යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායම හා ගැටුණු පොලිසිය අතර සිදු වුණු සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායම හා ගැටුණු පොලිසිය අතර සිදු වුණු සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

*********************************************

යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායම හා ගැටුණු පොලිසිය අතර සිදු වුණු සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

(05.04.2022 – 22:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් (4) පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

එයට පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර මේ ගැන පොලිස්පතිතුමාගේ අවධානය යොමු වී ඇති අතර සිද්ධිය පිලිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

+++++

යුද හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

(05.04.2022 – 22:22 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද (05) පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

නමුත් එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බව යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහිදී පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න යුද හමුදා පතිවරයා විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදාව විසින් නිවේදනය කරයි.

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.

යුධ හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

එයට පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න
අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය
යුද්ධ හමුදා මුලස්ථානය

***************************************

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇගවීමක්…

(05.04.2022 – 17:30 +0530 – lankacnews.com)

මෙරට රැඳී සිටින ඇමරිකානු ජාතික සංචාරකයන්ට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

‘ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය’ යන මැයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ඉන්ධන සහ ඉවුම් පිහුම් ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටී.

ආර්ථික තත්ත්වය සමග ඉන්ධන පිරවුම්හල්, සිල්ලර වෙළඳසැල් සහ සමහර ෆාමසිවල පෝලිම් වල මෑතකදී විරෝධතා ඇති විය. ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩත්වයට පත්ව ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන්, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇඳිරි නීතිය ද පනවා ඇත.

විදුලි ජනක යන්ත්‍ර සඳහා ඉන්ධන එන්න එන්නම හිඟ වන බැවින්, දිවයින පුරා දිනපතා සැලසුම් කළ විදුලිය ඇනහිටීම් මෙන්ම සැලසුම් නොකළ විදුලිය ඇනහිටීම් ද ඇත.

සමහර අවස්ථාවල පොදු ප්‍රවාහනය සීමා කර හෝ සීමා වී ඇත.

පවතින තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වීම සඳහා සංචාරකයින් දේශීය මාධ්‍ය නිරීක්ෂණය කළ යුතුය.

ගත යුතු ක්‍රියාමාර්ග:

• පෙළපාලි හෝ පෙළපාලි ඇති ප්‍රදේශවලින් වළකින්න.
• අනපේක්ෂිත ලෙස විශාල රැස්වීම් හෝ විරෝධතා ඇති වුවහොත් ප්‍රවේශම් වන්න.
• යාවත්කාලීන වීම සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන්න.

***************************************

හදිසි නීතිය ඉවත් කෙරේ

(05.04.2022 – 23:44 +0530 – hirunews.lk/sinhala)

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස 01 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා ෴

***************************************

අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

(05.04.2022 – 17:32 +0530 – hirunews.lk/sinhala)

කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවෙකුගෙන් රුපියල් 30,000 ක අල්ලස් ලබාගත් ඉලවාලෙයි පොලීසියේ සැරයන්වරයෙකු අද (05) අල්ලස් හා දූෂණ මර්දන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඒකකය සඳහන් කළේ පොලිස් විමර්ශනවලදී සහනයක් ලබාදෙන ලෙසට පවසමින් අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි ෴

***************************************

දැඩි හමුදා ආරක්ෂාවක් යොදා ජය බහලු පර්යන්තයේ රඳවා ඇති බහලුමේ ඇත්ත කතාව එළියට

(05.04.2022 – 19:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ දැඩි හමුදා ආරක්ෂාවක් සහිතව රඳවා ඇති බහලුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම බහලුවේ ගබඩා කර ඇත්තේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය මත සිදුකරන, විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලි ද්‍රව්‍ය තොගයක්.

එම විකිරණශීලී ද්‍රව්‍ය නැවත අපනයනය කිරීමට මෙලෙස කොළඹ වරායට රැගෙන ආ බවයි ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුදත්ත සිල්වා කියා සිටියේ.

එවැනි මෙහෙයුමක් සිදු කරන අවස්ථාවක දී පොලිස් විශේෂ කාර්ය බලකාය හෝ එවැනි විශේෂ ආරක්ෂක ඒකකයක ආරක්ෂාව ලබා ගැනීම එම ක්‍රියාවලියේ එක් කොටසක් බවත් ශ්‍රී ලංකා රේගුව අවධාරණය කරනවා.

මේ හේතුවෙන් අදාල වීඩියෝව මග හුවමාරු වන ව්‍යාජ තොරතුරුවලට මුලාවීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලා සිටින්නේ.

***************************************

නාමල් රාජපක්ෂගේ ගවර්ස් කෝපරේට් නඩුව ලබන 28 වැනිදා කැඳවීමට නියෝග

(05.04.2022 – 19:09 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී අයථා ලෙස රුපියල් මිලියන 30 ක මුදලක් උපයාගෙන ‘ගවර්ස් කෝපරේට්’ නමැති සමාගමේ ආයෝජනය කළ බවට චෝදනා නගමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව ලබන 28 වන දා නැවත කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (05) නියම කළා.

මෙම නඩුවේ දී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

විත්තිකාර නාමල් රාජපක්ෂ හට විදේශගත වීම සඳහා යම් අවශ්‍යතාවක් ඇත්නම් එදිනට එම අවශ්‍යතාව පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන පවසා සිටියා ෴

(නිදොස් කොට නිදහස් ?)

***************************************

අද (05) රාත්‍රියේ ඩීසල් නැවක්

(05.04.2022 – 20:20 +0530 – hirunews.lk/sinhala)

අද (05) රාත්‍රිය වනවිට ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක නෞකාවක් ලබන 08 වනදා පැමිණීමට නියමිත බවයි ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ.

කෙසේවෙතත් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව ඩීසල් නොමැති බව පවසමින් අදත් (05) විරෝධතාවල නිරත වුණා.

මේ අතර මහබැංකුව මගින් අද (05) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 303.49 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, වානිජ බැංකුවල එම මිල රුපියල් 310 ක් ලෙස අද සටහන් වුණා ෴

***************************************

ඥානක්කා ගේ ආරක්ෂාව හමුදාවට සහ පොලීසියට

(05.04.2022 – 19:42 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා යනුවෙන් ප්‍රසිද්ධියට පත් කාන්තාවගේ නිවස ඉදිරිපිට යළිත් ජනතාව පැමිණ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්යය බළකාය එම නිවසට දැඩි ආරක්ෂාවක් සපයා තිබුණි.

+

ලබන වාරයේ සිට පාසල් වේලාව පැයකින් (1) දීර්ඝ වේ

(06.04.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ලබන වාරයේ සිට පාසල් වේලාව පැයකින් (1) දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාසල් පැවැත්වෙන කාලය පැයකින් (1) දීර්ඝ කිරීම අප්‍රේල් 18 වනදා සිට ක්‍රියාත්මකයි.

මෙම වසරට (2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139 ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් (1) දීර්ඝ කිරීම නිසා දින විස්සක (20) පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකි වන්නේ නම් තෙවැනි (3) වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් පැවත්වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා ෴

+

ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමිසමත් අවධානයෙන්

(06.04.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික අර්බුදයට එරෙහිව ජනතාව සිදුකරන විරෝධතා සහ ඊට බලධාරීන් දක්වන ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම අවදානයෙන් පසුවන බව එහි මාධ්‍ය ප්‍රකාශක ලීස් ත්රෝසෙල් ප්‍රකාශ කළා.

ඊයේ (05) ජිනිවා නුවර පිහිටි ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේදී ප්‍රකාශයක් සිදුකරමින් ඇය සදහන් කරන්නේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිගය සහ විදුලිය විසන්ධිවීමට එරෙහිව පසුගිය මස තුළ සාමකාමීව පැවති විරෝධතා උග්‍ර වී ඇති බවයි.

පසුගිය මස 31 වන දා ජනාධිපතිවරයාගේ නිවස අසළ විරෝධතාවක් පැවැත්වූ පසු හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා.

පසුව පැය 36 ක කාලයක් සදහා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ ලක් රජය පැය 15 ක් සමාජ මාධ්‍ය අවහිර කරනු ලැබුවා.

පසුව පොලීසිය විසින් අනිසි සහ අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයන් උද්ඝෝෂකයින්ට එරෙහිව භාවිත කළ බවයි ජගත් මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකවරිය ප්‍රකාශ කළේ ෴

+

උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා වැටලීම්

(06.04.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේදී ඇතැම් වෙළදුන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අනවශ්‍ය පරිදි ඉහළ දමා ඇති බැවින් ඒ පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් දිනකට පැමිණිලි රැසක් ලැබෙන බවයි එම අධිකාරිය සදහන් කළේ ෴

+

ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වේ

(06.04.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එම සභාවේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නාමල් රාජපක්ෂ ඉවත්වීමත් සමඟින් පුරප්පාඩුව පවතින එම ධුරය සඳහා නව ක්‍රීඩා අමාත්‍යවරයකු පත් කිරීමෙන් අනතුරුව ජාතික ක්‍රීඩා සභාව සඳහා ද නව නිලධාරි මණ්ඩලය තෝරා පත්කරනු ඇති.

මේ අතර, ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සඳහා අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් පත්කල ක්‍රිකට් තාක්ෂණික කමිටුව ද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

මෙහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලැබුවේ කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාමයි. මහානාම පසුගිය ජනවාරි මාසයේදී මෙම කමිටුවෙන් පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වුණා ෴

+

රට පුරා දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත වෙයි

(06.04.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ඇති බොහොමයක් දුම්රිය හරස් මාර්ග බාධක නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවක් පවතින බව ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.

මෙම තත්ත්වය ඇති වී ඇත්තේ, වත්මන් විදුලි අර්බුදය හේතුවෙන්.

මෙසේ රට පුරා ක්‍රියාත්මක වන බොහොමයක් මාර්ග බාධක ‘බෙල් ඇන්ඩ් ලයිට්’ ක්‍රමයට සකසා ඇති ඒවා වන අතර, විදුලිය විසන්ධි වීම් නිසා මේවා නිසි පරිදු ක්‍රියාත්මක කිරීමට නොහැකි බව යි වාර්තා වන්නේ.

බැටරි යොදාගනිමින් ඒවා ක්‍රියාත්මක කළ හැකි වුණත් දීර්ඝ ව සිදු වන විදුලි කප්පාදු කිරීම්වල දී බැටරිවලින් මේවා ක්‍රියාත්මක කිරීම අපහසු බව සමාන්‍යාධිකාරිවරයා සඳහන් කරනවා.

මේ හේතුවෙන් දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේ දී මඟීන් දැඩි අවධානයකින් පසු විය යුතු බව යි ඔහු නිල නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Motor Cycles had no registration number plates. Surely it was illegal if they were on a public highway as it was. Individual riders were camouflaged and not obviously identifiable. They could be terrorists pretending to be soldiers. They were carrying weapons: they could have been assassins. So, what was wrong with Police action. They did the right thing. If these bike squad’s army bosses needed free passage for them past the barrier, then they should have pre-warned the police about their arrival, either electronically or by phone or by letter. And if they had done it, then those that received the message should passed the information down to beat-level policmen. Sorry Def Sec, Commander Army, I cannot see why the police at the barrier should be answerable to the stupidity of army officers that commanded these 4 motorbike squad.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *