ද අවශ්‍ය තරම් පෙට්‍රල් තොග සංස්ථාව සතු බවයි ඔහු සඳහන් කළේ.

ගෑස් හිඟයක් පවතින පසුබිමක කෙරවලපිටිය – මුතුරාජවෙල ලිට්රෝ ගෑස් සමාගමේ බෙදා හැරීමේ පර්යන්තය දින 5 ක් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ සමාගමේ සේවකයින්ට අවුරුදු නිවාඩුව ලබාදීම වෙනුවෙන් මෙලෙස දින 5 ක් ගෑස් බෙදා හැරීමේ පර්යන්තය වසා දමා ඇති බවයි.

එමෙන්ම, වැලිපැන්න, ගාල්ල, හිනිදුම, නාගොඩ, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකම ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල සිටින ජනතාව ඒ අසල මාර්ග ගෑස් සිලින්ඩර යොදා මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර, නිසි බලධාරියෙකුගේ බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්ධන අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් අඛන්ඩව පොලීසිය වැටලීම් සිදුකරනු ලබනවා.

පසුගිය දිනවල දිවයින පුරා වැටලීම් 68 ක් සිදුකර පෙට්‍රල් ලීටර් 8025 ක්, ඩීසල් ලීටර් 726 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, මඩකලපුව – කාත්තන්කුඩි ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 160 ක් වෙළඳසැල් හිමියා ද සමග පොලීසිය ඊයේ (12) අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, සිංහල – දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති නිසා අද (13) සිට දින 3 ක් දිවයින පුරා විදුලි කප්පාදු නොකරන බවයි මහජන උපයෝගිතා කොමිසම කියා සිටියේ.

++++++

ඉන්ධන සහ ගෑස් අක්‍රමිකතා දැනුම්දීමට දුරකථන අංකයක්

(13.04.2022 – 17:02 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදා හැරීමේදී සිදුවන සියලු අක්‍රමිකතා පිලිබඳව දැනුම් දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව දක්වා ඇති අතර, ඒ අනුව, 071 169 1691 දුරකථන අංකය ඔස්සේ ගෑස් සහ ඉන්ධන සැපයුම් හෝ බෙදා හැරීමේ අක්‍රමිකතා පිළිබඳව සියලු පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

+++++++

***************************************

නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීමේ වැටලීම් 67 ක්

(13.04.2022 – 14:02 +0530 – hirunews.lk/sinhala)

අද (13) පෙරවරු හයෙන් (6) අවසන් වූ ගෙවුණු පැය විසිහතර (24) තුළ දී නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීමේ වැටලීම් 67 ක් දිවයින පුරා සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

එහි දී පෙට්‍රල් ලීටර 5,690 ක්, භූමිතෙල් ලීටර 5,620 ක් සහ ඩීසල් ලීටර 10,115 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැටලීම් වැඩි ප්‍රමාණයක් නැගෙනහිර පළාතේ සිදුකර ඇති අතර, පොලිස් භාරයට ගත් ඉන්ධන අතුරින් වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් ෴

***************************************

ආණ්ඩුව ගෙදර යැවීමට සමගියේ හයියට අනුරත් එකතු වෙයි

(13.04.2022 – 14:39 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයට සහාය ලබාදීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිප‍යක් සිය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය ගෙන එනු ලබන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට ද සහාය පළ කරනු ඇති.

රටේ පවතින අකාර්යක්ෂම වූ ආර්ථික පාලනයට එරෙහිව නිරන්තරයෙන් විපක්ෂය විසින් දේශපාලන වේදිකාවේ සිය අදහස් පළ කරන අතර, මේ වනවිට ආණ්ඩුවට විරෝධය පාමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ද දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන වී තිබෙනවා.

සමගි ජන බලවේගයගේ ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සංවිධානයෙන් යුතුව සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මගපෙන්වීමෙන් යුතුව මෙම විශ්වාසභංග යෝජනාවට සහ දෝෂාභියෝගයට මන්ත්‍රීවරුන් අත්සන් තැබෙනු ඇති.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ද ඉතා ඉක්මනින් මෙම යෝජනා සඳහා ලබාගැනීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බවයි ෴

***************************************

ඖෂධ හිඟය ගැන පරස්පර නිවේදන

(13.04.2022 – 14:55 +0530 – hirunews.lk/sinhala)

‘ෆිච් රේටින්ස්’ ආයතනය විසින් මෙරට බැංකු 13 ක ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ, විදේශ විනිමය හිඟය හේතුවෙන්.

ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම සඳහා ෆිච් රේටින්ස් ආයතනය විසින් නිරීක්ෂණ ආරම්භ කර ඇති බැංකු අතරට රාජ්‍ය හා පෞද්ගලික යන බැංකු ද්විත්වයම අයත්.

එමෙන්ම වාණිජ බැංකු සතු විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාව සියයට 50 සිට සියයට 25 දක්වා අඩු කර තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය ගත් තීරණ රටේ බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇති බවයි.

මේ අතර, රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නැතැයි නිල මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඊයේ (12) නිකුත් කළ නිවේදනය නිවැරදි විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද යළි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඔවුන් ඊයේ (12) පස්වරු 1 ට නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම්, ඖෂධ සහ ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන බවයි.

බස්නාහිර පළාතේ රජයේ රෝහල් වල ඇති ඖෂධ සහ ශල්‍ය උපකරණ දක්ත ඇතුළත් වාර්තාවක් ද ඔවුන් එහිදී මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත්, අද (13) පස්වරුවේ යළි නිවේදනයක් නිකුත් කර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බවයි.

ගැටලුව කළමනාකරණය කරමින් අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියා.

ඉන්දීය සහන ණය පහසුකම යටතේ ඖෂධ සහ උපකරණ ඇණවුම් කිරීම මෙන්ම, ලෝක බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක අරමුදලින් ඖෂධ මිල දී ගැනීම ඒ ඒ යටතට අයත්.

මේ අතර ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එසේම, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ මැදිහත්වීම ද ඒ සඳහා ලැබෙමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ.

සිංගප්පූරුව, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව ඇතුළු රටවල් සමග මීට අදාළ සාකච්ඡා පැවැත්වෙනවා.

+++++

ඖෂධ හිඟය මඟ හරවා ගැනීමට ක්‍රමවේද කිහිපයක්

(13.04.2022 – 16:47 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය සහන ණය පහසුකම යටතේ ඖෂධ සහ උපකරණ ඇණවුම් කිරීම සහ ලෝක බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක අරමුදලින් ඖෂධ මිල දී ගැනීම මගින් ඖෂධ හිඟය මග හරවා ගැනීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

අද (13) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය උපුටා දැක්වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බවයි.

ගැටලුව කළමනාකරණය කරමින් අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන් ඊයේ (12) නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අවශ්‍ය ඖෂධ රෝහල් තුළ පවතින බවයි.

+++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *