සතොස මඟින් අවුරුදු සහන මල්ලක්

සතොස මඟින් අවුරුදු සහන මල්ලක්

*********************************************

සතොස මඟින් අවුරුදු සහන මල්ලක්

(08.04.2022 – 10:04 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළෙඳපොලෙහි පවතින ඉහළ මිලට වඩා අඩුවෙන් හා සහනදායී මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5 ක් ඇතුළත් සහන මල්ලක්, ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයා වෙත ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය විසින් කටයුතු සලසා තිබෙනවා.

සහල්, කිරිපිටි, සීනි, තේකොළ ඇතුළත් වන මෙම ලංකා ස.තො.ස සහන මල්ල රුපියල් 1950 ක මිලට අලෙවි කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් වෙළෙඳපොලෙහි පවතින මිලගණන් හා සැසඳීමේ දී මෙම භාණ්ඩ වර්ග 05 මිලට ගැනීම සඳහා වැය කළ යුතු මුදලට වඩා රුපියල් 700 ක් හෝ ඊට වැඩි වාසියක් මෙම අවුරුදු සහන මල්ල මිල දී ගැනීම තුළින් පාරිභෝගිකයාට හිමි වනු ඇති.

මෙම අවුරුදු සහන මල්ල මෙම මස 09 වැනි දින සිට ලංකා සතොස අලෙවි ශාඛාවලින් බෙදා හරින බව යි වාර්තා වන්නේ.

එම සහන මල්ල :

නාඩු සහල් කිලෝ 05 යි
සම්බා සහල් කිලෝ 05 යි
හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 ‍යි
දුඹුරු සීනි කිලෝ 01 යි
තේ කොළ ග්‍රෑම් 100 යි

***************************************

අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය සහ බස් රථ සේවා

(08.04.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම්බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ යොදවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංගම බස් රථ කොළඹ සිට දිවයිනේ විවිධ පළාත්වලට යොදවා ඇති අතර, අද (08) දිනයේ බස් රථ 172 ක් ධාවනයට යොදවා තිබෙනවා.

එය, ක්‍රමයෙන් ඉහළ නංවමින් අප්‍රේල් මස 12 වනදා වනවිට බස් රථ 296 ක් ධාවනයේ යෙදවීමටයි සැළසුම් කර ඇත්තේ.

අවුරුදු සමයේ පිට පළාත් බලා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන ලබාදීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ – කොටුව සිට ඇල්ල දක්වා දුම්රිය ගමන් වාර 13 ක් ද කොළඹ සිට මඩකලපුව දක්වා ගමන් වාර 15 ක් ද කොළඹ කොටුව සිට බෙලිඅත්ත දක්වා ගමන් වාර අටක් (8) ද, කොළඹ කොටුව සිට පුත්තලම දක්වා දුම්රිය ගමන් වාර 4 ක්ද යොදවා තිබෙනවා ෴

***************************************

උත්සව සමයේ කොළඹ නගරයට පැමිණෙන රියදුරන්ට පොලිසියෙන් උපදේශයක්

(08.04.2022 – 09:02 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ විවිධ අවශ්‍යතා සඳහා ජනතාව කොළඹ නගරයට පැමිණෙන නිසා කොළඹ – කොටුව, පිටකොටුව සහ ගාලු මුවදොර ප්‍රදේශ වල දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය පවසනවා.

උත්සව සමය ආසන්න වීමත් සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විශාල වශයෙන් ජනතාව ගැවසෙන බව නිරීක්ෂණය වී ඇති කරුණක්.

විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව අද (08) පස්වරුවේ එවැනි තත්වයක් ඇතිවිය හැකියි.

එම නිසා රථවාහනවලින් ගමන් ගන්නා සියලුම තැනැත්තන් විකල්ප මාර්ග භාවිත කිරීම සුදුසු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා ෴

***************************************

සෙවනගල සහ කතරගම පුද්ගල ඝාතන දෙකක් (2)

(08.04.2022 – 10:07 +0530 – hirunews.lk/sinhala)

සෙවනගල සහ කතරගම ප්‍රදේශවල දී පුද්ගලයින් දෙදෙනෙකු (2) තියුණු ආයුධයකින් පහර දී ඝාතන කර තිබෙනවා.

සෙවණගල – සමාධිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු තවත් අයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඊයේ (07) රාත්‍රියේ ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර, ඝාතනයට ලක්වී ඇත්තේ 33 හැවිරිදි සූරියවැව – අලිඔළුආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, කතරගම රජමාවත ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් 22 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙම සිද්ධියේ දී තවත් පුද්ගලයන් තුන්දෙනෙකු (3) බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සිද්ධියට සම්බන්ධ එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක යි ෴

***************************************

නුවරඑළිය වසන්ත සැනකෙළියට රැගෙන ආ වියළි ගංජා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

(08.04.2022 – 10:34 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා නුවරඑළිය කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (07) වන දින රාගල පොලිස් වසමේ රාගල වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී වියළි ගංජා කිලෝ ග්‍රෑම් 1.654 ක් සන්තකයේ තබාගෙන සිටි හල්ගන්ඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව යි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මෙම ගංජා තොගය නුවරඑළිය වසන්ත සැණකෙළිය සඳහා සහභාගි වන පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා රැගෙන ආ බවට ප්‍රකාශ කරන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද මෙම ගංජා තොගයේ දල වටිනාකම රුපියල් දෙලක්ෂයකට (2,00,000) වැඩි වටිනාකමින් යුතු බවට පොලිසිය පවසනවා.

වැඩිදුර විමර්ශන කටයුතු රාගල පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

***************************************

රංගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

(08.04.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – රංගල – එළුගොල්ල ප්‍රදේශයේ අද (08) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් 28 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ගිනි අවියක් ද සහිතව වෑන් රථයකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රංගල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

මේ අතර සෙවනගල සහ කතරගම ප්‍රදේශවල දී පුද්ගලයින් දෙදෙනෙකු (2) තියුණු ආයුධයකින් පහරදී ඝාතන කර තිබෙනවා.

සෙවණගල – සමාධිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු තවත් අයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඊයේ (07) රාත්‍රියේ ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර, ඝාතනයට ලක්වී ඇත්තේ 33 හැවිරිදි සූරියවැව – අලිඔළුආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, කතරගම රජමාවත ප්‍රදේශයේදී දෙපිරිසක් (2) අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් 22 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙම සිද්ධියේ දී තවත් පුද්ගලයන් තුන්දෙනෙකු (3) බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සිද්ධියට සම්බන්ධ එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන හතක් (7)

(08.04.2022 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ඉදිරි වර්ෂයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන හතක් (7) ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පසුගිය වසරේදී මෙරට බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඩොලර් මිලියන 8.3 ක් ලබාදී ඇති බවයි.

අප්‍රේල් මස 03 වනදා සිට මේ දක්වා ඇමරිකාවේ දූත පිරිසක් කිලිනොච්චිය, යාපනය, වවුනියාව සහ මුහමාලේ ප්‍රදේශවල ඇමරිකානු අරමුදල්වලින් ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා චාරිකාවක නිරතවනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානපතිනි ජූලී ජේ චංග් කියා සිටියේ 1995 වසරේ සිට ඇමරිකානු ඩොලර් මිලියන 86.3 ක් ඉක්මවන මුදලක් මෙරට බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ලබා දී ඇති බවයි ෴

***************************************

අක්කර 16 ක භූමි කොටසක විහිදුණු සූර්ය බලාගාරයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ

(08.04.2022 – 18:07 +0530 – hirunews.lk/sinhala)

අක්කර 16 ක ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙගාවොට් 04 කින් යුත් සූර්ය විදුලි බලාගාරය මෙරට ජාතික විදුලිබල පද්ධතිය සමග සම්බන්ධ කෙරුණා.

ඒ ඊයේ (07) මහියංගනය ප්‍රදේශයේ දී යි.

මෙම විදුලි බලාගාරය 2017 වර්ෂයේ දී ටෙන්ඩර් පත්‍රිකාවකට අනුව ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ප්‍රදානය කෙරුණු ව්‍යාපෘතියක්.

කෙසේ වෙතත් පුනර්ජනනීය විදුලිබල උත්පාදන කටයුතු සිදුවන්නේ ඉතාමත් මන්දගාමීව බවයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඔවුන් පෙන්වා දෙන්නේ 2030 වසරේදී මෙරට සමස්ථ විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය කරා යොමු වීමට රජය සැලසුම් කර තිබුණ ද, 2020 වසර තුළ දී ඒ සඳහා කිසිදු පුනර්ජනනීය විදුලිබල උත්පාදන කටයුත්තක් සඳහා ටෙන්ඩර් පිරිනමා නොමැති බවයි.

පුනර්ජනනීය විදුලි බලය වෙනුවෙන්ම අමාත්‍යවරයෙකු ද පත් කර ඇති පසුබිමක් යටතේ මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බවයි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

2020 වසර සඳහා ප්‍රදානය කිරීමට යෝජිතව තිබූ මෙගාවොට් 190 ක විදුලි උත්පාදන කටයුතු සඳහා වන යෝජනා ඇතුළත් ටෙන්ඩර් පත්‍රිකාවක් හිටපු පුනර්ජනනීය විදුලි රාජ්‍ය අමාත්‍යවරයා ලාච්චුවේ දමා ඇති බවත් විදුලි ඉංජිනේරුවන් චෝදනා කරනවා.

ඒ 2019 වර්ෂයේ දී පුනර්ජනනීය විදුලිබල උත්පාදන කටයුතු සඳහා මෙගාවොට් 150 කට මිල ගණන් කැඳවූ අවස්ථාවේ දී ඉන් මෙගාවොට් එකසිය හතළිස් හතක් (147) ප්‍රදානය කිරීමට හැකියාව ලැබුණු පසුබිමක් යටතේයි.

මේ පසුගාමී තත්ත්වය අනාගතයේ දී බරපතළ ගැටලු ඇති කරන්නක් බව ද ඔවුන් සඳහන් කරනවා.

මේ වන විට මෙරට පුනර්ජනනීය විදුලි උත්පාදන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ඉහළ උද්යෝගයක් ඇති වී ඇති සමයක ඒ හරහා උපරිම ප්‍රතිඵල නෙළා ගත යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ.

අද (08) වන විට දිවයින පුරා පුනර්ජනනිය බලශක්තිය හරහා මෙගාවොට් 275 ක් උත්පාදනය කෙරෙන අතර 2030 වර්ෂයේ දී 70% වන පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට නම් අවම තරමින් වසරකට මෙග වොට් 500 ක බලශක්ති ව්‍යාපෘතීන් සඳහා අනුමැතිය ලබාදිය යුතු බවත් විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

කෙසේ වෙතත් ඉබි ගමනේ සිදුවන මෙම පුනර්ජනනීය විදුලි උත්පාදන කටයුත්ත අවසානයේ එය විදුලි ඉංජිනේරුවරුන්ගේ අකාර්යක්ෂමතාව නිසා සිදුවන්නක් ලෙස සිය කර පිට පැටවීමට බලධාරීන් උත්සාහ ගන්නා බවත් විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

පහසුවෙන් සපුරාගත හැකි කුඩා පරිමාණයේ පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම කල් දමමින් මහා පරිමාණ විදුලි බලාගාර සඳහා විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීමට බලධාරීන් වැඩි කැමැත්තක් දක්වන බවත් ඒ පසුපස කොමිස් මාෆියාව ක්‍රියාත්මක වන බවටත් ඔවුන් චෝදනා කළා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් වහා අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී ඇතිවන බලශක්තිය අර්බුදයට කිසිවකුටත් පිළියම් යෙදිය නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ ෴

***************************************

උඩුවේ ධම්මාලෝකයා ප‍්‍රබල ඇමති වෙනුවෙන් ගැටබරුවේ පූජාවක.. දෙදිනකට පසු ඇමතිකමත් නැතිවෙයි…

(09.04.2022 – 00:02 +0530 – lankacnews.com ඇසුරෙන්)

උඩුවේ ධම්මාලෝකයාගේ ප්‍රධානත්වයෙන් දෙනියායේ ගැටබරුහිදී හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වෙනුවෙන් පූජාවක් පැවැත් වී තිබේ.

මේ සඳහා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ද එක් වී ඇති අතර සීමිත පිරිසක් පමණක් එක්ව ඇතැයිද සදහන්ය.

එම පූජාවෙන් දින දෙක තුනක් යන්නට පෙර අදාළ හිටපු අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරය අහිමි වීමද විශේෂත්වයකි ෴

***************************************

චමින්ද විජේසිරි සහ කුට්ටිආරච්චි කරුණු පැහැදිළි කරයි

(08.04.2022 – 23:56 +0530 – hirunews.lk/sinhala)

අද (08) පෙරවරුවේ පාර්ලිමේනතුව තුල අශෝභනව හැසිරීම හේතුවෙන් සභා ගර්භයෙන් ඉවත් කෙරුණු චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් පළකළා.

***************************************

නව ආසාදිතයින් 80 ක්

(08.04.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 80 දෙනෙකු අද (08) දිනයේ දී වාර්තා වී තිබෙනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,62,505 ක්.

තවදුරටත් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3,528 ක් වන අතර, සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 6,42,488 ක්.

මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 16,489 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

***************************************

රුසියානු හමුදා උතුරු යුක්රේනයෙන් ඉවත්වෙයි

(08.04.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ උතුරුකරයෙන් මුළුමනින්ම පාහේ ඉවත්වී ඇති බව බ්‍රිතාන්‍යය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

රුසියාවට හිතවත් බෙලරූස් රාජ්‍යය දක්වා මෙලෙස රුසියානු හමුදා ඉවත්කරනු ඇති බවයි වාර්තාවන්නේ.

කීව් අගනුවර වටලා සිටි රුසියානු හමුදා භට පිරිස්ද මේ වනවිට නැගෙනහිර දෙසට යොමුවී ඇති බව සඳහන්.

රුසියානු හමුදා මේ වනවිට අවධානය යොමු කරන්නේ නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *